News Category
From Date
To Date
Maximum Number of Result

අගමැති දිනේෂ්ට, චීන ජනපති අතීතය මතක්කර දෙයි

Mar 30, 2024 at 05:58 PM
|

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණ ආරාධනාවක් අනුවය. ඉරිදා(24) එහි ගිය අගමැති චීන ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය ලී චියැං සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු රැසක් හමුවූහ. එරට කතානායකවරයාද දිනේෂ්ව හමුවිය.දෙරට අතර ගිවිසුම් 9ක් අත්සන් තැබුවේද ඒ අතරතුරය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ(CPC)හි ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leiji මහතාද මුණගැසී සාකච්ඡා කළ දිනේෂ්, Beijing හි Tiananmen චතුරස්‍රයට පැමිණ දිවිපිදූ රණවිරුවන්ට, රණවිරු ස්මාරකයේදී පුෂ්පෝපහාර දැක්විය. ඔහු පළමුවෙන් ම කළේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, ශ්‍රී ලාංකේය වෘත්තිකයන් හමුවීමය.

“වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගී වෙලා මව්බිමට සම්පතක් වෙන්න, මේ වෙලාවේ ඒක අත්‍යවශ්‍යයි” දිනේෂ් ඉල්ලා සිටියේය.

බිජිං අගනුවර සිංහ ධජ සාගරයක් සේ දක්නට ලැබුණේ චීනයේ සියලු ප්‍රධාන නායකයන්, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් වෙනුවෙන් හමුවීම් සංවිධාන කර තිබූ නිසාය. චීන අගමැති Li Qiang, දිනේෂ්ව මහජන චීනයට පිළිගත්තේ විශේෂ උත්සවයක් පවත්වමිනි. ඔවුන්ට දිනේෂ් සමග විශේෂ බැඳියාවක් තිබිණි.

“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” චීන අග්‍රාමාත්‍ය Li Qiang, කීවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡා අතරතුරය.

අතිශය වැදගත් වූයේ චීන ජනාධිපති ෂී ජින්පින් සමග පැවති සාකච්ඡාවයි. ෂී ජින්පින් සහ දිනේෂ් අතර සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවැත්විණි. ඒ, බීජිං අගනුවර මහජන චීන නිල මහා ශාලාව හෙවත් Great Hall හිදී ය.

“ශතවර්ෂයකට ආසන්න කාලයක්, පිලිප් ගුණවර්ධන සහෝදරයා සහ පවුලේ උදවිය චීනයේ ඉතා සමීපතම මිතුරන් ලෙස අපි සලකනවා. ඔබේ පැමිණිම දීර්ඝකාලීන මිත්‍රයෙක් හමුවුණා හා සමානයි. ඒ නිසා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට විශේෂ සහයෝගයක් අපි ලබා දෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කිවේ මහත් ලෙංගතුකමකිනි. පිලිප්ගේ මුණුපුරා වන, දිනේෂ්ගේ පුත් පා.ම.යදාමිණි ගුණවර්ධනද ඒ අවස්ථාවේ එහි සිටියේය. රාජ්‍ය අමාත්‍යවරු වන ෂෙහාන් සේමසිංහ හා අශෝක ප්‍රියන්තද මෙම සංචාරයට අගමැති සමග එක්වූහ.

චීන ජනපති එසේ සිහිපත් කළේ, පිලිප් ගුණවර්ධනයන් සහ කුසුමා ගුණවර්ධන ගැනය. ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය(1950දී) වන්නේ දිනේෂ්ගේ මව,කුසුමා ගුණවර්ධනයි. 1956 පෙරළියට පෙර 1951දී පිලිප් චීනයට ගියේ, චීන විප්ලවයෙන් පසු එරටට ගිය පළමු ශ්‍රී ලංකේය කණ්ඩායම ලෙසය. නොබැඳි පිළිවෙතට අඩිතාලම දැමුනේ එදාය. ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්ගේ 52 වන ගුණානුස්මරණය යෙදී තිබුණේද මාර්තු 26 වන දාය. එදින දිනේෂ් සිටියේ චිනයේය. එමනිසා 26 වනදා ඉටු කළ යුතු ම යුතුකම දිනේෂ් කලින් ම ඉටු කළේය. ඒ, අවිස්සාවේල්ල බොරළුගොඩ පිලිප් ගුණවර්ධන සමාධියට උපහාර දැක්වීමයි.

.“ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන්න” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, චීනයේ හයිනාන් නුවර දී 2024.03.28 දින, අමතමිනි. දිනේෂ් ගුණවර්ධන මහතා, චීන බෞද්ධ සංගමයේ සභාපති, අතිපූජ්‍ය Yan Jue හිමියෝ, බීජිං නුවරදී හමුවී දෙරට අතර පවතින බෞද්ධ සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

කොළඹ සහ ෂැංහායි අතර සහෝදර නගර ගිවිසුම අත්සන් කර බොහෝ කාලයක් ගත වී තිබේ. “තම සහෝදර ප්‍රසන්න ගුණවර්ධන කොළඹ නගරාධිපති ධුරයේ සිටින කාලයේ අත්සන් කළ මෙම ගිවිසුම යටතේ තවදුරටත් විශාල වැඩ කොටසක් සිදු කළ හැකියි” චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති Gong Seng මහතා හමුවෙමින් දිනේෂ් කීය. චීනයේ විශාලතම ඉදිකිරීම් සමාගම වන චයිනා කොමියුනිකේෂන් කොන්ස්ට්‍රක්ෂන් සමාගම(CCCC), චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන Huawei යන සමාගම් සමඟ බීජිං නුවරදී සාකච්ඡා පැවැත්වී ය.

චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං හි නිවර්තන විද්‍යා පිළිබඳ චීන ඇකඩමියේ නිරීක්ෂණ චාරිකාවකටද අගමැති දිනේෂ් 2024.04.28 දින එක් විය.

අගමැතිගේ චීන නිල සංචාරයේදී දෙපාර්ශවය, කාර්මික ආයෝජන, ප්‍රමිතිකරණය, ජීවනෝපාය ආධාර, කෘෂිකර්මය, මාධ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබීය.

Xinhua පුවත් සේවය වාර්තා කළේ, චීන මහජන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය 2024.03.29 දින ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කළ බවයි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.