News Category
From Date
To Date
Maximum Number of Result

‘එට්කා’ ගිවිසුමට එරෙහිව ජනතා පෙළගැස්මක් …

Mar 22, 2024 at 10:13 AM
|

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගෝඨාභය රාජපක්ෂට ලැබුණු ජනවරම ඔහුගේ අසාර්ථකත්වය නිසාම (පසුගියදා ප්‍රකාශයට පත් කළ ඔහුගේ නවතම පොතින් එය කුමන්ත්‍රණයක් බව කීවත්) ඔහුට ක්‍රියාත්මක කිරීමට නොහැකිව ජනාධිපති ධුරය අතහැර රටින් පලා යෑමට සිදු වූ බව ද අපි දනිමු. එසේ ඔහු රටින් පැන ගියේ නිකන්ම නොව තමන්ට මහජනයා දුන් ජනවරම රනිල් වික්‍රමසිංහ වෙත පවරා දෙමිනි. එය ඇත්ත වශයෙන්ම තමන් කෙරෙහි අසීමිත විශ්වාසයකින් ලබා දුන් ජනවරම මේ රටේ මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරයකු වීමටවත්

පසුගිය මහ මැතිවරණයේ දී ජනවරමක් ලබා ගැනීමට අසමත් වූ අයෙකුට පාවා දීමකි. ගෝඨාභයගේ එම ජනවරම සඳහා මේ රටේ ජාතික බලවේග ද විශාල දායකත්වයක් දැක් වූ බව රහසක් නොවේ. එහෙත් අද එම ජාතික බලවේග සිටින්නේ කොතැන ද? එට්කා ගිවිසුම ඇතුළු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන බොහෝ දේවල්වලට එරෙහිව එම ජාතික බලවේග පෙරට පැමිණ ඇත.

මේ පසුබිම තුළ වත්මන් ආණ්ඩුව විසින් 69 ලක්ෂයේ ජනවරමට පටහැනිව දියත් කරමින් සිටින, අප උතුම් මාතෘ භූමිය ඉන්දීය ආධිපත්‍යය යටතට පත් කිරීමේ, තිස් අවුරුදු යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම බන්දේසියක තබා ද්‍රවිඩ බෙදුම්වාදීන්ට පිරිනැමීමේ, මේ රටේ ජනතාව සතු රාජ්‍ය ආයතන දේශීය සම්පත් හා ජාතික උරුමයන් විදේශීය මහා පරිමාණ බහුජාතික සමාගම් වෙත කුණුකොල්ලයට විකුණා දැමීමේ, අපේ අනාගත පරපුරට උන්හිටි තැන් නැති කිරීමේ අදූරදර්ශී, දේශද්‍රෝහී, ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ වහා නවතා දමා 69 ලක්ෂයේ ජනවරමට අනුව කටයුතු කරන ලෙස බල කරමින් ජනතා සංදේශයක් වත්මන් රජය වෙත ඉදිරිපත් කරන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත ජාතික උපදේශක සභාව පවසයි. එම තීරණයට අනුව ප්‍රධාන කරුණු දහයකින් (10) සමන්විත ජනතා සංදේශයක් අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ සියලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත දශලක්ෂයකට අධික මහජන අත්සනින් යුතුව ඉදිරිපත් කිරීමට එම ජාතික උපදේශක සභාව විසින් සැලසුම් කර ඇත. එකී ජනතා සංදේශයේ ඇතුළත් ප්‍රධාන කරුණු දහය පිළිවෙළින් මෙසේ සඳහන් කළ හැකිය.

ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව අද මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ 2019 ජනපතිවරණයේදී හා 2020 මහ මැතිවරණයේදී 69 ලක්ෂයක ජනවරමෙන් අනුමත කරන ලද ප්‍රතිපත්ති මාලාව නොවේ. 2001 – 2004 කාලය තුළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේත් 2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේත් ක්‍රියාත්මක කීරීමට උත්සාහ කොට ජනතා විරෝධය නිසා අතහැර දැමීමට සිදු වූ, ජනතාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන ලද, කිසිදු ජනවරමක් නැති වැඩපිළිවෙළකි.

