News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය ඊශ්‍රායලයට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කරන බැවින් සන්සුන්ව සහ සංයමයෙන් යුතුව ක්‍රියා කරන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා- චීන යුද විශේෂඥයන්

Apr 15, 2024 at 03:38 PM
|


ඉරානය ඊශ්‍රායලට එරෙහිව ඊශ්‍රායල භූමියට මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු යුද ආතතිය තවදුරටත් උත්සන්න වීම ස්ම්බන්ධයෙන්  චීනයේ දැඩි කනස්සල්ල පළ කළ අතර ආතතිය වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙස චීනය ඊයේ ගැටුමට මැදිහත්ව ඇති සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය බෝම්බ හෙලීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවැලැක්විය හැකි බව චීන විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් දෙරට අතර ආතතීන් උත්සන්න වීම වැලැක්වීමට නම්, තත්වය තවත් උග්‍ර කළ හැකි සහ ඉරානයට වැඩි හානියක් විය හැකි  ප්‍රකෝපකාරී ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමෙන් ඊශ්‍රායලය වැළකී සිටීම අත්‍යවශ්‍ය වන බව එම විශේෂඥයෝ පවසති.

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර දියත් කළහොත්, එය පැන නැගී ඇති ආතතීන් තීව්‍ර කර එක්සත් ජනපදය තවත් මැදපෙරදිග අර්බුදයකට ඇද දැමිය හැකි අතර, එය වළක්වා ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරන තත්වයක් තුළ ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ගැනීම එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීමේ උපායමාර්ගික පියවරක් විය හැකි බව විශ්වාස කරන බවද චීන විශේෂඥයෝ පැවසූහ. ගැටුමට  වොෂින්ටනයේ පිටුබලය අඩුවෙමින් පවතින බව පෙනෙන බැවින්, වොෂින්ටනයේ වැඩි සහයෝගයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලය මෙවැනි පියවරකට අවතීර්ණ විය හැකි බවද ඔවුහු මත පළ කරති.

ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විප්ලවවාදී ආරක්ෂක භටයින් හත් දෙනෙකුට මරු කැඳවමින් අප්‍රේල් 1 දා ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කළ බවට ටෙහෙරානය චෝදනා කිරීමෙන් පසුව, ඉරානය 13 දා රාත්‍රියේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 200 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල කළ බව වාර්තා වේ.

ඊයේ (14 ) උදෑසන ප්‍රකාශයක් කරමින් ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් හුසේන් බකෙරි පැවසුවේ දමස්කස්හි ඉරාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස "Operation True Promise" ලෙස නම් කළ දණ්ඩනීය මෙහෙයුම අවසන් වූ බව ඉරානයේ තස්නිම් පුවත් පවසයි.

"Iron Dome හෝ Zionist රෙජීමයේ මිසයිල ආරක්ෂක පලිහට මෙම මෙහෙයුමට එරෙහිව සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූ බැවින් හොඳින් සිතා බලා උපක්‍රම සහ නිසි සැලසුමක් සහිතව දියත් කළ මෙම මෙහෙයුමේදී සැලකිය යුතු ප්‍රමාණයක් ඩ්‍රෝන යානා, කෲස් සහ බැලස්ටික් මිසයිල භාවිතා කර ඇති බව වාර්තා වේ. "මෙහෙයුමේ අරමුණු ඉටු වී තිබෙනවා." ඉරාන හමුදාවේ ඉහළ අණ දෙන නිලධාරියා පැවසීය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා  ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ සමහර ඉරාන මිසයිල ඊශ්‍රායලය තුළට වැදී හමුදා කඳවුරකට සුළු හානි සිදුවී ඇති බවයි. හගාරි පැවසුවේ ගැහැණු ළමයෙකුට බරපතල තුවාල සිදුවී ඇති නමුත් වෙනත් හානියක් සිදුවී නොමැති බවයි.

නමුත් ඉරාන හමුදා මෙහෙයුම පසුගිය අප්‍රේල් මස පළමු වෙනිදා ඩැමස්කස් හි පිහිටි ඉරානයේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සඳහා ඔත්තු සැපයූ සිරියාව සහ පලස්තීන ප්‍රදේශ අතර මායිමේ පිහිටි ජබල් අල්-ෂෙයික් කඳුකරයේ ප්‍රධාන ඊශ්‍රායල බුද්ධි මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් බව ඉරාන හමුදාපති බකෙරි ප්‍රකාශ කළේය. එලෙසම සිරියාවේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට පහර දීම සඳහා එෆ්-35 ප්‍රහාරක ජෙට් යානා පිටත් වූ ඊශ්‍රායලයේ නෙවාටිම් ගුවන් කඳවුර ද ඉලක්ක කර ඇත. “ "ඊශ්‍රායල ජනතාවට සහ ආර්ථික මධ්‍යස්ථානවලට පහර වැදී නැත,” බකෙරි පැවසීය.

ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (14) ප්‍රකාශ කළේ තම රට ඉරානයේ සෘජු ප්‍රහාරයක් සඳහා වසර ගණනාවක් තිස්සේ සූදානම් වෙමින් සිටි බවත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත්ය. "ඊශ්‍රායලය ඉරානයේ සෘජු ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටිනවා. අපගේ ආරක්ෂක පද්ධති සක්‍රිය කර තිබෙනවා; ඕනෑම අවස්ථාවක, ආරක්‍ෂක සහ ප්‍රහාරාත්මක යන දෙඅංශයෙන්ම අපි සූදානම්. අපි පැහැදිලි මූලධර්මයක් මත පිහිටා සිටිනවා, කවුරුන් හෝ අපට හානි කළහොත්, අපි ඔවුන්ට පෙරලා හානි කරනවා."

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් සඳහා  කැඳවීමට නියමිත බව එහි වත්මන් සභාපති වැනේසා ෆ්‍රේසියර් ඊයේ (14) සවස ප්‍රකාශ කළේය.

දැනට පවතින තත්ත්වය ගාසා ගැටුමේ නවතම ඉස්මතු වීම බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පසුගිය 14 වනදා ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2728 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී තවදුරටත් ප්‍රමාද නොවිය යුතු බවත් ගැටුම දැන් අවසන් කළ යුතු බවත් අවධාරණය කරමිනි.

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන්, විශේෂයෙන් බලපෑම් සහගත රටවලින්  ඉල්ලා ඇති බවද ප්‍රකාශකයා පැවසීය.

ජෙරුසලමේ වෙසෙන චීන ජාතිකයෙක් ග්ලෝබල් ටයිම්ස් පුවත් පත වෙත පැවසුවේ ඊශ්‍රායල වේලාවෙන් 13 වනදා අලුයම 3 ට පමණ තමන්ට ගුවන් ප්‍රහාර සයිරන් සහ පිපිරුම් හඬ ඇසුණු නමුත් එය දැන් සන්සුන් වී ඇති බවයි. "අපි ඊයේ සුපුරුදු පරිදි ව්‍යාපාර සඳහා විවෘතව සිටි අතර අද(14) අපට කිසිදු දැනුම්දීමක් ලැබී නැහැ."

මැද පෙරදිග ආතතීන් තවදුරටත් තීව්‍ර වී ඇති බැවින් දේශීය ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන ලෙස ඉරානයේ චීන තානාපති කාර්යාලය 14 වෙනිදා ඉරානයේ චීන ජාතිකයින්ට විශේෂ මතක් කිරීමක් කළේය.

විභවයන් උත්සන්න වීම

ඊශ්‍රායලය භූමියට ඩ්‍රෝන යානා දියත් කිරීමෙන් පසුව, ඩමස්කස්හි පිහිටි සිය රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම අවසන් කළ බව ටෙහෙරානය දැන් සලකන බව එක්සත් ජාතීන්ගේ ඉරාන මෙහෙයුම ප්‍රකාශ කළ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත වාර්තා කළේය.

චීන හමුදා විශේෂඥයෙකු වන Wei Dongxu ඊයේ(14) ග්ලෝබල් ටෛම්ස් පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවේ ඉරානයේ ප්‍රතිප්‍රහාර මූලික වශයෙන් තමන්ගේම ජනතාවගේ අභිලාශයන්ට ප්‍රතිචාර දක්වන අතරම වත්මන් කැලඹිලි සහිත කලාපීය තත්වය තුළ ශක්තිය සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට යොදාගත් බවයි. කෙසේ වෙතත්, ඉරානය මහා පරිමාණ ගැටුමකට හෝ යුද්ධයකට අවතීර්ණ වීමට කැමති නැති බවද ඔහු  පෙන්වා දුන්නේය.

