ජර්මානු පොලිස් නිලධාරීන් කලිසම් නොමැතිව විරෝධය දක්වති (video )

ජර්මානු පොලිස් සංගමයේ (DPolG) ඹවරිඅන් අංශය නිල ඇඳුම් හිඟයක් සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කිරීමට කලිසම් නොමැතිව නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබේ.
පසුගිය 01 දා සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන පෙලක් මගින්, ජර්මානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ මුර සංචාර මෝටර් රථයෙන් බැස කෙටි සංවාදයක් පවත්වනු ලබති. "ඉතින්, ඔබ කොපමණ කාලයක් බලා සිටියාද?" එවිට එක් අයෙකු මාස හතරක් ලෙස්ත් අනෙක් නිලධාරියා මාස හයක් ලෙසත් පවසයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා සිය බී.එම්.ඩබ්ලිව් මුර සංචරණ රථයෙන් බිමට බහින්නේ කලිසම් නැති බව පෙන්වමිනි.
වීඩියෝව අප්‍රේල් මෝඩයාගේ දිනයේ නිකුත් කළද, එය විහිළුවක් නොව, දැඩි නිල ඇඳුම් හිඟය කෙරෙහි අවධානය යොමු කිරීමට ගත් උත්සාහයක් බව වීඩියෝවේ පෙනී සිටින DPolG හි Bavarian ශාඛාවේ සභාපති Jurgen Kohnlein පැහැදිලි කළේය.
“අපගේ සගයන් තවදුරටත් වැදගත් ලෙස පිටතට යා නොහැකි තැනට පත් වී තිබෙනවා - වෙනත් වචන වලින් කියන්නේ නම් විනීත නිල ඇඳුමක් ඇඳගෙන රාජකාරි කළ නොහැකි තත්වයට පත්වී තිබෙනවා,” ඔහු පැවසීය.
ඔහුට අනුව, Bavarian පොලිස් නිලධාරීන් COVID-19 වසංගතය පැවැති සමයේ සිට සැපයුම් දාම අවහිරවීම හේතුවෙන් නිල ඇඳුම් හිඟය සමඟ කටයුතු කර ඇත.
"බැවේරියාවේ පොලිසිය 'නිරුවත්ව" සිටින අතර එහි අර්ථය නම් කලිසම් නොමැතිව සිටගෙන සිටිනවා ලෙස සැලකිය හැකියි." Kohnlein පැවසුවේ, හිස් වැසුම් ජැකට් සහ කලිසම් ඇතුළු විවිධ භාණ්ඩ 20කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් බලා සිටීමේ කාලය මාස කිහිපයක් දක්වා ගත විය හැකි බව අවධාරණය කරමිනි. බොහෝ අවස්ථාවල නිලධාරීන්ට තමා සතු නිල ඇඳුම් වල අවසන් කලිසමෙන් වැඩ කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
2020 වසරේ සිට සංගමය, නිල ඇඳුම්වල ගුණාත්මක භාවයේ අඩුපාඩු ගැන කතා කරන්නේ නැති වුවද නිල ඇඳුම් ලබා ගැනීමේ හිඟයක් ගැන දිගින් දිගටම අවධාරණය කරමින්, අමතර වියදම් වුවද, ගැටලුව වහාම විසඳන ලෙස ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
නිල ඇඳුම් ගැටලු සම්බන්ධයෙන් පොලිස් සංගමය ප්‍රසිද්ධියේ පැමිණිලි කළ පළමු අවස්ථාව මෙය නොවේ. ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, 2020 දී, බැවේරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අඩු ගුණාත්මක හා නොගැලපෙන නිල ඇඳුම් පිළිබඳ පැමිණිලි සිය ගණනක් ලියාපදිංචි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්