රටේ පවතින බරපතල ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පොදු මහජනතාව පත්ව ඇති අසරණ හා වික්ෂිප්ත තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ගනිමින් පවතින රටේ හා ජනතාවගේ අනාගත පැවැත්මට දැඩි සේ හානිකර මතු සඳහන් අදූරදර්ශී පියවරයන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේත් බොදු මහජනතාවගේත් දැඩි කනස්සල්ලට හා කම්පාවට හේතු වී ඇත.

උතුරු නැගෙනහිරට පොලිස් බලතල හැර අනිත් සියලු බලතල ලබා දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සපුරා ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. එවිට පූර්ණ පෙඩරල් පාලනයක් ඇති වේ. සම්බන්දන්ලා ඉල්ලා සිටින්නේ පූර්ණ පෙඩරල් පාලනයකි. දැනටමත් ඉඩම් හා මූල්‍ය බලතල උතුරු නැගෙනහිරට ප්‍රායෝගික වශයෙන් ලබා දී ඇත. ඊළම කරා යෑමට තව තැබීමට ඇත්තේ එක පියවරකි. පළාත් සභා ඡන්ද පැවැත්වීමෙන් පසු ඒ පියවර තැබීමට හැකිවනු ඇත.

බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් පරිදි සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සඳහා ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මේ නව පනත සම්මත කිරීමෙන් සිදුවන්නේ තිස් අවුරුදු යුද්ධය නිම කොට රට බේරා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ රණවිරුවන්ට යුද අපරාධකරුවන් සේ සලකා දඬුවම් කිරීම සඳහා යහපාලන ආණ්ඩු කාලයේ පනවා ඇති පනත් 7 ක් බලගැන්වීම සහ රට නැවත බෙදුම්වාදයට යට කිරීමයි. එය මහා ඓතිහාසික පාවාදීමකි.

ආණ්ඩුව මහජනතාවට පාර්ලිමේන්තුවට හෝ ඇමැති මණ්ඩලයට නොපෙන්වා තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව බදු සහන යටතේ තායිලන්ත බඩුවලින් ලංකා වෙළෙඳ පොළ පිරී ගොස් දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටෙනු ඇත. මේ අත්තනෝමතික තීරණය නිසා වන්දි ගෙවන්නට සිදු වන්නේ සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වන මේ රටේ සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන්ට ය.

මහජන විරෝධය නිසා 2017 දී අත්සන් කිරීමට නොහැකි වූ සේවා වෙළෙඳාමට ඉන්දියාවට ඉඩ සලසන සහ ඉන්දියානුවන්ට අපේ රටට කඩා වැදී වෙළෙඳාමෙහි යෙදීමට, සේවා සැපයීමට හා රැකියා අවස්ථා ලබා ගැනීමට ඉඩ සලසන එට්කා ගිවිසුම, 2024 අප්‍රේල් මස අත්සන් කිරීමට දින යොදා ගෙන ඇත. මේ ගිවිසුම අත්සන් කිරීමේ ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ ලක්ෂ ගණන් ඉන්දියානුවන් අපේ ශ්‍රම වෙළඳපොළට කඩා වැදී ලාබෙට ශ්‍රමය සැපයීමට ඉදිරිපත්ව අපේ ශ්‍රම වෙළඳපොළ ඩැහැගැනීමත් අපේ ඉදිරි පරපුරට උන්හිටි තැන් අහිමිව රට හැර යෑමට සිදු වීමත් ය.

එසේම සේවක හා මහජන විරෝධය නොතකා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, නාරාහේන්පිට ලංකා රෝහල, ටෙලිකොම් ආයතනය, පශු සම්පත් මණ්ඩලය හා සම්බන්ධ රජය සතු ගොවිපොළවල් 32 ක් සහ තවත් රාජ්‍ය ආයතන 54 ක් විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීම සඳහා පිඹුරුපත් සකස් කොට ඒ සඳහා විශේෂිත ආයතනයක් හා ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත.

රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බවත්, නීති 42 ක් සම්මත කරගෙන තිබෙන බවත්, තව නීති 62 ක් ගේන්න තියෙන බවත්, සිංහරාජය, හෝර්ටන්තැන්න ඇතුළු ජාතික වනෝද්‍යානවලට අලුත් නීති ගෙන එන බවත් ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළේය. රාජ්‍ය සංස්ථා සමාගම් බවට පත් කරන්නේ ඒවා විකුණා දැමීම සඳහා ය. සිංහරාජය හා හෝර්ටන්තැන්න ද විකුණන ලැයිස්තුවට ඇතුළත් වී ඇති බව එයින් පෙනේ. මේවා රටේ සමස්ත ජනතාව සතු සම්පත් ය, ජාතික උරුමයන් ය. ඒවා විකුණා දැමීමේ අයිතියක් කිසිම ආණ්ඩුවකට නැත.

9ග කොළඹ, ත්‍රිකුණාමලේ හා කන්කසන්තුරේ වරායවල් ආශ්‍රිත කටයුතු, කටුනායක, මත්තල, රත්මලාන, මඩකලපුව හා යාපනේ ගුවන් තොටුපළවල පාලනය, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි හා වරාය ආශ්‍රිත සංවර්ධන කටයුතු, ශ්‍රී ලංකන් ගුවන් සේවය, රටේ බලශක්ති සුරක්ෂිතතාවය අදානිලා, අම්බානිලා, ටාටලා වැනි මහා පරිමාණ ඉන්දීය ව්‍යාපාරිකයන් අතට පත් කිරීමේත්, එට්කා ගිවිසුම අත්සන් කිරීමේත්, ධනුස්කොඩිය හා තලෙයිමන්නාරම යා කරන පාලම ඉදිකොට එහි සිට ත්‍රිකුණාමලය දක්වා නව දුම්රිය මගක් ඉදිකිරීමේත් අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අපේ රට ඉන්දියාවේ පූර්ණ යටත් විජිතයක් බවට පත් විමයි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 2020 වර්ෂයේදී නිකුත් කරන ලද විකල්ප ව්‍යවස්ථා යෝජනාවලිය මගින් ජාත්‍යන්තර සම්බන්ධතා හා ගිවිසුම් සම්බන්ධයෙන් හා මහජනයා සතු සම්පත් අන් අයට පැවරීම ඇතුළු වර්තමානයේ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වී ඇති බොහෝ කරුණු සම්බන්ධයෙන් එවකට පැවති රජය ඇතුළු අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කොට නැත.

මේ අනුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ආණ්ඩුවට බලකර මෙසේ කියා සිටී.

‘69 ලක්ෂයේ ජනවරමට පටහැනිව, ආණ්ඩුව රටට, ජාතියට හා ජනතාවට එරෙහිව සිදු කරන මේ අත්තනෝමතික අමනෝඥ ක්‍රියාවලින් සිදුවන්නේ නිදහස් ස්වාධීන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වීමයි. එය කිසිදා සමාව දිය නොහැකි මහා පාවාදීමකි, බරපතල දේශද්‍රෝහී අපරාධයකි. මේ මහා පාවාදීමේ ක්‍රියාවලිය වැළැක්වීම පිණිස ගත හැකි සෑම පියවරක් ම ගෙන ඒවා වැළැක්වීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් අගමැතිතුමා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති බව මේ රටේ බහුතර බෞද්ධ ජනතාව නියෝජනය කරමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ලෙස අපි ඔබ සියලු දෙනා වෙත දන්වා සිටිමු.’

මේ අනුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පහත සඳහන් කරුණු ක්‍රියාත්මක නොකරන ලෙස මේ ආණ්ඩුවට බලකර කියා සිටී.

