News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේ දී අනුනායක ස්වාමීන්වහන්සේලා නිකුත් කළ සංඝ ආඥාව

Mar 15, 2024 at 04:12 PM
|

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා  ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක්  කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ(14) දින පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු  ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට අනුනායක ස්වාමීන්වහන්සේලා විසින් සංඝ ආඥාවක් නිකුත් කළහ.

එම සංඝ ආඥාව පහළින්...

ආර්ථික – දේශපාලන අර්බුදය හමුවේ මහජන නියෝජිතයින්ගේ වගකීම

2024 මාර්තු මස 14 වෙනි බ්‍රහස්පතින්දා කැලණිය මානෙල්වත්ත මහාවිහාර සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කළ සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මහජන නියෝජිතයින්ට බරපතල කොට ඉදිරිපත් කරනු ලබූ සම්මුති ප්‍රකාශයයි !

අප රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෙටි කාලීනව උත්සන්න වූ එහෙත් දීර්ඝ කාලීනව වර්ධනය වී ආ ආර්ථික අර්බුදය මුල් කරගෙන පැන නැඟුනු ප්‍රචණ්ඩ විරෝධය නිසා ජනාධිපතිවරයාට තම ධූරය අතහැර රටින් පලායාමට සිදුවිය. එම ක්‍රියාවලිය පසුපස විවිධ ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වූ බව දැන් රහසක් නොවේ. ඊට අමතරව එම විරෝධතා සමීපව නිරීක්ෂණය කළ අයට දේශීයව බෙදුම්වාදී බලවේග සහ විවිධ ආගමික අන්තවාදී කණ්ඩායම් එම ක්‍රියාවලිය තුළ විශේෂිතව නියෝජනය වූ බව පැහැදිලිව පෙනුනි. විරෝධතාකරුවන් යොදා ගනිමින් රටේ ජනාධිපතිවරයා ඝාතනය කර ලිබියාවේ සිදු කළ ආකාරයට ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ව්‍යවස්ථාවට පරිබාහිරව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ සැලසුමක් තිබූ බවට ද එම මතවාද තුළින් යම් සාක්ෂි සහිතව නිගමනයන් ඉදිරිපත් වේ.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ සමස්ත ක්‍රියාවලිය පිටපතකට අනුව අධ්‍යක්ෂණය කර රඟ දැක්වූ බවයි. එහෙත් ඒ සඳහා වේදිකාව සකස් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වය විසින් දායකත්වය සැපයූ බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම ආර්ථික ඝාතක උපදේශකයින්ගේ වැරදි උපදෙස් පිළිපැදීම සහ අර්බුදයේ මූල් අවස්ථාවේදී කෙටිකාලීනව එය සමනය කර ගනිමින් දීර්ඝ කාලීනව අර්බුදය විසඳීම සඳහා ගත යුතුව තිබූ පියවර නොගැනීම නිසා රට අස්ථාවර කිරීම විෂයෙහි රටට හතුරු බලවේගවලට අවස්ථාව නිර්මාණය වූ බව අපට පිළිගැනීමට සිදුවේ.

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් 2024.02.15 දින ජනාධිපතිවරයාට යොමු කළ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳවැටී සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානම පිළිබඳ ලිපිය මගින් බුදුන් වහන්සේ විසින් දේශනා කළ චක්කවත්තිසීහනාද සූත්‍රය උපුටා දක්වමින් රාජ්‍ය පාලකයාගේ මූලික වගකීම පැහැදිලිව පෙන්වා දී ඇත. එම වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම මගින් අර්බුද නිර්මාණය වන බව සහ රටේ මහජනතාව අනාරක්ෂිත වන බව උන්වහන්සේලා විසින් එහිලා මැනවින් පෙන්වා දෙන්නට යෙදුණි.

මේ වන විට එසේ අනාරක්ෂිත වූ මහජනතාව දැඩි මානසික පීඩනයකට සහ වික්ෂිප්ත භාවයකට ලක් වී ඇති අතර එම නිසා අර්බුදයට හේතු වූ සාධක සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව අර්ථවත් සමාජ කතිකාවක් ගොඩනැගී නැත. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් දැනටමත් ආර්ථික අර්බුදය යොදා ගනිමින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කර රට අවස්ථාවර කිරීමට මුල් වූ ජාත්‍යන්තර බලවේගවලට තම දීර්ඝකාලීන භූ දේශපාලන න්‍යාය පත්‍රය දිගේලි කිරීමට හැකියාව ලැබී ඇති බව දැන් ඉතා පැහැදිලිය. ව්‍යාජ බලහුවමාරුවක් මගින් ජනවරමක් නොමැති සහ ලැබී ඇති ජනවරමට පිටුපාමින් ක්‍රියාකරන පාලන තන්ත්‍රයට එම න්‍යාය පත්‍රයට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව දැන් ඉතා පැහැදිලිව පෙනේ.

