News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය තීරාණාත්මක ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත පහර දෙයි

Apr 14, 2024 at 10:38 AM
|

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්‍රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.

සිරියාවේ අගනුවර වන ඩමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළුව, බටහිර ජෙරුසලම විසින් සිදු කරන ලද "බොහෝ අපරාධ" ලෙස ටෙහෙරානය නම් කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසයි. අප්‍රේල් 1 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළුව IRGC හි කඩ්ස් බලකායේ නිලධාරීන් හත් දෙනෙක් මිය ගියහ.

මේ අතර ඉස්ලාමීය ජනරජයේ ප්‍රහාරයට ඩ්‍රෝන යානා 100කට වඩා සම්බන්ධ වූ බව ඊශ්‍රායල සහ බටහිර මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ තමන් ඊශ්‍රායල භූමිය වෙත පැමිණෙන මිනිසුන් රහිත ගුවන් යානා ලුහුබැඳ ගිය බවත් මිත්‍ර හමුදාවන්ගේ සහාය ඇතිව  ඒවා ගුවනේදී විනාශ කළ බවත්ය.

ඉරාන මාධ්‍ය විසින් ඊශ්‍රායලයේ ඔවුන්ගේ ඉලක්ක වෙත මිසයිල එල්ල වූ අවස්ථා දැක්වෙන කෙටි වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍යවල පළ කර ඇත. එයින් එකක් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ නෙගෙව් කාන්තාරයේ ජනාවාසයක් ආශ්‍රිතව බව කියනු ලැබේ.

ඊශ්‍රායල ජනාවාසයක ඉලක්ක වෙත පහර දෙන මිසයිල කිහිපයක  වීඩියෝ දර්ශනද සමාජ ජාලා වල සංසරණය වේ.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් තහවුරු කර ඇත්තේ ඉරාන ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස එක් හමුදා කඳවුරකට "සුළු" හානියක් පමණක සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් මේ වන විට තුවාල ලැබූ එකම පුද්ගලයා දකුණු ඊශ්‍රායලයේ 10 හැවිරිදි දරුවෙකි.

 ඉරාන ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට , ඉරානයේ අවශ්‍යතාවලට හානි වන පරිදි  ඊශ්‍රායලයට සපයන ඕනෑම සහයෝගයක් “තීරණාත්මක ප්‍රතිචාරයක්” ලබා දෙන බවට අනතුරු ඇඟවීය. බටහිර ජෙරුසලමේ “නපුරු ක්‍රියා සඳහා වොෂින්ටනය වගකිව යුතු” බව ටෙහෙරානය සලකයි. ඉරාන ඉස්ලාමීය ජනරජයට ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට උදව් කිරීමට සම්බන්ධයෙන් තම අසල්වැසියන්ට අනතුරු ඇඟවීය.

ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ බටහිර ජෙරුසලම ඉරාන ප්‍රහාරයට දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊශ්‍රායලයේ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය Miki Zohar ද ප්‍රකාශ කළේ බටහිර ජෙරුසලමට “පෙර නොවූ විරූ බලයකින් ඉරානයට පහර දීම සඳහා 13 දා රාත්‍රියේ පුළුල් ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයක් ලැබී ඇති” බවයි.

Iran struck ‘important’ Israeli military targets

සම්බන්ධිත පුවත් | Related News

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් ප්‍රවාහනය කරන නෞකාවකට අමෙරිකානු හමුදාව හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල බෞද්ධ උරුමයන් සහ විහාරස්ථාන මුහුණ දෙන අවාසනාවන්ත ඉරණමට සමාන බියකරු තත්ත්වයක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්ද වාර්තා වේ.
රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසකට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලෙබනනයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සැලකිල්ලට ගනිමින්, මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමග පවත්වාගෙන ගිය සියලුම පණිවිඩ හුවමාරු කටයුතු අත්හිටුවීමට ඉරානය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙමින්, පාකිස්ථාන රජය විසින් ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජපානය සහ පිලිපීනය එක්ව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “එම රටවල් දෙක අතර විශේෂ ආර්ථික කලාපය (EEZ) සහ මහද්වීපික තට්ටුවට අදාළ සමුද්‍රීය සීමා නිර්ණය සඳහා විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර ඇති” බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං අද පැවසුවාය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.