නලින් හේවගේ කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් ජවිපෙ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
පසුගිය දා ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88-89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන බරපතළ ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්‍ඝෝෂණයක් පවත්වනු ලැබීය.
එහිදී එම පෙරමුණේ නියෝජිතයන් මෙසේ ද පැවසීය.
"88 - 89 භීෂණ සමයේ සාමාන්‍ය ජනතාව අපේ ඇස් ඉදිරිපිට වෙඩි තියලා ඝාතනය කරපු හැටි දැක්කා. සමාජ සේවකයින්, සමාජයේ යහපත් වැඩ කරපු මිනිස්සු ඝාතනය කළා. අතීතයේ අපේ සියලු දේ විනාශ කරපු මිනිස්සු දැන් නැවත මේ එන්න හදන්නේ මොකාට ද, රටේ විද්වතුන්, මාධ්‍යෙව්දීන්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු ජවිපෙ රටේ බලය ගන්න දගලනවා.
දැනටත් ජවිපෙ කරන්නේ ජනතාවට වෛර කරන එක, මියගිය මිනිසුන්ටත් කරන අපහාසයක් මේක. මැරුණු මිනිස්සුන්ට තවමත් ජවිපෙ වෛර කරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්තවාදට වළපල්ලට යවන්න ඕනේ නම් ජවිපෙට ඡන්ද දෙන්න කියලා.
නලින් හේවගේ කරපු මේ ප්‍රකාශය ඔවුන් වහාම ඉල්ලා අස්කරගත යුතුයි. තව තවත් වෛරය පතුරවන්නේ නැතිව මේ සිදු කරපු ප්‍රකාශය පිළිබඳ ජවිපෙ ජාතියෙන් සමාව ගත යුතුයි."



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?