News Category
From Date
To Date
Maximum Number of Result

අවුරුදු 74ක් විනාශ කළ රටේ වෛද්‍ය අධ්‍යාපනයත් වික්කහම රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි

Apr 20, 2024 at 09:23 PM
|

අවුරුදු 74ක් රට විනාශ කළා. ඉතුරු වෙලා තිබුණේ  වෛද්‍ය අධ්‍යාපනය විතරයි. ඒකත් පුද්ගලීකරණය කරන්න විකුණන්න  ගිහිල්ලා ඒකත් නැති උනාම රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි කියලා මට හිතුනේ පසුගියදාක දැකපු දැන්වීම් දෙකක් දැකලා. 

ඒ විතරක්ම නෙමෙයි ආචාර්ය රෝහන් සමරජීව කරපු විග්‍රහයකුත් දැකලා. 

එක දැන්වීමක් NSBM  අනිත් දැන්වීම කොතලාවල විශ්ව විද්‍යාලයෙන්. 

NSBM  දැන්වීම අනුව සාමාන්‍ය පෙළ විතරක්  ඇති උසස් පෙළ ඕනම නෑ මුදල් තිබුණාම ඇති. 

කොතලාවල දැන්වීම අනුව ලක්ෂ 125ක් ඕන කොතලාවල ඉගෙන ගන්න  වෛද්‍ය උපාධියට.

වයස අවුරුදු 17 සිට 22 දක්වා.  

උසස් පෙළ සී දෙකයි එස් එකක් තිබුනාම ඇති. 

එතකොට ආචාර්ය රොහාන් සමරජීව කියන විදියට අධ්‍යාපනය විකුණන්නම වෙනවා මොකද කොතලාවල සහ NSBM  රජයේ බැංකු වලින් අරගෙන තියෙන ණය ප්‍රමාණය දැක්කහම  කියලා. ඒකේ කියවෙනවා රත්තරන් වලින් හදපු රෝහල් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. 

මේ රටේ ජනතාව කිව්වද එච්චර වියදමක් දරලා මේ රටේ බැංකුවලට ණය වෙලා එච්චර විශාල ප්‍රමාණයකින් අධ්‍යාපනය විකුණන්න පටන් ගන්න කියලා. 

ඒ යටිතල පහසුකම් හදන්න කියලා රටේ මිනිස්සු කිව්වේ නෑ ඒකත් හරියට මේ රට වසර හැත්ත හතරක් පාලනය කරපු රට විනාශ කරපු කණ්ඩායමේ උපදෙස් මත කරපු දෙයක් තමයි. 

ඒ වගේම මේ රටේ මිනිස්සු වසර 74ක් රට පාලනය කරපු අයට කිව්වේ නෑ මේ රට බංකොලොත් කරන්න කියලා.

අපේ රටේ රත්තරන් බිජු දාන කිකිළියක් වන හම්බන්තොට හාබර්  එක විකුණේ ඩොලර් බිලියන 1.1ට. ඒක වසර 99න් බෙදුවොත් මාසෙකට රුපියල් මිලියන 176 ක් පමණ ( විකුණපු දවසේ වටිනාකම අනුව).

හැබැයි ඒ කාලෙත් පුවත්පත්වල ගියා මාසෙකට මිලියන 250ක් අදටත් රජයට පවරා නොගත් මුදලාලි කෙනෙක් සතු නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට වැය කරා කියලා. 

එතකොට හම්බන්තොට හාබර් එකද වටින්නේ නෙවිල් ප්‍රනාන්දු මුදලාලිගේ රෝහලද?  

විකිණීම කොමිස් ගැසීම හැර වෙන දෙයක් නැති බව ඒ අනුව පේනවා නේද? 

