News Category
From Date
To Date
Maximum Number of Result

ධර්මපාලතුමන් මුණගැසීම

Mar 29, 2024 at 12:12 PM
|

(ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් ය. උන්වහන්සේ ලියූ ස්වයං-චරිතාපදානය “සටනක සටහන්” ලෙසින් පළ වී තිබේ. උන්වහන්සේ මුල් ම වතාවට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසුණු ආකාරය එම ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ මෙ ලෙසිනි.)

ධර්මපාලතුමන් මුණගැසීම

1921 දී දිනෙක මම ප්‍රවෘත්ති පත්‍රයක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ලිපියක් දැක කියෙව්වෙමි. දඹදිව ධර්ම ප්‍රචාරය සඳහා කුඩා ස්වාමින්වහන්සේලා දස නමක් අවශ්‍ය බවත් ඒ දස නමට පළමුව පස් අවුරුදු අධ්‍යාපනයක් ශාන්ති නිකේතන විද්‍යාලය මඟින් දෙන බවත් එහි සඳහන් ව තිබිණි. මේ ලිපිය මගේ හිත තදින් ඇද ගත්තේ ය. මම කලක් ඉන්දියාවට ගොස් ඉගෙනීම ගැන ද සිහින දුටුවෙමි. එහෙත් ඒ බොරු සිහිනයක් මිස සැබෑ සිහිනයක් නම් වෙතැයි මා කිසි විටෙක සිතුවේ නැත. ධර්මපාලතුමාගේ ලිපිය දුටු විගස එ දින රාත්‍රි රහසිගත ව ලිපියක් ලියා ධර්මපාලතුමාට තැපැල් කොට යැවීමි.

දින කීපයකින් පිළිතුරක් ලැබිණ. එය ඉතා කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ තමා පදිංචි ව සිටින කොල්ලුපිටියේ ඇලෝ ඇව්නියු නිවෙසට පැමිණ මුණ ගැසෙන ලෙසට ය. ලියුම ලැබුණ දින කීපයකින් ම මම කොල්ලුපිටියට ගියෙමි. මින් පෙර කිසි ම දිනෙක කොල්ලුපිටියට ගොස් නැතත්, දුම්රියෙන් කොල්ලුපිටියට ගොස් රික්ෂෝ රථයකින් මම ධර්මපාලතුමාගේ නිවසට ගියෙමි.

එතුමා මට වාඩිවීමට දී තොරතුරු විමසන විට එතුමාගෙන් ලැබුණු ලිපිය ඉදිරිපත් කෙළෙමි. ලියමන බලා සිනාවක් පළ කළ ධර්මපාලතුමා “සිංහල ජාතියේ අර ලොකු ලිපි ලියන පුංචි හාමුදුරුවෝ ඔබවහන්සේ දැ” යි ඇසී ය. මම නිහඬ ව බිම බලා ගතිමි. ඊට පසු “ඒවා ඔබ නමින් ලියා දෙන්නේ කවරෙක් දැ?” යි ඇසී ය. “ඒවා ලියන්නේ කවුරුවත් නෙවෙයි, මම මයි ලියන්නේ” යි මම උත්තර දුන්නෙමි.

ඊට පසු මගේ වයස, ගම රට, පන්සල, ගුරුවරුන් ආදී විස්තර රාශියක් විමසා, “හොඳයි තමුන්නාන්සේ දඹදිව එක්ක යන්න පුළුවනි. නමුත් තව අවුරුදු කීපයකට පසුවයි. ඔබවහන්සේගේ වයස අඩුයි. ඒ නිසා තව අවුරුදු කීපයකට පස්සේ සූදානම් වෙන්න” යැයි කී ය. මේ කතාවෙන් පසු මා තුළ හටගත් කණගාටුව නො කිව හැකි තරම් ය. මට ඉවසුම් නැතිවිය. මට තව දුරටත් කතා කරන්නට සිතිණ.

එහෙත් ඉතා සිත් ගන්නා කසාවතකින් සැරැසී බද්ධපර්යංකයෙන් හිඳින, සෘජු කයකින් යුක්ත ධර්මපාලතුමා සමඟ තවත් කතා කිරීමට තරම් මට චිත්ත ධෛර්යයක් නැති විය. එතුමාගේ ශරීරය අලුතින් නිමවා ලූ ප්‍රතිමාවක් සේ චිත්තාකර්ෂණීය ය. සකල ශරීරය වාත්තු කළා මෙනි. එතුමා යළිත් මගෙන් ධම්මපදයෙන් ගාථා කීපයක් හා ලංකා ඉතිහාසයෙන් ප්‍රශ්න කීපයක් විමැසී ය. සමහර ඒවාට මම නිවැරැදි පිළිතුරු දුන්නෙමි.

ඊට පසු මා එකලා ව දුම්රියෙන් පැමිණි බැව් අසා මුදල් කොයින් දැ යි ඇසී ය. මා මුදල් ළඟ තබාගෙන සිටින බැව් අසා මට දොස් කීවේ ය. හැම හාමුදුරු නමක් ම මුදල් පරිහරණය කරන බව මම කීවෙමි. ඊට උත්තර වශයෙන් භික්‍ෂූන්ට බැණ වැදුණු ධර්මපාලතුමා “දැන් භික්‍ෂූන් රටට ජාතියට කිසි දු වැඩක් නැති, මුදල් සෙවීම එක ම ව්‍යාපාරය කොටගත් පිරිසකැ යි කී ය.

