හෝමාගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමාට මල් මිටක්
අවුරුද්දකට බාල වයස්කාර ගැහැනු ළමයි කීදෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනවද?. කීදෙනෙක්ගෙ බෙලි මිරිකලා කැලෑවල දාලා යනවද ? ඒ විතරක් නෙමෙයි ඉපදුන ගමන් ළමයි කීදෙනෙක් පාරේ දාලා යනවද බල්ලන්ට කන්න.
මතකනේ අර හොටෙල් රූම් එකේ රැඩිකල් පොරක් එක්ක ඉඳලා රෙදිත් නැතුව රේල් පාරෙ මරලා දාලා හිටපු පොඩි කෙල්ල?.
ඒ දෙමාපියන්ගේ වේදනාව කවුරුත් දන්නවද?.
එක්තරා ප්‍රසිද්ධ පාසලක අම්මයි තාත්තයි දෙන්නම උගන්නපු දරුවෙක් හිටියා වැඩිවිය පැමිණිලා සති දෙකකට පස්සෙ තුන්දෙනෙක් අතින් දූෂණය වෙලා. හැබැයි වෙච්ච දේ කියාගන්න තේරෙන්නෙත් නෑ. එක්කෙනෙක් ගෙදර ඩ්‍රයිවර්, එකෙක් උගන්නන්න ආපු විද්‍යාව සර්, අනිකා ඉස්කෝලෙ ගුරුවරයෙක්; ළමයගෙ තාත්තගෙ හොඳම යාළුවා.
පාතාලෙ ඇති, බූරු පොළවල් ඇති. මංකොල්ලකෑම් ඇති. ඇතැම් වසම්වල පොලිසි ඒවා නොබලනවත් ඇති. හැබැයි ඒවා වැඩිවුනා කියල අනිත් ඒවත් වැඩිවෙන්න අරින්නද කියන්නෙ?.
ලව් කරන එක වෙනයි. රාගය කියන එක වෙනයි ඇඟපතවත් හැදිලා නැති පොඩි කෙල්ලො එක එක රස්තියාදුකාරයන්ගෙ අත්වල දෙහි ගෙඩි බවට පත්වෙන එක වෙනයි.
හැමදේටම කාලයක්, වෙලාවක්, තැනක් තියෙනවා. යම් කිසි දෙයක් සිද්ධවෙන්න අවශ්‍ය කාලය නොදී කලබල කරලා පරගල කරලා කොරගත්තු හරියෙ විපාක අපි දැන් ගෙවනවා.
දරුවෙකුගෙ ජීවිතෙත් එහෙමයි. කණගාටුව කියන්නෙ ආප්ප බානවා වගේ ළමයි රොත්තවල් ගණන් හදපු සමහරුන්ටත් ඒක නොතේරෙන එක.
බුකියෙ ඔක්කොමලගෙ දාර්ශනික ටෝක් Zip එක පාත් කරගෙන හිටපු කොල්ලා තමන්ගෙ දුවත් එක්ක ඉඳලා අහුවෙනකන් විතරයි.
දෙයක් වුනාට පස්සෙ බැලුවෙ නෑ කියල පොලීසියෙ පතුරු අරින්නෙත් අද ඔය දාර්ශනික ටෝක් දෙන කටවල්වලින්ම තමයි.
ඒ විතරක්ම නෙමේ ඊට පස්සේ ඒ පින්තුර අරගෙන බ්ලැක්මේල් කරලා සමූහ වශයෙන් දූෂණය කරන අවස්ථා මේ රටේ නැතුවා නොවේ
ඊට පස්සේ පොලීසි උසාවි ගානේ බඩගාන්න වෙනවා ඒක දන්නෙත් අහිංසක දෙමව්පියෝ විතරයි නැතුව මේ රැඩිකල් පොරවල් නෙමෙයි.
අම්මා තාත්තා මහන්සි වෙලා උදේට කෑම හදලා දුව පන්ති යවන්නේ එක එකාගේ නහර පිනවන්න නෙමෙයි.
ඉගෙන ගන්න හැකියාව තිබුණත් විශාල කොටසකට අධ්‍යාපනය හරහා ඉහලට යන්න බැරි වෙන්නෙත් මේ වගේ ලව් කරන්න කාලය දීපු හින්දා
දෙමාපියන්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ දුව හෝ පුතා යන එන තැන තැන විමසිලිමත් වෙන්න.
ඒ වගේම උසස් අධ්‍යාපනයට යනතෙක් ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබා නොදීමටත් දෙමව්පියන් වග බලා ගන්න ඕන එතන තමයි විනාශයේ ආරම්භය.
අම්ම තාත්තලගෙ පපුවලට අනාගතේ ගින්දරක් එක්කහුවෙන එක වළක්වන්න එහෙම හරි උත්සාහයක් දරපු ඒ පොලිස් නිලධාරියට මමනං එකෙන්ම රෙස්පෙක්ට්.
ඒ වගේම එහෙම දරුවන් ගැන හොයලා බලපු දරුවො ඉහළටම ගිහිපු දෙමාපියෙක් වශයෙන් මටත් මගේ දරුවන් ගැන තියෙන්නේ ඉතා විශාල ආඩම්බරයක්.
දෙමාපියනි තමන්ගේ දරුවන් ගැන සිතන්න අනාගතයේ ඔබත් මා මෙන් ආඩම්බරකාර දෙමාපියන් වන්න.
හෝමාගම පොලිසියට මල් මිටක්.
පොලිස්පතිට කියනවා අනාගතය විනාශ කරගන්න දරුවෝ මල්වතු ගානෙත් ඉන්නවා ඒවා ගැනත් හොයලා බලලා රටේ දරුවන් රැක ගන්න කියලා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?