News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල වෛද්‍ය පීඨයට පෞද්ගලික උපාධි අපේක්ෂකයන්ට ඉඩ දීමට පෙර මේ ගැනත් සිතන්න

Apr 11, 2024 at 06:56 AM
|

කොතලාවල වෛද්‍ය පීඨයට පෞද්ගලික උපාධි අපේක්ෂකයන්ට ඉඩ දීමට පෙර මේ කරුණු ගැන  සිතිය යුතුව ඇත. 

මේ රටේ අධ්‍යාපන ක්‍රම කිහිපයක් ඇත. 

ඒ ජාතික පාසල් ජාත්‍යන්තර පාසල් මද්‍රසා පාසල් අරාබි පාසල්  වශයෙන්.

මේවායෙන්  ළමුන් උසස් අධ්‍යාපනය සඳහා පිටවනුයේ විවිධ කාල වකවානු වලය. 

ජාත්‍යන්තර පාසල්වල උසස් පෙළ සාමාන්‍ය පෙළ සියලු විභාග සඳහා මෙරට ජාතික  විදේශ විනිමය ලක්ෂ ගණනින් එක් සිසුවෙක් සඳහා වැය වන අතර උසස් අධ්‍යාපනය සඳහා ද විශාල මුදලක් විදේශයන් වෙත යවනු ලබයි. 

ඇතමෙක් එසේ කරනු ලබන්නේ විදේශයක රැකියාව සහ ස්ථිර නේවාසික පහසුකම් ලබාගැනීම වෙනුවෙන්ය. 

එහෙත් ඒ වැය වන විදේශ විනිමය නැවත රටට ලැබෙන්නේ නැත. 

මද්‍රසා පාසල් අරාබි පාසල් ජාත්‍යන්තර පාසල් වල උගන්වනු ලබන විෂය ධාරා එකිනෙකට වෙනස්ය. 

මෙරට බෙදුම්වාදය ඇති කිරීමට එය හේතුවක් වේ. 

ඉහත එක කාරණයකි. 

දෙවැනි කරුණ වන්නේ රජයේ පාසලක දේශීය විෂය නිර්දේශය හදාරන සිසුන් විශ්ව විද්‍යාලයට හෝ වෛද්‍ය පීඨයට යන්නේ වයස අවුරුදු විසිඑක පමණ වන විටය. 

එහෙත් අන්තර්ජාතික පාසලක ළමුන් උසස් පෙළ හදාරා වයස අවුරුදු 16 පමණ වන විට  මෙරට හෝ පිටරට විශ්ව විද්‍යාල පෞද්ගලික ආයතන වෙත ඇතුළත් වනු ලබයි. 

කොතලාවල වෛද්‍ය උපාධියට අදාළ අන්තර් ජාතික පාසල්වල සිසුන් ඇතුළත් කරගතහොත් වයස අවුරුදු පහක වෙනසක් ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන්ට මුදල් නිසා ඇති වන්නේය. 

එය සමාජ අසාධාරණයට මුල් වුන ගැටුමට මුල්වන හේතුවකි. 

එසේම එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය පවා උල්ලංඝනය කරයි. 

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් හතළිස් දහසක පමණ හිඟයක් ඇති බව රජයේ පාර්ශ්වම ප්‍රකාශ කරයි. 

එසේම රජයේ වෛද්‍ය පීඨවල ද විශාල ගුරු හිඟයක් ඇති අතර එය පියවීමට වසර පහක් හයක් පමණ කාලයක් ගත විය හැක. 

එබැවින් කොතලාවලට ගුරුවරුන් ඉබේ පාත් වන්නේ ද නැත. 

එසේම රටේ උගත්ම පිරිස ඇතුළත් වන දැනට රජයේ වෛද්‍ය පීඨ හතරක විශාල මානව සම්පත් සහ භෞතික සම්පත් විශාල හිඟතාවයක් සහ අඩුපාඩු රාශියක් ඇත. 

පළමුව ඒවා විසඳිය යුතුව ඇත. 

එබැවින් සුදුස්සාට සුදුසු තැන මිස මුදල් වලට සුදුසු තැන ලබාදිය යුතු නැත.  

ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය දර්ශකවල  41 වෙන ස්ථානයේ සිටින අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති ඉන්දියාව සිටින්නේ  112 වෙන ස්ථානයේය. 

එහෙත් ලෝකයේ දියුණුම සෞඛ්‍ය පද්ධතියක් ඇති සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත. 

සිංගප්පූරුව  එරටේ වෛද්‍ය හිඟය සඳහා කොළඹ වෛද්‍ය පීඨයන් පිටවන වෛද්‍යවරුන් තම රටේ සේවය සඳහා බඳවා ගනු ලබයි. 

එතරම් පහසුකම් ඇති සිංගප්පූරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් දමා තම රටේ සෞඛ්‍ය ගොඩනගා ගත හැකිව තිබුණත් එසේ නොකරන්නේ ඇයි ද යන්න මේ රටේ පෞද්ගලික ආයතන ඕනෑ යයි සිතන දේශපාලකයන් ඇතුළු සියලු දෙනා කල්පනා කළ යුතු කරුණකි.

ඊළඟ ප්‍රධානම කරුණ වන්නේ මේ රටේ සීමාවාසික වෛද්‍යවරයකුට අදටත් වැටුප් ලෙස ගෙවනු ලබන්නේ රුපියල් හැටදහසකට ආසන්න මුදලකි. 