● 13 වැනි සංශෝධනය සපුරා ක්‍රියාත්මක නොකරන ලෙස

● ‘එට්කා’ අත්සන් කිරීමෙන් වළකින ලෙස

● රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීමෙන් වළකින ලෙස සහ

● සත්‍ය සෙවීමේ කොමිසම් පනත ඉවත් කර ගන්නා ලෙස

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් මේ බව කියා සිටින්නේ නිකන්ම නොව මහජන අත්සන් දශ ලක්ෂයකට අධික පෙත්සමක් අත්සන් කිරීමෙන් බව එහි සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පවසයි. මේ ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (20) කොළඹ 07ල සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ ගිහි පැවිදි විද්වත් පිරිසකගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැති අතර එයට විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය බලංගොඩ සෝභිත නාහිමි, මහාචාර්ය පූජ්‍ය

කොන්ගස්තැන්නේ ආනන්ද නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි, අමරපුර මහා නිකායේ කල්‍යාණ වංශික පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කොටපල අමරකිත්ති අනුනාහිමි, පුජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි, රාජකීය පණ්ඩිත වල්පොල පියරතන හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සමලේකම් ඉෂාන් බුද්ධික එදිරිසුරිය, සේනක කුමාරසිංහ, මේජර් ජනරල් ජගත් ඩයස්, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ සුරේන් අභයගුණසේකර ඇතුළු පැවිදි සහ ගිහි පිරිසක් එක්ව සිටියහ. ඒ අය එක්ටා ගිවිසුම ඇතුළු රටට අහිතකර වෙනත් යෝජනා සහ ගිවිසුම් ගැන විරෝධය පළ කරමින් අදහස් ප්‍රකශ කළහ. මෙම දශලක්ෂයක මහජන පෙත්සමට අත්සන් කිරීම ආරම්භ කෙරුණේ ඉන් පසුවය. මුලින්ම ගරුතර මහා සංඝරත්නය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීමෙන් පසුව මහා සංඝරත්නය විසින් එම ජනතා සංදේශයට අත්සන් තබන ලදි. ඉන් පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගිහි විද්වතුන් මාධ්‍ය හමුවේ දී කෙටියෙන් අදහස් දැක්වීම් සිදු කළහ. ඉන් පසුව ඔවුන් ද එම ජනතා පෙත්සමට අත්සන් තැබීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානය ඉදිරිපිට තනා ඇති විශේෂ කුටියක දී සිදු කෙරිණි. මේ සංදේශයට ඊයේ (20) එම ගිහි පැවිදි පිරිසගේ අත්සන් තැබීමෙන් පසු සාමාන්‍ය ජනයාගෙන් අත්සන් ගැනීම ආරම්භ කෙරිණි. ලබන බදාදා (27) දක්වා සතියක කාලයක් මේ සඳහා අත්සන් කිරීමට මහජනයාට අවස්ථාව ලැබේ. එසේම රට පුරා බෞද්ධ විහාරස්ථාන හරහා ද මේ සඳහා මහජනයාගේ අත්සන් එකතු කර ගැනීමට කටයුතු සලසන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පවසයි.

මේ කරුණු කාරණා ගැන තවදුරටත් දැනුවත් වී තම යුතුකම ඉටු කිරීමට මෙන්ම තම මහජන වරම අවභාවිත කිරීමට එරෙහිව පෙරට ඒමට මහජනයා කටයුතු කළ යුතුව තිබේ. මේ නිසා රජය මේ ජනතා හඬට කන් දෙමින් කළ යුතුව තිබෙන්නේ කිසියම් භාරකාර පාලනයක් ගෙන යෑම පමණක් බව අපගේ අදහසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21 දා) සවස සිදුවීමට නියමිතය. මේ හමුව සඳහා ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා වෙත ආරාධනා කර ඇත. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එම දේශපාලන කරුණු සාකච්ඡා කරන අතරම විශේෂයෙන් ඉදිරි ජාතික මැතිවරණ තෙක් 69 ලක්ෂයේ ජනවරමට එරෙහිව කටයුතු නොකරන ලෙස ජනපතිට සිහිපත් කිරීමට බැසිල් රාජපක්ෂට හැකියාවක් තිබේ ද යන්න ගැන නම් අප දන්නේ නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

shyam.divaina@gmail.com

https://divaina.lk/%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80-%E0%B6%A2%E0%B6%B1/

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.