News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනයේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම ජයග්‍රහණය කිරීමෙන් පසු රුසියාව තම ඓතිහාසික කාර්යභාරය ලොව පුරා ඉටු කරනවා - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන්

Mar 4, 2024 at 01:29 PM
|

රුසියාව විසින් යුක්‍රේනය තුළ විශේෂ හමුදා මෙහෙයුම ආරම්භ කර 2024 පෙබරවාරි මාසයේ  24 වනදාට හරියටම වසර 2ක් සම්පූර්ණ වූවා. අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් රුසියාව යුක්‍රේන භූමිය තුළ සිදුකරන විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් ලෝකයට කුමන චිත්‍රයක් මවා පෑවද සැබැවින්ම සිදුවන්නේ රුසියාව සමුහික බටහිරට එරෙහිව යුක්‍රේන භූමිය තුළ සිදුකරන විශේෂ හමුදා මෙහෙයුමක්. මේ වන විට යුක්‍රේනයේ  පරාජයට තීරණාත්මක වන ඇව්ඩීව්ක නගරය රුසියානු හමුදා පාලනයට නතු වීම ඉතිහාසය තුළ සනිටුහන් වී හමාරයි.

දැන් ඇත්තේ යුක්‍රේන බලධාරීන් තමන් යුදමය වශයෙන් පරාජය ලැබූ බව පිළිගැනීමේ අවස්ථාව එළඹෙන තෙක් බලා සිටීම පමණයි කියා කෙනෙකු පැවසුවහොත්   එය අතිශයෝක්තියක් නොවේ යැයි මම විශ්වාශ කරනවා. එහෙත් එවැන්නක් සිදුවන වහාම අමෙරිකානු අධිරාජ්‍යවාදීන් සිය පැවැත්ම තහවුරු කර ගැනීමේ යුරෝපා මෙහෙයුම වෙනත් ආකාරයකින් මතු වීමේ අනතුරක් නැතුවාම නොවෙයි. ඒ අනුව ලෝක ජනයා හෙට දවසේ මුහුණ දීමට නියමිත ඉරණම සම්බන්ධයෙන් සාමුහික බටහිරට එරෙහිව යුක්‍රේන භූමියේ විශේෂ මෙහෙයුමේ යෙදෙන රුසියානු පාර්ශවය සමඟ සෘජු කතා බහක නිරත වීමට ලංකා ලීඩර් වෙබ් අඩවිය තීරණය කරනු ලැබුවා. ඒ අනුව අප ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු  ගරු ලෙවාන් එස් දගාරියන් මහතා සමඟ සෘජු කතාබහක නියැලීමට අදහස් කළා.

ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්  ගරු තානාපති තුමනි,

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: සුබ සන්ධ්‍යාවක්

ප්‍රශ්නය : රුසියානු හමුදා යුක්‍රේනයේ දියත් කළ විශේෂ මෙහෙයුමට 2024 වසරේ පෙබරවාරි 24 වැනිදාට වසර දෙකක් සම්පුර්ණ වෙනවා.  ඔබතුමාගේ දෘෂ්ටිකෝණයට අනුව, මේ වන විට, විශේෂ මෙහෙයුම රුසියාව බලාපොරොත්තු වූ අරමුණු සාක්ෂාත් කර ගෙන තිබේද?

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: ඔබ අපගෙන් මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට පැමිණීම සම්බන්ධයෙන් ඔබට පළමු කොටම ස්තූති වන්ත වෙනවා. ඔබ අපගේ  පරිශ්‍රයට පැමිණීම අපට ගෞරවයක් වන අතරම යුක්‍රේනයේ ක්‍රියාත්මක වන විශේෂ හමුදා මෙහෙයුම සම්බන්ධයෙන් අපගේ අදහස ප්‍රකාශ කිරීමට ඉඩ දීම අපට සතුටක් ගෙනදෙනවා.

