News Category
From Date
To Date
Maximum Number of Result

කිසිම සැලැසුමක් නැහැ... මම හිතන්නේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණයි - ජනපති රනිල් කියයි

Apr 28, 2024 at 09:48 AM
|

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි. අප්‍රේල් 26 සහ 27 දෙදින පුරා කොළඹ දී මෙම වාර්ෂික සමුළුව පැවැත්වේ.

මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.

1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද 1994 වසරේ සිට දිස්ත්‍රික් 3220 බටහිර කොළඹ ජාත්‍යන්තර රොටරි සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

“අප ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව ගමන් කළ යුතු මාර්ගය තීන්දු කළ යුතු සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවකයි. මේ රටේ ජනතාව විසින් ඒ මාර්ගය තීරණය කළ යුතුයි. අපි මෙතැනින් ඉදිරියට යනවාද? අපි මෙතනම නවතිනවාද? නැත්නම් ආපස්සට ගමන් කරනවාද කියා තීරණය කල යුතුයි.

මට අද මුණ ගැසැණු තරුණයෙක් මගෙන් ඇසුවා, ඔබ රට වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවාද? මේ රටේ උගතුන් වෙනුවෙන් ඔබ ගෙන ඇති සැලසුම් මොනවාද? රටේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔබ සතුව ඇති සැලසුම් මොනවාද? කියලා. මම කිව්වා එවැනි කිසිම සැලසුමක් නැති බව. මට සිතිය හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණක් බව, මම ඔහුට පැවසුවා.

එහිදී වෙළඳපොළ බලවේග මේ සියලු සැලසුම් පිළිබඳ තීරණය කරනු ඇතියි. ඒ තුළ අපේ ප්‍රතිපත්ති රාමුව මොකක්ද කියා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරි අවුරුදු තුන හතර තුළ ක්‍රියාත්මක කර වැඩසටහන් මොනවද යන්න තීරණය කර, ක්‍රියාත්මක කර, අවශ්‍ය වෙනස්කම් ද සිදු කළ හැකියි.

නමුත් අපට වර්ධනයක් ගෙන එන ස්ථාවර සැලැස්මක් ගැන ඔබ සිතනවා නම්, මට අනුව එසේ සිදු කළ නොහැකි බව මම ඔහුට පැවසුවා. වෙළඳපොළ බලවේගවලට බලපෑම් කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුයි. වෙළඳපොළ බලවේග හසුරුවන්නේ කෙසේද එසේත් නැත්නම් වෙළඳපොළ බලවේග මෙහෙයවන්නේ කෙසේද කියා අප දැනගත යුතුයි.

එසේ නම් ඉදිරියට යාමට අපට අවශ්‍ය ක්‍රමය කුමක්ද කියා අප මුලින්ම තීරණය කළ යුතුයි. සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ සැලැසුම අනුව සෑම දෙයක්ම රජය ලබා දෙනවා. අපට මෙපමණ කාලයක් සැලසුම් පමණක් පැවතුණා. ඒ නිසා අපි තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙනවා.

යුද්ධය අවසන් වීමෙන් පසු වියට්නාමය, අපට වඩා දුප්පත් තත්ත්වයක සිටියා. 1991 වසරේදී වියට්නාමයේ කර්මාන්ත ඇමැතිතුමා පැමිණ අප විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳ මගෙන් ඇහුවා. අද වන විට විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඔහුගෙන් දැන ගැනීමට මට වියට්නාමයට යාමට සිදුවී තිබෙනවා. ඔවුන් වෙනස් වුණා. අපි එකම තැන සිටියා.

ඔබට මැලේසියාව සහ සිංගප්පූරුව ගැන කුමක් කිව හැකිද? අප මේ සෑම රටක් පිළිබඳව කතා කරනවා. අපට ඒ රටවල් සිටින තත්ත්වයට පැමිණීමට අවශ්‍යයි. නමුත් එම රටවල තත්ත්වයට පත්වීමට නම් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි. දැන් අප එවන් අවධියකට පැමිණ තියෙනවා. අපිට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ නොගෙන සිටිය නොහැකියි. එකිනෙකාට චෝදනා කරමින් සිටීමෙන් පලක් නැහැ. අපට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් දැයි අපි තීරණය කළ යුතුයි. මට අනුව නම්, එය කළ හැකි වන්නේ එක් ආකෘතියක් තුළින් පමණයි. ඒ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්.

