News Category
From Date
To Date
Maximum Number of Result

සුළං සහ තාප බලයෙන් බලශක්තිය නිපදවලා අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට අළෙවි කරනවා... දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ - ජනපති රනිල් කියයි

Mar 25, 2024 at 06:39 AM
|

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි.

“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදි රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත්, රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා

රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී තරුණ තරුණියන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මම භාරගත්තේ වැටුණු රටක්. රට භාරගැනීමට දේශපාලන නායකයෝ අකමැති වු රටක්. මම හිතුවා මම මේ රට භාරගත්තේ නැත්නම් රටට මොකක්ද වෙන්නේ කියලා. සමහරු හිතුවා රට භාරගත්තොත් තමන්ගේ දේශපාලනය නැතිවෙයි කියලා. ඔවුන් තමන් ගැන සිතද්දි මම හිතුවේ එම මොහොතේ රට භාරගත්තේ නැත්නම් රට නැතිවෙයි කියලා.

මට තිබු එකම ප්‍රශ්නය වුණේ මම විතරක් තනිවම පාර්ලිමේන්තුවේ සිටීමයි. නමුත් වැටුණු රට ගොඩනැඟිමට හැකි බවට මට විශ්වාසයක් තිබුණා. ඊට පෙර දෙසැම්බර් මාසයේ දී පමණ මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කර තිබුණා. ඒ වගේම ලෝක බැංකුව සමග සාකච්ඡා කර තිබුණා.

මම ඒ පිළිබඳ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පැවසුවා. ඒ වගේම පසුගිය මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා රටට මුදල් නැහැ, ඒ නිසා ඩොලර් මිලියන 3000ක්වත් සොයාගත යුතු බව. එහිදී අපට ජනතාව ඡන්දය ලබා දුන්නේ නැහැ. නමුත් එම ප්‍රකාශය 2021 දී සත්‍යයක් බවට පත් වුණා.

එවැනි තත්ත්වයකයි මම රට භාරගත්තේ. මම රට භාර නොගත්තානම් කුමක්ද සිදු වන්නේ. මම මේ රටේ වගකීම භාර නොගත්තා නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර අපට ණය ලබාදුන් රටවල් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවලින් පසු අපේ රටේ සංවර්ධන කටයුතු සඳහා නැවත එම රටවල සහාය හිමි වෙනවා. නමුත් සියලු ප්‍රශ්නවලට එමගින් විසදුම් ලැබෙන්නේ නැහැ. අප තවමත් ආනයන පදනම් කරගත් ආර්ථිකයක්. සෑම වසරකම අපනයනවලට වඩා ආනයන වැඩියි. මෙම පරතරය පියවා ගැනීමට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. එවිට තවත් වසර 10ක් යන විට නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

අද ඔබ වයස අවුරුදු 27ක තරුණයෙක් නම්, වයස අවුරුදු 37 වන විට ඔබ නැවත මෙම ආර්ථික පීඩනයට මුහුණ දීමට සූදානම් ද කියා ප්‍රශ්න කිරීමට මම කැමතියි. ඉන්ධන නැති වූ, ආර්ථිකය කඩා වැටුණු රටක් භාර ගැනීමට ඒ වන විට කිසිවෙක් සිටිද කියාවත් කිව නොහැකියි. ඒ නිසා අප සියලුදෙනාගේ වගකීම වන්නේ මෙම ආර්ථික අර්බුදය මතු පරපුරට උරුම නොකිරීමයි. ඒ වෙනුවෙන් කැපවීම අප සියලුදෙනාගේ වගකීමක් බව මම විශ්වාස කරනවා. අප කඩිනමින් ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කළ යුතුයි. ආනයන පදනම් කරගත් ආර්ථිකයක සිට අපනයන පදනම් කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. ඒ සඳහා නගරයේ පමණක් නෙවෙයි ගමේද ආර්ථිකය දියුණු කළයුතුව තිබෙනවා. ඒ වගේම අය වැය පාලනය කළයුතුයි. රජයේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් 2035 වසර වන විට ආපනයන ආර්ථිකයකට යොමු වීමට අපට හැකියාව තිබෙනවා. ඉන් පසුව අපට සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි.

ඒ වගේම වසරකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහල නංවා ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් රටට ගෙන්වා ගත යුතුයි.

එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගම දියුණු කිරිමට අප කටයුතු කරමින් සිටිනවා. එවිට කෘෂි අපනයන කරා අපට පහසුවෙන් ළගාවිය හැකියි. එහිදි නව වගාවන් හදුන්වාදීමට කටයුතු කර තිබෙන අතර දූරියන් වගාව පිළිබඳ තායිලන්ත රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙරට තිබෙන බෝගවල ඵලදායිතාව ඉහළ නංවා ගැනිම තුළින් ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට හැකියාව තිබෙනවා.

සූර්ය බලය හා සුළං බලය අපේ රටේ විශාල වශයෙන් තිබෙනවා. ඒ අනුව සුළං සහ තාප බලයෙන් බලශක්ති උත්පාදනයට යොමු වීමෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයක් ලබාගත හැකි අතර එහි අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට අළෙවි කළ හැකියි. ඒ වගේම ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලයේ ආයෝජන කලාපයක් ඇති කිරිමට අක්කර දහසක් වෙන් කර තිබෙනවා. එසේම මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරිමට සැලසුම් කර තිබෙනවා.

බිංගිරියේ සහ උතුරේ නව ආයෝජන කළාප ඇති කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් වෙන් කර තිබෙනවා. ඊළග වසර 05 තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි.