ඊළඟ කරුණ තමයි අපේ රටේ ළමයි 17 වසරෙදි උසස් පෙළ ලියන්නේ නැහැ. ලියන්නේ  අවුරුදු 19දී.  සාමාන්‍යයෙන් ප්‍රතිඵලය ඇවිල්ලා විශ්ව විද්‍යාලට බඳවා ගන්නකොට අවුරුදු 21 ත් ඉවරයි. සල්ලි තිබුනත් කාලය ගිහිල්ලා. 16 දි උසස් පෙළ ලියන අන්තර්ජාතික පාසල් වලට යන සිසුන් කොතලාවලට බැඳිලා වසර  හතරකට පස්සේ තමයි  ජාතික පාසල් පද්ධතියේ ළමයි කොතලාවලට යන්නේ.  

එකම වයසේ ඉපදුනත් අධ්‍යාපන රටාවන් දෙකක් නිසා එක කොටසකගේ මානව අයිතිවාසිකම් කඩවන බව මේ පාලකයෝ දන්නේ නැද්ද? 

ඒ එක කාරණයක් අනික් කාරණය තමයි මේ විදියට ගියොත් NSBM  කියන විදිහට උසස් පෙළ ඕනම නෑ.  

එතනදිත් රටේ විශාල පිරිසකට මුදල් නැති නිසා විශාල සමාජ අසාධාරණයක් වෙනවා. 

අනාගතයේ රට විශාල අර්බුදයකට යන්න මෙවැනි කාරණා ඉස්මතු වේවි ඇත නැති පරතරය වැඩිවේවි. 

රජයේ පාසලකින් හෝ විශ්ව විද්‍යාලයකින් විශ්‍රාම ගියාම හෝ වැඩි වැටුප් සඳහා මේ රටේ ඇතැම් උගත්තු පෞද්ගලික ඒවට යනවා ඒක ඔවුන්ගේ කැමැත්ත. 

ගිහිල්ල පළවෙනියෙන්ම කරන්නේ තමන් ඉගෙන ගත්තු සහ රැකියාව කරපු ආයතනය විනාශ වෙන ආකාරයට වැඩ කිරීම සහ විවේචනය ඒකට ඉතින් කියන්නේ ආත්මාර්ථකාමීකම කියලා. 

ගිහිල්ල කරන්නෙත් පත්තරවලට ඇතැම් නාලිකා වලට පට්ට පල් කෙබර කියන එක. ඒවායේ ඉන්න  අයත් ඇතැම් පක්ෂවල කරුණු උලුප්පලා ඒවා හොඳයි කියන තැනට පත්වෙලා. ඒකට ඉතින් කියන්න තියෙන්නෙත් මෝඩකම තමයි ඊනියා උගතෙක් මොනවා හරි දෙයක් කිව්වම ඒක හොඳයි කියන තැනට පත්වෙන්නේ නැතුව විචාර බුද්ධියෙන් විමසන්න ඕන කෙනෙකුට නුවණක් තියෙන්න ඕන. 

මෑතක දෙරණට ආපු ඔය ඊනියා උගතෙක් කියනවා ඇහුන අපි සිංගප්පූරුව වෙන්න දඟලනවා නමුත් සිංගප්පූරුව වගේ වෙන්න ඉඩ දෙන්නෑ වගේ කතාවක්. 

මේ කතාව අහල මට කොහෙන්ද මේ හිනාවෙන්නේ කියලා හිතුණා. 

ඇත්තටම මේ උගතා සිංගප්පූරුව ගැන දන්නේ නැද්ද නැත්නම් රටේ මිනිස්සු මෝඩයා කරන්න කියපු කතාවක්ද? 

ලෝකෙ දියුණු යැයි සම්මත රටවල් අතරින් සිංගප්පූරුවේ තමයි කිසිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැති රට ඒක ප්‍රසිද්ධ කරුණක් අපේ රටේ කට්ටියත් ඔය සිංගප්පූරුවේ එක්තරා රෝහලකට යනවනේ ප්‍රතිකාර ගන්න  ඒ කතාව අහලා මට හිතුනේ ලැජ්ජ නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියලා. 

