News Category
From Date
To Date
Maximum Number of Result

ගෝඨාභය හෙළිදරව් කළ කුමන්ත්‍රණයෙන් ඔබ්බට

Mar 24, 2024 at 07:08 AM
|

පෙට්‍රල් ලීටර් 33,000 පිරවූ සිපෙට්කෝ බව්සරයක් ගිනි තැබීමට කලහකාරීන් 2022 අප්‍රේල් 19 රඹුක්කන දී උත්සහ කළ අවස්ථාවේදී එය වැළැක්වීමට වෙඩි තැබීමට නියෝග කළ එවකට කෑගල්ල පොලිස් ප්‍රධානි කේ. බී. කීර්තිරත්න අත්අ ඩංගුවට ගැනීම නිසි පරිදි විමර්ශනය නොකර ඊට පසුව රටේ උත්ගත වූ තත්ත්වය තේරුම්ගත නොහැකිය. එසේ අත්අඩංගුවට ගත් කීර්තිරත්න කලහකරුවන් 2022 ජුලි 09, වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවාහැර, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය නිවසට ගිනිතබා, පාර්ලිමේන්තුව වටලන අවස්ථාවේදීත් කීර්තිරත්න සිටියේ ඇප නොමැතිවය. ඔහුට අමතරව තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඇප නොමැතිව සිටියේය. රඹුක්කන සිද්ධියෙන් පසුව පොලිසිය හෝ යුද හමුදාව කලහකරුවන්හට කිසිදු අවස්ථාවක වෙඩි තැබුවේ නැත.

මෙම ලිපිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී එළිදැක්වූ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නම්වූ කෘතිය සම්බන්ධයෙන් කළ විචාරයක් නොවේ.

හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සම්බන්ධයෙන් එම කෘතිය ඉදිරිපත් කර ඇති අතිශය ආන්දෝලණාත්මක අදහස් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් දඬුකඳේ හිරවී සිටීම පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවක් රට තුළ ඇතිවීමට බලපෑමක් කළ යුතුය.

ජාතික මැතිවරණයක් අභියස සිටින බංකොලොත් ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව කුමන හේතුවක් මත හෝ දුර්වල වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු නොවේද?

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර 15 කට පසුවවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකිරීම් සහ සමූල ඝාතන චෝදනා නිෂ්ප්‍රභා කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම පසුබිමේ ඇමෙරිකා එක්සත් ජනපදය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව 2020 පෙබරවාරි 14 වන දින පැනවූ ගමන් තහනම ඔහුට ප්‍රබල බලපෑමක් කළ බවට හිටපු ජනාධිපතිවරයා යෝජනා කර ඇත. (රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව මිරිහානේ පැඟිරිවත්තේ ඔහුගේ පෞද්ගලික නිවාසය අසල 2022 ජුලි 31 දින රාත්‍රියේ කලහකාරී තත්ත්වය ඇතිවූ අවස්ථාවේ යුද හමුදාව එම ප්‍රදේශයට යෙදවුවාද / යෙදවූයේ නොමැතිද යන තත්ත්වය කිසිදු අපහසුවකින් තොරව තහවුරු කරගත හැකිය.)

රට ගිනිගත් 2022 මාර්තු 31, මැයි 09/10 සහ ජුලි 09 දිනවලදී යුද හමුදාවට සහ අනෙකුත් ආරක්ෂක හමුදාවන්වලට නිසි නියෝග නිකුත් නොකිරීම ජෙනරාල් සිල්වා ඇමෙරිකානු බලපෑමට යටත් වීම නිසා සිදුවූවා දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කර ඇත. කෙසේ වෙතත් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවාසය ගිනිතබා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරය අතහැර දැමීමට සිදුවූ ජුලි 09 දින ජෙනරාල් සිල්වා රටේවත් සිටියේ නැත. ඒ වනවිට හමුදාපති ධූරය දැරුවේ වත්මන් හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේය. එවකට ජනාධිපතිවරයා ඔහු එම තනතුරට ජුනි 01 දින පත් කළේය.

ලුතිනල් කර්නල්වරයකු ලෙස 1991 අග විශ්‍රාම ගිය ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජෙනරාල් සිල්වා, ජෙනරාල් ගුණරත්න සහ ලුතිනල් ජෙනරාල් ලියනගේ ද ගජබා රෙජිමේන්තුවේය.

ජනාධිපති ධුරයට අමතරව ආරක්ෂක අමාත්‍ය මෙන්ම සන්නද්ධ හමුදා ප්‍රධානි වූ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්වී ගොඩනැඟූ යහපාලන ආණ්ඩුව 2015 ජිනීවාහිදී කළ මහා පාවාදීම හේතුවෙන් ඇතිවූ තත්ත්වය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ නින්දාසහගත අසමත් වීමයි.

