කාදිනල්තුමාගේ මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑවා - රංගෙ බණ්ඩාර කියයි
අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ ඉරණම විසඳීමට භාරදීමට කාදිනල්තුමා මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
"අප්‍රේල් 21 වැනිදා වූ පාස්කු ප්‍රහාරයෙන් 273ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. 500කට වැඩිය තුවාල ලබා අදටත් ඉතා අපහසුවෙන් ජීවිත ගෙවන අයත් ඉන්නවා. මේ මිලේච්ඡ සිදුවීම ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණයක් බව අපි හැමෝම පිළිගන්නවා. මේ ප්‍රහාරයෙන් පස්සේ මැතිවරණ සමය පැමිණියාට පසු ගෝඨා- භය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් සහාය දැක්වීමක් කාදිනල්තුමා විසින් කළ බව වසර ගණනාවකට පසුව එතුමා විසින්ම පොපෝ – ච්චාරණය කර තිබෙනවා. දැන් උන්වහන්සේම ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එතුමා රැවටුණා කියලා.
අත්දැකීමක්, විදේශ සම්බන්ධතාවක් නැති යුද්ධය මොහොතේදිත් රටෙන් පිටවෙලා ගිහින් මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂ – යක් ජනතාවගේ ඉරණම විසඳීමට කාදිනල්තුමා මැදිහත් වුණයි කියන එක ඒ අනුව ඔප්පු වෙනවා. ඒ නිසා සිද්ධ වෙන දේ කුමක්ද? රට අරාජික වුණා. ආර්ථික වශයෙන් ඇදගෙන වැටුණා. කෘෂි – කර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝලිම්වලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න, තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ආරක්ෂක අංශවලට ස්තුති වන්ත වන්න අදටත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත වී තිබෙනවා."
- රෙත්මි පූජනී රත්නායක
- ආරියරත්න ගනේගොඩ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?