ඉන්දු - අමෙරිකා බලපෑමෙන් මිදීමට සමත් විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි (වීඩියෝ)
ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ දෙරටේ ආර්ථිකය ඒකාබද්ධ කරන උපාංග 6ක් ඇති බවත්, මුදල් ඒකකය, මූල්‍ය පද්ධතිය, රේගුව, බලශක්ති පද්ධතිය හා විදුලි බල පනත හරහා විදුලි පද්ධතිය යන කොටස් මෙසේ ඒකාබද්ධ කිරීමට එකඟවී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියාවේ රෝ සංවිධානයේ විදේශ ප්‍රතිපත්තිය බවට අද පත්ව ඇති 1932 දී සර්ධාර් පණික්කාර්ගේ න්‍යායපත්‍රය මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවද, එමගින් ගිවිසුම් හරහා රටවල් යටත් කරගැනීමේ ක්‍රියාන්විතය ඉන්දියා විසින් මෙරටට ද ක්‍රියාත්මක කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ දෙරණ වාද පිටිය දේශපාලන සංවාදය හා එක් වෙමිනි.
මෙම ආර්ථික ඒකාබද්ධකරණ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීමේ ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක වෙමින් ඇති බවද ඒ මහතා පැහැදිලි කරයි.
මෙරට දේශපාලන පක්ෂ මේ පිළිබඳව කතා නොකරන්නේ මෙරට සිටින තානාපතිවරු ආණ්ඩුව පමණක් නොව දේශපාලන පක්ෂ ද කළමණාකරණය කරමින් සිටින නිසා බවත්, මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් හැසිරෙන්නේ යටත්විජිත ලේකම් ලෙසින් හා ජනාධිපතිවරයා හැසිරෙන්නේ ආණ්ඩුකාරවරයා ලෙසින් බවත් වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.
මෙරට විදේශ ප්‍රතිපත්තිය තෝරනු ලබන්නේ එක් එක් ආණ්ඩු තුළින් පත්වන විදේශ ඇමැතිවරුන්ගේ ප්‍රතිපත්ති අනුව බවද පවසන ඒ මහතා, වර්තමානයේ ජාතියක් ලෙසින් භූගෝලීය පිහිටීම මත මුහුණ දීමට සිදුවී ඇති අර්බුදය කුමන්දැයි මෙරට ජනතාව නිවැරදිව වටහාගත යුතුව ඇති බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?