News Category
From Date
To Date
Maximum Number of Result

IMF කොන්දේසි ගණනාවක් තවත් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා - ජනපති රනිල් කියයි

May 9, 2024 at 10:50 AM
|

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක් විය.

අඩු ආදායම් ලාභී ජනතාව නගා සිටුවීමට රජය ආරම්භ කර ඇති අස්වැසුම, උරුමය ඇතුළු වැඩසටහන් පිළිබඳ මෙහිදී නව ග්‍රාම නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල අරමුණ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම බවත්, තම ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් එම වැඩසටහන් සමඟ සක්‍රීයව එක්වන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"අද ග්‍රාම නිලධාරීවරුන් ලෙස පත්වීම් ලබන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වෙනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජිවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා.

කඩා වැටීමට ලක්වූ මෙරට ආර්ථිකය අද සීග්‍රයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට ගිවිසුමකට එළැඹ තිබෙන අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා.

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කර ගනිමිනුයි. පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මෙම දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා.

මේ සමඟ අද ග්‍රාම නිලධාරි සේවයට 2100ක් බදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අපට අවස්ථාව ලැබුණා. පරිපාලන කටයුතු පමණක් නොවෙයි ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළේ වගකීමත් ඔබට පැවරෙනවා.

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු අංශ 04ක් පිළිබඳව මම මෙහිදී පෙන්වා දීමට මම කැමතියි.

අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීම වෙනුවෙන් රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. සමෘද්ධිය මෙන් තුන් ගුණයක් වැඩිකර එම දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රතිලාභීන් පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීම මේ වසර අවසන්වන විට නිමා කළ යුතුයි. එවිට ලබන වසරේ සිට මෙම වැඩසටහන මීට වඩා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ අනුව අස්වැසුම මඟින් ගමට ලබාදෙන සහන ප්‍රමාණය වැඩි වී තිබෙනවා වගේම ප්‍රතිලාභීන් ප්‍රමාණය ඉහළ නැංවිමට අප තීරණය කර තිබෙනවා.

ඒ වගේම මෙම ජනතාවගේ ආදායම් මාර්ගද ඉහළ නැංවීමට කටයුතු කළයුතුයි. එම ආදායම්ද ගමේ ආර්ථිකයට එක් වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට පසුගිය අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබා දීම ආරම්භ කළා. එමඟින් මෙම ජනතාවට තවත් සහනයක් ලැබෙනවා වගේම මෙම සහල් මිලදී ගනු ලැබුවේ කුඩා මෝල් හිමියන්ගෙන් බැවින් ඔවුන්ටද යම් සහනයක් ලැබී තිබෙනවා. මේ මුදල් සියල්ල හුවමාරු වන්නේ ගම තුළයි. ගම දියුණු කිරීමට නම් මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි.

ඒ වගේම ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. මෙම ඉඩම් අයිතිය සමඟ ඔවුන්ගේ ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වෙනවා. මෙම ප්‍රතිලාභය හිමිවන්නේ ද ගමටයි.

එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. අතීතයේ රජ රට ප්‍රදේශයේ කාෂිකර්මන්තයෙන් සශ්‍රීකව පැවතුණා. දඹදෙණියේ සිට මහනුවර දක්වා තෙත් කලාපයේ කුරුදු ඇතුළු කුළු බඩු වගා කෙරුණු අතර එහි අපනයන ආර්ථිකයක් පැවතුණා. බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, රබර්, පොල් අපනයනය කළා.

නැවත රටේ ආර්ථිකය දියුණු කිරීමට නම් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් කෘෂි නවීකරණ කමිටු පත් කර ගොවීන් ඒකරාශී කර ගනිමින් පුද්ගලික අංශයේ ද දායකත්වයෙන් ගමේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අප ආරම්භ කර තිබෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25ක් මේ සඳහා හඳුනාගෙන තිබෙන අතර මිලියන 25 බැගින් ලබා දී තිබෙනවා. ඉදිරි වසර වන විට මේ සඳහා යොදා ගන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 100ක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා.

ගමේ කෘෂිකර්මය දියුණු නොකොට ගමේ දුප්පත්කම නැති කරන්න බැහැ. එසේ නම් කෘෂි නවීකරණ වැඩසටහන සමඟ අප ඉදිරියට යා යුතුයි. දකුණේ ඇතැම් ප්‍රදේශ සංචාරක ව්‍යාපාරය නිසා දියුණු වී තිබෙනවා. මේ සියලු වැඩසටහන්වල අරමුණ ගමේ ආර්ථිකය නගා සිටුවීමයි. තමන්ගේ ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් ඔබ සියලුදෙනාද මෙම කටයුතු සඳහා සම්බන්ධ විය යුතුයි.

ඒ වගේම ග්‍රාමීය අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. ඒ සඳහාද ඔබගේ සහභාගීත්වය අවශ්‍යයි.

උරුමය වැඩසටහනට අදාළ ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජංගම සේවයක් ක්‍රියාත්මක කිරීමට අගමැතිතුමා ද සමඟ සාකච්ඡා කර අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස දෙක තුළදි මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.