News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති පුටින්ගේ දැවැන්ත ජයග්‍රහණය බටහිර මැදිහත්වීමේ අසාර්ථක බව සනාථ කරනවා - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන්

Mar 21, 2024 at 01:43 PM
|

(ද අයිලන්ඩ් පුවත්පතේ ඊයේ(20) දින පළ වූ, ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ  විසින් මෙරට රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන් මහතා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය - පරිවර්තනය කළේ, ජීවන්ත ජයතිස්ස)

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන් ඊයේ (20) පළවූ "දි අයිලන්ඩ් පුවත් පත" සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ යුක්‍රේන යුද්ධය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීමට එක්සත් ජනපදය ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් සහමුලින්ම අසාර්ථක වූ බව පසගියදා  අවසන් වූ රුසියානු ජනාධිපතිවරණයෙන් වත්මන් නායක ව්ලැඩිමීර් පුටින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම මගින් ඔප්පු කළ බවයි.

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල මැතිවරණ වලදී සිදුවන බාහිර කූටෝපායන් සම්බන්ධයෙන් සඳහන් කළ රුසියානු තානාපතිවරයා, බටහිර අපේක්ෂාවන්ට පටහැනිව රුසියානු ඡන්දදායකයින් ඔවුන්ගේ වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ ඡන්ද බලය පාවිච්චි කළ බව අවධාරණය කළේය.

රුසියානු නායකයාට වසර හයක නැවුම් ධූර කාලයක් ලබා දුන් පෙර නොවූ විරූ ජයග්‍රහණය සහ රුසියානු යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්,“ රුසියාව සිදු කරන්නේ යුක්රේනයට එරෙහි යුද්ධයක් නොවේ. එම යුද්ධය යුක්රේනයේ වියදමින් යුක්රේන භූමියේ රුසියාව සහ සාමූහික බටහිර අතර යුද්ධයක්. යුක්රේනය රුසියාව පරාජය කිරීමට ලීවරයක් ලෙස භාවිතා කරනවා." යනුවෙන් පැවසීය.

රුසියාව යටපත් කිරීමේ මිල අධික නමුත් ව්‍යසනකාරී බටහිර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රුසියානු ජනතාව එකඟ නොවන නිසා ජනතාව පුටින් ජනාධිපතිවරයා වටා රොක් වූ බව තානාපතිවරයා අවධාරණය කළේය.

බටහිර රාජ්‍යන් විසින් ප්‍රකාශ කරන ලද සැක මුසු කළ ව්‍යාජ මත බැහැර කරමින් රුසියානු තානාපතිවරයා “බටහිර රටවල ජනාධිපති පුටින් තරම් ජනප්‍රිය නායකයින් කිසිවෙක් නැහැ. එය සැම දෙනාම දන්නවා. රුසියාව ගත් ස්ථාවරයට ගෝලීය දකුණේ සහ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සාමාන්‍ය ජනයාගේ ප්‍රතිචාරය ඉතා ඉහළයි.අපි බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා පෙනී ඉන්නවාඅ. රුසියාව සහ එක්සත් ජනපදය අතර විශාල වෙනස එයයි," යනුවෙන් පැවසීය.

ගෝලීය දකුණ එනම් ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා පැවසුවේ රුසියාව ගෝලීය දකුණ සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවත් ඔවුන් බටහිර ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත්ය. පසුගිය ජූලි මාසයේදී ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රුසියානු-අප්‍රිකා සමුළුවේ ඇති මුලික වැදගත්කම අවධාරනය කරමින්,රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ රුසියාව සහ අප්‍රිකානු ජාතීන් අතර දේශපාලන, ආරක්ෂාව, ආර්ථික සබඳතා, විද්‍යාව, තාක්ෂණය, සහ සංස්කෘතික හා මානුෂීය ක්ෂේත්‍ර  ඇතුළු සමාජයේ සෑම ක්ෂේත්‍රයකම විස්තීර්ණ හා සමාන සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අදහස් කරන බවයි. .

