ශ්‍රීලනිපය අන්තිම බින්දුවටම වැටිලා... කෑලි හය හතකට කැඩිලා - චන්ද්‍රිකා තනි මාධ්‍ය හමුවක් තබමින් කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිදු අපේක්ෂකයකු පෙනෙන තෙක් මානයක නැති බවත්, පක්ෂය මේ වනවිට කෑලි හය හතකට කැඩී ඇති බවත්, ඒ හේතුවෙන් පක්ෂය අන්තිම බින්දුවටම වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (29 දා) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළාය.
කාලයකට පසු කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනිය තනිවම පැමිණ අදහස් දැක්වීම විශේෂත්වයක් විය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවත් පසුපස හිඳිමින් පක්ෂය නිවැරදි ගමනක් කරා මෙහෙයවන බවත් ඇය කියා සිටියාය. තම පියා ඉතා දුක්මහන්සියෙන් ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන විසින් විනාශ කර ඇතැයි ද ඇය සඳහන් කළාය.
මැයි දින රැලියට සහභාගිවීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති නමුත් ඉදිරියේදී විශාල ජන රැලියක් පවත්වමින් ජනතාවට සත්‍ය හෙළි කිරීමට බලාපෙරොත්තුවෙන් සිටින බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කීවාය.
තවදුරටත් කතා කළ හිටපු ජනාධිපතිනිය මෙසේ ද පැවැසුවාය.
"පසුගිය කාලයේ මං සම්බන්ධයෙන් විවිධ අය කියපු දේවල් අමූලික බොරු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තිම බින්දුවටම වැටිලයි තියෙන්නේ. කෑලි හය හතකට කැඩිල ඉවරයි. එක්සත් ජාතික පක්ෂයත් දෙකට කැඩිලා. 2015න් පස්සෙ මම දේශපාලනයෙන් ඉවත් වුණා. ඒ වුණත් මම සමාජ සේවා වැඩකටයුතු කළා. 2019න් පස්සෙ මට තේරුණා මේ රටේ පැහැදිලි නායකත්වයක් නැහැ කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන මහින්ද රාජපක්ෂත්, මෛත්‍රිපාල සිරිසේනත් මට පහර ගැහුවා. 2019 දී මාව පක්ෂයෙන් අයින් කළා. මගේ සංවිධායකවරු හතළිස් ගාණක් අයින් කළා. එහෙම අසාධාරණකම් වෙච්ච වෙලාවේ මගෙන් ඒ ගැන අහපු නැති අය දැන් ‘එන්න මැඩම්, එන්න මැඩම්’ කියලා කතා කරනවා.
අවංක දක්ෂ උගත් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ නොමැතිවීම මේ රටට අත්වී ඇති විශාල ඛේදවාචකයක්. මොන රජයක් ආවත් කරන්න බැරි, දේශපාලනය බිස්නස් එකක් කරගත්තු බහුතරයක් අද දේශපාලනයේ ඉන්නවා. අවංක අය අතළොස්සක් ඉන්නවා. තරුණ පිරිසට මේවා බලන් ඉන්න බැරි තැන තමයි අරගලය පටන් ගත්තේ. අරගලයේ නායකයො වැඩි දෙනෙක් උගත් අය. මට ඒ හුඟදෙනෙක් හමුවුණා. ඒ අය අතර නීතිඥවරුන්, ඉංජිනේරුවන් හිටියා. ඒ අය ඒ අරගලය කළේ අලුත් නායකත්වයක් ඕනෑ කියන අදහසින්. හැබැයි ඒක අනික් පැත්තට හැරෙව්වා. කට්ටියක් ගිහිල්ල අන්තවාදී වැඩ කරලා ඊටපසු රජයට අවස්ථාවක් ලැබුණා.
හැබැයි අමතක කරන්න එපා මේ රටේ බහුතරයක් සියයට 80ක් තාමත් ඉන්නේ අරගලයේ පණිවිඩය සමගයි. අනාගත නායකයො අරගලයක් තිබුණෙ නැති ගාණටයි දේශපාලනය කරන්නේ. ඒක තේරුම් නොගැනීම බොහෝ කනගාටුදායකයි. මේ අය ජනතාවගේ හඬට කන්දෙන්නෙම නැහැ.
ජනතාවගේ දුක ගැන නොහිතා වැඩ කරන්න බැහැ. ටැක්ස් ගෙවන්නේ නැති මහා පොහොසතුත් ඉන්නවා. බොහෝ අයට වුවමනා කරල තියෙන්නේ මොන ජරා වැඩක් හරි කරලා බලයට ඇවිල්ලා ගන්න පුළුවන් වරප්‍රසාද භුක්තිවිඳින්නයි.
රටට මොනවා වුණත් ජනතාවට මොනවා වුණත් ඒ අයට කමක් නැහැ. මම නම් එහෙම දේශපාලනයත් කවදාවත් කරලා නැහැ අපේ සේසත නැතිකරගෙනයි අපි දේශපාලනය කෙරුවේ. මගේ දෙම්වුපියෝ දේශපාලනය කරපු කාලයේ වැදගත් දේශපාලකයන් මේ රටේ හිටියා. අද එවැනි අයත් නැහැ. මේ දේශපාලන රටාව නිසා ඒ අය පන්නල දාලා. දේශපාලනයට අද තාත්තා එනවා, දුව එනවා, දුවගෙ මිනිහ එනවා, ඊළඟට නැන්දම්මාගේ පුතා එනවා. දැන් හොරු කියලා උසාවියෙන් ඔප්පු වෙලා ඉන්න අය තමයි ප්‍රධාන ඇමතිවරු වෙලා ඉන්නේ.
දැන් ගෙනයන ලොකුම බොරුව තමයි චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිත් තියෙන්නේ යූ.එන්.පී. එකට උදව් කරන්න. මගේ කිසිදු අදහසක් නැහැ මං ඉපදුනෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. වැඩ කෙරුවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට."
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?