ශ්‍රීලනිපය චන්ද්‍රිකා අතට යනවාට වඩා විජයදාසගේ අතට යන එක ගැන සතුටුයි... හැබැයි ආණ්ඩුවේ ඇමැතිකම තමයි ප්‍රශ්නෙ - ගම්මන්පිල කියයි
‘චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති ගත්තොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි මෙරට ජාතිකත්වයේ පක්ෂය. දේශප්‍රේමීත්වයේ පක්ෂය. ඒ ජාතිකත්වයේ මතවාදය කුඩුපට්ටම් කරලා කුණුකූඩයට දාපු චන්ද්‍රිකා මැතිණිය අතට මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැගීමක් තියෙන විජයදාස රාජපක්ෂ මහතා අතට පක්ෂය යන එක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල මහත්මයා වගේම විජයදාස රාජපක්ෂ මහත්තයත් මේ රටේ ඇමතිවරයෙක්. ආණ්ඩුවේ සාමාජිකයෙක්.
ප්‍රථිපත්තිමය වශයෙන් දෙපාර්ශවය අතර වෙනසත් තිබුනත් අවසානයේ දෙගොල්ලම ආන්ඩුවේ ඇමතිවරු. ඒ නිසා රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක වෙනස් වෙන්න නම් විජයදාස රාජපක්ෂ මහත්තයා ඇමතිධූරයෙන් ඉවත්වෙලා විපක්ෂයේ දේශපාලනයට එක්විය යුතුයි."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?