ඉතාලිය 'භූගත' මුස්ලිම් පල්ලි ගැන කනස්සල්ලට පත්ව සිටින්නේ යැයි ඉතාලි මාධ්‍ය පවසයි

ඉතාලියේ පලවූ ප්‍රවෘත්ති වාර්තාවකට අනුව ඉතාලි ආරක්ෂක සේවා රෝමයේ "නිල නොවන" මුස්ලිම් යාඥා මධ්‍යස්ථාන 53ක් සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි පැවසේ.
ඉතාලියේ අගනුවර වෙත සංක්‍රමණය වන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ යාඥා කිරීමට අවශ්‍ය අවකාශයන් වැඩි වී ඇතැයිද එම වාර්තාව පවසයි. ඒ අනුව ගබඩා, ගරාජ, මහල් නිවාස සහ ගොඩනැගිලිවල බිම් මහල් වල යාඥා මධ්‍යස්ථාන විවෘත වන්නට පටන් ගෙන තිබේ. මෙම යාඥා මධ්‍ය්ස්ථාන වලින් සමහරක් නීතිමය වශයෙන් ගත් කළ නීති විරෝධී වුවද බලධාරීන් ඒවා දෙස නෑසූ කන්ව සිටීමට කටයුතු කරති.
"මෙම සැඟවුණු යාඥා මධ්‍යස්ථාන තුළ රැඩිකල්කරණය සැඟව තිබෙන අතර, බොහෝ විට ශුද්ධ වූ යුද්ධයේ ප්‍රාණ පරිත්‍යාගිකයින් බවට පත් වූ හුදකලා වෘකයන් ඇදහිලිවන්තයන් අතර සැඟවී සිටින ස්ථාන වේ." යනුවෙන් ll Tempo පුවත්පත ඊයේ(19) පැවසීය.
ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවක් උපුටා දක්වමින් පුවත්පත සඳහන් කළේ දශකයකට පෙර නිරීක්ෂණයට ලක්ව වූ භූගත මුස්ලිම් පල්ලි සංඛ්‍යාව 30 කට ආසන්න ප්‍රමානයක් තිබූ බවත් එය මේවන විට දෙගුණයකින් වැඩි වී ඇති බවයි.
රෝමය "ඉස්ලාමයේ අගනුවර" ලෙස විස්තර කළ ll Tempo පුවත් පතට අනුව, ලියාපදිංචි නොකළ මුළු නමස්කාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බවද පෙන්වා දුන්නේය.
කෙසේ වුවද මෙම තත්ත්වය රෝමයට පමණක් සීමා වූ බවක් නොපෙනේ. Fuori dal Coro ප්‍රවෘත්ති වැඩසටහනේ මාධ්‍යවේදීන් මෑතකදී මිලානෝ හි සමහර භූගත මුස්ලිම් පල්ලිවලට රහසිගතව ගොස්, මුස්ලිම් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ, “සංක්‍රමණිකයන් සහ ප්‍රචණ්ඩත්වය, ඉතාලියට වෛර කරන මුස්ලිම්වරු (Immigrants and Violence, The Muslims Who Hate Italy) නම් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළහ.
"රැඩිකල් ඉස්ලාම්වාදියෙකු" ලෙස තමාව හඳුන්වන ලද පුද්ගලයෙකු පැවසුවේ මුස්ලිම්වරුන් "යුදෙව්වන් පන්නා දමනු ඇත" යනුවෙන් කුරානයේ ලියා ඇති බවයි. ඉතාලියේ මිනිසුන් “හොඳ හදවතක් ඇති” නිසා මෙන්ම ඉතාලි ජාතිකයන්ගේ ඇවතුම් පැවතුම් “ඉස්ලාමයට ඉතා සමීප” නිසා මුස්ලිම්වරුන් ඉතාලියෙන් පටන්ගෙන බටහිර රටවල් ඉක්මනින් ජය ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
“පල්ලි දෙස බලන්න, වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙක්, පස් දෙනෙක් මෙතන, පස් දෙනෙක් එතැන,” රැඩිකල් ඉස්ලාම්වාදියා වාර්තාකරුවන්ට පැවසීය.
ඉතාලියේ ස්වදේශික ජනගහණය වයස්ගත වෙමින් පවතී. 2023 දී, ඉතාලි ජාතිකයෙකුගේ මධ්‍යන්‍ය වයස අවුරුදු 47.7 ක් වේ. එලෙසම ඉතාලියේ සමස්ථ සඵල්‍යතා අනුපාතය 1.3 ක අගයක පවතී. ඉතාලිය අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් යුරෝපා සංගමයට ඇතුල්වන සංක්‍රමණිකයන් සඳහා ප්‍රවේශ වීමේ ප්‍රධාන දොරටුවක්ද වී තිබේ. මෙම සංක්‍රමණිකයන් බොහෝ දෙනෙක් මුස්ලිම්වරු බහුතරයක් සිටින රටවල් වලින් පැමිණෙන්නන් වීමද කැපී පෙනේ.
ඉතාලි අගමැති Giorgia Meloni සංක්‍රමණ නවතා දැමීමේ පොරොන්දු මත දේශපාලන උද්ඝෝෂනයක නිරත වූ නමුත් බලයට පත්වූ පසුව සරණාගතයින් ඵලදායී ලෙස දිරිමත් කරන යුරෝපා සංගම් ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැළඳගෙන ඇත.
අප්‍රේල් මස මුලදී, ඉතාලි පොලිසිය විසින් ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් (ISIS-K හෝ ISPK) ත්‍රස්තවාදී කණ්ඩායමේ සැකකරුවෙකු නෙදර්ලන්තයේ සිට ඉතාලිය හරහා යමින් සිටියදී රඳවා ගනු ලැබීය. ටජිකිස්තාන ජාතිකයෙකු වන ඉල්කොමි සයිරක්මන්සෝඩා නැමැති ඔහු යුරෝපා සංගමය තුළ ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීමට සම්බන්ධ සැකකරුවෙකු වන අතර ජාත්‍යන්තර පොලිසියට අවශ්‍යව සිටි අයෙකි.
පසුගිය මාසයේ මොස්කව් නගරයෙන් පිටත ක්‍රොකස් සිටි හෝල් ප්‍රසංග භූමියේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS-K සංවිධානය විසින් භාර ගන්නා ලදී. රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ටජිකිස්තාන ජාතිකයන් වන අතර රුසියානු බලධාරින් මෙවැනි ත්‍රස්ත කටයුතු වලට යුක්රේනයේ සක්‍රිය මැදිහත්වීම් ද නිරීක්ෂණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්