කුලියට ගත් බෙල්ජියම් යානයේ ව්‍යාපාරික අසුන් ඉල්ලූ ශ‍්‍රී ලන්කන් නියමුවන්ට බෙල්ජියම් ගුවන් නියමුවා කුණුහරුපෙන් බැනලා
බෙල්ජියම් ගුවන් යානයක සිදුවුණු බනින් බස් වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්, බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.
බෙල්ජියම් ගුවන් නියමුවා. බෙල්ජියම් ගුවන් යානයක් තුළදි ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සන කාර්ය මණ්ඩලයට අපහාස කරමින් ඉතුත් 30 වැනිදා පරුෂ වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි පැවැසෙයි.
අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය, පසුගිය දෙසැම්බරයේ බෙල්ජියම් රාජ්‍යයේ නිල ගුවන් සේවය වන එයාර් බෙල්ජියම් ගුවන් සේවය සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ එම ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් කුලී පදනමට ලබා ගනිමිනි.
එම ගිවිසුමට අනුව කොළඹ සිට ෆ්‍රැන්ක්ෆර්ට, ඩකා, ඩුබායි, පැරිස් සහ චෙන්නායි දක්වා ගුවන් ගමන් පැවැත් වෙයි. ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එයාර් බෙල් ල්ජියම් ගුවන් යානාවලින් රැගෙන යෑම ද සිදුවෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය, බෙල්ජියම් ගුවන් සේවය සමග ඇතිකරගත් එකඟතාව අනුව ගුවන් සේවා කටයුතු එයාර් බෙල්ජියම විසින් මෙහෙයවනු ලබන අතර එයාර් බෙල්ජියමේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමග අවම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනෙකු සහ ගුවන් නියමුවන් ද සිටිය යුතූ බව ද පැවැසෙයි.
පසුගිය අප්‍රේල් 30 වැනිදා කොළඹ සිට ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පියාසර කිරීමට නියමිත යු.එල් 501 ගුවන් යානය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ ගුවන් ගත වීමට සූදානමින් තිබියදී එම යානයෙන් ගමන් කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන්ට ඒ පිළිබඳව දැනුම් දීම සිදුවිය.
සාමාන්‍යයෙන් එක් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් වෙනත් ගුවන් සේවයක ගුවන් නියමුවන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ගමන් කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කිරීමක් සිදු කරයි.
එසේ වුවත්, අප්‍රේල් 30 වැනිදා UL 501 යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පිරී තිබුණු බව පවසමින් එම යානයේ ප්‍රධාන නියමුවා සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ට දන්වා ඇත්තේ වෙනත් ආසනයකට යෑමට සිදුවනු ඇති බවය.
ආසන පිරි තිබුණේ බෙල්ජියම් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ඔවුන්ට හිතවත් ඔවුන් සමග නිතර ගනුදෙනු කරන ගුවන් මගීන්ට එම ආසන ලබා දී තිබුණු බැවින් යැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකන් නියමුවන් ඔවුන්ට ලබා දුන් වෙනත් ආසන ප්‍රතික්ෂේප කළ බැවින් බෙල්ජියම් භුවන් සේවයේ බෙල්ජියම ජාතික ප්‍රධාන නියමුවා කපිතාන් පිලිප් එතෙන්කෙන් සහ ශ්‍රී ලංකන් නියමුවන් අතරේ බහින් බස් වීම සිදුවිය.
නියමු කුටියට ගිය බෙල්ජියම් ගුවන් නියමු කපිතාන් පිලිපේ එනෙත්තෙන් යානයේ සියලු දෙනාට ඇසෙන සේ නිවේදනයක් නිකුත් කළේය.
යානයේ ප්‍රමාදයට හේතුව ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් ඔවුන්ට ලබා දුන් අසුන් ප්‍රතික්ෂේප කළ බව නියමුවා පවසා ඇත්තේ, අසැබ් වදන්වලින් ශ්‍රී ලංකන් නියමුවන්ට දොස් නගමිනි.
එයාර් බෙල්ජියම් ගුවන් සේවයක් තුළ තිබිය යුතු වන්නේ බෙල්ජියම් නීතිය යැයි නියමුවා දිගින් දිගටම පැවසූ බව ද වර්තා වේ.
පසුගිය කාලයේ ද මෙවැනි සිදුවීම් රැසක් සිදුවුණු බවත්, ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් නොව බෙල් ල්ජියම් ගුවන් සේවයේ නියමුවන් කාර්ය මණ්ඩලයේ මේ අයුරින් කෙණෙහිලිකම් සිදුවී ඇති බවට ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
– ජමිලා හුසේන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?