පළමුවෙන්ම, මම ඔබට දන්වන්න කැමතියි, ජනාධිපති පුටින් රුසියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ තවත් බොහෝ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මේ වන විට රුසියානු පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වනු ලබන්නේ වත්මන් තත්ත්වය සහ රුසියානු හමුදාව ලබා ඇති විශේෂ ජයග්‍රහණ පිළිබඳව ලෝකය දැනුවත් කිරීමටයි. රුසියානු හමුදා යුක්රේනයේ සිදුකරන විශේෂ මිලිටරි මෙහෙයුමේ අරමුණු මොනවාද සහ අත්පත් කරගත් ජයග්‍රහණ  මොනවාද  යන්න ජනාධිපති පුටින් සිය කතාවේදී අවධාරණය කරමින් සිටිනවා. ජනාධිපති පුටින්ගේ දේශනයට සවන් දෙන ලෙස  මම ඔබටත් ශ්‍රී ලාංකික ජනතාවටත් ගෞරවයෙන් ආරාධනා කරනවා.

කෙසේ වෙතත්, රුසියානු හමුදාව යුක්රේනයේ දියත් කළ "විශේෂ හමුදා මෙහෙයුම" යනුවෙන් ඔබ ඔබේ ප්‍රශ්නයේ නිවැරදිව සඳහන් කළා. එය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයක් නොවන බවත් එය යුක්රේන භූමිය තුළ සාමූහික බටහිර සහ රුසියාව අතර කෙරෙන නියෝජිත යුද්ධයක් බවත් මම නැවතත් අවධාරණය කරනවා. වැදගත් කරුණ නම් මෙම නියෝජිත යුද්ධය මෙහෙයවනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වී ඇත්තේ රුසියාව විනාශ කිරීමටයි.එයට හේතුව වන්නේ ඇමරිකානු ආධිපත්‍යය පවත්වාගෙන යාමට තිබෙන ප්‍රධානතම බාධකය රුසියාව වන නිසයි. රුසියාව ලෝකයේ ඕනෑම ආධිපත්‍යයක් ප්‍රතික්ෂේප කරනවා. රුසියාව ලෝකයේ ඕනෑම මහාද්වීපයක තිබෙන ඕනෑම රටක් සමඟ සබඳතා ගොඩනඟා ගන්නේ එහි විශාලත්වය හෝ එහි ආර්ථික හැකියාවන් සැලකිල්ලට ගනිමින් නොවෙයි. රුසියාව ජාත්‍යන්තර සම්බන්ධතාවයන් ගොඩනඟා ගන්නේ අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවය මත පිහිටායි. අපි යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුම දියත් කළේ "සාමූහික බටහිර" අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමට අපොහොසත් වූ නිසයි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් සහ සීතල යුද්ධයේ අවසානයෙන් පසු බටහිර සාමූහිකත්වය නේටෝව තවතවත් ව්‍යාප්ත කිරීම නොකරන බවට රුසියාවට පොරොන්දු වූවා. නමුත් ඔවුන් තම පොරොන්දුව ඉටු කළේ නැහැ. පොරොන්දුව ඉටු කරනවා වෙනුවට ඔවුන් නේටෝවේ බල පරාක්‍රමය නැගෙනහිරට සහ රුසියානු දේශසීමා වලට සමීප කරනු ලැබුවා. ඔවුන් මිසයිල සහ අනෙකුත් බර හමුදා උපකරණ ස්ථානගත කර රුසියානු දේශසීමා දිගේ හමුදා කඳවුරු ස්ථාපිත කරනු ලැබුවා. රුසියාව වෙත සහතික කළ ආරක්ෂාව නොසලකා හරිනු ලැබුවා. රුසියාව යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කළේ ඒ නිසයි.එලෙසම ඔවුන් යුක්රේනයට බොහෝ යුදමය ආධාර ලබා දී තිබෙනවා.

පළමුවෙන්ම ඔවුන්, යුක්රේනියානුවන් අතර පැවැති සමගිය විනාශ කිරීමට ක්‍රියාන්විතයන් නිර්මාණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස යුක්රේනය තුළ නව නාසි පාලනයක් බලයට පත් වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස යුක්රේනියානුවන් නව "හිට්ලර්" කෙනෙකුට සහයෝගය දීමට කටයුතු කළා.

