ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට යළි වර්ජනයේ
වෛද්‍යවරුන්ට ලබාදුන් ‘ඩැට්’ දීමනාව (රු. 35,000) තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් හෙට (09දා) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩ වර්ජන ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ.
මාස 04ක් පුරා මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනාව ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම් ලත් වෘත්තීය සමිති සන්ධාන ඊයේ (07දා) මෙම තීරණයට එළැඹි බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසයි.
ඒ අනුව හෙට උතුරු මැද පළාත් රෝහල්වලින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර 13දා මධ්‍යම පළාත, 14දා සබරගමු පළාත, 15දා වයඹ පළාත, 16දා දකුණු පළාත, 20 දා ඌව පළාත සහ 21 දා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කරයි.
මේ සඳහා තවදුරටත් නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම මස 22 දා සිට නැවත දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමටද සිය සමිති සන්ධානය තීරණය කළ බව එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?