අනුර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට අරුන් සිද්ධාර්ථ දී ඇති පිළිතුර ඓතිහාසිකයි - මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා
අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.
මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්, අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි.
එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් ප්‍රබල අතුල් පහරක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.
මා හැමදාමත් විශ්වාස කළ පරිදි අනුර කුමාර කියන්නේ දේශපාලනයේ ළදරුවෙක්.
ජවිපය අතීතයේදී දරුණු ලෙස වරද්දාගත් ආකාර නැවත පුනරුචාරණය නොකරන්න ඔහු ඇතුළු ජවිපෙ නායකයින්ට අපගේ අත්දැකීම් අනුසාරයෙන් යමක් තෝරා බේරා දෙන්නට මා හට මැදිහත්වන්න කියා දැනට වසර දෙකකට ඉහතදී මාගේ මිතුරෙක් විසින් කරන ලද කාරුණික ඉල්ලීමකට අනුව ලිඛිතවම ඒ යෝජනා අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් පස්දෙනෙකුටම යවනු ලැබුවා.
එදා ඔවුන් මා කිව් දෙයට ඇහුම්කන් දුන්නේ නම්, අනුර කුමාර ඇතුළු පක්ෂයේ නායකයින් යන යන තැන මේ අනාගැනීම කරගන්නේ නැත.
දැන් ඔවුන් කණ්ඩායමක් ලෙස හැසිරෙන්නේ දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා අත දරුවන් පිරිසක් ලෙසින්.
"කොට්ටෝරුව හැම ගහටම කොට කොට යනවා" කියලා ගැමි කියමනක් තියෙනවා.
ඒ වගේම "නොදන්නා දෙමළට ගිහින් වරිගෙ නහගන්න එපා" කියලත් කියමනක් තිබෙනවා.
මේ වතාවේදී අනුර කුමාර පමණක් නොවේ NPP එකේ කොට්ටෝරුවන් රැළම "ජාතික" ප්‍රශ්නයේදී සම්බන්ධන්ලාව, සුමන්තිරන්ලාව නළවන්න ගොස් කෙහෙල් ගස්වල හොට පටළවාගන්නවා.
අනුර කුමාර දේශපාලන වශයෙන් මොන තරම් බොළඳ ද කියාකිවහොත්, සම්බන්ධන්ගේ ජාතික අනන්‍යතාවයක් ගැන කතා කරන්න තරම් නූගතෙක් බවට පත් වී තිබෙනවා.
අප හැමදාමත් අපමණ වෙහෙසක් ගෙන ජාතිය අමතා කළ කතාවල් වලදී හා ප්‍රකාශයට පත් කරන ලද ලිපි ලේඛන වල පැහැදිලිවම පෙන්වා දුන්නා ලංකාවේ වාසය කරන්නේ විවිධ ජාතීන් නොව විවිධ ජනවාර්ගික කොටස් කියා. දේශපාලනය කිරීමට උනන්දු වන ඕනෑම කෙනෙක් බාලාංශයේදීම ඉගෙන ගත යුතු දෙයක් නම් "ශ්‍රී ලාංකික" නම ජනතාවට ලැබී තිබෙන්නේ එම රටේ ජීවත් වෙන විවිධ ජනවාර්ගික කොටස් සමස්තයක් ලෙස හැඳින්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව.
දේශපාලනයේ මෙම "අ" යන්න නොදන්නා අනුර කුමාරව ජනාධිපති මැතිවරයණටත් කලින් තෝරාපත් කරගෙන තිබෙන්නේ ඇමරිකාවත් කතෝලික පල්ලියත්, දෙමළ ඩයස්‌පෝරාවක් විසින් බව දැන් දැන් ජනතාව තේරුම් ගනිමින් සිටී.
ජනාධිපති කමට ඉදිරිපත් වෙන ඕනෑම කෙනෙක් චන්ද ලබාගත යුත්තේත්, රටේ පාලනයට ආශිර්වාදය ලබා ගත යුත්තේත්, ජනතා ප්‍රශ්න වර්ගීකරණය කිරීමේදී එය වාර්ගීය, කලාපීය හෝ සංස්කෘතික වශයෙන්ද නොව "ජාතිකත්වය" නැමැති පුළුල් සංකල්පය යටතේ බව තරයේම සිතට ගත යුතුව තිබෙනවා.
පැනමා රාජ්‍යයේ ප්‍රශ්න විසඳන්න කියා එරටේ කුඩු විකුණූ රස්තියාදුකාරයෙක් වූ නොරියේගා කියන පුද්ගලයාව ජනාධිපති බවට පත්කළේ ඇමෙරිකාව විසින්. ඒ පැනමා රාජ්‍යයේ ජනතාවට සේවයක් කිරීමට නොව මේ "මෝඩ හරකා" ලවා ඇමරිකාවේ වැඩ ටික කරගැනීම සඳහායි. තමන්ගේ වැඩ ටික කරගෙන අවසන් වූ පසු නොරියේගාව බල්ලෙක් මෙන් පයින් ගසා එළවා දමන්නේත් ඇමරිකාව විසින්මයි. නොරියේගා ගේ ජීවිතය ඉතාමත් අවාසනාවන්ත ලෙස අවසන් වන්නේ ඇමෙරිකානු සිරගෙයක් තුළදීයි.
ජීවිත කාලයක් පුරා පාර්ලිමේන්තුව තුළ ගැළරියට ආමන්ත්‍රණය කරමින් මෝඩයින් අතර වීරයෙක් වුනා හැර අනුර කුමාර දන්නා දෙයක් නැති බව නිර්භයවම ප්‍රකාශ කරමි.
කොන්ත්‍රාත් පදනමක් මත දේශපාලනයට ප්‍රවේශ වුණු බොහෝ දෙනකුගේ ඉරණම අවාසනාවන්ත ලෙස අවසන් වුන බව අනුර කුමාරලා දැන්වත් අවබෝධ කරගත යුතුයි.
(Prof. Edward M Perera)
27.03.2024
සබැඳි පුවත්...
අනුරගේ අතින් අල්ලාගෙන සම්බන්ධන් කියූ කතාව ගැන අරුන් සිද්දාර්ඨන් රිදෙන්නම කියා දෙයි

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්