අනිත් කාරණය තමයි අපිට වෛද්‍ය විද්‍යාව උගන්නපු එංගලන්තය දැනටමත් අපේ රටේ වෛද්‍ය සභාව  හා ලොකු බැඳීමක් තියෙනවා ඒ තියෙන්නේ ප්‍රමිතිය ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළක්. 

ඒ වගේම අපේ රටේ  වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය සේවාවේ  අවසන් උපාධි කටයුතු සිදු කරන්නේ එංගලන්තේ.  

ඒ වගේම අපේ රටේ වෛද්‍යවරුන්ට එංගලන්තයෙන් විශේෂ ඉල්ලුමකුත් තියෙනවා. 

එංගලන්තයේ උසස් පෙළ ලියන ළමයි 16 දෙනකුගෙන් එක්කෙනෙකුට පමණයි වෛද්‍ය විද්‍යාව හදාරන්න පුළුවන් වන්නේ දක්ෂයාටම තමයි තැන තියෙන්නෙ. 

එහෙත් තියෙනවා ලාභ නොලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතාම අතලොස්සක් ඒ හැබැයි ඒවට උසස් පෙළ C02 යි S 01 යි  ගන්නේ නෑ ප්‍රතිඵල මදි නම් මුදල් දීලා යන්නත් බෑ. 

අර උසස් පෙළ සමත් 16 දෙනාගෙන් එක්කෙනෙකුට තමයි ඒවටත් යන්න පුළුවන්. 

මුදල් නිසා ප්‍රමිතිය බිඳින්න දෙන්නේ නෑ ඒ රටේ මිනිස්සු. 

මෙච්චර කල් ශ්‍රී ලංකාවත් එහෙම තමයි ආසියානු කලාපයේ ලොක්කා ඉන්දියාව හැබැයි සෞඛ්‍ය දර්ශක අතින් ඉන්නේ 112 දුප්පත් ශ්‍රී ලංකාව 41 ඔන්න ඕක තමයි අපි ආරක්ෂා කරපු ප්‍රමිතිය. 

1950 දී ඉන්දියාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අවසර දුන්නා.

වසර  70  කට පසුව ප්‍රතිඵලය පහත  ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

කුසලතාවය මත නොව මුදල් මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලික අංශ විසින් වෛද්‍ය  උපාධිය  විකුණන රටක් බවට පත්වීම නිදහස් ඉන්දියාව තුළ සිදුවූ විශාලම වරදයි. 

ඉන්දියාවේ හිටපු සෞඛ්‍ය ලේකම් එස්  රාවෝ. 

ඉන්දියාවේ වෛද්‍ය  පීඨ වලින් වසරකට වෛද්‍ය උපාධිධාරින්  50,000 ක පමණ සංඛ්‍යාවක් බිහිවේ. 

ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 45 % කටම වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම සඳහා නිසි පුහුණුවක් නොමැති බව සමීක්ෂණවලින් හෙළි වී තිබේ. 

රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අසමත්භාවය සහ වෘත්තීය අවභාවිතය (Medical Negligence) නිසා එක්සත් රාජධානියේ  වෛද්‍ය සභාව (GMC UK) විසින් ප්‍රතික්ෂේප කරන ලද වෛද්‍යවරුන් වැඩිම සංඛ්‍යාවක් බිහිව ඇත්තේ ඉන්දියාවෙනි. 

රැකියා විරහිත ඉන්දීය වෛද්‍ය උපාධිධාරීන් තම වෘත්තීය සුදුසුකම්වල නොගැලපෙන රැකියා වෙළෙඳ ව්‍යාපාර සහ නීති විරෝධී ජාවාරම් ( අවයව විකිණීම,නීති විරෝධී ගබ්සා ආදී )යෙදී තවදුරටත් තම ජීවිතය ගැටගසා ගන්නා බව වාර්තා පළවී ඇත. 

ඉන්දියාවේ බොහෝ පෞද්ගලික වෛද්‍ය  පීඨවල නිසි පූර්ව සායනික හෝ සායනික පුහුණුවක් නොලැබේ.

