News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය ඊශ්‍රායලයට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කරන බැවින් සන්සුන්ව සහ සංයමයෙන් යුතුව ක්‍රියා කරන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා - චීන යුද විශේෂඥයන්

Apr 16, 2024 at 07:27 AM
|


ඉරානය ඊශ්‍රායලට එරෙහිව ඊශ්‍රායල භූමියට මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු යුද ආතතිය තවදුරටත් උත්සන්න වීම ස්ම්බන්ධයෙන්  චීනයේ දැඩි කනස්සල්ල පළ කළ අතර ආතතිය වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙස චීනය ඊයේ ගැටුමට මැදිහත්ව ඇති සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය බෝම්බ හෙලීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවැලැක්විය හැකි බව චීන විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් දෙරට අතර ආතතීන් උත්සන්න වීම වැලැක්වීමට නම්, තත්වය තවත් උග්‍ර කළ හැකි සහ ඉරානයට වැඩි හානියක් විය හැකි  ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමෙන් ඊශ්‍රායලය වැළකී සිටීම අත්‍යවශ්‍ය වන බව එම විශේෂඥයෝ පවසති.

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර දියත් කළහොත්, එය පැන නැගී ඇති ආතතීන් තීව්‍ර කර එක්සත් ජනපදය තවත් මැදපෙරදිග අර්බුදයකට ඇද දැමිය හැකි අතර, එය වළක්වා ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරන තත්වයක් තුළ ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ගැනීම එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීමේ උපායමාර්ගික පියවරක් විය හැකි බව විශ්වාස කරන බවද චීන විශේෂඥයෝ පැවසූහ. ගැටුමට  වොෂින්ටනයේ පිටුබලය අඩුවෙමින් පවතින බව පෙනෙන බැවින්, වොෂින්ටනයේ වැඩි සහයෝගයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලය මෙවැනි පියවරකට අවතීර්ණ විය හැකි බවද ඔවුහු මත පළ කරති.

ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින් හත් දෙනෙකුට මරු කැඳවමින් අප්‍රේල් 1 දා ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කළ බවට ටෙහෙරානය චෝදනා කිරීමෙන් පසුව, ඉරානය 13 දා රාත්‍රියේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 200 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල කළ බව වාර්තා වේ.

ඊයේ (14 ) උදෑසන ප්‍රකාශයක් කරමින් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් හුසේන් බකෙරි පැවසුවේ දමස්කස්හි ඉරාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස "Operation True Promise" ලෙස නම් කළ දණ්ඩනීය මෙහෙයුම අවසන් වූ බව ඉරානයේ තස්නිම් පුවත් පවසයි.

"Iron Dome හෝ Zionist රෙජීමයේ මිසයිල ආරක්ෂක පලිහට මෙම මෙහෙයුමට එරෙහිව සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූ බැවින් හොඳින් සිතා බලා උපක්‍රම සහ නිසි සැලසුමක් සහිතව දියත් කළ මෙම මෙහෙයුමේදී සැලකිය යුතු ප්‍රමාණයක් ඩ්‍රෝන යානා, කෲස් සහ බැලස්ටික් මිසයිල භාවිතා කර ඇති බව වාර්තා වේ. "මෙහෙයුමේ අරමුණු ඉටු වී තිබෙනවා." ඉරාන හමුදාවේ ඉහළ අණ දෙන නිලධාරියා පැවසීය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා  ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ සමහර ඉරාන මිසයිල ඊශ්‍රායලය තුළට වැදී හමුදා කඳවුරකට සුළු හානි සිදුවී ඇති බවයි. හගාරි පැවසුවේ ගැහැණු ළමයෙකුට බරපතල තුවාල සිදුවී ඇති නමුත් වෙනත් හානියක් සිදුවී නොමැති බවයි.

නමුත් ඉරාන හමුදා මෙහෙයුම පසුගිය අප්‍රේල් මස පළමු වෙනිදා ඩැමස්කස් හි පිහිටි ඉරානයේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සඳහා ඔත්තු සැපයූ සිරියාව සහ පලස්තීන ප්‍රදේශ අතර මායිමේ පිහිටි ජබල් අල්-ෂෙයික් කඳුකරයේ ප්‍රධාන ඊශ්‍රායල බුද්ධි මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් බව ඉරාන හමුදාපති බකෙරි ප්‍රකාශ කළේය. එලෙසම සිරියාවේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට පහර දීම සඳහා එෆ්-35 ප්‍රහාරක ජෙට් යානා පිටත් වූ ඊශ්‍රායලයේ නෙවාටිම් ගුවන් කඳවුර ද ඉලක්ක කර ඇත. “ "ඊශ්‍රායල ජනතාවට සහ ආර්ථික මධ්‍යස්ථානවලට පහර වැදී නැත,” බකෙරි පැවසීය.

ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (14) ප්‍රකාශ කළේ තම රට ඉරානයේ සෘජු ප්‍රහාරයක් සඳහා වසර ගණනාවක් තිස්සේ සූදානම් වෙමින් සිටි බවත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්ය. "ඊශ්‍රායලය ඉරානයේ සෘජු ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටිනවා. අපගේ ආරක්ෂක පද්ධති සක්‍රිය කර තිබෙනවා; ඕනෑම අවස්ථාවක, ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක යන දෙඅංශයෙන්ම අපි සූදානම්. අපි පැහැදිලි මූලධර්මයක් මත පිහිටා සිටිනවා, කවුරුන් හෝ අපට හානි කළහොත්, අපි ඔවුන්ට පෙරලා හානි කරනවා."

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් සඳහා  කැඳවීමට නියමිත බව එහි වත්මන් සභාපති වැනේසා ෆ්‍රේසියර් ඊයේ (14) සවස ප්‍රකාශ කළේය.

දැනට පවතින තත්ත්වය ගාසා ගැටුමේ නවතම ඉස්මතු වීම බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පසුගිය 14 වනදා ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2728 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී තවදුරටත් ප්‍රමාද නොවිය යුතු බවත් ගැටුම දැන් අවසන් කළ යුතු බවත් අවධාරණය කරමිනි.

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන්, විශේෂයෙන් බලපෑම් සහගත රටවලින්  ඉල්ලා ඇති බවද ප්‍රකාශකයා පැවසීය.

ජෙරුසලමේ වෙසෙන චීන ජාතිකයෙක් ග්ලෝබල් ටයිම්ස් පුවත් පත වෙත පැවසුවේ ඊශ්‍රායල වේලාවෙන් 13 වනදා අලුයම 3 ට පමණ තමන්ට ගුවන් ප්‍රහාර සයිරන් සහ පිපිරුම් හඬ ඇසුණු නමුත් එය දැන් සන්සුන් වී ඇති බවයි. "අපි ඊයේ සුපුරුදු පරිදි ව්‍යාපාර සඳහා විවෘතව සිටි අතර අද(14) අපට කිසිදු දැනුම්දීමක් ලැබී නැහැ."

මැද පෙරදිග ආතතීන් තවදුරටත් තීව්‍ර වී ඇති බැවින් දේශීය ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන ලෙස ඉරානයේ චීන තානාපති කාර්යාලය 14 වෙනිදා ඉරානයේ චීන ජාතිකයින්ට විශේෂ මතක් කිරීමක් කළේය.

විභවයන් උත්සන්න වීම

ඊශ්‍රායලය භූමියට ඩ්‍රෝන යානා දියත් කිරීමෙන් පසුව, ඩමස්කස්හි පිහිටි සිය රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අවසන් කළ බව ටෙහෙරානය දැන් සලකන බව එක්සත් ජාතීන්ගේ ඉරාන මෙහෙයුම ප්‍රකාශ කළ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත වාර්තා කළේය.

චීන හමුදා විශේෂඥයෙකු වන Wei Dongxu ඊයේ(14) ග්ලෝබල් ටෛම්ස් පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවේ ඉරානයේ ප්‍රතිප්‍රහාර මූලික වශයෙන් තමන්ගේම ජනතාවගේ අභිලාශයන්ට ප්‍රතිචාර දක්වන අතරම වත්මන් කැලඹිලි සහිත කලාපීය තත්වය තුළ ශක්තිය සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට යොදාගත් බවයි. කෙසේ වෙතත්, ඉරානය මහා පරිමාණ ගැටුමකට හෝ යුද්ධයකට අවතීර්ණ වීමට කැමති නැති බවද ඔහු  පෙන්වා දුන්නේය.