බටහිර මාධ්‍ය සහ වෙනත් විවිධ  පාර්ශ්ව විසින් පවසන පරිදි යුක්රේනයේ රුසියාව සහ බටහිර අතර යුද්ධය රුසියානු ආර්ථිකය දුර්වල කළේ දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රුසියානු ආර්ථිකය ශක්තිමත් බව අවධාරණය කළේය. දළ දේශීය නිෂ්පාදිතය අනුව රුසියාව අංක 5 ස්ථානයට පත්ව ඇති අතර එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ ජපානය ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. "යුරෝපයේ, අපි අංක එකේ ආර්ථිකය බවට පත්වී තිබෙනවා", බටහිර සම්බාධක ඔවුන්ගේ නායකයින් බලාපොරොත්තු වූ දේ සාක්ෂාත් කර නොගත් බවඅවධාරණය කරමින් තානාපතිවරයා පැවසීය.

රුසියාවට පැනවූ සම්බාධකවලින්  අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට බටහිරට නොහැකි වූ බව ප්‍රකාශ කළ තානාපතිවරයා, බටහිර සම්බාධක වලින් ශ්‍රී ලංකාව ද ප්‍රතිලාභ ලැබූ බව පැවසීය. “යුරෝපීය සම්බාධක හේතුවෙන් රුසියානුවන්ට යුරෝපයට යා නොහැකි වුනා. ඒ නිසා ඔවුන් තායිලන්තය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සංචාරය සඳහා තෝරා ගත්තා. සම්බාධක පැනවීමට තීරණය කළ අයට ශ්‍රී ලංකාව ද කෘතඥ විය යුතුයි.” තානාපතිවර්යා පැවසීය

2022 පෙබරවාරි අගදී ජනාධිපති පුටින් බටහිර 'බොරු අධිරාජ්‍යයක්' ලෙස හැඳින්වූ බව රුසියානු තානාපතිවරයා සිහිපත් කළේය. එලෙස කරනු ලැබුවේ ඔවුන්ගේ මූලෝපාය බොහෝ දුරට පදනම් විරහිත චෝදනා මත රඳා පැවතීම නිසා බව පැවසූ තානාපතිවරයා රුසියානු ජනාධිපතිවරණය අඩපණ කිරීමට ඔවුන් ගත් උත්සාහයන් පරාජය වූ පසු ජනාධිපති පුටින්ගේ අතිවිශිෂ්ට ජයග්‍රහණය සමච්චලයට ලක් කිරීමට උත්සාහ කර බව පෙන්වා දුන්නේය.

2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සඳහන් කළ ඔහු ජනාධිපති සදාම් හුසේන් සතුව "මහා විනාශකාරී අවි"  ඇති බවට අසත්‍ය ප්‍රකාශයන් පදනම් කරගනිමින් එලෙස ආක්‍රමණ්ය කළ බව ප්‍රකාශ කළේය. ඔවුන් මේ දක්වා අවම වශයෙන්  "මහා විනාශකාරී අවි" එකක්වත් සොයාගෙන තිබෙනවාද යනුවෙන් ප්‍රශ්න කළේය.

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගවීම ඉල්ලා සිටින අතරවාරයේ ගාසා තීරයේ ඊශ්‍රායල ම්ලේච්ඡ හමුදා ප්‍රහාරයට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ප්‍රතිචාර නොදැක්වීම ඔවුන්ගේ කුහකකම හෙළිදරව් කරන බව රුසියානු තානාපතිවරයා  අවධාරණය කළේය. 

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා 2022 ජූනි මාසයේදී කටුනායක ගුවන් තොටුපලේදි එරොෆ්ලොට්  ගුවන් යානය ගුවන්ගත කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල නැවත අවධාරණය කළේය. එම සිදුවීම කිසිදු තත්වයක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බව පෙන්වා දුන් තානාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ව්‍ය්වස්ථාදයකයින්  ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයන් අගය කිරීමටද කටයුතු කළේය.

කෙසේ වුවද එරොෆ්ලොට් ගුවන් සේවය  2022 ඔක්තෝබර් මස නැවත සේවා ආරම්භ කිරීමෙන් පසු රුසියානුවන් 230,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පෙනවා දුන් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව එම වැරැද්ද නැවත නොකරනු ඇතැයි තමා අවංකවම බලාපොරොත්තු වන බව අවධාරණය කළේය.

රුසියාව, චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය විසින් 2006 දී දියත් කරන ලද BRICS සංවිධානයේ වර්ධනයෙහි  වැදගත්කම පිළිබඳව රුසියානු තානාපතිවර්යා සාකච්ඡාවේදී කරුණු දැක්වීය. 2011 දී දකුණු අප්‍රිකාව BRICS හා සම්බන්ධ වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඉතියෝපියාව සහ ඊජිප්තුව ඇතුළත් වීමත් සමඟ සමූහය තවදුරටත් පුළුල් වී ඇති බව තානාපතිවරයා පැවසුවේය.ලෝකයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ (DDP ) BRICS සාමාජිකයන්ගේ 2020 වසරේ ප්‍රතිශතයන් උපුටා දක්වමින්  මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (PPP) අනුව සංවිධානයේ ශක්තිය අවධාරණය කළේය.

