
අනුර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට අරුන් සිද්ධාර්ථ දී ඇති පිළිතුර ඓතිහාසිකයි - මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා
අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.
මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්, අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි.
එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් ප්‍රබල අතුල් පහරක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.
මා හැමදාමත් විශ්වාස කළ පරිදි අනුර කුමාර කියන්නේ දේශපාලනයේ ළදරුවෙක්.
ජවිපය අතීතයේදී දරුණු ලෙස වරද්දාගත් ආකාර නැවත පුනරුචාරණය නොකරන්න ඔහු ඇතුළු ජවිපෙ නායකයින්ට අපගේ අත්දැකීම් අනුසාරයෙන් යමක් තෝරා බේරා දෙන්නට මා හට මැදිහත්වන්න කියා දැනට වසර දෙකකට ඉහතදී මාගේ මිතුරෙක් විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට අනුව ලිඛිතවම ඒ යෝජනා අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් පස්දෙනෙකුටම යවනු ලැබුවා.
එදා ඔවුන් මා කිව් දෙයට ඇහුම්කන් දුන්නේ නම්, අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් යන යන තැන මේ අනාගැනීම කරගන්නේ නැත.
දැන් ඔවුන් කණ්ඩායමක් ලෙස හැසිරෙන්නේ දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා අත දරුවන් පිරිසක් ලෙසින්.
"කොට්ටෝරුව හැම ගහටම කොට කොට යනවා" කියලා ගැමි කියමනක් තියෙනවා.
ඒ වගේම "නොදන්නා දෙමළට ගිහින් වරිගෙ නහගන්න එපා" කියලත් කියමනක් තිබෙනවා.
මේ වතාවේදී අනුර කුමාර පමණක් නොවේ NPP එකේ කොට්ටෝරුවන් රැළම "ජාතික" ප්‍රශ්නයේදී සම්බන්ධන්ලාව, සුමන්තිරන්ලාව නළවන්න ගොස් කෙහෙල් ගස්වල හොට පටළවාගන්නවා.
අනුර කුමාර දේශපාලන වශයෙන් මොන තරම් බොළඳ ද කියාකිවහොත්, සම්බන්ධන්ගේ ජාතික අනන්‍යතාවයක් ගැන කතා කරන්න තරම් නූගතෙක් බවට පත් වී තිබෙනවා.
අප හැමදාමත් අපමණ වෙහෙසක් ගෙන ජාතිය අමතා කළ කතාවල් වලදී හා ප්‍රකාශයට පත් කරන ලද ලිපි ලේඛන වල පැහැදිලිවම පෙන්වා දුන්නා ලංකාවේ වාසය කරන්නේ විවිධ ජාතීන් නොව විවිධ ජනවාර්ගික කොටස් කියා. දේශපාලනය කිරීමට උනන්දු වන ඕනෑම කෙනෙක් බාලාංශයේදීම ඉගෙන ගත යුතු දෙයක් නම් "ශ්‍රී ලාංකික" නම ජනතාවට ලැබී තිබෙන්නේ එම රටේ ජීවත් වෙන විවිධ ජනවාර්ගික කොටස් සමස්තයක් ලෙස හැඳින්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව.
දේශපාලනයේ මෙම "අ" යන්න නොදන්නා අනුර කුමාරව ජනාධිපති මැතිවරයණටත් කලින් තෝරාපත් කරගෙන තිබෙන්නේ ඇමරිකාවත් කතෝලික පල්ලියත්, දෙමළ ඩයස්‌පෝරාවක් විසින් බව දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටී.
ජනාධිපති කමට ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙක් චන්ද ලබාගත යුත්තේත්, රටේ පාලනයට ආශිර්වාදය ලබා ගත යුත්තේත්, ජනතා ප්‍රශ්න වර්ගීකරණය කිරීමේදී එය වාර්ගීය, කලාපීය හෝ සංස්කෘතික වශයෙන්ද නොව "ජාතිකත්වය" නැමැති පුළුල් සංකල්පය යටතේ බව තරයේම සිතට ගත යුතුව තිබෙනවා.
පැනමා රාජ්‍යයේ ප්‍රශ්න විසඳන්න කියා එරටේ කුඩු විකුණූ රස්තියාදුකාරයෙක් වූ නොරියේගා කියන පුද්ගලයාව ජනාධිපති බවට පත්කළේ ඇමෙරිකාව විසින්. ඒ පැනමා රාජ්‍යයේ ජනතාවට සේවයක් කිරීමට නොව මේ "මෝඩ හරකා" ලවා ඇමරිකාවේ වැඩ ටික කරගැනීම සඳහායි. තමන්ගේ වැඩ ටික කරගෙන අවසන් වූ පසු නොරියේගාව බල්ලෙක් මෙන් පයින් ගසා එළවා දමන්නේත් ඇමරිකාව විසින්මයි. නොරියේගා ගේ ජීවිතය ඉතාමත් අවාසනාවන්ත ලෙස අවසන් වන්නේ ඇමෙරිකානු සිරගෙයක් තුළදීයි.
ජීවිත කාලයක් පුරා පාර්ලිමේන්තුව තුළ ගැළරියට ආමන්ත්‍රණය කරමින් මෝඩයින් අතර වීරයෙක් වුනා හැර අනුර කුමාර දන්නා දෙයක් නැති බව නිර්භයවම ප්‍රකාශ කරමි.
කොන්ත්‍රාත් පදනමක් මත දේශපාලනයට ප්‍රවේශ වුණු බොහෝ දෙනකුගේ ඉරණම අවාසනාවන්ත ලෙස අවසන් වුන බව අනුර කුමාරලා දැන්වත් අවබෝධ කරගත යුතුයි.
(Prof. Edward M Perera)
27.03.2024
සබැඳි පුවත්...
අනුරගේ අතින් අල්ලාගෙන සම්බන්ධන් කියූ කතාව ගැන අරුන් සිද්දාර්ඨන් රිදෙන්නම කියා දෙයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
