නව විදුලිබල පනතට අනුව විදුලි බලයත් සුපිරි පැලැන්තිය අතට - වෘත්තීය සමිතිවලින් චෝදනා
යෝජිත නව විදුලිබල පනත අනුව අඩු වියදම් විදුලිබල ජනනයක් හෝ පාරිභෝගික සුරක්ෂිතතාවක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බැවින් ඉදිරියේ දී විදුලි බලය මෙරට ධනේශ්වර පැලැන්තියට පමණක් භුක්ති විඳිය හැකි සුඛෝපභෝගී සේවාවක් වනු ඇති බවට විදුලි වෘත්තීය සමිති කියයි.
අදාළ නව විදුලි පනත සම්මත කර ගත් පසු ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් කීපයකට විකුණා දමා බිලියන ගණනින් ලාභ ලැබීමේ අරමුණින් ජනතාවගේ විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මේ වනවිට දියත් වෙමින් පවතින බවද විදුලි වෘත්තීය සමිති කියා සිටිති.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප්, දීමනා, වෛද්‍යාධාර සහ ණය යෝජනා ඇතුළු සියල්ලටම වසරකට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 45ක් බවත්, එය ලංවිම සමස්ත ඇස්තමේන්තුගත වියදම වන රුපියල් බිලියන 700ක මුදලින් 7% කටත් වඩා අඩු ප්‍රතිශතයක් බවත් වෘත්තීය සමිති කියයි. එබැවින් මෙම සේවක වියදම් සියල්ල නවතා දැමුවත් විදුලි බිලේ දැනෙන වෙනසක් ජනතාවට ලබාදීමේ හැකියාවක් නොමැති බවද එම සමිති පවසයි.
මෙවන් තත්ත්වයක් තුළ ලංවිම සේවක පඩිය පෙන්වා නව විදුලි පනත ගැසට් කර ජනතාව නොමඟ යවමින් ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණා දැමීමට විෂය භාර ඇමැතිවරයා සහ රජය කටයුතු කරමින් සිටින බවට ද විදුලි වෘත්තීය සමිති චෝදනා කරති.
– Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?