News Category
From Date
To Date
Maximum Number of Result

ඊළඟට විකුණන්නේ සීගිරිය ද? නැතහොත් ශ්‍රී ලංකාවේ අනාගත සෞඛ්‍ය තීරණය කරන වෛද්‍ය ආඥා පනත ද?

May 10, 2024 at 03:45 PM
|

ශ්‍රී ලංකාවේ වර්තමානයේ විවිධ අනපනත් වෙනස් කරමින් ඇත්තේය.

ඒවා රටට වැඩදායක ද එසේත් නැත්නම් අවැඩ දායක ද යන්න  රටට දැනෙන විට සියල්ල සිදුවී හමාරය. 

ආසන්නම මෑතක උදාහරණ  කිහිපයක් ඇත. 

වීසා සිද්ධිය එයින් එකකි පාර්ලිමේන්තුවට එහි අණ පනත් ගෙන  ආවත් පාර්ලිමේන්තුවේ කිසිවෙක් ඒවා දන්නේ නැත. 

අන්තිමේදී රටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය සහ ඒ සමගම රටට සිදුවන විනාශය පිළිබඳ මේ රටේ මහජනතාවගේ දැඩි විරෝධය නිසා එහි ඇතැම් කරුණු දැනටමත් යටපත්ව ඇත්තේය. 

ඊළඟ කරුණ වන්නේ මෙරට සිටින ලක්ෂ හතළිස් තුනක් වන පාසල් ශිෂ්‍යයන් ගේ විනාශවන අනවශ්‍ය කාලය  වෙනුවට  මීට පෙර ශ්‍රී ලංකාවේ තිබූ  ජාත්‍යන්තර කාල රාමුවට සමාන වන  ප්‍රතිසංස්කරණ සැකසීම සුදුසු බැව් කාලයක් තිස්සේ තිබූ හඬ උපයෝගී කර ගනිමින්  එම කරුණ පෙන්වා  මෙරට උසස් අධ්‍යාපනය විකිණීම සඳහා පිඹුරුපත් සැකසීමයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිදු විද්වත් වෘත්තිකයන්ගේ  සහභාගිත්වයෙන් තොරව   ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කවුරුත් නොදන්නා  වෙළඳ කමිටුවකින් මෙරට උසස් අධ්‍යාපනය විකිණීමට ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පෙන්වා දිය හැක.  එමගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් විකිණිය හැකි ලෙස පසුබිම සකසා ඇත ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තීරණය කරනුයේ මෙරට වෙළඳ වෙළඳ මාෆියාවද යන්න බරපතල සැකයක් පවතී.

එවන් පසුබිමක එවැනිම රට අන්දන අලුත් කමිටුවක්  වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීම සඳහා පත්කර ඇති බවත් එම කමිටුව  ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතුව ඇති ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ වර්තමානයට අවශ්‍ය පරිදි වෛද්‍ය ආඥාපනත වෙනස් කිරීම සඳහා නිර්දේශ  ඉදිරිපත් කිරීම පිණිස අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති  බවද  එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2023/10/09 දින පැවති  අමාත්‍ය මණ්ඩ රැස්වීමේදී අනුමැතිය දී ඇති බවත් ප්‍රකාශව ඇත.  

මෙහි පුදුමයට කරුණ වන්නේ මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කිසිදු ප්‍රවීණයෙක් හෝ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කිසිවෙකු හෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුදුසු ප්‍රමාණිකයකු වෛද්‍ය  ආඥා පනත වෙනස් කිරීම සඳහා තෝරාගෙන ඇද්ද ඒ වෙනුවෙන් මේ රටේ විද්වත් ප්‍රමාණිකයන්ගෙන් අදහස් විමසා ඇද්ද යන්න මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය දර්ශක වල ඉන්දියාව ඇත්තේ අපේ රටට ගොඩාක් පසුපසිනි ශ්‍රී ලංකාව 41 ස්ථානය වන විට ඉන්දියාව ඇත්තේ 111  වන ස්ථානයයි.

ඉන්දියානු ව්‍යාපාරික සහ  දේශපාලන පැලැන්තියේ වුවමනා මත එරට වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීම නිදහස ලැබීමෙන් පසු එරට කරන ලද බරපතළ වරදක් බව එරට සෞඛ්‍ය ලේකම්වරයකු විසින් වරක් පවසා ඇත.

අපේ රටේ බාල බෙහෙත් පරික්ෂා කිරීමට කිසිදු ආයතනයක් නැත. 

එහෙත් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙතරම් ලෝක පිළිගැනීමට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉතා ඉහල තැනක තැබීමට හේතුවී ඇත්තේ 1945 ස්ථාපිත කරන ලද අදටත් ගැලපෙන වෛද්‍ය ආඥා පනතයි. 

