
පුටින්ගේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව කළ කථාවේ ප්‍රධාන කරුණු
ඉතිහාසගත ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වූ ප්‍රකාශිත ඡන්දවලින් 87%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ රාත්‍රියේ රුසියානු ජනතාව ඇමතීය.
ඉරිදා රාත්‍රියේ මොස්කව්හි ප්‍රචාරක මූලස්ථානයේදී ජනාධිපති පුටින් කළ කතාවෙන් සහ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල ප්‍රධාන උපුටා ගැනීම් පහත පරිදිය.
1) පුටින්ගේ සිහිනය
“මම ශක්තිමත්, ස්වාධීන, ස්වෛරී රුසියාවක් ගැන සිහින මැව්වා,” යනුවෙන් පුටින් පැවසුවේ ලබාගත් ඡන්ද ප්‍රතිඵලය “රුසියානු ජනතාව සමඟ අප සැමට මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසනු ඇති” බවට වන ඔහුගේ බලාපොරොත්තුව ප්‍රකාශ කරමිනි.
2) වාර්තාගත මැතිවරණ ප්‍රතිඵලය
රුසියාවේ පුරවැසියන් රුසියාව අත්විඳින වර්තමාන තත්ත්වය වටහාගෙන බොහෝ දේ ඔවුන් මත රඳා පවතින බව තේරුම් ගෙන ඇති බව පුටින් අවධාරණය කළේය.
“වර්තමාන තත්වය හේතුවෙන්, රුසියානු සමූහාණ්ඩුව හෙවත් අපේ මව්බිමේ පූර්ණ, ස්වෛරී, සුරක්ෂිත සංවර්ධිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපගේ පුරවැසියන්ගේ අත්වල ආයුධ රඳවා තබා ගනිමින් කටයුතු කිරීමට අපට සිදුවී ඇත.” පුටින් සඳහන් කළේය.
මෙවර මැතිවරණය 74% ඉක්මවන වාර්තාගත ප්‍රකාශිත ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් සනිටුහන් වූ අතර පුටින් එම ඡන්ද වලින් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. ඒකීය එහෙත් ජනවර්ග රැසක් ජිවත් වන රාජ්‍යයකට මෙම මැතිවරණ ප්‍රතිඵලය යහපත් වන අතර රුසියාව වැනි බහු වාර්ගික රටකට ඒවා අද්විතීය ලෙස සුවිශේෂී වන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අනාගත අභියෝග
රට අභියෝග රැසකට මුහුණ දෙන බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා රුසියානු ජනතාව සමගියෙන් සිටියහොත් එම අභියෝගයට මුහුණ දෙන බව ඔහු සඳහන් කළේය.
“අපට ඉදිරියේදී බොහෝ කාර්යයන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපි එකමුතුව සිටීමෙන් කිසිවෙකුට අපව බිය කිරීමට හෝ මර්දනය කිරීමට හැකිවන්නේ නැහැ. මීට පෙර කිසිවෙකු රුසියාව බිඳ වැට්ටවීමට ගත් ක්‍රියා මාර්ග සාර්ථක වූයේ නැහැ. එය දැන් මේ මොහොතේදී සාර්ථක නොවූ අතරම අනාගතයේදී කිසිදා සාර්ථක නොවනු ඇත. ”
“අපට විශාල සංවර්ධන න්‍යාය පත්‍රයක් තිබෙනවා. ජනතාව එය හදවතින්ම තේරුම් ගෙන තම මාතෘභූමිය සංවර්ධනයට සහ ශක්තිමත් කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමට ඉදිරියට පැමිණියා. මෙම මැතිවරණ ප්‍රතිඵලය එම කාර්යයන් ඉටු කර ඉලක්ක කරා ළඟා වන බවට සහතිකයක් බව කිව යුතුයි." ඔහු පැවසුවේය.
යුක්රේනයේ දේශසීමා ආක්‍රමණ සහ 'යුද මුක්ත කලාපය'
පසුගිය සතිය පුරා යුක්රේන කඩාකප්පල්කාරී කණ්ඩායම් රුසියානු භූමියට කඩා වැදීමට ගත් බහුවිධ උත්සාහයන් ව්‍යර්ථ කර ඇති අතර, පුටින් පැවසුවේ සතුරා පන්දහසක පමණ පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ගෙන් 40% ක් පමණ වන පිරිසක් දිවි අහිමි කර ගෙන ඇති බවයි.
“අපේ භූමියට හොර රහසේ ඇතුළු වූ අයගෙන් 100%ක්ම විනාශය අත්පත් කරගත්තා... සතුරාට ‘මස් ඇඹරුම් යන්ත්‍රයක්’ අවශ්‍ය නම් - අපි එයින් පවා ප්‍රයෝජන ලබනවා.