පළමුවෙන්ම, විශේෂ හමුදා මෙහෙයුම යුක්රේනයේ නව නාසිවාදී පාලනය මුලිනුපුටා දැමීම අරමුණු කර ගෙන තිබෙනවා. යුක්‍රේනය දැනට පාලනය කරන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අනුගාමිකයින් සහ ඔහුගේ සහචරයින් . ඉතා ලැජ්ජා සහගත ලෙස සමහර රටවල් 1940 දශකයේදි ෆැසිස්ට් ජර්මනියට සහාය දුන්නා. ඔවුන් අතර ඉතාලිය, ජපානය, බල්ගේරියාව, රුමේනියාව, ෆින්ලන්තය, ස්පාඤ්ඤය සිටිනවා. අද සමහර රටවල් නාසි යුක්රේනයේ නව පාලනය පිළිගන්නවා.

දෙවනුව, නේටෝව තුළ යුක්රේනයේ  තත්ත්වය. නේටෝ සංවිධානයේ  කිසිදු සාමාජිකත්වයක් යුක්රේනයට පිරිනැමීම රුසියාව කිසි විටෙකත් පිළි ගන්නේ නැහැ.

 මේ අතර රුසියාව සහ යුක්රේනය අතර ගැටුම විසඳීම සඳහා "බටහිර සාමූහිකය" ගිවිසුමක් ඉදිරිපත් කරනු ලැබුවා. රුසියාව කිසිවිටෙකත් බටහිර රටවල් විශ්වාස නොකරන්නේ ඔවුන් රුසියාව බොහෝ වාරයක් රවටා ඇති නිසයි. රුසියාවේ ස්ථාවරය වන්නේ "බටහිර සාමූහිකය" ක්‍රිමියා කළාපය, ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව, ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව, කෙහෙසාන් පරිපාලන කළාපය (Kherson Oblast) සහ සෆෝරියා පරිපාලන කළාපය (Zaporizhzhia Oblast ) ඓතිහාසික වශයෙන් රුසියානු භූමියට අයත් බව පිළිගත යුතු බවයි.

මේ අවස්ථාවේදී මට හෙළි කළ යුතු වැදගත්ම කරුණ නම් යුක්රේනය රුසියාව සමඟ සාම ගිවිසුමකට එළඹීමට ඉතා සමීපව සිටි බවයි. 2014 දී යුක්රේනයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රජය පෙරලා දමන ලැබුවා. 2014 දී ජර්මනියේ සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් යුක්රේනයේ සාමයට අදාළ තවත් වැදගත් ගිවිසුමක් බලාත්මක කළා. ඒ මින්ස්ක් ගිවිසුමයි. නමුත් මින්ස්ක් ගිවිසුම අත්සන් කිරීමට මැදිහත් වූ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාකෙල්  සහ ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්සුවා හොලන්ඩ් හෙළි කළේ යුක්‍රේනය යුදමය වශයෙන් බලගැන්වීම වෙනුවෙන් කාලය ගත කිරීම සඳහා මින්ස්ක් ගිවිසුම අත්සන් කිරීමට ඔවුන් හිතාමතා මැදිහත් වූ බවයි. ඒ අනුව යුක්රේන රජය ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවට සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුවට එරෙහිව යුද්ධයක් දියත් කරනු ලැබුවා. 2022 පෙබරවාරි 24 වන දින රුසියාව විශේෂ මෙහෙයුම දියත් කර කෙටි කාලයක් ගතවීමෙන් පසුව, යුක්රේන රජය තුර්කියේ ඉස්තාන්බුල්හිදී රුසියාව සමඟ එකඟතාවයකට පැමිණීමට සූදානම්ව සිටියා. නමුත් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්ස්ටන් එය වලක්වනු ලැබුවා. සාම සාකච්ඡා බිඳවැටීමෙන් පසු රුසියාව සහ යුක්රේනය අතර බොහෝ ගැටුම් පැන නැගුනා. "සාමයේ දොරටුවෙහි" යතුර තිබෙන්නේ වොෂින්ටනය අතේ. රුසියාව ඕනෑම අවස්ථාවක සාම සාකච්ඡා සඳහා සූදානම්. නමුත් ඔවුන්ට අවශ්‍ය නම් රුසියාව යුධ වැදීමට අපි ඔවුන් පිටියේදී පරාජය කිරීමට සූදානම්.

