News Category
From Date
To Date
Maximum Number of Result

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

Mar 26, 2024 at 10:32 AM
|

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි.

වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසයි. එය "ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය" ලෙස හඳුන්වයි. එවැනි සිදුවීමක් වාර්තා වීමේ දී එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා දඬුවම් ලබා දීම සිදු විය.

කෙසේ නමුත් මෙම තත්වය ලිහිල් කිරීමට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

මොකක්ද මේ කෙටුම්පත?

වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් සමඟ ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ය' යන නීතිය වෙනස් කරමින්, වයස් අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවන් සිය කැමැත්තෙන් වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරුණු අවස්ථාවක දී එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසලකා දඬුවම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳ කෙටුම්පතක් පිළිබඳ ව 2024 මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් කැඳවා තිබුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ තලතා අතුකෝරළ සභාපතීත්වය දරණ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාවට, ජාතික ළමාරක්ෂණ අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සායනික මනෝවෛද්‍යවරුන් හා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් රැසක් එක් වී සිටි බව ජාතික ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ එම කමිටු රැස්වීමට සහභාගී වී සිටි සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ මෙම සංශෝධනය නොකළ යුතු බව ය.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසය.

'අපි මේ සංශෝධනයට එකඟ නෑ'

ජාතික ළමාරක්ෂණ අධිකාරිය ඉහත කී සංශෝධනයට එකඟ නොමැති බව කමිටුව හමුවේ දැනුම් දුන් බව ආචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ය. "ගැහැණු දරුවාට වයස අවුරුදු 14 – 16 අතර වුණත් අපට එය අපරාධයක් නොවෙයි කියලා සලකන්න බෑ. ඒ නිසා අපි මේ යෝජනාවට එකඟ නැති බව දැනුම් දුන්නා. 18ට අඩු අය පමණයි ළමුන් හැටියට සලකන්නේ. නමුත් මෙතැන අවුරුදු 22ක් කියන්නෙ 18 සිට 22 දක්වා වයස් කාණ්ඩ හතරක වැඩිහිටියන් ලෙස සලකන පුද්ගල කණ්ඩායම් හතරක් ඉන්නවා. ඒ තරම් ලොකු ප්‍රමාණයකට දඬුවම් ලිහිල් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා," සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා පැවසුවේ මෙම සංශෝධනය සඳහා සාධක වශයෙන් අධිකරණ තීන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවයි.

කමිටු සභා වාරයේ දී කිසිවෙකු මේ සංශෝධනයට එකඟතාවය පල නොකළ බව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන බවට කමිටුව අවසානයේ ප්‍රකාශය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය

වෛද්‍ය විද්‍යාත්මක කරුණු පදනම්කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වා තිබේ.

ළමා ගැබ්ගැනීම් ඉතාමත් අවධානම් සහගත බව ඔවුහු එයින් පෙන්වා දී තිබේ.

මෙම පනත් සංශෝධනයෙන් එවැනි අවධානමකට ඉඩකඩ ලබා දීම නිසා මෙය වහාම නවත්වා දැමිය යුතු බව ඔවුන්ගේ මතයයි.

පාර්ශව රැසක දැඩි විරෝධය

 යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ම විරෝධය දක්වා තිබුණි.

2024 මාර්තු 20 දින ජාතික සංවිධාන එකතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම සංශෝධනය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය."මෙම සංශෝධනය අපි දකින්නේ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රචලිත කරන්න හදන උත්සාහයක් විදිහට.මේ වෙලාවේ මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ද මේ කරන්න හදන්නේ? කවුද මේ සංශෝධන කරන්න කියලා ඉල්ලන්නේ?" මහලේකම්වරයා විමසුවේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිවේදනය පහළින්...




සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.