පුටින්ගේ ඓතිහාසික ජයග්‍රහණයේ නිල ප්‍රතිඵලය
රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම (CEC) විසින් ඊයේ(19) ප්‍රකාශයට පත් කරන ලද 2024 රුසියානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලවලට අනුව ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස නැවත තේරී පත්වී තිබේ.
එහිදී පුටින් ප්‍රකාශිත ඡන්ද වලින් 87.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් වේ. පුටින් මෙවර ඉදිරිපත් වූයේ ඔහුගේ පස්වන ජනාධිපති ධුර කාලය වෙනුවෙන් වන අතර ඔහුගේ අපේක්ෂකත්වය මිලියන 75 කට අධික රුසියානුවන් අනුමත කර තිබීම විශේෂත්වයකි.
මේ අතර පුටින්ගේ ප්‍රතිවාදීන් වන කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි කරිටොනොව්, නිව් පීපල්ස් පක්ෂයේ ව්ලැඩිස්ලාව් ඩවන්කොව් සහ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ලියොනිඩ් ස්ලට්ස්කි පිළිවෙලින් 4.31%, 3.85% සහ 3.20% ක ඡන්ද ප්‍රතිශතය්ක් ලබා ගත්හ.
පුටින් ප්‍රථම වරට 2000 දී රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර 2008 දක්වා අඛණ්ඩව සිව් වසර බැගින් වූ ධුර කාල දෙකක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස සේවය කළේය. පසුව ඔහු 2008-2012 දක්වා රුසියාවේ ජනාධිපති වූ දිමිත්‍රි මෙද්වදෙව් යටතේ අගමැති විය. මෙඩ්විඩෙව්ගේ පාලන කාලය තුළ රුසියාවේ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සම්පාදන කටයුතු කළේය. පුටින් මෙඩ්විඩෙව් වෙනුවට 2012 දී නැවත වරක් රාජ්‍ය නායකයා බවට පත් වූ අතර 2018 දී නැවත තේරී පත් විය. 2020 දී ප්‍රධාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස, රුසියාව සිය මැතිවරණ රෙගුලාසි සංශෝධනය කර, ව්‍යවස්ථාවේ පෙර තිබූ කොන්දේසි “නිෂ්ප්‍රභ” කරනු ලැබීය. එබැවින් ඔහුට නැවත වතාවක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තරඟ කිරීමට හැකි විය.
මෙවර මැතිවරණය වාර්තාගත ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සනිටුහන් වී ඇත. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව, 2018 ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද 67.47% ඉක්මවා 74% දක්වා ඉහළ අගයක් වාර්තා කළේය. 90% ට වැඩි වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීම චෙචන් ජනරජයෙන්, කෙමරෝවෝ ප්‍රදේශයෙන් සහ ටයිවා ජනරජයෙන් වාර්තා විය. රුසියාවේ නව කලාපවල - ඩොනෙට්ස්ක් (ඩීපීආර්) සහ ලුගාන්ස්ක් (එල්පීආර්) මහජන සමූහාණ්ඩුවේ මෙන්ම කර්සන් සහ සැපොරෝෂි ප්‍රදේශ වලද ප්‍රථම වරට ජනාධිපතිවරණ සංවිධානය කරන ලදී.
Putin scores historic win in Russian presidential election – official results
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්