ප්‍රශ්නය: ඔබ තුමාගේ අදහසට අනුව රුසියාව සහ බටහිර රටවල් අතර යුක්‍රේන භූමියේ පවතින යුද්ධය රුසියානු හමුදාවේ ජයග්‍රහණයෙන් අවසන් වීමට නියමිතයි.

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: අනුවාර්යෙන්ම! යුක්රේනයේ රූකඩ පාලන තන්ත්‍රය සහ ඔවුන්ගේ විදේශ බටහිර අනුග්‍රාහකයින් අපි පරාජය කරන බවට සැකයක් නැහැ.

ප්‍රශ්නය: කෙසේ වෙතත්,  ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ උගුලට හසු වී මෙම යුද්ධයට අවතීර්ණ වීමට අමෙරිකාව සමඟ අත්වැල් බැඳ ගැනීමට කටයුතු කළ යුරෝපය බරපතළ ආර්ථික අර්බුදයකට තල්ලු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරනවා. යුරෝපය ආර්ථික අගාධයකට යාම ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට වාසිදායක වීම අනිවාර්යයි. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද? යුරෝපය එක්සත් ජනපදයේ උගුලට හසුවීම වැළැක්වීම සඳහා රුසියාව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: ඔවුන්ට උගුලට හසුවීමට අවශ්‍ය නම් අප වැළැක්විය යුත්තේ ඇයි?

ප්‍රශ්නය: යුරෝපීය ජනතාව නිසා…

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: යුරෝපීය ජනතාව යුරෝපීය රජය තෝරා පත් කර ගෙන තිබෙනවා. එවිට යුරෝපීය ජනතාව මෙම තත්ත්වය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටිනවා. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් යුරෝපීයයන් පාලනය කළේ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට බව ඔබ නිවැරදිව සඳහන් කළා. ඔබ දන්නවා ද! අපි, රුසියාව, යුරෝපීය ජනතාවට ගරු කරනවා. ජර්මනියේ සහ තවත් බොහෝ යුරෝපීය රටවල සමෘද්ධිය 'දශක ගණනාවක් තිස්සේ රුසියානු "ලාභ ස්වභාවික වායු සම්පාදනය"  මත පදනම් වූවා. අපි යුරෝපයට රුසියානු ස්වභාවික වායු අඩු මිලට සැපයීම සඳහා නල මාර්ගයක් පවා ඉදි කළා. නමුත් එය විනාශ කර තිබෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටියේ කවුද? සරල පිළිතුර  ඇමරිකානුවන් යන්නයි. එම ප්‍රහාරය එල්ල කළේ යුක්රේනය නොවේ. නෝර්වේ සහ අනෙකුත් රටවල් විමර්ශන කටයුතු නතර කිරීමට මැදිහත් වූවා. ඔවුන් රුසියාවට පරීක්ෂණ කටයුතු වලට සහභාගී වීමට ඉඩ දුන්නේ නැහැ. පරීක්ෂණ විනිවිදභාවයෙන් යුතුව පැවැත්වුවහොත් සැබෑ ප්‍රහාරකයින් හෙළි වනු ඇතැයි ඔවුහු බියට පත්වූවා. ඇමරිකානුවන් නල මාර්ගය විනාශ කළේ ඇයි? යුරෝපයේ, ඇමරිකානුවන්ගේ අභිලාෂය මිල අධික ඇමරිකානු ද්‍රව ස්වාභාවික වායු (LNG) මත රඳා පවතින නිසයි. යුරෝපීයයන්ට අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ ස්වාධීනත්වය අහිමි වී තිබෙනවා. ඔබ දන්නවා ජර්මනියේ සමහර යෝද නිෂ්පාදන සමාගම් සහ විශාල ගොවිපල ඇමරිකානු ද්‍රව ස්වාභාවික වායු (LNG ) සැපයුමෙන් ඉවත් වීමට උත්සාහ කරන්නේ ඇමරිකානු ද්‍රව ස්වාභාවික වායු (LNG ) භාවිතය විදුලිය පිරිවැය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන බැවිනුයි. යුරෝපීය රටවල් සමඟ සමාන සහයෝගීතාවයෙන් යුතුව සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ආර්ථික සබඳතා ගොඩනගා ගැනීමට අපි සූදානම්. නමුත් තේරීම ඔවුන්ට භාරයි. ඔවුන් එක් පැත්තකින් රුසියාවට සම්බාධක පනවන අතරම ඔවුන් රුසියානු ලාභ ස්වභාවික වායු ආනයනය කිරීමට පෙළඹී සිටිනවා. ඔවුන් රුසියානු ඛනිජ තෙල් නිෂ්පාදන ද මිලදී ගනිමින් සිටිනවා. මේ කාරණයේදී අපගේ හවුල්කරුවන් වන ඉන්දියාව සහ චීනය අපට දක්වන සහයෝගය අපි ඉතා අගය කරනවා.