මම මේ සියල්ල සිදු කරන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි.

තවද, මෙම හිගුරක්ගොඩ ප්‍රදේශය දියුණු කිරීමට අප කටයුතු කර තිබෙන අතර, හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේදී මුදල් ලබා දිමට කටයුතු කළා. ඒ තුළින් මෙම පළාතට අභ්‍යන්තර ගුවන් සේවා ලැබෙනවා.

ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික පුරවරය සංචාරකයන්ට දිවා රාත්‍රියේ විවෘත කළ හැකියි. අපේ සංස්කෘතිකාංග සහ නවීන නැටුම් ගැයුම් සහ දේශීය ආහාර පාන එක් කර සංචාරක වැඩසටහන් සැකසීමේ හැකියාව තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ අප ඉදිරියට යා යුතුයි.

ඒ නිසා රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා තරුණ පරපුර තීරණය කළයුතුයි. ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ. ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ කල්පනාකරීව කටයුතු කළ යුතු බව මම ප්‍රකාශ කරනවා.

මෙහිදී තරුණ තරුණියන් මතුකළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය:

ලංකාපුර ග්‍රාමසේවා වසමට අයත් කුඹුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් කුඹුරු වන ජීවී දෙපාර්තමේන්තුවට අයත්ව තිබෙනවා. අපට වගා කටයුතු සඳහා එම කුඹුරු යළි ලබාදෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිළිතුර:

1985 වසරේ සිතියමට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තිබෙනවා. ඒ වගේම එම සිතියමට අනුව ගම්මානවලට අයත් ඉඩම් ද තිබෙනවා. එම නිසා අපි මේ පිළිබඳ සොයා බලා ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:

තරුණ තරුණියන් වශයෙන් ඔබතුමා කෙරෙහි අප තුළ පැහැදීමක් තිබෙනවා. මේ ප්‍රදේශය ඩොලර් ඉපැයිය හැකි ප්‍රදේශයක්. අපේ ගම්වලට එන වන අලින් පෙන්වා විදේශකයන්ගෙන් ඩොලර් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට පුහුණුවක් ලබා දී රටට ඩොලර් උපයා ගැනීමට වගේම අපටත් ආදායමක් ලැබෙන ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරනවා.

පිළිතුර:

මෙරට සංචාරක ව්‍යාපාරය අද විශාල දියුණුවක් ලබමින් තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සම්බන්ධයෙන් මේ වන විට කමිටුවක් ද පත් කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳ ඉදිරියේදී විසදුමක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

ප්‍රශ්නය:

අපි ජීවත් වෙන්නේ වැලිකන්ද ප්‍රදේශයේ ඈත දුෂ්කර ගමකයි. රජයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කටයුතු සිදු කිරීම සඳහා අපට ඉඩම් ලබා දෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිළිතුර:

1977 වන විට වැලිකන්ද ප්‍රදේශය පැවතුනේ මහා වනාන්තරයක් ලෙසයි. වැලිකන්ද සහ මාදුරුඔය අද කෘෂිකර්මාන්තය සඳහා ඉතා හොඳ ප්‍රදේශ බවට පත්ව තිබෙනවා.කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම අප ආරම්භ කර තිබෙන උරුමය වැඩසටහන යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා. ලක්ෂ 20ක ජනතාවට නීත්‍යානුකූල ඉඩම් අයිතිය හිමිවන එම වැඩසටහන තව මාස දෙකක් ඇතුළත අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, කෘෂි නවීකරණ වැඩසටහන යටතේ වගා කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:

සංචාරක කර්මාන්තය තුළ දිඹුලාගලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කිරීම සුදුසු බව මම යෝජනා කරනවා.

පිළිතුර:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග දැන් රටේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම අපේක්ෂාවයි. එහිදී සංචාරක ආකර්ශණය දිනාගත හැකි ප්‍රදේශ ලෙස සියලු ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව කිවයුතුයි.

ප්‍රශ්නය:

ජනාධිපතිතුමනි, මම නීතිය හදාරන සිසුවෙක්. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1989 වසරේ දී මගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙක් එක් දිනකදී මරා දමා මිලියන 08ක දේපළ කොල්ළ කෑවා. ඔවුන්ගේ මෘත දේහ පවා කනත්තට ගෙන යාමටවත් ඉඩ දුන්නේ නැහැ. තවමත් ජනතා විමුක්ති පෙරමුණේ අවතාර තිබෙන නිසා අප පසුවන්නේ බියෙන්.

එම පවුලේ වත්මන් සාමාජිකයෙකු වූ මටද මගේ ව්‍යාපාර කටයුත්තක්වත් කර ගැනීමට නොහැකි පරිදි හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සතු ප්‍රධාන වීදීයේ තිබු මගේ කඩ කාමරය දේශපාලන පළිගැනිම් හේතුවෙන් මට අහිමිකර තිබෙනවා. දශක තුනක කාලයක් මම වැනි තරුණයන් බොහෝ පිරිසක් මේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අතර ඒ හේතුවෙන් අපට සුදුසු තැන නොලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාට යම් වැඩපිළිවෙළක් තිබෙනවාද කියා දැන ගැනීමට කැමතියි.

පිළිතුර:

අප ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කිරීමට සූදානම්. ඔබගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යාමට සුබපතනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ජගත් සමරවික්‍රම, යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් අසංක රත්නායක, ජාතික සංවිධායක විජිත් අනුරාධ යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.