ඉරානය සිය ප්‍රහාරයෙන් ඊශ්‍රායල පුරවැසියෙකුගේ කිසිදු මරණයක් වාර්තා නොවූ අතර ඊශ්‍රායලයට සිදුව ඇති හානිය සීමාසහිත බැවින් ඉරානය සංයමයෙන් ක්‍රියා කර ඇති අතර, තත්වය තවදුරටත් උත්සන්න වනු ඇත්ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ ඊශ්‍රායලයේ ප්‍රතිචාරය මත බවත් මේ වන විට මැද පෙරදිග උද්ගතව ඇති විශාලතම අවිනිශ්චිතතාවය මෙය බවත් Lanzhou විශ්වවිද්‍යාලයේ තීරය සහ මාර්ගය සඳහා වූ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි විධායක අධ්‍යක්ෂ Zhu Yongbiao ඊයේ (14) ග්ලෝබල් ටෛම්ස් වෙබ් අඩවිය වෙත පැවසීය.

යම් හෙයකින් ඉරානය සහ ඊශ්‍රායලය අතර මිලිටරි ගැටුම උත්සන්න වුවහොත්, වොෂින්ටනය එම තත්වය ඉදිරියට ඇදගෙන යාමට අකමැති වුවද, එක්සත් ජනපදයේ මැදිහත්වීමේ සම්භාවිතාව වැඩි වනු ඇතැයි Zhu Yongbiao විශ්වාස කරන බවද පැවසුවේය.

නම සඳහන් කිරීමට අකමැති වූ  තවත් චීන හමුදා විශේෂඥයෙක් පැවසුවේ ඉරානය බහුවිධ ප්‍රහාර දියත් කිරීමේ හැකියාව තක්සේරු කළ යුතු  අතර වඩාත්ම වැදගත් සාධකය වන්නේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීම බවයි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් ප්‍රතිචාර දක්වන්නේ නම්, ඉරානයට දෙවන සහ තුන්වන වටයේ ප්‍රහාර දියත් කළ හැකි අතරම එමගින් ගැටුම තවදුරටත් තීව්‍ර කළ හැකි බවද විශේෂඥයා පැවසීය.

අමෙරිකානු ජ්නාධිපති ජෝ බයිඩන් පසුගිය 13 වනදා ඉරාන ප්‍රහාර හෙළා දුටු අතර  G7 සංවිධානයේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධීකරණ  ප්‍රතිචාරයක් සඳහා ප්‍රතිඥා දුන්නේය. රොයිටර් පුවත් සේවයට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ කළ දුරකතන සාකච්ඡාවකදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ අයෝමය සහාය නැවත අවධාරණය කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඉරානයට එරෙහි කිසිදු ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයකට එක්සත් ජනපදය සහාය නොදක්වන බව අමෙරිකානු ජ්නාධිපති ජෝ බයිඩන් 13 වනදා සිදු කළ දුරකථන සංවාදයේදි නෙතන්යාහුට ප්‍රකාශ කළ බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඇක්සියෝස් වෙබ් අඩවිය වෙත පැවසීය.

වර්තමාන බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට දක්වන සහයෝගය මෑතක සිට හීන වී ගිය අතර ඊශ්‍රායලය බයිඩන් පරිපාලනය ගැටුමට ගැටගැසීමට උත්සාහ කරන්නේ එහි ප්‍රබල සහයෝගය නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, එක්සත් ජනපද ආකල්පය තරමක් අපැහැදිලි ය. ඉරානය සහ ඊශ්‍රායලය මහා පරිමාණ යුද්ධයක නිරත වුවහොත්, එක්සත් ජනපදය එයට සම්බන්ධ වනු ඇති නමුත් එය "එක්සත් ජනපදය දැකීමට අකමැති දෙයක්" බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපදයේ අකමැත්ත

"යුධ පිටියේ තත්වය වර්ධනය වීම මත එක්සත් ජනපදය වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත." නම සඳන් කිරීමට අකැමති එක්සත් ජනපද කටයුතු පිළිබඳ තවත් විශේෂඥයෙක් 14 වනදා ග්ලොබල් ටෛම්ස් වෙත පැවසීය.