ජිනීවා පාවාදීම පසුබිමේ සමස්ත ආරක්ෂක ක්‍රියාදාමය බිඳ වැටීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ කතුවරයා පලකළ කෙටි අදහස් දැක්වීමට එහා තත්ත්වය වගකිවයුත්තන්ගේ අවධානයට යොමු විය යුතුය. ජිනීවා උගුල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පමණක් ප්‍රශ්නයක් නොවේ. ඔහුගේ දියණියකට ඇමෙරිකාවේ යෑමට අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් ගැටලුවක් ද නොවේ. ජිනීවා මානව හිමිකම් අභියෝගයට නිසියාකාරව මුහුණ දීමට අසමත් වීම නිසා රට පැටලී ඇති අතිශය තීරණාත්මක සහ අර්බුදකාරී තත්ත්වය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට උපාය මාර්ගික වශයෙන් යොදා ගත්තාද ?

බටහිර මෙහෙයවන ජිනීවා උපාය මාර්ගය ආපසු හැරවීමට කටයුතු කිරීමට ගෝඨාභය රජය උනන්දු කිරීමට ජාතික සංවිධාන දැරු උත්සාහය අසාර්ථක විය. ඒ යහපාලන රජය කාලය තුළ ජාතික සංවිධාන ජිනීවා ප්‍රෝඩාවට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුමේ දිගුවක් විය. ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන්, යසස් ධර්මදාස සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර එම කණ්ඩායමේ විය.

ජාතික ආරක්ෂක කවුන්සිලය ඉදිරියේ පවා ජිනීවා තර්ජනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, වෛද්‍ය බණ්ඩාර, නීතිඥ කල්යානන්ද තිරාණගම සහ රජා ගුණරත්න අයත්විය. එම කරුණු දැක්වීම 2022 ජනවාරි 11 සිදුවිය. ඒ 2021 දෙසැම්බර් මාසයේ ඩුබායි හිදී යසස් ධර්මදාස, අජන්ත ප්‍රේමරත්න සහ සුනිල් චන්ද්‍රකුමාර ජිනීවා අභියෝගය සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයාට කළ කරුණු දැක්වීමට අමතරවය. ඒ කිසිදු සාකච්ඡාවක් සාධනීය ප්‍රතිපලයක් ලබා ගැනීමට පුළුවන් වූයේ නැත. මෙම ලියුම්කරුද ජනාධිපති මාධ්‍ය ප්‍රධානි මොහාන් සමරනායක සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සමඟ රාජපක්ෂ ජනාධිපතිවරයාට එතුමාගේ රජය ජිනීවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් විය.

යහපාලන මෙහෙයුමක්

එජාප ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණද (ජවිපෙ) ඇතුළු දේශපාලන පක්ෂ කොටි ත්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය (ද්‍රජාස/Tamil National Alliance) සමඟ 2009 අග භාගයේ සන්ධානගත විය. ඒ එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා අපේක්ෂකයා වශයෙන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටය. පළාත් සභාවකටවත් තරග කර නොමැති හංසයා ලාංඡනය යටතේ ෆොන්සේකා ඡන්දයට ඉදිරිපත් විය. ඊට පසු 2015 (මෛත්‍රිපාල සිරිසේන) සහ 2019 (සජිත් ප්‍රේමදාස) ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේද හංසයා ලාංඡනයෙන්ය. මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ද නැවතත් එම ලාංඡනය කරළියට පැමිණිය හැක.



ශ්‍රී ලංකා ආරක්ෂා හමුදා ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් අවම වශයෙන් 40,000 නැගෙනහිර වන්නි පෙරමුණේ මරා දැමූ බවට ප්‍රකාශ කළ දරුස්මාන් වාර්තාව මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ එම ආන්දෝලනාත්මක යෝජනාව අවම වශයෙන් කැබිනට් මණ්ඩලයේදීවත් සාකච්ඡාවට ලක් නොවූ බවට මෙම ලියුම්කරු මාධ්‍ය සාකච්ඡාවලදී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එවකට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ යහපාලන අමාත්‍ය මහින්ද සමරසිංහ (දැනට වොෂින්ටනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා) පිළිගත්තේය.

වරක් මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් යහපාලන අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් මාධ්‍ය හමුවකදී මෙම ලියුම්කරු ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා කෝපයට පත්විය. අනවශ්‍ය ප්‍රශ්න නඟමින් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට මෙම ලියුම්කරු උත්සහ කරන බවට අමාත්‍යවරයා චෝදනා කළේය.

