News Category
From Date
To Date
Maximum Number of Result

13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඇපකැප වෙනවා - සජිත් මැයි දින රැලියේ දී කියයි

May 2, 2024 at 06:44 AM
|

පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයාගෙන ඒ සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙළක් නිර්මාණය කරන බවත්, කිසිඳු ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

‘සමගි රටක් – අනගි හෙටක්’ යන මැයෙන් සමගි ජන බලවේගය කොළඹ චැතැම් වීදියේදී පවත්වනු ලැබූ මැයි දින ජන රැලිය අමතමින් මේ බව පැවසීය.

එමෙන්ම, සිංහල නොවන ජනතාවට ඇති ප්‍රශ්න විසඳීමටත්, විශේෂයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරීමටත් තමන් ඇපකැප වී සිටින බවද එහිදී සජිත් ප්‍රේම දාස මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

"නොයෙක් බාධා මැස්දේ මෙවන් මැයි දින රැළියක් පැවැත්වීමට ශක්තිය දුන් ඔබ සියලුදෙනාටම පළමුව ස්තුතිය පුද කරන්න ඕන. 

සමහරෙක් ඇතැම් විට කියනවා පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නෑ කියලා. මම කියන්න ඕනා එහෙම ප්‍රකාශයක් කරන්න පුලුවන් වන්නේ පොරොන්දු දීලා ඒවා ඉෂ්ට කරන්න බැරි වූ අයයි. 

76 වසරක ඉතිහාසයක් ගැන අපි ලොකුවට කතා කරනවා. සමගි ජන බලවේගය ඔප සියලුදෙනාම මේ අවස්ථාවේ ඔබට ආඩම්බර විය හැකියි. අපි ඇත්තවශයෙන්ම ලංකාවෙන්ම අංක එක. මේ 76 වසරක් තුළ කිසිම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට, නායකයකු තනතුරු හෝ බලයක් නැතිව වැඩක් කරලා නෑ. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය වශයෙන් මේ 76 වසරක ඉතිහාසය තුළ අද අපි අද අංක එක බවට පත් වෙලා තිබෙනවා. ඒ මොනවායින්ද අංක එක වුනේ බලයක් නැතිව වැඩ කරලායි. මම කියන්න ඕනා අපි සුහුරු පන්ති කාමර සඳහා පාසල් 169කට ලක්ෂ එක්දහස් අටසිය පනස්පහක් වියදම් කරලා ස්මාට් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න කැපවෙලා තිබෙනවා. 

ඒ වගේම පාසල් බස් රථ සඳහා ලක්ෂ 4242 ක් වැය කර තිබෙනවා. මේ රටේ දයාබර පුරවැසි පරපුරගේ සෞඛ්‍ය වෙනුවෙන් රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කර තිබෙනවා.

ඒ නිසා අද මම අද ඔබ ඉදිරියට පැමිණියේ පොරොන්දු පත්‍රය ඉදිරිපත් කරන්නයි. රටේම ජනතාවට මම කියනවා ඔබ අපිව විශ්වාශ කරනවානම්, ඔබ අපේ පොරොන්දු පත්‍රයට එකතු වෙන්න. අපේ පොරොන්දු පත්‍රයත් සමග අත්වැල් බැඳගන්න. අපි ගැන අවිශ්වාශයක් තිබෙනවා නම් විකල්පයක් දෙස බලන්න පුලුවන්. හැබැයි විලකල්පයක් දෙස බලන විට 2019 දී ගත්තු විකල්ප තීරණය ගැනත් සිතන්න.