"ඊශ්‍රායලයට මැදපෙරදිග ප්‍රතිවාදීන්ට  දුර්විපාක විරහිතව පහර දිය හැක්කේ ඔවුන්ට එක්සත් ජනපදයේ සහාය ඇති නිසා ය. දැනට, ඊශ්‍රායලය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය වැඩි නම්‍යශීලී බවක් ලබා නොදේ. එහෙත් ඊශ්‍රායලය "ඉව" ආශ්‍රයෙන් මෙහෙයවනු ලබන අතර, සම්මුතියකට කුඩා ඉඩක් පමණක් විවරව ඇත. ඊශ්‍රායලය යුද්ධයෙන් පීඩා විඳිමින් විශාල මිලිටරි පසුබෑමක් අත්පත් කරගන්න මොහොතක එක්සත් ජනපදයට යුද්ධයට දැඩි ලෙස මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ  නැත," විශේෂඥයා පැවසීය.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය මේ වන විට මෙම තත්ත්වය මඟහරවා ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කරමින් සිටින බවත්, ඉරානය සහ ඊශ්‍රායලය අතර මිලිටරි ගැටුම උත්සන්න වීම සහ පාලනය අහිමි වීමක් දැකීමට එක්සත් ජනපදයට අවශ්‍ය නොවන බවත් ෂු පැවසීය.

"ගෝලීය මූලෝපායික දෘෂ්ටිකෝණයට අනුව, එක්සත් ජනපදයට රුසියා-යුක්‍රේන ගැටුමේදී යුක්රේනයට එක්සත් ජනපදයේ ආධාර සැපයීමට මෙන්ම ආසියා-පැසිෆික් කලාපයේ උපායමාර්ගික සැලසුම්වලටද බලපාන බැවින්, මැද පෙරදිග යුද ගැටුම් වෙනුවෙන් බොහෝ සම්පත් කැප කිරීමට එක්සත් ජනපදයට අවශ්‍යතාවයක් නැත." එක්සත් ජනපද යුද කටයුතු සම්බන්ධ විශේෂඥයා පැවසීය.

ඉරානය පසුගිය 13 වනදා ඊශ්‍රායලයට එල්ල කළ  ප්‍රහාරයට පෙර, ඊශ්‍රායලයට පළිගැනීමේ ප්‍රහාරයක් දියත් නොකරන ලෙසට ටෙහෙරානයෙන් ඉල්ලා සිටින ලෙස එක්සත් ජනපදය චීනය , තුර්කිය සහ සවුදි අරාබිය ඇතුළු අනෙකුත් රටවලින් ඉල්ලා සිටි බව ෆිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය  වාර්තා කළේය.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාව ද කියා සිටියේ ටෙහෙරානය සම්බන්ධයෙන් චීනයට ඇති "ලීවරය"  භාවිතා කරන ලෙස බයිඩෙන් පරිපාලනය පසුගිය කාලයේදී චීනයෙන් නැවත නැවතත් ඉල්ලා ඇති නමුත් එක්සත් ජනපද නිලධාරීන් කියා සිටියේ චීනය ඉරානයට පීඩනය එල්ල කිරීමට කිසිවක් කර ඇති බවට සාක්ෂි ඔවුන් දැක නොමැති බවයි.

"වොෂින්ටනය මැද පෙරදිග අර්බුදයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වීමට උත්සාහ කරන අතර චීනය ඉරානය කෙරෙහි යම් බලපෑමක් ඇති බව විශ්වාස කරන බැවින් චීනයට බලපෑම් කිරීමට උත්සාහ කරන එක්සත් ජනපදයේ සහ අනෙකුත් බටහිර රටවල අඩු වියදම් උපක්‍රමය මෙයයි." Zhu Yongbiao පැවසීය.

මැදපෙරදිග තත්ත්වය සමනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය අවංක නම්, එය එක්සත් ජාතීන්ගේ මට්ටමින්ද  අඩක්  චීනය මාර්ගයෙන්ද  තෘප්ත කරගත යුතු අතර එමඟින් අර්බුදයට සම්බන්ධ රටවලට සටන් විරාමයකට එළඹීමට සහ සන්සුන් වීමට වඩාත් බලගතු විසඳුමක් ජනනය කළ යුතුය. එක්සත් ජනපදයේ මිත්‍ර ඊශ්‍රායලයට ඒකපාර්ශ්වික සහයෝගයක් ලබා දෙනවා වෙනුවට ඉහත ක්‍රමය වඩාත් ඵලදායි බව Zhu Yongbiao අවධාරණය කළේය.

China calls on relevant parties to exercise calm and restraint as Iran launched military strike against Israel

Global Times වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඇසුරෙන් සැකසුණි.

සංස්කරණය : ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.