
යුදෙව් සංහාරයට එක් වුණු අමානුෂික ඝාතකයකු යුද වීරයකු කිරීම ගැන කැනඩා අගමැති ටෲඩෝ සමාව ඉල්ලයි
රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.
මීට සතියකට කීපයකට පෙර, කැනඩාවට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී, කැනඩා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ අතර, කැනඩාව යුක්රේනයට සහාය ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කැනඩා පාර්ලිමේන්තුවටත්, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝටත් එහිදී ස්තුති කළේය.
දෙවැනි ලෝක යුද්ධයේ දී රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පාර්ලිමේන්තුවට පෙන්වා දෙමින්, 98 හැවිරිදි යර්ලොස්ලේව් හුන්කා නමැත්තා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතා නායක ඇන්තනි රෝටා ය.
යුක්රේන රණ විරුවකු යැයි හුන්කා ගැන ගුණ කථනයක් ද සිදුවුණු අතර, කතා නායකවරයා, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඇතුළු සෙසු මැති ඇමැතිවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ සිටි යුක්රේන ජනාධිපතිවරයා ද අසුන්වලින් නැගිට හුන්කා ට ගෞරව දැක්වන්න විය.
කෙසේ නමුත් එම සිද්ධියෙන් දින කීපයක් යද්දී අනාවණය වූයේ යර්ලොස්ලේව් හුන්කා, ස්වේච්ඡාවෙන්, හිට්ලර්ගේ නාසි හමුදාවේ ‘14 වැනි වොෆන් එස්.එස්. ග්‍රෙනදියේ’ බලඇණියට සම්බන්ධ වී සිටි වාර්ගින යුක්රේන වැසියකු බවය.
‘14 වැනි වොෆන් එස්.එස්. ග්‍රෙනදියේ’ බලඇණිය බලඇණිය ක්‍රියාත්මක වී ඇත්තේ නාසි හමුදාවේ අණ දෙන නිලධාරියකු යටතේය. යුදෙව්වන් සමූල ඝාතනය කළේත්, පෝලන්ත වැසියන් අමු අමුවේ ඝාතනය කළේත් මෙම බලඇණියයි. එසේ වුවත් මෙම බලඇණිය යුද අපරාධ කළේ යැයි චෝදනා ලැබ නැත. ඒ අනුව, හුන්කා, රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු යුක්රේන රණ විරුවකු නොවන බව ඒ අනුව තහවුරු විය. කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායක ඇන්තනි රෝටා, හුන්කා පාර්ලිමේන්තුවට ආරාධනා කර තිබුණේ මේ බව නොදැනය.
යර්ලොස්ලේව් හුන්කා සම්බන්ධයෙන් කැනඩා විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ප්‍රශ්න කරමින් විරෝධය පළ කරද්දී, වරදක් සිදුවුණු බවත්, හරිහැටි සොයා බැලීමකින් තොරන තමන් හුන්කා පාර්ලිමේන්තුවට ආරාධනා කර ඔහුට ගරු බුහුමන් දැක්වීම වැරදි බවත් කතා නායක ඇන්තනි රෝටා පිළිගත්තේය. පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලු ඔහු කතා නායක ධුරයෙන් ඉවත් විය.
ඉන්පසු විපක්ෂයේ ඉලක්කය වූයේ කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝටය. කැනඩා පාර්ලිමේන්තුව, කැනඩා වැසියන් මුලා කළ බවත් යුදෙව් ඝාතනයකු වීරයකු කරමින් යුදෙව්වන්ට අපහාස කළ බවටත් අග්‍රාමාත්‍යවරයාට චෝදනා නැගෙන්න විය. අග්‍රාමාත්‍යවරයා වහා සමාව ඉල්ලීමක් කළ යුතු යැයි ද විපක්ෂය බල කරන්න විය.
ඒ අනුව, අග්‍රාමාත්‍ය ටෲඩෝ පළමුවෙන් පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලීමක් කළේය. ඒ තමන් අතින් බරපතල වරදක් සිදුවුණු බව පවසමිනි. ඉන්පසු ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ලොව යුදෙව් වැසියන්ගෙන් සමාව ඉල්ලුවේය.
දෙවැනි ලෝක යුද්ධයේ දී යුදෙව් සංහාරයට එක් වුණු අමානුෂික ඝාතකයකු යුද වීරයකු කිරීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත් වුණු බව ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය. කරුණු කාරණා හරිහැටි නොදැන යර්ලොස්ලේව් හුන්කා පාර්ලිමේන්තුවට කැඳවීම ලැජ්ජා සහගත යැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ කැනඩා වැසියන්ගෙන් සමාව ඉල්ලමින් පැවැසුවේය.
(ඒ.එෆ්.පී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