තනාපතිවරයාට අනුව ජනාධිපති පුටින්ගේ ජයග්‍රහණය BRICS වෙත විශාල ශක්තියක් ලැබී තිබේ.

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ යම් තරමකට පෙලගැසී ඇති බවට ඇති මතයට එරෙහිව රුසියාව ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ බටහිර රටවල් මෙන් රුසියාව දේශීය කටයුතුවලට මැදිහත් නොවන බවයි. "අපි මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සහ අනෙකුත් ගැටළු පිළිබඳව අපගේ මතය ප්‍රකාශ කර නොමැති අතර දේශීය ගැටලුවලට මැදිහත් නොවන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටීමට කැමැත්තෙමු." යනුවෙන් පැවසීය.

 යුක්රේනය තුළ ප්‍රංශ පාබල හමුදාවන් යෙදවීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ ඒ වෙනුවට ප්‍රථමයෙන් ප්‍රංශ ගොවි ප්‍රජාව විසින් මතු කරන ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවත් පැරිස් සහ අනෙකුත් ප්‍රංශ නගරවලින් කුණු ඉවත් කළ යුතු බවත්ය.

යුක්රේනය ඇතුළු විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙතෙක් දැක්වූ සමබර මධ්‍යස්ථ ප්‍රතිපත්තිය  ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට රුසියාව සූදානම් බව පැවසූ තානාපතිවරයා, කවුරුන් දේශපාලන බලය දැරුවද ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට සූදානම් නමුත් කොළඹපරිපාලනය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

"බටහිර රටවල දැඩි බලපෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඉන්දියාව ද යුක්රේන ප්‍රශ්නයේදී පාර්සහවයකට නතුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළා. අපි කැමතියි ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටවල් අතරට සිටිනවා දකින්න." තානාපතිවර්යා පැවසුවේය.

නවදිල්ලිය එක්සත් ජනපදය ප්‍රමුඛ ‘ක්වාඩ්’ සංවිධානයට එක්වීමේ පසුබිමට එරෙහිව රුසියාව-ඉන්දියා සබඳතා පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ දෙරට ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන බවයි. රුසියාවට එරෙහි සම්බාධකවලට සම්බන්ධ නොවීම නිසා ඉන්දියාවට වාසි වූ බව පැවසූ තානාපතිවරයා චීනය මෙන්ම ඉන්දියාව ද රුසියානු තෙල් ප්‍රධාන ආනයනකරුවෙක් වූ බවත් ඉන්දියාව වෙනත් රටවල් සමඟ සබඳතා පවත්වමින් මොස්කව් පරිපාලනය සමඟ කටයුතු කිරීම අගය කරන බව පෙන්වා දුන්නේය.

එක්සත් ජනපදය සහ අනෙකුත් නේටෝ රටවල් ඇෆ්ගනිස්ථානය අතහැර දැමූ ආකාරය සිහිපත් කරමින්,තානාපතිවරයා කියා සිටියේ ඇෆ්ඝනිස්ථානය රැක ගන්නා බවට පොරොන්දු වී බටහිර බලවතුන් කාබුල් නගරයෙන් පලා ගිය ආකාරය මුළු ලෝකයම තේරුම් ගත්තද යුක්රේනය පාඩමක් ඉගෙන ගෙන නොමැති බව අවධාරණය කළේය.

කියෙව් වෙත පියාසර කළ  එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ගේ මැදිහත්වීම  හේතුවෙන්  යුද්ධය දිගටම කරගෙන යාමට යුක්‍රේනයේ රූකඩ පාලනය තල්ලු නොකළේ නම් යුක්රේන යුද්ධය වළක්වා ගත හැකිව තිබූ බව රුසියානු තානාපතිවරයා පැවසීය. එසේ නොවුණා නම් සාම ගිවිසුමක් අත්සන් කිරීමට තුර්කිය ගත් උත්සාහය සාර්ථක වීමට ඉඩ තිබූ බවද තානාපතිවරයා  පැවසීය.

NEWSPrez Putin’s massive victory proves failure of Western intervention – Russian envoy

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.