රනිල් අහන්නේ බැසිල් කියන දේ.... කාදිනල්තුමාට ඇත්ත කියන්න ගෝඨාභයට කොන්දක් නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර කියයි (වීඩියෝ)
වයඹ පළාතේ සංවිධානයක් වන අතුගල්පුර බොදු උරුමය සුරැකීමේ සංවිධානය විසින් නසීර් අහමඩ් නමැති හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බවත්, එම ඉල්ලීම අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතට පත්වූ විට ඔහු පවසා තිබුනේ ජනාධිපතිවරයා පත් කිරීමේ දී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති අතර ගිවිසුමක් පැවති බවත්, එම ගිවිසුමට අනුව ආණ්ඩුකාරවරයා නම් කිරීමේ බලය ඇත්තේ බැසිල් රාජපක්ෂට හෙයින් මෙයට කළ හැකි දෙයක් නොවන බවත් යැයි එම සංවිධානයෙන් පැවසූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
නසීර් අහමඩ් පත්කරන්නේ බැසිල් රාජපක්ෂ නම් ජනාධිපතිවරයා ගෙනෙන පනත් වලටද ඔහුගේ ආශිර්වාදය ඇති බව හෙළිවන බව ඒ මහතා පවසයි.
එසේම කාදිනල්තුමා දිගින් දිගටම පවසන කාරණයක් වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණය ඉටු නොවූ බව යැයි පවසන ඒ මහතා, ගොඨාභය රාජපක්ෂ පාලනය තුළ මේ සම්බන්ධයෙන් යෝජනා 57ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළ බවද සඳහන් කරයි.
එම කැබිනට් පත්‍රිකාව නතර කළේ ද බැසිල් රාජපක්ෂ බවත්, එය ඔහු සිදුකරන ලද්දේ මුස්ලිම් දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උවමනාවට බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
මේ බව කාදිනල්තුමාට පැවසීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කොන්දක් නැති බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?