ජිනීවා උගුලට ශ්‍රී ලංකාව හිර කළේ යහපාලන ආණ්ඩුව බව අවධාරණ කළ යුතුය. එම තීරණය අතිශයින් දේශපාලනිකය. ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව, ඇමෙරිකාව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර ඇතිවූ රහස්‍ය එකඟතාවය 2016 ජුනි මාසයේදී හෙළිදරව් කළේ එම පක්ෂයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාය. එවකට වොෂින්ටනයේ සිටි ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සමඟ ඇමෙරිකාවේ ඔවුන් සහභාගිවූ රැස්වීමකදී එම හෙළිදරව්ව කළ බව අප වාර්තා කර ඇත. ඊට පසුව කාරියවසම් විදේශ ලේකම් ලෙස පත්වීම ලැබීය.

පදනම් විරහිත යුද අපරාධ චෝදනා නියමාකාරයෙන් ප්‍රතික්ෂේප කිරීමට යෝග්‍ය තත්ත්වයක් 2017 ඔක්තෝම්බර් මාසයේදී උදාවිය. හතරවන ඊළාම් යුද්ධය අවසන් කාලයේදී (2009 ජනවාරි -මැයි) කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන් ලන්ඩන් නුවර විදේශ අමාත්‍යාංශයට යැවූ රහස්‍ය ලිපි එම රටේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ වසර තුනක නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ලබාගත් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා 40,000 මරා දැමූ චෝදනාව නිෂ්ප්‍රභ කළේය.

වරක් නේස්බි සාමිවරයා මෙම ලියුම්කරු කොළඹදී 2019 සැප්තැම්බර් මුණගැසුන අවස්ථාවකදී (එම අවස්ථාවට මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන අමල් අබේවර්ධන ද සහභාගි විය) තමන් වෙහෙස මහන්සි වී ශ්‍රී ලංකාවට ලබා දුන් තොරතුරු නිසියාකාරයෙන් පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් පුදුමය සහ කනගාටුව පල කළේය.

යහපාලන විදේශ අමාත්‍යාංශය එම හෙළිදරව්ව කුණු කූඩයට දැමුවේය. නමුත් මාධ්‍ය දිගින් දිගටම එවකට ආණ්ඩුවට නේස්බි හෙළිදරව්ව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම පෙන්වා දීම පසුබිමේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවට පොරොන්දුවක් දීමට පසුබට නොවීය. හිටපු නීතිපතිවරයකු වූ එතුමා ජිනීවා කවුන්සිලය 2019 ආමන්ත්‍රණය කළ අවස්ථාවේදීත් නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සඳහනක් කළේය. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව කළ එම පාවාදීම නිවැරදි කිරීමට දේශපාලන නායකත්වය කටයුතු කළේ නැත.

2019 නොවැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයට සතියකට පෙර එවකට සුව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිඹුලන්ට ආහාරයට ගැනීමට මොනරාගල ජලාශයකට විසිකළ බවට මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළේ ජිනීවා චෝදනා පසුබිමේය. එම ප්‍රකාශය වෛද්‍ය සේනාරත්න කළ චෝදනාවකට වඩා 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රියාත්මක කළ එජාප ප්‍රමුඛ මාධ්‍ය මෙහෙයුමේ ප්‍රධාන අංගයක් ලෙස අවධාරණය කළ යුතුය.

අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ පිහිටුවූ ආණ්ඩුවට කිඹුල් චෝදනාව සහ කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැර ගෙන ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් සතියක් යෑමට පෙර එල්ල කළ පට්ටපල් බොරු චෝදනාව ජනාධිපතිවරයාට සහ රටට එරෙහි ප්‍රබල මාධ්‍ය මෙහෙයුමේ කොටසක් බව සලකා කටයුතු කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොවීය. රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ද ස්විට්සර්ලන්තට තම පවුල සමඟ තානාපති සේවිකාවට පෙර ගුවන් මගින් යෑමද නිසි අවධානයට යොමු වූයේ නැත. ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂට බටහිර බලවේග කකුල් මාට්ටුවක් දැම්මේය.

ස්විට්සර්ලන්තය ජනාධිපතිවරයාගේ අවසරය මත ෆ්‍රැන්සිස්ව ශ්‍රී ලංකාවෙන් පිට කර ගැනීමට කළ දැඩි උත්සාහය වූවානම් තත්ත්වය මීටත් වඩා අයහපත් වීමට තිබිණි.

බරපතළ වරදක්

2019 ජනාධිපතිවරණයේදී ඓ්තිහාසික ජයග්‍රහණයක් හිමිකර ගත් ගෝඨාභය රාජපක්ෂ ජිනීවා අභියෝගයට මුහුණදීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළාද? මානව හිමිකම් පෙරමුණේ වර්ධනය වෙමින් පැවති තත්ත්වය නිසි සමාලෝචනයකට ලක් නොවීය. ඒ වනවිට කිසිදු අධිකරණ පද්ධතියක් තුළ හෝ අවම වශයෙන් නිසි පරීක්ෂණයකට භාජනය නොවූ චෝදනා මත (යම් අවස්ථාවල පුද්ගලයකුට නොව සේනාංකයකට නැතහොත් සමස්ත හමුදාවට) යම් විදේශීය ආණ්ඩු ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර තිබිණි.

