News Category
From Date
To Date
Maximum Number of Result

ධර්මපාලතුමන් මුණගැසීම

Mar 29, 2024 at 12:12 PM
|

(ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් ය. උන්වහන්සේ ලියූ ස්වයං-චරිතාපදානය “සටනක සටහන්” ලෙසින් පළ වී තිබේ. උන්වහන්සේ මුල් ම වතාවට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසුණු ආකාරය එම ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ මෙ ලෙසිනි.)

ධර්මපාලතුමන් මුණගැසීම

1921 දී දිනෙක මම ප්‍රවෘත්ති පත්‍රයක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ලිපියක් දැක කියෙව්වෙමි. දඹදිව ධර්ම ප්‍රචාරය සඳහා කුඩා ස්වාමින්වහන්සේලා දස නමක් අවශ්‍ය බවත් ඒ දස නමට පළමුව පස් අවුරුදු අධ්‍යාපනයක් ශාන්ති නිකේතන විද්‍යාලය මඟින් දෙන බවත් එහි සඳහන් ව තිබිණි. මේ ලිපිය මගේ හිත තදින් ඇද ගත්තේ ය. මම කලක් ඉන්දියාවට ගොස් ඉගෙනීම ගැන ද සිහින දුටුවෙමි. එහෙත් ඒ බොරු සිහිනයක් මිස සැබෑ සිහිනයක් නම් වෙතැයි මා කිසි විටෙක සිතුවේ නැත. ධර්මපාලතුමාගේ ලිපිය දුටු විගස එ දින රාත්‍රි රහසිගත ව ලිපියක් ලියා ධර්මපාලතුමාට තැපැල් කොට යැවීමි.

දින කීපයකින් පිළිතුරක් ලැබිණ. එය ඉතා කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ තමා පදිංචි ව සිටින කොල්ලුපිටියේ ඇලෝ ඇව්නියු නිවෙසට පැමිණ මුණ ගැසෙන ලෙසට ය. ලියුම ලැබුණ දින කීපයකින් ම මම කොල්ලුපිටියට ගියෙමි. මින් පෙර කිසි ම දිනෙක කොල්ලුපිටියට ගොස් නැතත්, දුම්රියෙන් කොල්ලුපිටියට ගොස් රික්ෂෝ රථයකින් මම ධර්මපාලතුමාගේ නිවසට ගියෙමි.

එතුමා මට වාඩිවීමට දී තොරතුරු විමසන විට එතුමාගෙන් ලැබුණු ලිපිය ඉදිරිපත් කෙළෙමි. ලියමන බලා සිනාවක් පළ කළ ධර්මපාලතුමා “සිංහල ජාතියේ අර ලොකු ලිපි ලියන පුංචි හාමුදුරුවෝ ඔබවහන්සේ දැ” යි ඇසී ය. මම නිහඬ ව බිම බලා ගතිමි. ඊට පසු “ඒවා ඔබ නමින් ලියා දෙන්නේ කවරෙක් දැ?” යි ඇසී ය. “ඒවා ලියන්නේ කවුරුවත් නෙවෙයි, මම මයි ලියන්නේ” යි මම උත්තර දුන්නෙමි.

ඊට පසු මගේ වයස, ගම රට, පන්සල, ගුරුවරුන් ආදී විස්තර රාශියක් විමසා, “හොඳයි තමුන්නාන්සේ දඹදිව එක්ක යන්න පුළුවනි. නමුත් තව අවුරුදු කීපයකට පසුවයි. ඔබවහන්සේගේ වයස අඩුයි. ඒ නිසා තව අවුරුදු කීපයකට පස්සේ සූදානම් වෙන්න” යැයි කී ය. මේ කතාවෙන් පසු මා තුළ හටගත් කණගාටුව නො කිව හැකි තරම් ය. මට ඉවසුම් නැතිවිය. මට තව දුරටත් කතා කරන්නට සිතිණ.

එහෙත් ඉතා සිත් ගන්නා කසාවතකින් සැරැසී බද්ධපර්යංකයෙන් හිඳින, සෘජු කයකින් යුක්ත ධර්මපාලතුමා සමඟ තවත් කතා කිරීමට තරම් මට චිත්ත ධෛර්යයක් නැති විය. එතුමාගේ ශරීරය අලුතින් නිමවා ලූ ප්‍රතිමාවක් සේ චිත්තාකර්ෂණීය ය. සකල ශරීරය වාත්තු කළා මෙනි. එතුමා යළිත් මගෙන් ධම්මපදයෙන් ගාථා කීපයක් හා ලංකා ඉතිහාසයෙන් ප්‍රශ්න කීපයක් විමැසී ය. සමහර ඒවාට මම නිවැරැදි පිළිතුරු දුන්නෙමි.

ඊට පසු මා එකලා ව දුම්රියෙන් පැමිණි බැව් අසා මුදල් කොයින් දැ යි ඇසී ය. මා මුදල් ළඟ තබාගෙන සිටින බැව් අසා මට දොස් කීවේ ය. හැම හාමුදුරු නමක් ම මුදල් පරිහරණය කරන බව මම කීවෙමි. ඊට උත්තර වශයෙන් භික්‍ෂූන්ට බැණ වැදුණු ධර්මපාලතුමා “දැන් භික්‍ෂූන් රටට ජාතියට කිසි දු වැඩක් නැති, මුදල් සෙවීම එක ම ව්‍යාපාරය කොටගත් පිරිසකැ යි කී ය.