අර්බුදය විසඳීම සඳහා බව පවසමින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මගින් මෙන්ම ක්‍රියාත්මක කළ යුතු විසඳුම් හේතු දැක්වීමකින් තොරව සඟවා තබාගෙන සිටින තත්ත්වයක් තුළ අර්බුදය තවදුරටත් උත්සන්න වන බව දැනුම්වත් මහජනතාවට තේරුම් ගත හැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ම ප්‍රබල ඇමතිවරුන් සඳහන් කරන ආකාරයට 2017 දී සම්මත කළ සහ වර්තමාන විදේශ විනිමය අර්බුදයට ප්‍රබල හේතුවක් වූ බවට සඳහන් වන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් උනන්දුවක් දක්වන්නේ නැත. එසේ ම විදුලි පිරිවැය ඉහළ යාම සහ අධික බදු බර නිසා රටේ කුඩා ව්‍යාපාර ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් වැසී ගොස් ඇති බව ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වේ. ඒ අතර රටේ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සංවාදයකින් තොරව රහසිගතව වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම මගින් දේශීය කර්මාන්ත පද්ධතිය තවදුරටත් කඩා වැටෙන බවට චෝදනා එල්ල වේ. අර්බුදය උස්සන්න වීමෙන් පසුව දැනට නොගෙවා ඇති විදේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8000ක් වුවද ඩොලර් මිලියන 4500ක සංචිත තිබෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව උදම් ඇනීම තුළ සැබෑ තත්ත්වය සඟවමින් අර්බුදය තවදුරටත් උස්සන්න වීමට ඉඩ හරිනවාද යන සැකය ඇතිවීම වැළැක්විය නොහැක.

ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලයට වගකීමට සහ වගවීමට පක්ෂ විපක්ෂ සියළුම මහජන නියෝජිතයින්ට සිදුවනු ඇත. විශේෂයෙන් ම ආණ්ඩුව විසින් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන යම් විසඳුම් මගින් අර්බුදය විසඳීම සඳහා දායකත්වය සපයන බව තර්කානුකූලව ඔප්පු කළ නොහැකි අතර ඒවා ක්‍රියාත්මක කළහොත් ඉතිහාසයේ කිසි දිනෙක ආපසු හැරවිය නොහැකි අනර්ථයක් රටට සහ ජනතාවට සිදුවන බව ඉතා පැහැදිලිය. උදාහරණ ලෙස ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මගින් සේවා අංශ විවෘත කර ඉන්දියානුවන්ට ව්‍යාපාර සහ රැකියා කිරීම සඳහා රට තුළට පැමිණීමට ඉඩ සැලසීම සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ නීතිය සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා පාවාදීම සහ නැවත බෙදුම්වාදී බලවේගවලට කේවල් කිරීමේ අවස්ථාව ලබා දීම ආදිය කිසිදෙනක ආපසු හැරවිය නොහැකි වැරදි බවට පත්වන බවට කිසිදු සැකයක් නැත.

ඊට අමතරව විදුලිබල පද්ධතිය විශේෂයෙන්ම මහා ජලාශ පද්ධතිය පවා පුද්ගලීකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ ටෙලිකොම් ආයතනය වැනි ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් ඇති ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ආදී ක්‍රියාමාර්ග මගින් රට තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවන බව ඉතා පැහැදිලිය. එම ක්‍රියාමාර්ග මගින් ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වන බවට සහ මහජන අසහනය වර්ධනය වන බවට අපට නම් සැකයක් නැත. එසේම අප රටේ භූගෝලීය පිහිටීම අනුව අප ජාත්‍යන්තර භූ දේශපාලන උවමනාවන්ගේ ගොදුරක් බවට පත්වෙමින් පවතින බව අප අමතක නොකළ යුතුය.

