සමරිසි පනතට එරෙහිව ජනපතිට විරෝධය පළ කළ යුතුයි – ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි
සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සමූහයක් හැටියට එකතු වී වහාම ජනාධිපතිතුමාට විරෝධය පළ කළ යුතු බව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසුහ.
සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම හා දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඉකුත් 03 දා උදේ කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විණි. මෙහිදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව නියෝජනය කරමින් ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ,
පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ මහනුවර සිට සම්බන්ධ වෙමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.
"මේ විදියේ පනත් ගෙන ඒම පිළිබඳව විරෝධය පළ කිරීම කියන එක කාරණයක් පමණයි. ඊළඟට මේ විදියේ පනත් යුරෝපීය රටවල්වලට අවශ්‍යතාවට පැණවූවාට මේ යුගයේ හැටියට මෙවැනි දේවල් ගෙන ඒම තබා, මෙවැනි දේවල් ගැන රජයක් ලෙස සිතීම පවා ඉතාම නුසුදුසු ක්‍රියාවක් හැටියට සිහිපත් කරන්න පුළුවන්. ලංකාවේ තියෙන ගැටලුත් එක්ක බලපුවහම මෙවැනි අණපනත් ගෙන ඒම නෙමෙයි ලංකාවට අවශ්‍ය කරන ප්‍රධාන දේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මෙවැනි පනතක් සකස් කරන්ටත් කොහොම කොහොම හරි මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කැමති වෙන්නට ඇති. නැත්නම් මෙබඳු එකක් එළියට එන්න හේතුවක් නැහැ.
කිසියම් පිරිසක් විසින් මෙවැනි දේවල් රටට පනත් හැටියට පාර්ලිමේන්තුවට ගේන්න උත්සාහ දරනවා නම් ඒවට විරෝධය පළ කළ යුතුයි. විශේෂයෙන් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීතුමන්ලාගේ සහායෙන් මේ ආණ්ඩුව ගෙනියන්නේ. ඔබතුමන්ලා මේ වාගේ පනත් ගෙනෙන අවස්ථාවක ඔය රජයක් ඇතුළේ ඉඳලා සහාය දෙනවා කියන එක ලැජ්ජා නැති වැඩක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ළඟදී මැතිවරණ එන එක වෙන පැත්තක්. මැතිවරණ 02 ක්ම ඉදිරියට පැමිණිය හැකියි. මේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නය මෙය නොවේ. ඒ නිසා ඔබතුමන්ලා වහාම ජනාධිපතිතුමාට සමූහයක් හැටියට එකතු වෙලා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීතුමන්ලා , විශේෂයෙන් අපේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස එකතු වෙලා මේකට විරෝධය පළ කරන්න කියල කියනවා. දෙවනුව මේ සාකච්ඡාවෙන් පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇතුළු බෞද්ධ සංවිධාන මාර්ගයෙන් මේ රටේ මහා නායක මාහිමියන් වහන්සේලා ඇතුළු ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ළඟට ගොස් උන් වහන්සේලාගෙත් විරෝධය පළ කරන්නය කියලා ඉල්ලීමක් කරන්නට ඕනෑ. මෙයට අපේ පෞද්ගලික විරෝධයත් මේ වේලාවේදි පළ කර සිටිනවා. රටට අවශ්‍ය දේවල් කරන්න. අනවශ්‍ය දේවල් එක එක සංවිධානවල, රටවල්වල අතකොළු වෙලා කරන්නට උත්සුක වෙන්නට එපා. ඒවට ඉඩ දෙන්නටත් එපා. වර්තමානයේ මේවා නෙමෙයි මේ රටට කළ යුතු දේවල් හැටියට තියෙන්නේ."
මේ රැස්වීමට ගරුතර මහා සංඝරත්නය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?