News Category
From Date
To Date
Maximum Number of Result

රදගුරුතුමා ජිනීවා යෑම නොව මොළ දාහතේ ආංශක අධික්ෂණ යෝජනා ගල්වූයේ කුමන මොළ ගණනක බලපෑමෙන්ද යන්න සොයන්න පාර්ලිමේන්තු විවාදයක් හෝ ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටිය යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස

Apr 30, 2024 at 05:39 PM
|

අග රදගුරුතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ජිනීවා යෑමට සූදානම් බව පැවසීම පිළිබඳව ලංකාලීඩර් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්, යසස් ධර්මදාස මහතා පවසන්නේ එතුමා ජිනීවා යෑම නොව මොළ දාහතේ ආංශක අධික්ෂණ යෝජනා ගල්වූයේ කුමන මොළ ගණනක බලපෑමෙන්ද යන්න සොයන්න පාර්ලිමේන්තු විවාදයක් හෝ ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටිය යුතු බවයි.

යසස් ධර්මදාස මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

"කතෝලික ප්‍රජාව අතර කතාබහවෙන ආකාරයට ගෝඨාභය කෙරෙහි මෙතරම් අවර ගණයේ ප්‍රතිරෝධයක් කාදිනල් තුමා දක්වන්නේ ඊළඟ පාප් වහන්සේ තනතුර සහ රෝමයේ තානාපතිපති පදවියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මූලික කරගෙන කියලයි පැවසෙන්නෙ. ඒ කෙසේවුවත් එතුමාගේ ‘ක්‍රෙඩිබිලිටිය’ පිළිබඳව ඝට්ටනයක් ඇති බව පෙනෙන්න තියෙනවා. මෙය එතුමාට බලපාන යම්කිසි අමතකවීම හා සම්බන්ධ රෝගී තත්ත්වයක්ද නැතහොත් ඉහත කරුණ නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වය හේතුවෙන් ඇතිවූ පලිගැනීමේ චේතනාවක් ක්‍රියාත්මක කර ගැනීමට දරණ උත්සාහයක්දැයි සැකයක් මතු වෙනවා.

අග රදගුරුතුමා හොඳාකාරවම නොදන්නව වෙන්න බැහැ ජිනීව මානව හිමිකම් සමුළුවෙන් සාධාරණයක් ඉටු නොවෙන බව. අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සැළකීමේ සිට මෑතක පලස්තීන යුද්ධය දක්වාවූ අවස්ථාවලදී ජීනීවා සමුළුව කටයුතු කරන්නේ කුමන ආකාරයටද යන්න පැහැදිලියි. එබැවින් කාදිනල්තුමාට ගෝඨාභයට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට අන්තේවාසික රටවල් කිහිපයක් හොයාගැනීමට අපහසු වෙන්නෙ නෑ. පලස්තීන ජනතාවට සාධාරණයක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති ජිනීවා මානව හිමිකම් සමුළුව සමහරවිට මෙය අවස්ථාවක් කරගන්න හැකියාව තියෙනවා ඔවුන් අගතියට පත්වෙන ජනතාවට සහනයක් වෙන්න ඉන්න බව ප්‍රදර්ශනාත්මකව පෙන්වීමට. එබැවින් කාදිනල් රංජිත්ට හැකිවේවි ගෝඨාගෙන් වාඩුව ගන්න. 

නමුත් මේ අවස්ථාවෙ බහුතරයක් කතෝලික ජනතාව සිදුවුනේ කුමක්ද කියා පැහැදිලිව දන්නවා. 2015 පත්වුන මෛත්‍රී රනිල් ප්‍රමුඛ යහපාලන නඩය කෙතරම් පඹ ගාලක රට පටලවා ඇතිද කියා පහුගිය අරගල සමයේ පැහැදිලිව පෙනෙන්න තිබුනා. කැරලිකරුවන් ගෙවල් ගිණි තබමින් මිනී මරමින් පවතින අවස්ථාවකවත් හමුදාව ඊට එරෙහිව යෙදවීමට නොහැකි වනලෙස මානව හිමිකම් කඹයෙන් රටේ ආරක්ෂාවට සම්බන්ධ උසස්ම නිලධාරීන්ගේ අත් අඹරා තිබුන ආකාරයත්, ‍යුද අපරාධ චෝදනා එසේම තිබියදී මානව හිමිකම් කොමිසමෙන් ඊට ලබාදුන් ඳඬුවම් ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට ජී. එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම ලබාදුන් ‘එන්ගේජ් ක්‍රමය’ චෝදනාලාභී නිලධාරීන් මෙහෙයවීම සඳහා සමහර බටහිර තානාපති අංශ විසින් යොදාගත් ආකාරයත් විමල් සහ සේන තෝරදණිය මෑතදී නිකුත්කරන ලද ඔවුන්ගේ ග්‍රන්ථවල සඳහන් කර තිබෙනවා. 

