මම දේවාලෙට එනවා... අපහාස කළාට නඩු දානවා - කතරගම දේවාලයේ ප්‍රධාන කපු සොමිපාල කියයි
‘‘මට දේවාලෙට යන්න දෙන්න බැහැ කියලා නවත්වන්න කාටවත් බැහැ. මම දේවාලයට එනවා’’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල තිඹිලත් රත්නායක පවසයි.
එවැනි නියෝගයක් කිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේට හැකියාවක් නැතැයිද හෙතෙම පවසයි.
‘‘මට දේවාලයට එන්න එපා කියලා අපහාස කළාට රුපියල් කෝටි පහක් ඉල්ලලා නඩු දාන්න මගේ නීතිඥයෝ හෙට (21 වැනිදා) පියවර ගන්නවා’’ යැයිද හෙතෙම සඳහන් කරයි.
‘‘මම මහා දේවාලයේ උත්සවවලට විතරයි යන්නේ. අලුත් අවුරුදු උත්සවයට මම දේවාලයට යනවා. මේ යකාට ඕවා කරන්න දෙන්න බැහැ’’ යැයිද හෙතෙම පැවසීය.
රුහුණු මහා කතරගම දේවාලයට අංගොඩ ලොක්කාගේ බිරිඳ පූජා කළ රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධව චෝදනාවට පෙරේදා (18 වැනිදා) සිට දේවාල මාලිගාවට ඇතුළු නොවන්නැයි ප්‍රධාන කපුරාල හා ගබඩා භාරව සිටි චූටි කපුරාලට බස්නායක නිලමේ විසින් ලිඛිතව දැනුම් දී තිබේ. රන් තැටියක් පූජා කළා යැයි කියන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් එවැනි දෙයක් පූජා නොකළ බවට පසුව ප්‍රකාශ ලබාදී ඇති බවද ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක පවසයි.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්