ප්‍රශ්නය: මුළු ලෝකයේම ක්‍රියාත්මක වූ ඒක ධ්‍රැව බල ව්‍යුහය බහුධ්‍රැව බල ව්‍යුහයක් බවට පත්වෙමින් තිබෙන බව ඉතා පැහැදිලියි. මේ තත්ත්වය තුළ ඉන්දියාව චීනය සමඟ ආසියාවේ මෙන්ම මුළු ලෝකයේම නව බලවත් රාජ්‍යයක් බවට පත්වීමේ ලකුණු පහළ වෙමින් තිබේ. අපගේ දෘෂ්ටිකෝණයට අනුව, ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය සඳහා විකල්ප මිලිටරි ආර්ථික දේශපාලන බල කේන්ද්‍ර නිර්මාණය කරමින් සිටිනවා. මෙය එක්තරා ආකාරයකට ආසියාවේ දුර්වල ආර්ථික හැකියාවන් ඇති රාජ්‍යයන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයකි. මාලදිවයින අද එය අත්විඳිමින් සිටී. එවැනි තත්වයක් තුළ, මෙම වර්ධනය උදාසීන කිරීමට රුසියාවේ ප්‍රතිචාරය කුමක්ද?

ගරු ලිවාන් එස් දගාරියන් මහතා: අපි බලය ඒකධ්‍රැව වු ලෝකයට විරුද්ධයි.ඒ වගේම අපි එක රටක ආධිපත්‍යයටද විරුද්ධයි. නැවත වරක් මම අවධාරණය කරන්නේ අප එකිනෙකාට ගරු කළ යුතු බවයි. අපි චීනය සහ ඉන්දියාව ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා අතරම ඔවුනට  අපගේ ප්‍රනාමය පුද කර සිටිනවා. ඉන්දියාව සහ චීනය ඉතාමත් ශක්තිමත් රටවල්. අපි ඔවුන් සමඟ ද්විපාර්ශ්වික සහයෝගිතා ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කරනවා. චීනය සහ රුසියාව පොදු දේශ සීමාවන් බෙදා ගනු ලබනවා. චීනය සහ රුසියාව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත වෙළඳ කටයුතු ඉදිරියටත් කරගෙන යනු ලබනවා. ඒ වගේම ඉන්දියාවත් සමඟ අපිට හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඒ අතරම, චීනය ඇමරිකා එක්සත් ජනපදය සමඟ  හොඳ සබඳතාවයක් පවත්වාගෙන යන්නේ නැහැ. ඉන්දියාවද රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ද ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යනු ලබනවා. ඒ අතරම, ඉන්දියාව BRICS, ෂැංහයි සහයෝගීතාව වැනි විවිධ සහයෝගීතා සංවිධානවලට සහභාගී වන අතර, ක්වාඩ් (චතුරස්‍රාකාර ආරක්ෂක සංවාදය -QSD),  (QUAD ලෙස හැඳින්වෙන, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව,ජපානය සහ එක්සත් ජනපදය යන සාමාජික රටවල් අතර පවත්වාගෙන යන උපායමාර්ගික ආරක්ෂක සංවාදයකි.) රුසියාවේ දෘෂ්ටිකෝණයෙන් QUAD යනු මිත්‍රශීලී සංවිධානයක් නොවේ. නමුත් එය ඉන්දියාවේ ස්වෛරී තීරණයක්. නැවත වරක් මම අවධාරණය කරන්නේ රුසියාව හැකිතාක් බහු-ධ්‍රැවීය ලෝකයකට සහාය දෙන බවයි. යුක්රේනයේ නොවැළැක්විය හැකි ජයග්‍රහණයෙන් පසුව රුසියාව ඉන්දියානු සාගර කලාපය ඇතුළු ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිය ඓතිහාසික කාර්යභාරය ක්‍රියාකාරීව ඉටු කරනු ලබනවා ඇත.