එසේනම් මැල්කම් රංජිත් අග රදගුරු හා කතෝලික සභාව මේ සැරසෙන්නේ එදා 2015 දී යහපාලන රජය රට පැටලුවාවූ පඹගාලකට එහා තවත් පඹගාලක රට පටලවන්නද යන සැකය ඇතිවෙනවා. සමහර විට සැබෑ වරද කරුවන් හෙලිවීම වැලැක්වීමට දරණ ඩීල් දේශපාලනයේ උත්සාහයක්ද විය හැකි බව විවාදයේදී මන්ත්‍රීවරයෙක් පැවසුවා. 

එසේ වුවද දැනට පෙනෙන ආකාරයට වත්මන් රජය ගෝඨාව නොකළ වරදකට බිලිදීමට සූදානම් නැති බව පෙනෙන්න තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පසුගිය පාර්ලිමේන්තු විවාදයේ පිළිතුරු කතාවෙදි ටිරාන් අලස් ඇමතිතුමා සාර්ථක කරුණු දැක්වීමක් ඉදිරිපත් කරා. සමස්ථ පාස්කු ප්‍රහාරයේ විගණන වාර්තාවම දැන් තියෙන්නෙ කාදිනල් රංජිත් සහ කතෝලික සභාව ළඟ. අමරිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ තම අධ්‍යයනයන් ලබාදී තිබෙන බවත් ඇමතිතුමා සඳහන් කළා. එසේනම් තවත් ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීම කුමන අරමුණු ඉටුකර ගැනීම සඳහාද? මෙය කලිනුත් පැහැදිලි කර ඇති කරුණක් මිස අලුත් කාරණයක් නොවෙයි. 

එසේම අලස් ඇමතිතුමාගේ පිළිතුරු කතාවේදී සිදුකළ කරුණු සියල්ල, සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රශ්න අටට දුන් පිළිතුරු ඇතුළුව, අලුත් කිසිවක් අඩංගු නොවෙයි. එකම අලුත් තොරතුර වුනේ කොමිසමෙන් රහසිගතව තබාගත යුතු යැයි සඳහන් කළ වෙළුමක්ද රංජිත් කාදිනල් තුමාට සහ කතෝලික සභාවට ලබාදී ඇති බවත්, රංජිත් කාදිනල් තුමා සහ කතෝලික සභාව කොමිසම් වාර්තා කියවීම වසරක් තිස්සේ ප්‍රමාද හෝ නොසළකා හැර ඇති බවයි. අලස් ඇමතිතුමා කළයුත්තේ එම රහසිගත වෙළුමත් මුදා හැරීමයි. එයින් අපිට බලාගත හැකියි කාදිනල් සහ කතෝලික සභාවේ මතයට යම් සාධාරණ පසුබිමක් ඇතිද කියලා.

මේ සිදුවන්නේ සැබෑවටම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට පමණක් නොව සමස්ථ රටේ ජනතාවටම දැනගැනීමට අවශ්‍යව ඇති ප්‍රහාරකයින් මෙහෙයවූවන් සොයා ගැනීම පසෙක තබා දූශිත දේශපාලකයින් දුප්පත් මිනිසුන්ගේ දුප්පත්කම සහ දරිද්‍රභාවය විකුණමින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කරන්නාක්මෙන් රංජිත් කාදිනල් තුමා සහ කතෝලික සභාව යම්කිසි කූට අරමුණක් වෙනුවෙන් පාස්කු ප්‍රහාරය මෙහෙයවන ආකාරයක්ද කියා සැකයක් ඇති වෙනවා. 

අලස් ඇමතිතුමාගේ කතාවේ අඩුපාඩුවකට තිබුනෙ ආරක්ෂක අමාත්‍යංශය විසින් 2021.02.18 දාතමින් අමාත්‍ය මණ්ඩල සංදේශ අංකය MOD/CP/PAC/05/2021 යටතේ නිකුත් කරනලද “ප්‍රමුඛත්වය මත ක්‍රියාත්මක කළ යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ යෝජනා” සඳහන් අමාත්‍ය මණ්ඩල සංදේශයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනේ ඇයි කියා නොපැවසීමයි.

