මුහුදේ ගිලෙමින් තිබූ නැවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 21ක් ඉරානයෙන් බේරාගනී
කුක් දූපත් ධජය සහිත ඉන්ධන ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකීය නෞකාවක් ඕමාන බොක්කේ මුහුදේ ගිලෙමින් පැවතියදී එහි ගමන් ගත් ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනාම බේරා ගැනීමට ඉරාන බලධාරීන් විසින් පෙරේදා (17දා) පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඕමාන් බොක්කේ පිහිටි ඉරානයට අයත් නගරයක් වන ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් දුරින් (සැතපුම් 30ක් පමණ) මුහුදේ පෙරළී ගිලෙමින් පැවැති අදාළ නම් නොකළ ඉන්ධන නෞකාව අනතුරට පත්ව ඇත්තේ කුණාටුවක් හේතුවෙන් බව ඉරාන ප්‍රවෘත්ති සේවාවන් විසින් වාර්තා කර තිබේ.
ජස්ක් වරාය හා සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂ මොහොමඩ් අමින් අමානිට අනුව ගලවාගැනීමේ යාත්‍රාවක් යවා ගිලෙමින් පවතින අදාළ නෞකාවේ සිටි ශ්‍රී ලාංකීය නැවියන් 21 දෙනා බේරා ගැනීමට පියවර ගෙන තිබේ.
බේරාගනු ලැබූ නැවියන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පස්දෙනකුට ජස්ක් හදිසි සේවා අංශයේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවත් බේරාගත් ශ්‍රී ලාංකීය නැවියන් 21 දෙනාම හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වන බවත් ජස්ක් වරාය හා සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂවරයා පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?