
වෛද්‍යවරුන් රට හැරයාමට පිළිතුර පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ ඇරීමද..?
2048දී රට දියුණු කිරීමට සිතන ජනාධිපතිට අනුව නම් වෛද්‍යවරුන් රට හැරයාමට පිළිතුර පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ විවෘත කිරීමයි.
මේ ප්‍රකාශ මගින් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුමක් නැති පොදු මහජනයා මුලා කිරීමට පාලකයන් සැරසෙන බව පෙනේ..
වෛද්‍යවරයක් ලෙස වෛද්‍ය පීඨයකින් සිසුන් බිහි කිරීමට අවම වශයෙන් අවුරුදු 5ක කාලයක් ගතවේ.. ඒ කාලය තුළ නියමිත පූර්ව සායනික (pre clinical ), සායනික ( clinical ) අධ්‍යාපනයක් මෙන්ම නියමිත ප්‍රමිතියකින් යුක්ත මහාචාර්ය ඒකකයන් ( proffesorial unit) තුළද පුහුණුව ලැබිය යුතුය.
අවසානයේ තවත් අවුරුද්දක කාලයක් පැය 24 පුරා සීමාවාසික පුහුණුවක් ලැබිය යුතු වේ.. ඉන් අනතුරුව පමණක් ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ..
වෛද්‍යවරුන් රට හැරයාමට මූලික හේතුව ලංකාවේ දැනට පවතින, දේශපාලකයන්ම නිර්මාණය කරන ලද ආර්ථික සමාජීයය ගැටලු වේ.
එසේ රට හැරයන්නේ වැඩිපුරම විශේෂඥ වෛද්‍යවරුන්, විශාල කාලයක සේවා අත්දැකීම් සහිත වෛද්‍යවරුන්ය. එම අඩුව පිරවීමට ලාබ අපේක්ෂිත පුද්ගලික ව්‍යාපාර කඩ වලින් ප්‍රමිතියකින් තොරව තොග වශයෙන් වෛද්‍යවරුන් බිහි කලත් නොහැකිය.
ජනාධිපතිවරයා පවසන පරිදි වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහි කිරීමට ඔහු සිතනුයේ 2048 දීම විය යුතුයි.
නොඑසේ නම් දැන් පවතින ගැටලුවට තව අවුරුදු 6කින් වෛද්‍ය උපාධි කඩ වලින් පිටවන අයගෙන් පිළිතුරු සෙවීමට ඔහු නොසිතනු ඇත.
එසේම දැනට විශාල ගැටලු පවතින මොරටුව,වයඹ , සබරගමුවේ වෛද්‍ය පීඨ වලට අදාළ විසදුම් ලබා දී තවත් සුදුසුකම් සහිත සිසුන් පිරිසක් වෛද්‍යවරුන් බවට පත් කිරීමේ විසඳුම අමතක වන ජනාධිපතිවරයාට NSBM, Lyceum, කොතලවල පමණක් මතක් වීමද පුදුම සහගතය.
මේ උත්සාහ දරන්නේ රටේ ජනතාව සතු නිදහස් අධ්‍යාපනයේ අවස්ථාවන් ලාභ සොයන ව්‍යාපාරිකයන්ට විකුණා දැමීමටයි.
දැනට පවතින රාජ්‍ය වෛද්‍ය පීඨවල ගැටලු විසඳා නිදහස් වෛද්‍ය අධ්‍යාපනය රැකගැනීමටත් පෞද්ගලික වෛද්‍ය උපාධි කඩ යෝජනා හකුළා ගැනීමටත් පාලකයන්ට බල කරමු.!
(Doctors for free education පිටුවෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