මෙම සංදේශයේ පසුබිම වන්නේ 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු රට හමුවේ ගොඩනැගුණු ප්‍රශ්නකාරී සහ වියවුල් සහගත තත්ත්වයට පිළියම් ලෙස එතෙක් ක්‍රියාත්මකව තිබූ මූලික නීති පද්ධතියෙහි යම් සංශෝධන සහ වෙනස්කම් විය යුතු බව දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලබා දුන් මූළික යෝජනාවලියක් මුල් කර ගනිමින් 2019 මැයි මස 17 වන දින මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ සභාපතීත්වයෙන් සෙසු මන්ත්‍රී සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුක්ත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීමයි. එමගින් ‘එක රටක් - පොදු නීතියක්’ යන පදනම මත ශ්‍රී ලංකාවේ ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරවමින් ‘නව ත්‍රස්තවාදය හා අන්තවාදය’ මුලින් උපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීතිරීති සම්පාදනය සහ එම නීතිරීති ක්‍රියාත්මක කරවීම සඳහා කාරක සභාවේ යෝජනා සහ නිර්දේශ ඇතුලත් වාර්තාවක් 2020 පෙබරවාරි මස 19 වන බදාදා දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 111 යටතේ ඉදිරිපත් කර ඇත. මෙම සංදේශය මගින් ‘ශ්‍රී ලාංකිකත්වය යනු තම පළමු අනන්‍යතාවය’ ලෙස සලකන, ‘ශ්‍රී ලාංකීය සිංහල, ශ්‍රී ලාංකීය දෙමළ සහ ශ්‍රී ලාංකීය මුස්ලිම්’ යනුවෙන් සිතන ජනතාවක් සිටින ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීම සඳහාවූ 57 වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබුනි. එහෙත්, ගෝඨාභයගේ මෙන්ම රටේ අභාග්‍යයට මොළ දාහතක් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ගෝඨාභය ප්‍රධාන 69 ලක්ෂයේ ආණ්ඩුව වැලකුණි. එම යෝජනා ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් පැවතුණිනම් අගරදගුරුතුමා ඇතුලු කතෝලික සභාවට මෙසේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හෙට්ටු නොවීමටත්, අනෙකුත් පාර්ශව වලට වවාගෙන කෑමටත්, අනර්ථදායී පාර්ලිමේන්තු විවාද පැවැත්වීමටත් අවශ්‍ය නොවන්න ඉඩ තිබුන. මෙම පාර්ලිමේන්තු විවාදය අනර්ථදායී වෙන්නෙ පාස්කු ප්‍රහාරයේ සැබෑ කරුණු වලට වැඩියෙන් දුර්මත විශාල ප්‍රමාණයක් හැන්සාඩ් ගතවීමයි. එය සමහරවිට මෙම ව්වාදයේ එක අරමුණක් විය හැකියි.

විවාදයක් පැවත්විය යුතු හෝ කොමිසමක් පැනවිය යුතු කරුණ වන්නේ මොල දාහතක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොකළේ කුමන මොළ ගණනක බලපෑමක් මත නිසා සිදු වුනිද යන්න සොයා බැලීමටයි. අලස් මහතාගේ පිළිතුරේ මෙම ආංශික යෝජනා ක්‍රියාත්මක නොකළේ කුමණ කරුණු නිසාදැයි සඳහන් කළ යුතුව තිබුනා.

ජවිපෙ/මාලිමා නායක අනුර කුමාර කියන පරිදි ශ්‍රී ලංකාවේ ස්ථාවර භාවය ස්ථාපනය කළ හැක්කේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීමේ ගහ දන්නා මිනිහට කොල කඩා පෑමෙන්වත් හොරාගෙ අම්මගෙන් පේන අහන ක්‍රියාවලියෙ යෙදීමෙන්වත් නොවෙයි. ඒ සඳහා කළ යුත්තේ අලස් මහතාද වසරකට පෙර ඉල්ලාසිටි තොරතුරු කාදිනල් තුමා හා කතෝලික සභාව මගින් ලබාදීමත්, අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමත්, ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමත්, යුද අපරාධ චෝදනා වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉටුකර ගැනීම මගින් අපේ රණවිරුවන් යුද අපරාධකරුවන්‍ නොවේ යැයි ඔප්පු කර ගැනීමෙනුත් පමණයි. 

තුන්වැනි කරුණ සඳහා ප්‍රමාණවත් සාක්ෂි දැනටමත් විද්වත් මණ්ඩලයක් විසින් සකසා අප විසින් අදාල ආයතන වලට ලබා දී තියෙනවා. තවත් ඒ පිළිබඳව කරුණු අවශ්‍යනම් අදාල විද්වත් මන්ඩලය ඒ සඳහා සූදානම්. මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තාව සෑදීමට රජය නිශ්ඵලව රුපියල් මිලියන 300 ක් වැය කරත් රජයට සතයක්වත් වැය නොකර මේ වාර්තාවල් සපයා තියෙනවා. ගෝඨාභය එම වාර්තා පිළිබඳව සැළකිලිමත් නොවීම වංචාකාර මහාචාර්‍ය වරුන්ගේ ‘එන්ගේජ් තියරි’ උගුල් වලට හසු වීමට හේතුවුනා. එසේ නැවත උගුල් වලට හසු නොවීමට නායකයින් සේම ජනතාවද දැනුවත් විය යුතුයි."

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.