ඉරානය සිය ප්‍රහාරයෙන් ඊශ්‍රායල පුරවැසියෙකුගේ කිසිදු මරණයක් වාර්තා නොවූ අතර ඊශ්‍රායලයට සිදුව ඇති හානිය සීමාසහිත බැවින් ඉරානය සංයමයෙන් ක්‍රියා කර ඇති අතර, තත්වය තවදුරටත් උත්සන්න වනු ඇත්ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ ඊශ්‍රායලයේ ප්‍රතිචාරය මත බවත් මේ වන විට මැද පෙරදිග උද්ගතව ඇති විශාලතම අවිනිශ්චිතතාවය මෙය බවත් Lanzhou විශ්වවිද්‍යාලයේ තීරය සහ මාර්ගය සඳහා වූ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි විධායක අධ්‍යක්ෂ Zhu Yongbiao ඊයේ (14) ග්ලෝබල් ටෛම්ස් වෙබ් අඩවිය වෙත පැවසීය.

යම් හෙයකින් ඉරානය සහ ඊශ්‍රායලය අතර මිලිටරි ගැටුම උත්සන්න වුවහොත්, වොෂින්ටනය එම තත්වය ඉදිරියට ඇදගෙන යාමට අකමැති වුවද, එක්සත් ජනපදයේ මැදිහත්වීමේ සම්භාවිතාව වැඩි වනු ඇතැයි Zhu Yongbiao විශ්වාස කරන බවද පැවසුවේය.

නම සඳහන් කිරීමට අකමැති වූ  තවත් චීන හමුදා විශේෂඥයෙක් පැවසුවේ ඉරානය බහුවිධ ප්‍රහාර දියත් කිරීමේ හැකියාව තක්සේරු කළ යුතු  අතර වඩාත්ම වැදගත් සාධකය වන්නේ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීම බවයි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් ප්‍රතිචාර දක්වන්නේ නම්, ඉරානයට දෙවන සහ තුන්වන වටයේ ප්‍රහාර දියත් කළ හැකි අතරම එමගින් ගැටුම තවදුරටත් තීව්‍ර කළ හැකි බවද විශේෂඥයා පැවසීය.

අමෙරිකානු ජ්නාධිපති ජෝ බයිඩන් පසුගිය 13 වනදා ඉරාන ප්‍රහාර හෙළා දුටු අතර  G7 සංවිධානයේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධීකරණ  ප්‍රතිචාරයක් සඳහා ප්‍රතිඥා දුන්නේය. රොයිටර් පුවත් සේවයට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ කළ දුරකතන සාකච්ඡාවකදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ අයෝමය සහාය නැවත අවධාරණය කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඉරානයට එරෙහි කිසිදු ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයකට එක්සත් ජනපදය සහාය නොදක්වන බව අමෙරිකානු ජ්නාධිපති ජෝ බයිඩන් 13 වනදා සිදු කළ දුරකථන සංවාදයේදි නෙතන්යාහුට ප්‍රකාශ කළ බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඇක්සියෝස් වෙබ් අඩවිය වෙත පැවසීය.

වර්තමාන බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට දක්වන සහයෝගය මෑතක සිට හීන වී ගිය අතර ඊශ්‍රායලය බයිඩන් පරිපාලනය ගැටුමට ගැටගැසීමට උත්සාහ කරන්නේ එහි ප්‍රබල සහයෝගය නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. කෙසේ වෙතත්, එක්සත් ජනපද ආකල්පය තරමක් අපැහැදිලි ය. ඉරානය සහ ඊශ්‍රායලය මහා පරිමාණ යුද්ධයක නිරත වුවහොත්, එක්සත් ජනපදය එයට සම්බන්ධ වනු ඇති නමුත් එය "එක්සත් ජනපදය දැකීමට අකමැති දෙයක්" බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපදයේ අකමැත්ත

"යුධ පිටියේ තත්වය වර්ධනය වීම මත එක්සත් ජනපදය වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත." නම සඳන් කිරීමට අකැමති එක්සත් ජනපද කටයුතු පිළිබඳ තවත් විශේෂඥයෙක් 14 වනදා ග්ලොබල් ටෛම්ස් වෙත පැවසීය.

