ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන අමෙරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය පතුරුවන මහා බොරුවෙන් මිදී යථාර්ථය වටහාගත යුතුයි - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවලින් බොහෝ තොරතුරු වාර්තා කළ ද බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එය පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින් බව රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය පතුරුවන අසත්‍ය තොරතුරුවලින් මිදී මෙහිදී යථාර්ථය වටහාගත යුතු බවයි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවල නොයෙකුත් තොරතුරු පළ වුනා. ඒත් මට පෙනෙන විදිහට බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එම සිදුවීම් පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින්.
අපි හදාගත්තු මානසිකත්වයක් තියෙනවා අමෙරිකාව තමයි ලොකුම කියලා. ඒ වගේම දක්ෂයෝ ඉන්නේ ඊශ්‍රායලයේ කියලා. අපි හදාගත්තු මනෝ ලෝකවල ඉඳලා මේ කාරණේ දිහා බලනකොට අපිට පේන්නේ වෙනස් විදිහකට.
ඉරානය ඊශ්‍රායලයට පහරදීම ඇත්තටම හරි සාර්ථකයි. මොකද ඉරානය ඊශ්‍රායලයේ ගුවන් හමුදා ගුවන්තොටුපළකට මෙම ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිය කඩාගෙන ගිහිල්ලා. එම පහරදීමේ දී ඉරානය යොදාගෙන තියෙනවා බැලැස්ටික් මිසයිල හා හයිපර් සොනික් මිසයිල. හයිපර් සොනික් මිසයිල අමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ නැහැ. අන්න එතනදි තමයි මේ කාරණේ වැදගත් වෙන්නේ.
එහිදී අමෙරිකාව පෙන්නුවා තම සගයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. අද ඊශ්‍රායලය කියනවා අපි ඉරානයට ගැහුවා කියලා. හැබැයි ඉරානය කියනවා අපිට බාහිරින් පහරදීමක් වුනේ නැහැ කියලා. මෙම පහරදීමේ දී ඉරානයට කඩාවැටුනු ඩ්‍රෝන යානා විශ්ලේෂණය කරලා ඉරානය කියනවා මේ ඩ්‍රෝන යානා වැඩිදුරක සිට ආපු යානා නෙවෙයි කියලා. ඔවුන්ට සැකයක් තියෙනවා ඉරානය තුළින්ම එම යානා පැමිණුනා කියලා.
ඊශ්‍රායලයේ ජෙරුසිලම් පෝස්ට් වෙබ් අඩවිය කියනවා අපි මේ පහරදීම භාරගන්නේ නැහැ කියලා. රුසියානු විශ්ලේෂකයන් මේක දකින්නේ නාමමාත්‍රයෙන් මූනිච්චාවට කරපු දෙයක් විදිහට. ඉරානයේ යුද විශ්ලේෂකයන් කියනවා අපිට මේ පහරදීමේ දී හානියක් වුනේ නැහැ කියලා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය කියනවා ඉරානයේ තිබෙන කිසිම න්‍යෂ්ඨික ඉලාගාරයකට මෙම පහරදීමෙන් හානියක් සිදුවෙලා නැහැ කියලා. දැන් අමෙරිකාව කියනවා දෙපිරසම ප්‍රහාර දියත්කරපු නිසා මෙතනින් එහාට මේක ගෙනියන්න අවශ්‍ය නැහැ කියලා.
අමෙරිකාවට මෙහිදී උවමනා වුනා අලුත් මාධ්‍ය ලෝකයක් මවන්න. ඉරානය විසින් ඊශ්‍රායලයට සිදුකළ පහරදීම විසින් ඊශ්‍රායලයත් අමෙරිකාවත් මේ වන විට බයවෙලා ඉන්නේ කියනදේ පැහැදිලියි. ඒ නිසා ඒ අය බයයි මෙම තත්ත්වය ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම ඉරානය සතු යුද බලය පිළිබඳව ඔවුන්ට භීතියක් තියෙනවා.
මෙතනදී අපි වටහාගත යුතු වැදගත්ම දේ තමයි බටහිර මාධ්‍යවලට මුලා වෙලා ඉන්න තාක්කල් අපි ඇත්ත දකින්නේ නැහැ කියන කාරණය. අපේ දේශපාලකයන් හා මාධ්‍ය 70 - 80 දශකවල මානසිකත්වයෙන් තවමත් සිටිමින් ඇත්ත නොදැනගෙන යන ගමනින් අපට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනෙ.
අමෙරිකාව වට්ටන්න බැරි රටක් යන මානසික්වය ඇත්තටම අද යථාර්ථයක් නෙවෙයි. අමෙරිකාව අද වැටිල ඉවරයි. අප්‍රිකානු රටවල් වගේම වෙනිසියුලාව පවා අද අමෙරිකාවට අභියෝග කරන තත්ත්වයකට පත්ව සිටිය දී අපි තවමත් අමෙරිකානු වහලුන් විදිහට ජීවත්වෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ මානසිකත්වයෙන් අපි අත්මිදිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?