අපි සියලුම ජාතීන්ට සහ ආගම්වල ජනතාවට නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න ප්‍රජාතන්ත්‍රවාදය අපි ආරක්ෂා කරනවා. භෞමික අඛණ්ඩතාවය අපි ආරක්ෂා කරනවා. රටේ ජනතාව ආරක්ෂා කරන රට නිදහස් දෙසට ගෙනියන අලුත් අයිඑම්එෆ් කොන්දේසි කරා යොමු කරනවා. රටේ සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධන බළකා ඇති කරනවා. විශේෂ කොමිසම් ඇති කරනවා. රටේ දූදරු පරපුර සහ මව්වරු වෙනුවෙන් අවශ්‍ය වැඩ සටහන් නිර්මාණය කරනවා. මාතෘ මූලික පවුල් සඳහා අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම ලක්ෂ 17ක් වන ආබාධිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වාගේම තාරුණ්‍යයට මුල් තැන දෙන ජාතික තරුණ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරනවා. තරුණ කොමිසමක් සහ තරුණ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරනවා. ඒ හරහා තාරුණ්‍යට සෞභාග්‍යය ඇති කරනවා. දූෂණය පිටු දකින නව ස්වාධීන ආයතන පිහිටුවීමම පමණක් නොවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හරහා නොවෙනස්වන වගන්ති ඇති කර තනියෙන් හිටගත හැකි දූෂණ විරෝධී ස්වාධීන ආයතන අපි ඇති කරනවා.

ඒ වාගෙම හොරා කාපු මුදල් නැවතත් රටේ ජනතාවට ලබා ගත හැකි වැඩ පිළිවෙළක් අපි ඇති කරනවා. තරාතාරම් බේදයෙන් තොරව මේ රටේ හොරු අල්ලනවා පමණක් නොවෙයි. ඒ හොරා කාපු මුදල් ටික අපි නැවත ලබා ගන්නවාමයි.

සමහරු අහනවා අපරාදෙනේ ෂෝට් කට් එකෙන් අගමැති සහ ජනාධිපති වෙන්න පුලුවන්කම තිබුනානේ කියලා. එහෙම අහන අයට මම කියන්න ඕනා ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න පෙර මට දහ වතාවක් ආරාධනා කළා අගමැතිකම ගන්න කියලා. ඒ වාගේම ඔක්තෝම්බර් 26න් පසුව 61 වතාවක් ආරාධනා ලැබුණා මට අගමැතිකම ගන්න කියලා. ඒත් මම තීන්දු ගන්නේ මගේ අභිප්‍රායන් ඉෂ්ඨ කරන්න මමත්වය මුල් කරගෙන් තීන්දු තීරණ ගන්නේ නෑ. මම හැම තීන්දුවක්ම ගන්නේ රටේ යහපත උදෙසායි. අපි ගන්නේ ප්‍රතිපත්තිගරුක තීන්දුයි. මම අද සතුටු වෙනවා කෙහෙළිය රඹුක්වැල්ල රැකගන්න මම පාර්ලිමේන්තුවේ කටයුතු කළේ නෑ. ඖෂධ වංචාවන් කරපු නිලධාරීන් රකින්න අපි ක්‍රියා කළේ නෑ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රැකගන්න අපි ක්‍රියා කළේ නෑ. ඒ නිසා මේ රටේ අලුත්ම දේශපාලන බලවේගයක් ලෙස ආරම්භ වුනු සමගි ජන බලවේගය අවංක සහ පිරිසිඳු රජයක් ලෙස මේ රට ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා.

ඒ මගින් අපි මේ රට නොනිදන රටක් බවට පත් කිරීමට අපි කටයුතු කතරනවා. අපේ අරමුණ සුහුරු කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නයි. ගොවිතැනට නව තාක්ෂණය සහ නව ක්‍රමවේදය තුළ කාර්යක්ෂමතාව ව්‍යාප්ත කරලා ගොවිතැනේ නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කර ගන්නවා. ඒ වගේම වාරි තාක්ෂණය අපි යළි පෝෂණය කරනවා. සුහුරු ගොවියා වගේම අපි සුහුරු ධීවරයා අපි නිර්මාණය කරනවා. මේ රටේ වැඩිහිටි ප්‍රජාව රැකගන්න අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම්වලට ඉහළ පොළියක් ලබා දෙනවා. කම්කරු අයිතිය අපි සුරක්ෂා කරනවා. ආයොජකයාගේ අයිතීන් ආරක්ෂා කරලා ඔවුන්ට රටේ හිතකර පරිසරයක් ඇති කරනවා.