ප්‍රශ්නය: රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පතෘෂෙව් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සාමාජිකයින් 60කට අධික පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන්ගේ දූත මෙහෙවරෙන් පසු තත්ත්වය රුසියානු-ශ්‍රී ලංකා සබඳතාවලට සතුටුදායක අයුරින් වර්ධනය වී තිබෙනවාද? මෙම රුසියානු මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: ඔව්, පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සාමාජිකයින් 60 දෙනෙකුගෙන් සමන්විත විශාල නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ තවත් වැදගත් අමාත්‍යාංශ ඇමැතිවරුන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවූවා. ඒ වගේම ඔවුන් ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයන් හමුවුණා. අපි ශ්‍රී ලංකා රජයට යෝජනා කිහිපයක් ලබා දුන්නා. අපගේ යෝජනා ශ්‍රී ලංකා රජය විසින් සලකා බලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපි ශ්‍රී ලංකාවෙන් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ වසරේ මාර්තු 4 වැනිදා තවත් විශාල රුසියානු නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම පිරිසෙන් කොටසක් දිල්ලියේ සිට පැමිණෙන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ සමහර අමාත්‍යවරුන් සහ පෞද්ගලික ව්‍යාපාර හිමියන් හමු වීමට නියමිතයි.එලෙසම ඔවුන් ප්‍රවාහන අමාත්‍යාංශය, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය, වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය ආදී විවිධ ආයතනවල නියෝජිතයන් හමුවීමට නියමිතයි. එබැවින් අපි ක්‍රියාවලිය සහ එහි ප්‍රගතිය සමීපව ආවේක්ෂණය කරනු ලබන අතර  ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අපගේ උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. දැන් රුසියානු සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන්  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විදේශ මුදල් පොම්ප කිරීම  ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට ඉතා ප්‍රයෝජනවත් වනවා යැයි මම සිතනවා.

ප්‍රශ්නය: රුසියානු පෞද්ගලික ව්‍යාපාරික සමාගම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර සහ කර්මාන්ත සඳහාද ආයෝජනය කිරීමට කටයුතු කරාවිද?

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා : වටමේස සාකච්ඡාවට රුසියානු පෞද්ගලික ව්‍යාපාරික හිමිකරුවන්ද  සහභාගී වීමට නියමිතයි. අපි බලමු එහි ප්‍රගතිය කුමන තත්වයකට පත්වේවිද කියා. ඊළඟ මට්ටමේ සාකච්ඡාවට යාමට පෙර  ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට එකඟතාවය ලබා ගැනීම ඉතා වැදගත් බව අවධාරණය කිරීමට මම කැමැතියි.  