එක් පැත්තකින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගැනීම සඳහා යම් උපාය මාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කරන බව සහ ඇමරිකාව ද ගිවිසුම් මගින් අපගේ භූමිය ඔවුන්ගේ යුදමය ක්‍රියාන්විතයට අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. 2023 ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ඉන්දියානු අගමැතිවරයා විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 6 ක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒවා මුදල් ඒකාබද්ධකරණය, රේගු එකාබද්ධකරණය, මූල්‍ය සහ බදුප්‍රතිපත්ති ඒකාබද්ධකරණය, බලශක්ති පද්ධතිය ඒකාබද්ධකරණය, වරාය සහ ගුවන් තොටුපළ පද්ධතිය ඒකාබද්ධකරණය සහ භූගෝලීය ඒකාබද්ධකරණ ආදී වශයෙන් වේ. ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම එම ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය බව ද කියැවේ. ඒ අනුව, ඒ සියල්ල සිදුවීමට ඉඩ හැරියහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 ප්‍රාන්තය බවට පත්වන බවට සැකයක් නැත. ඒ අතර බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගමන් කිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් දෙක විසින් ම පහසුකම් සැළසීම තුළ 30 වැනි ප්‍රාන්තයද බිහිවීමේ අනතුර බැහැර කළ නොහැක. එම ක්‍රියාවලිය අවසන් විය හැක්කේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණක් නොව ථේරවාදී සම්බුද්ධ ශාසනය ද අවසාන වීමෙන් බව ඉතා කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

එම නිසා ගෞරවනීය මහා නායක හිමිවරුන් විසින් 2024.02.15 දින නිකුත් කරන ලද ඓතිහාසික ප්‍රකාශය මහජන නියෝජිතයින් විසින් නැවත කියවිය යුතු බව සහ සියල්ල සිදුවීමට ඉඩ හැර බලා සිටීමේ භූමිකාව වෙනස් කළ යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එවැනි හැසිරීමක් මහජනයා ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ නැත. මහජන මතයට සහ 2019 සහ 2020 මැතිවරණවලදී මහජනයා විසින් ලබා දී ඇති ජනවරම තවදුරටත් වලංගු වන බැවින් ඊට පිටුපාමින් ක්‍රියා කිරීමට හෝ පාලකයින් එසේ ක්‍රියා කරන විට නිහඬව බලා සිටීමට ඔබතුමාලාට කිසිදු අයිතියක් නැත. එසේම ඔබතුමන්ලාගේ වටිනාකම සහ මහජනයා අතර ප්‍රසාදය පවත්වා ගැනීම මගින් ඔබලාගේ අනාගත භූමිකාව ආරක්ෂා කර ගැනීම සඳහා ද වර්තමානයේ ඔබතුමන්ලා විසින් ඉටු කරන භූමිකාව ඉතා වැදගත් වන බව අවධාරණය කරමු.

ඒ අනුව පවතින ජනවරමට අනුව ආණ්ඩුව විසින් දෙවරක් සිතා බැලිය යුතු සහ ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු මෙන්ම කිසිසේත්ම ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් මහජන නියෝජිතයින් විසින් ලබා ගත යුතු බව සහ ඊට අනුව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ධුරයෙන් පහකළ ද අදටත් හිටපු ජනාධිපතිවරයාට ඔහු විසින් ජනවරම පවරා දුන් වර්තමාන ජනාධිපතිවරයා එම ජනතා අභිලාශයට පටහැනිව ක්‍රියාත්මක වන කල්හි ඊට එරෙහිව මැදිහත්වීමේ සදාචාරාත්මක වගකීමක් ඇත.

එසේම තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කැමැත්ත හෝ සැඟවුණු අරමුණු වලට අනුව ගිවිසුම් ගතවීම වැනි රටේ අනාගත පැවැත්මට අදාල තීන්දු ගැනීමට ඉඩ ලබාදීමේ දුර්වල ප්‍රවේශය නිවැරදි කිරීම ද මහජන නියෝජිතයන් ලෙස ඔබගේ සදාචාරාත්මක වගකීමකි. අත්තනෝමතික හෝ හිතුවක්කාරී තීන්දු ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කර ඉදිරි ජනාධිපතිවරණයේදී නව ජනවරමක් ලබා ගන්නා තෙක් පවතින ජනවරම අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ගික තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි සැලසුමක් රටට ඉදිරිපත් කරන ලෙස බලකිරීම ඔබගේ අවම වගකීමකි. එසේ නොවුවහොත් ඔබ පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂාකර ගැනීම කිසි සේත් අපේක්ෂා නොකළ හැකිවාක් මෙන්ම ඉදිරි මැතිවරණවලදී ජනතා තීරණය කෙරෙහි ද මෙය තීරණාත්මක ලෙස බලපාන සාධකයක් වන බවද අවධාරණය කරම්හ.

මේ වගට,
ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවණීය මහාසංඝරත්නය

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.