මම නිහඬ ව එතුමාගේ දේශනයට සවන් දීගෙන සිටියෙමි. තම වැඩ කටයුතු ආදිය ගැන කිසිත් නො බලා එතුමා මට විනාඩි හතළිස් පහක් පමණ නා නා අදහස් ඉදිරිපත් කරමින් කතා කෙළේ ය. මෙ සේ කතා කැරැගෙන යන අතර එක්තරා මහලු ස්ත්‍රියක් පැමිණ දන් වේලාව ළංවුණු බව කියා මා ගෙය ඇතුළට කැ‍ඳෙව්වා ය. මම ධර්මපාලතුමා දෙස බැලීමි. එතුමා මට දන් වළඳන්නට යන ලෙස කී ය.

මහළු ස්ත්‍රිය ආදරණීය මවක මෙන් මට දන් වැළඳවූවා ය. ඇගේ කරුණාබර ගති පැවැත්ම ගැන මම පුදුම වීමි. දන් වළඳන අතර ම “ඔබවහන්සේ පැමිණියේ කුමකට දැ” යි ඕ තොමෝ ප්‍රශ්න කළා ය. මම සපුරා විස්තරය කීවෙමි. ඕ සිනාසී “තමුන්නාන්සේ දඹදිිව යාමට ඔය තරම් කැමැත්තක් පාන්නේ මන් දැ” යි ප්‍රශ්න කළා ය. මෑ ගෙදර වගකිව යුතු තැනැත්තියකැ යි සිතූ මම ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙළ කැරැ දෙන ලෙස ඇයට මතක් කෙළෙමි. එයට කිසි දු පිළිතුරක් නුදුන් ඒ තැනැත්තිය තවත් මොනවා දෝ කෑමට මට ළං කළා ය.

ඒ අතර ඇය ධර්මපාලතුමාගේ නෑයෙක් දැ යි මම විමැසීමි. “ඔව්. මම එතුමාගේ ළඟ ම නෑයෙක්. මම තමයි එතුමාගේ මවු” යැයි ඈ කීවේ දයාබර දරු සෙනෙහස මුහුණින් පළ කරමිනි. මල්ලිකා හේවාවිතාරණ උපාසිකාව ගැන අසා සිටි මම ඇය හඳුනා ගන්නට ලැබීම නිසා බෙහෙවින් සතුටට පැමිණියෙමි. ඇගේ සරල පැවැත්ම, කාරුණික ගතිය දැක එවැනි උතුම් කාන්තාවක හඳුනා ගැනීමට ලැබීමේ ප්‍රීතිය මට ඇති විය.

ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරැ දෙන මෙන් මම නැවතත් ඇයගෙන් ඉල්ලා සිටියෙමි. මෙහි  දී මවක සිය පුතු කෙරෙහි සෙනෙහස පාන්නා සේ ඉතා ආදරයෙන් මගේ අත අල්ලා ගෙන ම ධර්මපාලතුමා වෙත ගොස්, “මේ පුංචි හාමුදුරුවොත් දඹදිව එක්ක යන්නැ” යි ඉල්ලා සිටියා ය. “ඔව්. අම්මා කියනවා නම් පොඩි උන්නාන්සේ එක්ක යන්න බැරුව යැ” සිය මවගේ කීමට පිළිතුරු දුන් ධර්මපාලතුමා කීවේ ය.

ධර්මපාලතුමාගේ මාතෘ ප්‍රේමය දැක මම පුදුම වීමි. කිසි ම හරස් කතාවක් නො කොට මවගේ කතාව එක් වර ම පිළිගැනීමෙන් පෙනී යන්නේ එතුමාගේ අචල මාතෘ භක්තිය හැර අනෙක් කුමක් ද?

ඊට  පසු ධර්මපාල මාතාව මා එහි වාඩි කරවා ආපසු ගෙට ගොස් බුලත් වට්ටියකුත් අතේ ඇති ව පැමිණියා ය. ඒ දුටු ධර්මපාලතුමාගේ මුහුණ නරක් විය. ඔහු එකක් වර ම, “ඔන්න අම්මාගේ සර්දාව. ඉතින් හාමුදුරුවරු හැදෙන්නේ කොහොම ද? මේ පුංචි හාමුදුරුවන්ටත් බුලත් වට්ටියක්. ඕක පුරුදු වුණා ම හප හපා පඩික්කම් පුරවනවා. බුදියනවා විතර යි හාමුදුරුවරු කරන්නේ. ඒ නිසා හැදෙන හාමුදුරුවරුන්ට බුලත් දෙන්න එපා” යැ යි අම්මාට අවවාද කෙළේ ය.

මම ඊට පෙරත්, ගෙදර සිටි ළමා කාලයේ දීත් බුලත් කෑමටවත්, දුම්බීමටවත් පුරුද්දක් ඇති ව නො සිටියෙමි. මගේ පියා සුරා පානය කළත් මට බුලත් විටක්වත් නො කන ලෙස අවවාද කෙළේ ය. පැවිදිවීමෙන් පසු භික්‍ෂූන් ආශ්‍රයෙන් ඒ පුරුදු මට තරමක් දුරට පුරුදු විය හැකි ව පැවැති නමුත් ධර්මපාලතුමාගේ ආශ්‍රය ලැබීම නිසා බුලත් කෑමට හෝ දුම් බීමට මා පුරුදු වූයේ නැත.

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.