"ඊශ්‍රායලයට මැදපෙරදිග ප්‍රතිවාදීන්ට  දුර්විපාක විරහිතව පහර දිය හැක්කේ ඔවුන්ට එක්සත් ජනපදයේ සහාය ඇති නිසා ය. දැනට, ඊශ්‍රායලය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය වැඩි නම්‍යශීලී බවක් ලබා නොදේ. එහෙත් ඊශ්‍රායලය "ඉව" ආශ්‍රයෙන් මෙහෙයවනු ලබන අතර, සම්මුතියකට කුඩා ඉඩක් පමණක් විවරව ඇත. ඊශ්‍රායලය යුද්ධයෙන් පීඩා විඳිමින් විශාල මිලිටරි පසුබෑමක් අත්පත් කරගන්න මොහොතක එක්සත් ජනපදයට යුද්ධයට දැඩි ලෙස මැදිහත් වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ  නැත," විශේෂඥයා පැවසීය.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය මේ වන විට මෙම තත්ත්වය මඟහරවා ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කරමින් සිටින බවත්, ඉරානය සහ ඊශ්‍රායලය අතර මිලිටරි ගැටුම උත්සන්න වීම සහ පාලනය අහිමි වීමක් දැකීමට එක්සත් ජනපදයට අවශ්‍ය නොවන බවත් ෂු පැවසීය.

"ගෝලීය මූලෝපායික දෘෂ්ටිකෝණයට අනුව, එක්සත් ජනපදයට රුසියා-යුක්‍රේන ගැටුමේදී යුක්රේනයට එක්සත් ජනපදයේ ආධාර සැපයීමට මෙන්ම ආසියා-පැසිෆික් කලාපයේ උපායමාර්ගික සැලසුම්වලටද බලපාන බැවින්, මැද පෙරදිග යුද ගැටුම් වෙනුවෙන් බොහෝ සම්පත් කැප කිරීමට එක්සත් ජනපදයට අවශ්‍යතාවයක් නැත." එක්සත් ජනපද යුද කටයුතු සම්බන්ධ විශේෂඥයා පැවසීය.

ඉරානය පසුගිය 13 වනදා ඊශ්‍රායලයට එල්ල කළ  ප්‍රහාරයට පෙර, ඊශ්‍රායලයට පළිගැනීමේ ප්‍රහාරයක් දියත් නොකරන ලෙසට ටෙහෙරානයෙන් ඉල්ලා සිටින ලෙස එක්සත් ජනපදය චීනය , තුර්කිය සහ සවුදි අරාබිය ඇතුළු අනෙකුත් රටවලින් ඉල්ලා සිටි බව ෆිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය  වාර්තා කළේය.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාව ද කියා සිටියේ ටෙහෙරානය සම්බන්ධයෙන් චීනයට ඇති "ලීවරය"  භාවිතා කරන ලෙස බයිඩෙන් පරිපාලනය පසුගිය කාලයේදී චීනයෙන් නැවත නැවතත් ඉල්ලා ඇති නමුත් එක්සත් ජනපද නිලධාරීන් කියා සිටියේ චීනය ඉරානයට පීඩනය එල්ල කිරීමට කිසිවක් කර ඇති බවට සාක්ෂි ඔවුන් දැක නොමැති බවයි.

"වොෂින්ටනය මැද පෙරදිග අර්බුදයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවත් වීමට උත්සාහ කරන අතර චීනය ඉරානය කෙරෙහි යම් බලපෑමක් ඇති බව විශ්වාස කරන බැවින් චීනයට බලපෑම් කිරීමට උත්සාහ කරන එක්සත් ජනපදයේ සහ අනෙකුත් බටහිර රටවල අඩු වියදම් උපක්‍රමය මෙයයි." Zhu Yongbiao පැවසීය.

මැදපෙරදිග තත්ත්වය සමනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය අවංක නම්, එය එක්සත් ජාතීන්ගේ මට්ටමින්ද  අඩක්  චීනය මාර්ගයෙන්ද  තෘප්ත කරගත යුතු අතර එමඟින් අර්බුදයට සම්බන්ධ රටවලට සටන් විරාමයකට එළඹීමට සහ සන්සුන් වීමට වඩාත් බලගතු විසඳුමක් ජනනය කළ යුතුය. එක්සත් ජනපදයේ මිත්‍ර ඊශ්‍රායලයට ඒකපාර්ශ්වික සහයෝගයක් ලබා දෙනවා වෙනුවට ඉහත ක්‍රමය වඩාත් ඵලදායි බව Zhu Yongbiao අවධාරණය කළේය.

China calls on relevant parties to exercise calm and restraint as Iran launched military strike against Israel

Global Times වෙබ් අඩවියේ පළවූ වාර්තාවක් ඇසුරෙන් සැකසුණි.

සංස්කරණය : ජීවන්ත ජයතිස්ස


සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.