එම නිසා හදිසි රෝග තත්ත්ව සඳහා පවා (    Emergency Management ) මුහුණ දිය නොහැකි වෛද්‍යවරුන් පිරිසක් බිහිවෙමින් පවතී.

මීට දශක ගණනාවකට පෙර මුදල් මත පදනම්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හඳුන්වාදීම නිසා ඉන්දියාව ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක වලට අද මුහුණ දීමට සිදුවීම් පිළිබඳව එරට කණගාටු වෙන බව මේ තොරතුරුවලින් හෙළිවේ.

කිහිප දෙනෙකුගේ උවමනාව මත මේ සිදු කරන්න යන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් කල් ආරක්ෂා කරපු ආරක්ෂක දැල විනාශ කරලා මුදල් උපයන එක. 

එහෙම වුනොත් බාල බෙහෙත් මදිවට බාල දොස්තරලත් ලංකාවේ වැහි වහිවි.

රෝහලට ගිහිල්ලා මරණ සහතිකේ ලියාගන්න ඉස්සෙල්ලා දොස්තර ඉගෙන ගත්ත තැන අහන්න වේවි. 

අනික් කරුණ තමයි මෙච්චර මුදල් ප්‍රමාණයක් ලක්ෂ 125 ක් වියදම් කරලා මාසෙට රුපියල් 54000/=  වැටුපක් ගන්න කවුද කැමති.  

වසර විස්සක් විතර ගියත් මාසෙකට රුපියල් ලක්ෂයක විතර මූලික වැටුපක් ගන්න ඔබ කැමතිද?

අපරාධයක්  කෝටි ගානක් වියදම් කරන්නේ  ඊට වඩා හොඳයි ලක්ෂ විසි පහක් විතර වියදම් කරා software ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්.

කළු සල්ලි සුදු කරන අයගේ දරුවන්ට නම් මේ ලක්ෂ 125 ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. 

කොහොම වෙතත් වසර හැත්තෑ හතරක් මේ රට පාලනය කරලා මේ රට අන්ත දුප්පත් තත්ත්වයට ඇදලා දාපු තක්කඩි දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා මේ රටේ ඊනියා උගත්තු තමන්ගේ විශ්‍රාම කාලය මුදල් උපයන්න ආත්මාර්ථ කාමි විදිහට මේ රටේ අධ්‍යාපන ක්‍රමය බිඳ දමමින් සිටිනවා. 

හැබැයි ඒවට මේ රටේ ජාතික පාසල් පද්ධතිය තුළ ඉන්න තක්කඩි ගුරු පිරිසකුත් (හැමෝම නෙමෙයි හොඳ ගුරුවරුන්ට මෙය අදාල නොවෙයි) එයට අනුබල දෙමින් පාසලේ දරුවන්ට උගන්වන්නෙ නැහැ. 

දෙමාපියනුත් දරුවනුත් අනාත කරමින් ඔවුන් ජීවත් වෙන්න උත්සාහ කරනවා.

ඔවුන්ගේ ටියුෂන් පන්තියට ආවොත් විතරයි දරුවට සැලකිලි පාසලේ උගන්වන්නෙම නෑ. 

මේ නිසාම ඇතැම් දෙමාපියන් සල්ලි බොහොම අමාරුවෙන් හොයාගෙන අන්තර්ජාතික පාසල් වලට සිසුන් දාන්න පටන් අරගෙන ජාතික පාසල් පද්ධතිය වැහිලා යනවා ජාත්‍යන්තර පාසල් පද්ධතිය විශාල වෙනවා. 

හැබැයි මේවායේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට ලක්ෂ ගණනින් විභාග ගාස්තු වෙනුවෙන් විදේශයන්ට විදේශ විනිමය ඇදී යන බව මේ රටේ කිසිවෙක් පවසන්නේ නෑ ඒක බලවත් ඛේදවාචකයක්.