එසේම වයස අවුරුදු විස්සක් පමණ සේවයේ නිරත ශ්‍රේණිගත වෛද්‍යවරයෙකුට පවා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක්  උපයා ගත හැකි අතර එය ලෝකයේ අනිකුත් රටවල් හා සසඳීමේදී ඉතා අඩුම වැටුපකි. 

එබැවින් ඉහළ වැටුප් සොයා මෙරට වෛද්‍යවරුන් පිටරට යෑම  එයට කදිම උදාහරණයකි. 

එසේම මෑතක සිට විදේශයන් වෙත කොතරම් දැන්වීම් දැමුවත් වෛද්‍ය උපාධිය සඳහා යන පිරිස අවම වී ඇත. 

එවන් පසුබිමක මෙරට තුළ හෝ කෝටි ගණනක මුදලක් වියදම් කරමින් ඉතා අඩු වැටුපකට  සේවය කිරීමට මිනිසුන් පෙළඹෙද යන්න බරපතල ගැටළුවකි මක් නිසාදයත් එම කෝටි ගණනක මුදල් උපයා ගැනීමට වසර විස්සක් තිහක් පමණ තම දහඩිය ශ්‍රමය කාලය පවුල සමඟ ජීවත්වන කාලය කැප කළ යුතුව ඇත. 

එහෙත් මෙරට ජාතික ධනය සොරකම් කරන වෙනත් අයථා ක්‍රමවලින් මුදල් හම්බු කරන අයට තම කළු සල්ලි සුදු කර ගැනීමට  එය අවස්ථාවක් විය හැක. 

වෛද්‍යවරයා යනු කුල මල ධන බල ජාති ආගම් භේදයෙන් තොරව සියලු රෝගීන්ට එක සේ සැලකිය යුතු  කෙනෙක් මිස විවිධ වාර්ගික ආගමික සහ ජාතිවාදී  සහ ධන බලයෙන් ඔලුව පුරවා ගත් අයවලුන් නොවිය යුතුව ඇත. 

එසේම අපේ රටට කොතරම් වෛද්‍යවරුන් ප්‍රමාණයක් අනාගතයේදී සිටිය යුතුද ඒ වෙනුවෙන් වෛද්‍ය පීඨ සැකසිය යුතුද යන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුව ඇත. 

එසේ නොකොට හතු පිපෙන්නාක් මෙන් කටයුතු කළ යුතු නැත. 

වෛද්‍ය උපාධියට විදේශයන්  වෙත  යන මුදල මෙන් සිය දහස් ගුණයක් අන්තර්ජාතික සහ අනිකුත් ජාත්‍යන්තර පාසල් වල විභාග සඳහා විදේශයන් වෙත ඇදී යන ක්‍රමවේදය  නැවැත්වීමට කතා නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. 

රටේ සියලුම දරුවන්ට කුමන පාසලක හෝ එකම කාල රාමුවක එකම විෂය නිර්දේශයක් උගන්වීමට හැකියාවක් නැත්තේ ඇයි  සහ එසේ විසඳීමට කටයුතු නොකරන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි.

වෛද්‍ය වෘත්තිය ගරු කටයුතු වෘත්තියකි මෙරටේ බහුතරයක් වෛද්‍යවරුන් එයට ගරු කරමින් විෂමාචාර ක්‍රියාවල නිරත නොවී කටයුතු කරන පිරිසකි.

එහෙත් මෑතක අපේ රටේ ඇතැම් පෞද්ගලික රෝහල්වල වකුගඩු ජාවාරම් සිදුවූ බව රටට රහසක් නොවේ. 

අපේ රටේ වෛද්‍ය වරුන්ට ලෝකයට සාපේක්ෂව අවම වැටුපක් හිමිවෙද්දී කෝටි ගණනක් වියදම් කරමින් මෙවැනි වෘත්තියකට එන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. 

එම වියදම් කරන ලද මුදල් සොයා ගන්නේ ඉන්දියාවේ මෙන් අවයවජාවාරම් වෙනත් විසමාචාර ක්‍රියා මගින් ද  යන්න සෙවීමට අනාගතයේ කමිටු දහස් ගණනක් පරීක්ෂණ දහස් ගණනක් සිදු කරන්නට සිදුවනු ඇත. 

සෑම දේම විකිණීමට ප්‍රථම එහි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ආරක්ෂා කිරීම රටේ අනාගත අභිවෘද්ධියට රුකුලකි. 

සිංගප්පූරුව එසේ කර ඇත.  එහි පෞද්ගලික හෝ මුදලට උපාධිය විකුණන රජයේ වෛද්‍ය පීඨ නැත. 

ශ්‍රී ලංකාව ඉන්දියාව වෙනවාද එසේ නැත්නම් සිංගප්පූරුව වෙනවාද යන්න සිතා බැලිය යුතුව ඇත.

එසේම රට නැවත ආගාධයකට තල්ලු කිරීමට කටයුතු කරන සියලුම පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ පාලන ක්‍රමයෙන් බැහැර කිරීමට අතීතයේ මෙන් වර්තමානයේද මේ රටේ ජනතාව  පසුබට නොවනු ඇත. 

මේ පාලකයන් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැත. 

- මහජන යුතුකම් කේන්ද්‍රය - 

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.