මේ සම්බන්ධයෙන් කියෙව් පරිපාලනය අදහස් දක්වමින් කියා සිටියේ මෙම මෙහෙයුම පැරාමිලිටරි ඒකක විසින් සිදු කරන ලද බවත්, ඔවුන් රුසියාවෙන් පලාගියවුන්ගෙන් සහ පලාගිය නව-නාසිවරුන්ගෙන් සැදුම්ලත් සහයෝගිතා බලකායක් බවයි. පුටින් කඩාකප්පල්කාරීන් සමාන කළේ දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු නාසි අණ යටතේ සටන් කළ ව්ලසොව් හමුදා සහයෝගිතාකරුවන්ට ය.
"එදා එම ද්‍රෝහීන්, එම දුෂ්ඨ නාසීන්ගේ පාර්ශවය සමඟ එක්ව සටන් කළ අතර, වර්තමානයේ නව- නාසිවරුන්ගේ පාර්ශවය සමඟ සිට ගනිමින් සටන් කරන ඒ හා සමාන මිනිසුන් පිරිසක්." ජනාධිපතිවරයා අවධාරණය කළේය. "එහෙත් දෙවන ලෝක යුද සමයේ ඔවුන් අවසන් වූයේ කෙසේදැයි අපි කවුරුත් දනිමු."
යුක්‍රේන දේශසීමා ප්‍රදේශ වල ජීවත්වන රුසියානු වැසියන් යුක්රේන ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා, රුසියාවට යම් අවස්ථාවක දී කියෙව් පාලන ප්‍රදේශවල ස්වාරක්ෂක කලාපයක් පිහිටුවීමට පවා "බල කළ හැකිය". රුසියානු හමුදා විසින් "ප්‍රධාන වශයෙන් විදේශීය සම්භවයක් ඇති" ආයුධවලින් සතුරාට ජය ගැනීම තරමක් අපහසු වන ආරක්ෂක කලාපයක් ස්ථාපිත කරනු ඇත. එලෙසම "අපි එය සුදුසු යැයි සලකන මොහොතකදී ගොඩ නැගෙනු ඇත." පුටින් තවදුරටත් පැවසීය.
යුක්රේනය සමඟ සාකච්ඡා
"විරුද්ධවාදියාගේ පතොරම් අවසන් වී ඇති" නිසා පමණක් නොව, දිගු කාලීනව හොඳ අසල්වැසි සබඳතා ඇති කර ගැනීමට විරුද්ධවාදීන් බැරෑරුම් ලෙස කටයුතු කරන තාක් මොස්කව් සැමවිටම සාම සාකච්ඡාවලට කැමැත්තක් දක්වයි.
රුසියාව ජාතික අවශ්‍යතා සමඟ පෙළගැසෙන්නේ නම්, විවිධ අවස්ථා සලකා බැලීමට සූදානම් බව ඔහු පැවසීය. එහෙත් කියෙව් වත්මන් නායකත්වය සමඟ මොස්කව්හි සාකච්ඡා තහනම් කර ඇති නිසාත්, ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිට මැතිවරණයක් පැවැත්වීමට අදහසක් නැති නිසාත්, “එහිදී සාකච්ඡා කළ යුත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීමට පවා “වේදනීය පර්යේෂණ” අවශ්‍ය වනු ඇති” බව පුටින් සඳහන් කළේය.
නේටෝ සමග ගැටුම
නේටෝව සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීමේ සම්භාවිතාව ගැන කිරා මැන බලමින් පුටින්, “නූතන ලෝකයේ ඕනෑම දෙයක් විය හැකි” බව පැවසූ අතර එය “පූර්ණ පරිමාන තුන්වන ලෝක යුද්ධයකට එළබීමට ඇට්තේ එක් පියවරක් පමණක් වනු ඇති” බවට අනතුරු ඇඟවීය.
"කිසිවෙකු තුන්වන ලෝක යුද්ධයකට උනන්දු යැයි මම සිතන්නේ නැහැ." ඔහු තවදුරටත් අවධාරණය කළේ, යුක්රේනයේ හමුදා යෙදවීමට එක්සත් ජනපදය ප්‍රමුඛ කඳවුරේ ඇති අභිලාශය සම්බන්ධයෙන් මොස්කව් හොඳින් දන්නා බවද පුටින් පැවසීය.
නේටෝ ප්‍රාන්තවල ස්වේච්ඡා සටන්කාමීන් අතිශය භයානක තත්වයන්ට මුහුන දී සිටින බව සඳහන් කරමින්, "මෙම යුද්ධය තුළ ඔවුන්ට යහපත් දෙයක් ලැබෙන්නේ නැහැ. මුලිකවම ඔවුන් එහිදී විශාල වශයෙන් මිය යන නිසා" යැයි පැවසීය.
Putin’s dream, Russian unity, conflict with NATO: Key takeaways from victory speech
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