අපට ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය හෝ රුසියාව තුළ විශාල වෙළෙඳපොළක් නැහැ. බොහෝ රටවලට පවතින ඛනිජ සම්පත් අපට නැහැ. අපි වාසනාවකට මෙන් උපාය මාර්ගිකව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන කුඩා දූපතක්. එය නැවතත් කලාපය තුළ ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් තිබෙනවා. එවැනි ලෝකයක් තුළ අප ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපි තවදුරටත් මවාගත් ලෝකයක ජීවත් වෙනවාද? නැතිනම් අවශ්‍ය පියවර ගෙන ඉදිරියට යාමට අප සූදානම් ද යන්න ඔබ සියලු දෙනාම සිතා බැලිය යුතු කාරණාවක්.

මන්දයත් අප විසින් ගෙන ඇති ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග මේ වසර තුළදී අවසන් වෙනවා. අපි නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ මෙන්ම පැරිස් සමාජය සමඟ සාකච්ඡා තරමින් සිටිනවා. බැඳුම්කර හිමියන් සමඟ ඇතිකර ගත යුතු බොහෝමයක් කරුණු පිළිබඳ එකඟතාවන්ට පැමිණ අවසන් නමුත් තවමත් එකඟතාවට පැමීණිය යුතු කාරණාවක් ඉතිරිව තිබෙනවා. එයත් ඉක්මනින්ම විසඳෙයි.

නමුත් අපි මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද? අපි ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අප එලෙස ස්ථාවර කර ඇති ආර්ථිකය ආනයනය මත යැපෙන ආර්ථිකයක්. මේ ආනයන මත යැපෙන ආර්ථිකය සමඟ අපි ඉදිරියට යනවාද? එවිට පසුගිය කාලය පුරාවට මා විසින් සිදු කළ සියලු දේ නිෂ්ඵල වෙනවා. ඒ තවත් වසර 10 කින් හෝ වසර 15 කින් නැවතත් මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙන නිසයි. ඉතින් මේ තීරණය ඔබ සියලු දෙනාම ගත යුතුයි. කිසිවකුට එය අතපසු කළ නොහැකියි.

මෙය තමයි අද රට විසින් ගත යුතු තීන්දුව. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද කියන ප්‍රශ්නය නෙවෙයි. ඒවා දෙවනුව විසඳාලිය යුතු ප්‍රශ්න. මම සඳහන් කළ ආකාරයට ජනතාවට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද? අපි එය වෙනස් කළ යුතුද නැද්ද? මම හිතන්නේ අපි එය වෙනස් කළ යුතුයි. නමුත් අපේ අනාගතය කුමක්ද? ඒ වෙනුවෙන් තීරණ ගන්න අපි සූදානම්ද?

අපට අවශ්‍ය වන්නේ අපනයනය ඉලක්ක කරගත්, ඉහළ තරගකාරී ආර්ථිකයක් නම්, අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඉහළ තරගකාරී ආර්ථිකයක් කියලා හැමෝම ප්‍රකාශ කරනවා. ඔබට තරගකාරී වීමට අවශ්‍ය නම්, ඔබ තරගයට මුහුණ දිය යුතුයි. තරඟයට මුහුණ නොදී තරඟකාරී විය නොහැකියි. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබෙනවා. අපිට එය නිර්මාණය කරගත හැකියි. අපට තිබෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයන් සහිත කෙටි කාලයක්. නමුත් අපට එය ජයගත හැකි බව මම විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.”

මෙම අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිවරයාගේ නියෝජිත ප’ හොයෙන් (Per Hoyen), මෙවර සමුළුවේ සභාපති ඩී.ජී.එන්.ඩී. කුමාර් සුන්දරරාජා, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් උපදේශක ප්‍රදීප් අමිර්තනායගම්, හිටපු සභාපතිවරුන් වන කේ. ආර් රවීන්ද්‍රන් යන මහත්වරුන්, ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයින්, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරී මණ්ඩලය, සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.