අපට අපේකම අමතක වීම
ඔබ දැක්කද අර කාර්ගිල්ස් ෆුඩ් සිටී එකේ සේවකයන් විසින් කිසියම් කාන්තාවකට වටකරගෙන පහර දෙන අමානුෂික දර්ශනය? මෙවැනි සිදුවීම් දැන් එන්න එන්න වැඩි වැඩියෙන් වාර්තා වෙනවා නේද? පාසල් වයසේ තරුණ ළමයි වටවෙලා එකෙකුට ගහන දර්ශන ෆෝන්වලින් ලයිව් ප්‍රචාරය කරනවා හරියට අරගල කාලේ වගේ. අවවාදයක් දුන්නාය කියා ගමක තරුණ පිරිසක් වැඩිහිටියෙකුට හෙල්මට්වලින් ගහලා මැරුවා මතකද? ලංකාවේ සමාජය බලාගෙන ඉන්නකොට බිඳ වැටෙනවා නේද? ඇයි මෙහෙම වෙන්නේ? මේ මොකක්ද මේ වෙන්නේ?
රටක් විනාශ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ රටේ සමාජයේ මානව ගුණධර්ම අකා මකා දැමීම. ලක් රාජ්‍යය වසර දහස් ගණනක් පවත්වා ගත්තේ කොහොමද? ඒ පවත්වා ගත්තේ මිහිඳු මහා රහතන් වහන්සේ අපට අනුකම්පාවෙන් මෙහි පැමිණ අපේ ආදී සිංහල සමාජයට හඳුන්වා දුන් උතුම් බුද්ධ ධර්මය මත පදනම්ව නිර්මාණය වුණු හරවත් ගුණවත් වැදගත් සිංහල සංස්කෘතිය නිසා නේද? අපට අතීතයෙන් උරුමව තිබෙන්නේ “දැහැමි” සමාජයක්. නැතුව අධිතරගකාරී අධිපරිභෝජනවාදී කාමුක බටහිර විච්චූරණ සමාජය නොවෙයි. අද වෙලා තියෙන්නේ අපට අපේකම අමතක වීමයි. අමතක වීමට වඩා අමතක කරවීමයි.
බලන්න අද ජනප්‍රිය භික්ෂූන් දෙසන බණ. මොනවාද ඔවුන් කියන්නේ? වලපල් නේද? කෝ දහම? කෝ ගුණධර්ම? කෝ ආත්මෝපදේශ? ඔවුන්ට ඕනා යූටියුබ් විව්ස් විතරයි. අද බලන්න ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හැසිරෙන ආකාරය. ඔවුන් කතා කරන ආකාරය බලන්න. කොයි වෙලාවේ බැලුවත් වෛරයෙන් ද්වේශයෙන් අනෙකාට ගහන්න බලාගෙන ඉන්න විද්‍යාර්ථීන්ගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඉවසිලිමත් බුද්ධිමත් විසඳුම්? ඒ උපාධිදාරීන් නේද අද පාසල්වල උගන්වන්නේ? ඉතින් අපේ පාසල් ශිෂ්‍යයන්ට ලැබෙන අධ්‍යාපනය ගැන කවර කතාද? මේක විනාශ කරලා තියෙන්නේ.
බලන්න අද පෙන්වන ටෙලිනාට්‍යය? කාලයක ඉඳලා “ජාතිය නැසීමේ ව්‍යාපාරය හෙවත් කොටි සිරස” මේ රටේ උසස් ගණයේ නිර්මාණ විනාශ කළා. කිංස්ලි රත්නායක වගේ අද රටින් පැනලා ගිහිල්ලා ඉන්න තක්කඩි දේශද්‍රෝහීන් ලංකාවේ ජනමාධ්‍ය තුළ එතෙක් කතා කළ වැදගත් සිංහල භාෂාව පවා නැති කරලා දැම්මා. අවර ගණයේ වැඩසටහන් පෙන්වලා තරුණ පරම්පරාවේ මොළ කෑවා. ඒවායේ ප්‍රතිඵල තමයි අද මේ අප අත්විඳින්නේ. දැන් අලුත්ම එක තමයි “ලිංගික අනන්‍යතා අර්බුද” සාමාන්‍යකරණය කිරීම. දැන් ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙන්නේ පවුල් සංස්ථාව බිඳ දමන අසභ්‍ය විකෘති ලිංගික චර්යා පෙන්වීමෙන්. ඒ ගහන්නේ සමාජයක වැදගත්ම ඒකකය වන පවුලට. ජාතිකවාදය ගැන පම්පෝරි ගහන දෙරණේ දිලිත් ජයවීර අනෙක් පැත්තෙන් ඒවාට සම්මාන දෙනවා. මොනවද මේ? මේවා තනිකරම බෞද්ධ සිංහල සමාජය විනාශ කරන්න ඇතුළෙන්ම කරන ව්‍යාපෘති.
මේවා ගැන ඉතාම හොඳ අධ්‍යයනයකින් සහ අවබෝධයකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා දියත් කළ බෞද්ධ සිංහල ව්‍යාපාරය කටයුතු කළේ. එතුමාගේ නායකත්වය යටතේ අපි අපේ සමාජය නැවත ප්‍රතිසංස්කරණය කරගෙන ආවා. නමුත් අවාසනාවට කොරෝනා වසංගතය ආවා. අපේ සතුරන් එය දඩමීමා කරගෙන ආර්ථික අර්බුදයක් නිර්මාණය කළා. එයින් රට ඇතුළේ මහා ලේ වැගිරීමක් කරලා විනාශ කරලා දාන්න අරගලය ගෙනාවා. ඒ වෙලාවේ අපට සිදු වුණා අඩියක් පස්සට ගන්න. ඒ තමයි ඒ වෙලාවේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතුව තිබුණු පරිණත බුද්ධිමත් තීරණය. ඒ වෙලාවේ මිනිස්සු හිටියේ ඔය කාර්ගීල්ස් එකේ වගේ වියරුවෙන් අන්ධ වෙලා. එවැනි අවස්ථාවල අප බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. දැන්වත් මේවා ගැන ඉවසීමෙන් කල්පනා කරලා සිදු කළ වරද නිවැරදි කළ යුතුයි. නැත්නම් මේ තියන ටිකත් විනාශ වීම වළක්වන්න බැහැ. ධර්මය අපට මග වේවා!
- එරන්ද ගිනිගේ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?