බයිඩන් නෙතන්යාහු සාකච්ඡාවෙන් පසු ඉරානයට එරෙහිව එකට එක කිරීමේ පිළිවෙත ඊශ්‍රායාලය අකුලා ගනී - නිව්යෝක් ටයිම්ස්
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු 13 දා රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ පැවැති දුරකථන සංවාදයෙන් පසුව ඉරානයට එරෙහිව ක්ෂණික ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ සැලැස්ම අවලංගු කළ බව ඊශ්‍රායල නිලධාරීන් තමන් වෙත පවසා ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත පවසයි.
නම් සඳහන් නොකළ නිලධාරින් දෙදෙනෙකු ලබා දුන් තොරතුරු වලට අනුව, නෙතන්යාහුගේ යුද කැබිනට්ටුව 13 දා සවස ඉරානය විසින් එල්ල කරන ලද දැවැන්ත ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයට දැක්විය යුතු ප්‍රතිචාර ලැයිස්තුවක් ඔහුට ඉදිරිපත් කර ඇත. කැබිනට් මණ්ඩලයේ සමහර සාමාජිකයින් වහාම ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රතිචාර දැක්විය යුතු යැයි ඉල්ලා සිටි බව වාර්තා විය. කෙසේ වුවද නෙතන්යාහු අවසානයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඔහුගේ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුගමනය නොකිරීමට තීරණය කළ බවද නිව්යෝක් ටෛම්ස් පුවත් පත පවසයි.
ජෝ බයිඩන් නෙතන්යාහු සමඟ කළ සංවාදයේ සම්පූර්ණ තොරතුරු ධවල මන්දිරය විසින් හෙළි නොකිරීමට වග බලාගෙන තිබුණි. කෙසේ වෙතත්, ඊයේ(14) "ඇක්සියෝස් " පුවත් පතේ පලවූ වාර්තාවකට අනුව, ඉරානය සමඟ ඇතිවූ නවතම අවි ගැටුමේදී ඊශ්‍රායලය අත්‍යවශ්‍යයෙන්ම ජයගත් බව ජෝ බයිඩන් නෙතන්යාහුට පැවසූ අතර “ජයග්‍රහණය” භාර ගන්නා ලෙසද ඔහුට උපදෙස් දුන්නේය. ඊශ්‍රායලයේ කිසිදු පළිගැනීමේ ක්‍රියාවකට වොෂින්ටනයේ සහාය නොලැබෙන බව දුරකතන සංවාදය අතරතුර පැහැදිලි වූ බව නිව්යෝක් ටෛම්ස් පුවත් පත පවසයි.
ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නෙතන්යාහුගේ යුද කැබිනට්ටුව ඉරිදා පස්වරුවේ රැස්වූ අතර, ඉරානයේ ඉහල හමුදා අණදෙන නිලධාරියා ප්‍රකාශ කළේ “සියොන් රාජ්‍ය” ප්‍රමාණවත් ලෙස “දඬුවම්” ලබා දී ඇති බවත්, ඊශ්‍රායලය යළිත් පහර දෙන්නේ නම් මිස ටෙහෙරානය තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග නොගන්නා බවත්ය.
ඉරානය 13 වනදා ඊශ්‍රායලයට මිසයිල සහ කමිකේස් ඩ්‍රෝන යොදා ගනිමින් ප්‍රහාරක රැළි කිහිපයක් දියත් කළ අතර ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කළේ අවම වශයෙන් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර 300 ක් මගින් ප්‍රහාර එල්ල වූ බවයි. ඊශ්‍රායල භූමියට පැමිණි ඩ්‍රෝන යානා සහ මිසයිල වලින් 99% ක් බිම හෙළා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන අතර, වීඩියෝ දර්ශන ඊශ්‍රායල භූමියට බොහෝ බලපෑම් සිදු කළ බව පෙන්නුම් කළේය.
ඉරාන නිලධාරීහු මෙම ප්‍රහාරයෙන් “අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සාර්ථක” බව අවධාරණය කළ අතර ඊශ්‍රායල කඳවුරු දෙකක් විනාශ කර ඇති බවද ප්‍රකාශ කළහ. ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථානයකට සුළු හානියක් සිදුව ඇති බව පමණක් පිළිගත්තේය.
සිරියාවේ ඩමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාලයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී සති දෙකකට පසුව මෙම ප්‍රහාරය එල්ල විය. එම ප්‍රහාරය හේතුවෙන් ඉහළ පෙළේ ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ කුඩ්ස් බලකායේ නිලධාරීන් හත් දෙනෙකු මිය ගියහ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සතියකට වැඩි කාලයක් ඊශ්‍රායලයට “මුහුණටම පහරක්” එල්ලවන බවට අනතුරු ඇඟවීමත් සමඟ ටෙහෙරානය ඔවුන්ගේ ප්‍රතිචාරය විදුලි පණිවුඩයක් මගින් දැනුම් දුන්නේය.
Netanyahu called off retaliation strikes after speaking to Biden – NYT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්