ප්‍රශ්නය: අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථිකයන් ආර්ථික අවපාතයකට මුහුන දෙන සෑම අවස්ථාවකම, ඊට එරෙහිව සටන් කිරීමට ඔවුන් තෝරා ගන්නා උපක්‍රමය ලෝක පරිමාණ ලේ වැකි යුද්ධයයි. පළමු හා දෙවන ලෝක යුද්ධ එය මනාව තහවුරු කරනවා. ලෝක යුද්ධවල ප්‍රතිවිපාක පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විශාල ප්‍රතිලාභ ලබා ගත් බවයි. නිදසුනක් වශයෙන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු, එක්සත් ජනපද ඩොලරය පෙට්‍රෝ-ඩොලරය බවට පත් වූ අතර එක්සත් ජනපදය එමගින් විශාල ප්‍රතිලාභ ලබා ගනු ලැබුවා. දෙවන ලෝක සංග්‍රාමයේදී රුසියාව විශේෂ ජයග්‍රහණ ලබා ගත්තද, ඇමරිකා එක්සත් ජනපදය ඒ හරහා දිගු කාලීන ආර්ථික, දේශපාලන සහ යුධමය ප්‍රතිලාභ ලබා ගනු ලැබුවා. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන් යුක්රේන යුද්ධයෙන් පරාජයට පත් වුවද, තායිවානයේ, ලතින් ඇමරිකානු කලාපවල හෝ ලෝකයේ වෙනත් ඕනෑම ස්ථානයක දීර්ඝ කාලීන යුද්ධයක් ඇති කිරීමට එක්සත් ජනපදයට හැකියාව තිබෙනවා. රුසියාවට සහ චීනයට එක්සත් ජනපදය සම්බන්ධයෙන් කුමන තක්සේරුවක් තිබුණත් අවසානයේ එක්සත් ජනපදය යුද්ධයේ ආර්ථික දේශපාලනික සහ මිලිටරි වාසිය ලබා ගත හැකි බවයි මගේ විශ්වාසය. මගේ මතය සම්බන්ධයෙන් ඔබතුමාගේ  විග්‍රහය කුමක්ද?

ගරු ලෙවාන් එස් දගාරියන් මහතා: ඔබ ඉතා නිවැරදිව සඳහන් කළා දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඩොලරය ලොව පුරා භාවිතා කරන ලද මුදල් ඒකකයක් ලෙස හැසිරවූ බව. එමෙන්ම අවාසනාවන්ත ලෙස එය ලෝකයේ අංක එකේ මුදල් ඒකකය ලෙස දිගටම පවතිනවා. අපි ඩොලරය භාවිතයට එරෙහිව වන්නේ නැහැ. නමුත් අපි ඩොලරය යොදාගෙන රාජ්‍යන් වලට සම්බාධක පැනවීමට, රාජ්‍යන්ට පීඩනය එල්ල කිරීමට ලීවරයක් ලෙස ඩොලරය භාවිතා කිරීමට අපි විරුද්ධයි. ඩොලරය ලීවරයක් ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝක පරිමාන වාණිජ හා වෙළඳ ගනු දෙනු වලදී  බහුලව ඩොලර් නොවන  වෙනත් මුදල් ඒකකයක් භාවිත කිරීමට පෙළඹී සිටිනවා.උදාහරණයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩල නිදහස් රාජ්‍ය (Commonwealth of Independent States- CIS ) රුසියානු රුබලය වාණිජ කටයුතු වලදී භාවිතා කරනු ලබනවා. චීනය සහ රුසියාව වාණිජ කටයුතු වලදී  යුවානය සහ රූබලය බහුලව භාවිතා කරනව. ඉන්දියානු රුපියල ද නැගී එන වැදගත් ජාත්‍යන්තර මුදල් ඒකකයක් බවට පත් වෙමින් තිබෙනවා. ලෝක ප්‍රවණතාවය ජාත්‍යන්තර වෙළඳාමේදී ඩොලරය අතහැර දැමීමයි. ජාත්‍යන්තර වෙළෙඳ හා වාණිජ කටයුතුවල වර්ධනය වෙමින් පවතින මෙම තත්ත්වය සලකා බැලීමේදී ඩොලරයේ ආධිපත්‍යය තව නොබෝ දිනකින් අවසන් වන බව පැහැදිලියි. රුසියාව කිසි විටෙකත් ඩොලරයට එරෙහි නොවන බවත්, ලෝක පර්යාය කඩාකප්පල් කිරීම සඳහා ඩොලරය ලීවරයක් ලෙස භාවිතා කිරීමට රුසියාව එරෙහි බවත් මම නැවතත් අවධාරණය කරනවා.

සංවාද සටහන -  ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.