එවකට සේවයේ නියුතු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන තම සහෝදරයාව බැලීමට යෑමට කළ වීසා ඉල්ලීම 2016 දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ගජබා රෙජිමේන්තුවට අයත් එම නිලධාරියා 2018 අගෝස්තු මාසයේ විශ්‍රාම යනතුරුම ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිවක් කළේ නැත. 2018. අගෝස්තු 31 දින විශ්‍රාම ගොස් සතියකට පසුව අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ එම නිලධාරියා ගතවන කතාවක් කළේය. ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාව වෙනුවෙන් පෙනී නොසිටීම හේතුවෙන් තමන්ට යුද අපරාධකරුවකු ලෙස විශ්‍රාම යෑමට සිදුවූ බවට චෝදනා කළේය. අද වෙනතුරුත් කිසිදු ආණ්ඩුවක් ගාල්ලගේ ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැත. මෙය එක සිද්ධියක් පමණි. ගාල්ලගේ ට වීසා නොදීම ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් විය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළමුවෙන්ම අසමත් වූයේ එතැනය. එතුමා පත්කළ පළමුවැනි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 2020 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ජිනීවා ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවයි. එසේ ඉවත්විය නොහැකි බව අද වනවිට අවධාරණය වන්නේ ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව නොයෙකුත් රටවල ක්‍රියාත්මක නඩු කටයුතුවලට මානව හිමිකම් කොමසාරිස් පූර්ණ සහයෝගය දෙන තත්ත්වයක් තුළය.

යහපාලන සමයේදී ඇමෙරිකාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වීසා දීම ප්‍රතික්ෂේප කළේය. ඒ එතුමා එවකට ජනාධිපති සිරිසේන සමඟ එක්සත් ජාතීන්ගේ සැසියට යෑමට උත්සහ කළ අවස්ථාවේදීය. 2010 ජනාධිපතිවරණයේදී තමන් ෆොන්සේකා වෙනුවෙන් කැපවූ බව ඇමෙරිකාවට අමතක වූවාද ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී මාස 4 යෑමට පෙර ඇමෙරිකාව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කළේය. ආණ්ඩුව ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේය. නමුත් 2020 පෙබරවාරි 14 දින කළ ඇමෙරිකානු ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහිව ගනු ලබන සමස්ත ක්‍රියාවලියේ කොටසක් ලෙස ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේ නැත. තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් තිබුණේද නැත. ආණ්ඩුව 2022 ජුලි මාසයේ වෙනස් වෙනතුරුම ජිනීවා සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් කළේ නැත.

නේස්බි සාමිවරයා මහත් පරිශ්‍රමයක් දරා ශ්‍රී ලංකාව වෙනුවෙන් සොයාදුන් තොරතුරු නිසි පරිදි ජිනීවා මානව හිමිකම් කොමිසමේ අද වනතුරු පාවිච්චි කළේ නැත.

කැනඩාව 2022 ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනයට ලක් කළ බවයි. ඇමෙරිකාව 2023 අප්‍රේල් මාසයේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩට ගමන් තහනමක් පැනවූ අතර ඊට මාස තුනකට පෙර කැනඩාව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට සම්බාධක පනවා තිබිණි.

රට මුහුණ දෙන අර්බුදය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාගෙන් මෙම ලියුම්කරු 2022 සැප්තැම්බර් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ නිලධාරීන් පමණක් නොව වන්නි පෙරමුණේ සටන් කළ සමස්ත සේනාංක තහනමට භාජනය වී ඇති බවයි. සබ්රි මෙම ප්‍රකාශය කරන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම අතහැර අවසානය. 2015 ජිනීවා යෝජනාවලියට එකඟ වූ එජාප නායක වික්‍රමසිංහ ජනාධිපතිය. ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායකද එතුමාමය.

ගෝඨාභය රාජපක්ෂ කතුවරයා වැඩබලන වික්‍රමසිංහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් ඔහුගේම වචනයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි. ඊට පෙර අමාත්‍ය හරින් ප්‍රනාන්දු වැනි වික්‍රමසිංහ හිතෛෂීන් එජාප නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි මෙහෙයුමට නායකත්වය දුන් බවට කළ ප්‍රකාශය බැහැර කළ නොහැක. කතුවරයා සිංගප්පූරුවේ සිටි අවස්ථාවේ එජාප නායකයා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කර ඇත. “ඒ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබා දීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය සහ සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණ සිටි නිසාය.” (පිටුව 178). රටේ එදා තිබූ තත්ත්වය අවබෝධ කර ගැනීමට එම වාක්‍ය ප්‍රමාණවත්ය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ -
(දිවයින)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.