
චීන ජනපති එරට ප්‍රධාන හමුදා ප්‍රතිසංස්කරණය හෙළි කරයි
චීන ජනපති ෂී ජින්පින්ග් චීන හමුදාවේ විශාල ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙමුහුන් යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගකිව යුතු නව යුධ තොරතුරු සහාය බලකායක් නිර්මාණය කර ඇති බවද නිවේදනය කළේය.
ඊයේ(19) බීජිං නුවර පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව නිවේදනය කළේය. චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනය සිය හමුදා නවීන යුගයට ගැලපෙන ලෙස සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ප්‍රතිසංස්කරණ, විද්‍යාව සහ නව කුසලතා තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවත්ය.
චීන නායකයා අලුතින් නිර්මාණය කරන ලද හමුදාවේ අංශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විස්තර කළේ තොරතුරු පද්ධති ජාල සම්බන්ධීකරණය සහ භාවිතා කිරීම සඳහා අත්‍යවශ්‍ය සහය ලබා දෙන ‘උපායමාර්ගික බලවේගයක්’ ලෙසයි. “එය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර අපගේ හමුදාවේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ නවීන යුද්ධ ජය ගැනීම සඳහා විශාල වගකීම් දරනවා.” ඔහු අවධාරණය කළේය.
ජෙනරාල් Bi Yi නව හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලද අතර, ජෙනරාල් ලී වේ දේශපාලන කොමසාරිස් ලෙස පත් කරන ලදී. මහජන විමුක්ති හමුදාවේ, කොමසාරිස්වරුන් දෙවන අණ දෙන නිලධාරින් ලෙස සේවය කරන අතර ඔවුන් පරිපාලන කටයුතු සහ දේශපාලන අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් වගකිව යුතුය.
“තොරතුරු මූලික කරගත් සහ ඒකාබද්ධ ජයග්‍රහණය, සුමට තොරතුරු සබැඳියව සහ ඒකාබද්ධ තොරතුරු සම්පත් කළමනාකරණයට අනුගත වීම” මෙන්ම තොරතුරු වල ආරක්‍ෂාව ශක්තිමත් කිරීම ද වැදගත් බව ෂී සඳහන් කළේය.
එලෙසම, බීජිං පරිපාලනය, අභ්‍යවකාශය, සයිබර්, දේශපාලන සහ ඉලෙක්ට්‍රොනික යුද්ධ පිළිබඳ චීනයේ විශේෂඥතාව වැඩිදියුණු කිරීමට සහ “තොරතුරු පාදක ගැටුම්” වලදී සටන් කිරීමට උපකාර කිරීම සඳහා 2015 දී නිර්මාණය කරන ලද සිය උපායමාර්ගික ආධාරක බලකාය විසුරුවා හැරියේය.
ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Wu Qian පැවසුවේ චීනයට දැන් යුධ සේවා අංශ හතරක් හෙවත් යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ රොකට් බලකාය අයත්වන බවත් ඔවුන් සතුව අවි හතරක් හෙවත් අභ්‍යවකාශ බලකාය, ස්යිබර් අවකාශ බලකාය, තොරතුරු සහයෝගිතා බලකාය සහ ඒකාබද්ධ ප්‍රවර්ධන බලකාය ( Aerospace Force, Cyberspace Force, Information Support Force සහ Joint Logistics Support Force ) නම් අවි චතුර්තය අයත් බවයි.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් 2015 සිට දැවැන්ත ලෙස විස්තර කරන ලද මිලිටරි ප්‍රතිසංස්කරණය, දෙසැම්බර් මාසයේදී රොකට් බලකායේ සේවය කළ හතර දෙනෙකු ඇතුළුව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් නව දෙනෙකු චීන පාර්ලිමේන්තුව විසින් නෙරපා හැරීමෙන් පසුව පිහිටුවනු ලැබීම විශේෂත්වයකි.
හිටපු ආරක්ෂක ප්‍රධානී ලී ෂැංෆු ඔක්තෝම්බර් මාසයේදී නෙරපා හැරීමෙන් පසුව මෙම කාරණා සිදුවීමද විශේෂත්වයකි.බීජිනය චීන හමුදාවේ සිදු කළ මෙම ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකළ නමුත් බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ලි දූෂණ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව විමර්ශනයට භාජනය කර ඇති බවයි.
තායිවානය සම්බන්ධයෙන් පවතින මතභේදය හේතුවෙන් අසුගිය වසරවලදී පමණක් තීව්‍ර වූ එක්සත් ජනපදය සමඟ ඇති එදිරිවාදිකම් මධ්‍යයේ චීනය සිය මිලිටරි හැකියාවන් තර කර ගැනීමට නිරන්තරයෙන් පියවර ගෙන ඇත. චීනය ස්වයං පාලන තායිවාන දිවයින එහි ස්වෛරී භූමියේ කොටසක් ලෙස සලකන අතර, වොෂින්ටනය තායිපේ පරිපාලනය වෙත මිලිටරි උපකරණ විකිණීම අනුමත කර තිබෙනවා මෙන්ම බීජිං ආක්‍රමණයක් සිදු වුවහොත් එය ආරක්ෂා කිරීමට ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