අපි දැනටමත් රටේ අධ්‍යාපනය සුහුරු අධ්‍යාපනයක් බවට පත් කරන්න ක්‍රියා කර තිබෙනවා. එම සුහුරු වැඩ පිළිවෙළ අපි මේ වසරේ නැවතත් ජයග්‍රාහී ලෙස ආරම්භ කරනවා. මෙරට සෞඛ්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය අපි නවීකරණය කරනවා. තිරසර පරිසර සංරක්ෂණයට අපි යොමුවෙනවා. අපි අනුගමනය කරන්නේ මැද මාවතයි. අපි අන්තවාදී ධනවාදය හෝ අන්තවාදී මාක්ස්වාදය ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. මානුෂීය ධනවාදය තුළින් අපි රට දියුණු කරනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් යුක්තිය සාධාරණත්වය ඉටු කරනවා.

අපේ රට තොරතුරු තාක්ෂණයේ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. සෑම රාජ්‍ය ආයතනයක්ම ශක්තිමත්, කාර්යක්ෂම ආයතන බවට පත් කරනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන අපි ලාභ ලබන ආයකන බවට පත් කරන්න ඕන. ඒත් අපේ රට වෙන්දේසිලන්තයක් බවට පත් කරන්න යන්නේ නෑ. අද බලන්න තමන්ගේ ගජ මිතුරන් රකින මේ කෙටි කාලයේ මහජන මුදල් හොරාකන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ.

පාස්කු ප්‍රහාරයේ සුලමුල අපි හොයා ගන්නවා. ඒ සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙළක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා අපේ වැඩසටහන ඒ ආගමික නායකයන්ට ඉදිරිපත් කළා. අපි එය පාර්ලිමේන්තුව හමුවටත් ඉදිරිපත් කළා. ඒ විතරක් නොවෙයි මේ ප්‍රහාරය සිදුකළ සහ එය පසුව වසන් කළ සියලුම දෙනා නීතිය හමුවය ගේනවා. අපි ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්නේ නෑ. කිසිම ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නෑ.

ඒ වගේම විශේෂයෙන්ම සිංහල නොවන ජනතාවට ඇති ප්‍රශ්න විසඳන්නත් විශේෂයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න අපි ඇපකැප වෙනවා.

දැන් කතාවක් යනවා ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර ලබා ගත් විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා කියලා. ඒ මත්පැන් බලපත්‍ර ලබා දුන්නේ ආණ්ඩුවයි. අපේ රජයක් යටතේ ඒ අනීතික නව බලපත්‍ර සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කටයුතු කරනවා. දැන් අපේ රටේ ඉඩම් කොල්ලයක් සිදු වෙන බවට අපි දන්නවා. අක්කර සීය දෙසීය හිතුමතේ බෙදාගෙන යනවා. මා කියනවා ඒ ගත්තු අයට අපේ රජයක් ඇතුළත ඒ ඉඩම් නැවත අත්පත් කරගෙන නව සැබෑ ව්‍යවසායකනයින්ට ලබා දෙන්න ක්‍රියා කරනවා. වගේම අපේ රටේ ඉඩමක උරුමය නැති අහිංසක ජනතාවට ලබා දෙන්න ක්‍රියා කරනවා. අපේ රටේ මුඩු ඉඩම් රැසක් තිබෙනවා. අපේ රටේ කුඩා තේ ඉඩම් හිමියන් තමයි වැඩිම තේ නිෂ්පාදනයක් කරන්නේ . අපේ මුඩු ඉඩම් තේ ඉඩම් බවට පත් කරන්නත් ඒවා තරුණයින්ට සහ නව ව්‍යවසායකන්ට බෙදා දීලා නව තේ ඉඩම් හිමියන් ලක්ෂ ගණනින් නිර්මාණය කරනවා. අපේ රටට ධන අරමුදලක් අවශ්‍යයි. එය අවශ්‍ය වන්නේ අපේ රටේ මතු පරපුරටයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා වගේම, ජනසවියටත් එහා ගිය නව ජනසවියක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ නව නිවාස ඇති කරනවා. අපි දිස්ත්‍රික්ක විසි පහ තුළම නව ව්‍යාපෘති ඇතිකර ගම හදා රට නගන වැඩ පිළිවෙළක් ඇති කරනවා. ඒ වගේම මත් උවදුරින් අපේ රට මුදා ගන්නවා. මේවා තමයි අපේ පොරොන්දු.

අපි මේ පොරොන්දු පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ කයිවාරුවක් විදිහට නොවෙයි. අපි මේක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරනවා." 

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.