එමගින් මේ රටේ බොහොමයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින විද්වතුන් නියාමනය කරන අතර , එය ලෝක සෞඛ්‍ය දර්ශක වල ශ්‍රී ලංකාව ඉහළට රැගෙන යාමට ප්‍රයෝජනවත් වී ඇත.

එබැවින් ශ්‍රී ලංකාව කළ යුත්තේ ඉන්දියාව මෙන් විනාශ වීම නොව තවදුරටත් වෛද්‍ය ආඥා පනත ආරක්ෂා කර එය මෙරට ව්‍යාපාරික පැලැන්තියේ හෝ දේශපාලන අරමුණුවලට ගැති වී  විනාශ වීමට ඉඩ නොදී තවදුරටත් විද්වත් වෘත්තිකයන්ගේ අනුදැනුම මත පමණක් වෛද්‍ය ආඥා පනතෙහි යම්කිසි වෙනස් වීමක් වත්මන් කාලය සමඟ සිදුකළ යුතු නම් එය දීර්ඝ සාකච්ඡාවකින් පසු වෙනස් කිරීම වන අතර, එමගින් ශ්‍රී ලංකාව තවදුරටත් ලෝක සෞඛ්‍ය දර්ශකවල  ඉහළ පිලිගැනීමට ලක්විය හැකි ආකාරයට ස්ථාවර කිරීමයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවත්වාගෙන ගිය ප්‍රමිතීන් හේතුවෙන් ලෝක වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක්ව ඇති අතර, දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරගත් ඉන්දියාවට එවැනි තත්ත්වයක් හිමිව නොමැත.

එසේම මෙමගින් ලෝක වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක් නොවූ ඉන්දියාවේ ඇතැම් වෛද්‍ය පීඨ පිළිගැනීමට බලකරනු ඇත. 

අනාගතයේ එවැනි බාල වෛද්‍ය පීඨ වලින් එළියට එන මෙරට වෛද්‍ය සිසුන් පමණක් නොව එම වෛද්‍ය පීඨ වලින් ඉගෙන ගත්  ඉන්දියානු වෛද්‍යවරුන් පවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයකට පැමිණීමේ බරපතළ තර්ජනයක් පවතී. 

නුදුරේදී අත්සන් කිරීමට නියමිත බැව් පවසන එහෙත් මෙරට බහුතරයේ විරෝධය ඇති එට්කා ගිවිසුමද එයට කදිම උදාහරණයකි. 

එබැවින් අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමේ කමිටුවේ සිටි විද්වතුන් කවුරුන්ද, සිදු කළ වෙනස්කම් මොනවාද, එය තවත් රට කැළඹූ ව්‍යාපාරික සහ දේශපාලන අරමුණු මත සිදුවූ කුමන්ත්‍රණයක්ද යන්න රටට නොවහලහා පැවසිය යුතුව ඇත.

නැතහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ අරමුණක් මේ පිටුපස ඇතිද යන්නත් සොයා බැලිය යුතුවේ.

එසේම මෙරට ජාතික සම්පත් සියල්ල අන්සතුකර හෝ විකුණා  සුදුස්සන්ට පමණක් අයිති  මෙරට අධ්‍යාපන අවස්ථාවන්ද සුදුසුකමට නොව මුදල් වලට විකුණා ප්‍රමිතිය බාලකර දූෂිත වසර හැත්තෑ හතරක් තිස්සේ ඉතාමත් ආයාසයෙන් රැකගත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන අවස්ථාවන්  සියල්ල විකුණා මේ රට ආසියාවේ ආශ්චර්ය නොව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමේ සහ තවදුරටත් නුසුදුස්සන් අතින් පාලනය වන රටක් බවට පත් කිරීමේත් තැතද පරාජය කළ යුතුව ඇත. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව සහ එමගින් ජාතික ආරක්ෂාවට සෘජුව බලපානු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥා පනත ව්‍යාපාරික දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව විනාශ කිරීමට මෙරටේ විද්වතුන් සහ ජනතාව ඉඩ ලබා දෙන්නේ නැත. 

වර්තමාන පාලකයන් සිතිය යුතුව ඇත්තේ ඔවුන්ට මේ රට ලියා දී නොමැති බවයි. 

ඔබ මේ රටේ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ. 

මේ රට තුළ කිසිදු වෙනස්කමක් සිදු වන්නේ නම් මෙරටේ අයිතිකරුවන් වන මහජනතාවගේ අදහස් නොවීමසා සිදු කරනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයකට මෙරට ජනතාවගේ අනුමැතිය ලැබෙන්නේ නැති බව වත්මන් පාලකයන් සිහි තබාගත යුතුව ඇත.

එබැවින් උක්ත කමිටුව මගින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කරන වෛද්‍ය ආඥා පනත වෙනස් කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ප්‍රකාශ කරමු. 

වසන්ත අල්විස් 
කැඳවුම්කරු 
මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.