මම නිහඬ ව එතුමාගේ දේශනයට සවන් දීගෙන සිටියෙමි. තම වැඩ කටයුතු ආදිය ගැන කිසිත් නො බලා එතුමා මට විනාඩි හතළිස් පහක් පමණ නා නා අදහස් ඉදිරිපත් කරමින් කතා කෙළේ ය. මෙ සේ කතා කැරැගෙන යන අතර එක්තරා මහලු ස්ත්‍රියක් පැමිණ දන් වේලාව ළංවුණු බව කියා මා ගෙය ඇතුළට කැ‍ඳෙව්වා ය. මම ධර්මපාලතුමා දෙස බැලීමි. එතුමා මට දන් වළඳන්නට යන ලෙස කී ය.

මහළු ස්ත්‍රිය ආදරණීය මවක මෙන් මට දන් වැළඳවූවා ය. ඇගේ කරුණාබර ගති පැවැත්ම ගැන මම පුදුම වීමි. දන් වළඳන අතර ම “ඔබවහන්සේ පැමිණියේ කුමකට දැ” යි ඕ තොමෝ ප්‍රශ්න කළා ය. මම සපුරා විස්තරය කීවෙමි. ඕ සිනාසී “තමුන්නාන්සේ දඹදිිව යාමට ඔය තරම් කැමැත්තක් පාන්නේ මන් දැ” යි ප්‍රශ්න කළා ය. මෑ ගෙදර වගකිව යුතු තැනැත්තියකැ යි සිතූ මම ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙළ කැරැ දෙන ලෙස ඇයට මතක් කෙළෙමි. එයට කිසි දු පිළිතුරක් නුදුන් ඒ තැනැත්තිය තවත් මොනවා දෝ කෑමට මට ළං කළා ය.

ඒ අතර ඇය ධර්මපාලතුමාගේ නෑයෙක් දැ යි මම විමැසීමි. “ඔව්. මම එතුමාගේ ළඟ ම නෑයෙක්. මම තමයි එතුමාගේ මවු” යැයි ඈ කීවේ දයාබර දරු සෙනෙහස මුහුණින් පළ කරමිනි. මල්ලිකා හේවාවිතාරණ උපාසිකාව ගැන අසා සිටි මම ඇය හඳුනා ගන්නට ලැබීම නිසා බෙහෙවින් සතුටට පැමිණියෙමි. ඇගේ සරල පැවැත්ම, කාරුණික ගතිය දැක එවැනි උතුම් කාන්තාවක හඳුනා ගැනීමට ලැබීමේ ප්‍රීතිය මට ඇති විය.

ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරැ දෙන මෙන් මම නැවතත් ඇයගෙන් ඉල්ලා සිටියෙමි. මෙහි  දී මවක සිය පුතු කෙරෙහි සෙනෙහස පාන්නා සේ ඉතා ආදරයෙන් මගේ අත අල්ලා ගෙන ම ධර්මපාලතුමා වෙත ගොස්, “මේ පුංචි හාමුදුරුවොත් දඹදිව එක්ක යන්නැ” යි ඉල්ලා සිටියා ය. “ඔව්. අම්මා කියනවා නම් පොඩි උන්නාන්සේ එක්ක යන්න බැරුව යැ” සිය මවගේ කීමට පිළිතුරු දුන් ධර්මපාලතුමා කීවේ ය.

ධර්මපාලතුමාගේ මාතෘ ප්‍රේමය දැක මම පුදුම වීමි. කිසි ම හරස් කතාවක් නො කොට මවගේ කතාව එක් වර ම පිළිගැනීමෙන් පෙනී යන්නේ එතුමාගේ අචල මාතෘ භක්තිය හැර අනෙක් කුමක් ද?

ඊට  පසු ධර්මපාල මාතාව මා එහි වාඩි කරවා ආපසු ගෙට ගොස් බුලත් වට්ටියකුත් අතේ ඇති ව පැමිණියා ය. ඒ දුටු ධර්මපාලතුමාගේ මුහුණ නරක් විය. ඔහු එකක් වර ම, “ඔන්න අම්මාගේ සර්දාව. ඉතින් හාමුදුරුවරු හැදෙන්නේ කොහොම ද? මේ පුංචි හාමුදුරුවන්ටත් බුලත් වට්ටියක්. ඕක පුරුදු වුණා ම හප හපා පඩික්කම් පුරවනවා. බුදියනවා විතර යි හාමුදුරුවරු කරන්නේ. ඒ නිසා හැදෙන හාමුදුරුවරුන්ට බුලත් දෙන්න එපා” යැ යි අම්මාට අවවාද කෙළේ ය.

මම ඊට පෙරත්, ගෙදර සිටි ළමා කාලයේ දීත් බුලත් කෑමටවත්, දුම්බීමටවත් පුරුද්දක් ඇති ව නො සිටියෙමි. මගේ පියා සුරා පානය කළත් මට බුලත් විටක්වත් නො කන ලෙස අවවාද කෙළේ ය. පැවිදිවීමෙන් පසු භික්‍ෂූන් ආශ්‍රයෙන් ඒ පුරුදු මට තරමක් දුරට පුරුදු විය හැකි ව පැවැති නමුත් ධර්මපාලතුමාගේ ආශ්‍රය ලැබීම නිසා බුලත් කෑමට හෝ දුම් බීමට මා පුරුදු වූයේ නැත.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.