උතුරේ ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම තහනම් කරයි... අවතැන්වූවන් යළි පදිංචි කිරීමේදී ගැටලු ගොඩයි
උතුරු පළාත තුළ යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කරවීමේදී ඉඩම් සම්බන්ධයෙන් විවිධ ගැටලු පැනනැගී ඇති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩම් ඔප්පුවල අයිතිය මාරු කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චර්ල්ස් මහත්මිය විසින් තහනම් කොට තිබේ.
ආණ්ඩුකාරවරිය පවසන්නේ ඉඩම් සඳහා ස්ථිර බලපත්‍ර නිකුත් කෙරෙන ‘උරුමය’ වැඩසටහන උතුරු පළාත තුළ ඉතා ඉක්මනින්ම අවසන් වන විට මේ ඉඩම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු අවම වන බවයි. මැයි මාසය අවසන් වන විට උතුරු පළාතේ ඉඩම් හිමියන් 60,000කට උරුමය ඔප්පු ලබාදීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.
යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1500ක් හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වල රැඳී සිටින අතර ඔවුන්ද ඉතා ඉක්මනින් යළි පදිංචි කොට අවසන් කරන බව කී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය උතුරු පළාතේ සිදුකිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා සහ සැලසුම් අවසන් අදියරට පැමිණ ඇති බවත් කීවාය. ඩෙල්ෆ් ප්‍රදේශයේ ජනතාව සඳහා නිවාස 76ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම වහා නතර කරන ලෙස දන්වා ඇති බවත් ආණ්ඩුකාරවරිය පැවසුවාය.
නිසි භූගත ජල සමීක්ෂණයකින් තොරව ඇතැම් පෞද්ගලික ආයතන නළ ළිං සකස් කරන බවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී චෝදනා එල්ල විය. ආණ්ඩුකාරවරිය මේ සම්බන්ධයෙන් අදාළ රජයේ දෙපාර්තමේන්තු වෙත උපදෙස් ලබා දුන් අතර නීති කඩ කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට ද උපදෙස් දුන්නාය.
- දිනසේන රතුගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?