අපි ශ්‍රී ලාංකික ජාතියක් වුණාට රට ඇතුලේ අධ්‍යාපනම ක්‍රම කිහිපයක් තියෙනවා කොටසක් අන්තර්ජාතික කොටසක් මද්‍රශා සහ අරාබි පාසල් සහ ජාතික පාසල් වශයෙන්. 

මේවායේ ඉගෙන ගන්න කාලරාමුවත් එකිනෙකට වෙනස්. 

බෙදුම් වාදය ආගම් වාදය ඇති නැති පරතරය සියල්ල මේ අධ්‍යාපන ක්‍රමය නිසා ඇතිවෙනවා. 

එක ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියට යාමට මේ රටේ මේ සියලු තත්ත්වයන් වෙනස් විය යුතුයි. 

වෛද්‍ය අධ්‍යාපනය විකිණීම නතර කළ යුතුයි. 

අපි කාරුණිකව මේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හොඳයි කියන හැමෝටම කියන්නේ ඔබතුමන්ලා තුමියන්ලා ගේ පෞද්ගලික අභිමතාර්ථ කෝණයෙන් ඉවත්ව මේ රට දිහා ආදරයෙන් බලන්න ඔබේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් මේ රට විනාශ කරන්න දෙන්න එපා. 

අපි කියන කරුණු සනාථ කරාගන්න හොඳින් ඉන්දියාව ගැන අධ්‍යයනය කරන්න. 

සිංගප්පූරුව ගැන අධ්‍යයනය කරන්න. 

එංගලන්තය ගැන අධ්‍යයනය කරන්න. 

ඕස්ට්‍රේලියාව ගැන අධ්‍යයනය කරන්න. 

රූපවාහිනී  නාලිකා ඉස්සරහට ඇවිල්ලා බොරු කියන්න එපා ඒක ඔබේ තත්වෙට හොඳ මදි. 

ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයේ යෙදී ඉඳලා විශ්‍රාම ගිය සහ දැනට එයට අනුබල දෙන වෛද්‍ය අධ්‍යාපනයේ නිරත මහාචාර්යවරු මහාචාර්යවරියන් ආචාර්ය ආචාර්යවරියන්ගේ අපි කාරුණිකව ඉල්ලීමක් කරනවා. 

ඔබ ඉගෙන ගත්තේ කොහොමද කියලා හිතන්න. 

ඉන්දියාව ලෝක සෞඛ්‍ය දර්ශකවල ඉන්නෙ කොහොමද කියලා හිතන්න. 

ලංකාව හා සසඳන්න. 

ඉන්දියාවෙ හිටපු සෞඛ්‍යය ලේකම්වරිය සෞඛ්‍ය පුද්ගලීකරණය සම්බන්ධයෙන් කියපු දේවල් විමසන්න. 

දේශපාලනඥයන් හැත්තෑ හතර වසරක් විනාශ කරපු මේ රට යන්තම් ආරක්ෂා වෙලා ආපු වෛද්‍ය අධ්‍යාපනය ඔබේ උවමනාකම් මත විනාශ වීමට ඉඩ නොතබන්න. 

එය මේ රටට ඔබ කරන ද්‍රෝහිකමක් බව ඔබට අනාගතයේ වැටහෙනු ඇත.

එයට ඔබේ උගත්කම ඔබ කෙරෙහි මේ රටේ දක්වන මිනිසුන්ගේ සැලකිලිමත්කම විනාශ වීමට ඉඩ නොතබන ලෙස කාරුණිකව ඉල්ලනවා. 

මේ රට ගැන සිතා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වන්න ඔබට වගකීමක් සහ යුතුකමක් තියෙනවා  එවැනි ආදර්ශමත් කෙනෙකු වන්න රටට ද්‍රෝහි නොවන්න. 

වසන්ත අල්විස් 
කැඳවුම්කරු 
මහජන යුතුකම් කේන්ද්‍රය



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.