මෝදි මැතිවරණයට වැඩ අල්ලයි
මිලියන 180ක් සාමාජිකයන් සහිත භාරතීය ජනතා පක්ෂය 2024 මැතිවරණ සටන සඳහා ප්‍රචාරක මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන් වැනි වරටත් භාරතයේ පාලන බලය හිමි වේ දැයි ලෝකයම අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ.
සිය මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ මූලික පියවරක් ලෙස භාරතීය ජනතා පක්ෂයේ ස්වෙච්ඡා ක්‍රියාකාරීන් 18,000ක් ලබන ජනවාරි මාසය වනවිට සිය ආධාරකරුවන් මිලියන 35ක් මුහුණට මුහුණ ලා හමු වී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
එහි දී එක් ක්‍රියාකාරිකයකු අවම වශයෙන් ආධාරකරුවන් 2000ක් වත් හමු වෙතැයි අපේක්ෂා කෙරේ.
භාරතීය ජනතා පක්ෂයේ එවැනි එක් ස්වෙච්ඡා ක්‍රියාකාරිකයකු රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, විරුද්ධ පක්ෂ, නිවසක් පාසා ප්‍රචාරක කටයුතු සඳහා පැමිණීමට පෙර, හැකිතාක් නිවෙස්වල දොරට තට්ටු කිරීම තමන් ගේ අරමුණ බවයි.
දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ නායකත්වය දරා ඇති අගමැති මෝදි රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමටත්, යටිතල පහසුකම් ව්‍යාපෘතිවල විශාල වශයෙන් ආයෝජනය කිරීමට පියවර ගැනීමත් සුබසාධක ප්‍රතිසංස්කරණ සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් සමත් වී ඇති බව එරට ජනයාගේ විශ්වාසය වී ඇති බව ද වාර්තා වේ.
උද්ධමනය ඉහළ යාම, විරැකියාව සහ අසමාකාර ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඡන්ද දායකයන් අතර යම් කුකුසක් පැවතුණත්, දැනට සිදු කර ඇති ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ලබන අප්‍රේල් හෝ මැයි මාසවල පැවැත්විය හැකි ඉන්දීය මහ මැතිවරණයේ දී අගමැති මෝදි ගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය තුන් වැනි වරටත් ජයග්‍රහණය කිරීමට සමත් වනු ඇති බවයි.
ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට මෙන්ම ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය ලෙස ද සැලකෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්