News Category
From Date
To Date
Maximum Number of Result

‘නාසිවාදය ප්‍රචාරණයට’ එරෙහි ගෝලීය සටනට එක් වෙන්නැයි පුටින් ඉල්ලයි

Feb 16, 2024 at 01:33 PM
|

නාසිවාදය මුල් බැසගෙන ඇත්තේ බටහිර රටවල දැන් ව්‍යාප්ත වී ඇති “සුවිශේෂීවාදය” යන අදහස තුළ බවත්, එය පරාජය කිරීම සඳහා බහුජාතික එකමුතුවකින් යුතු ප්‍රවේශයක් අවශ්‍ය බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

පසුගිය 14 වනදා මාධ්‍යවේදී පාවෙල් සරුබින්  සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, පුටින්, ජර්මන් විදේශ ඇමතිනි ඇන්නලෙන ඹීර්බොcක් ගේ සීයා උද්යෝගිමත් නාසියෙකු වූ බවට ජර්මානු පුවත්පත්වල කළ හෙළිදරව් කිරීම් සිහිපත් කළේය.

“නාසි ජර්මනිය කළ සෑම දෙයකටම වත්මන් ජර්මානු පරම්පරාව සම්පූර්ණ දේශපාලන වගකීම දැරිය යුතු යැයි මම සිතන්නේ නැහැ.” යැයි පැවසූ පුටින් සමස්ත ජර්මානු ජනතාවම එවැනි ලේබල් කිරීමකට යටත් කිරීම “අසාධාරණ” බවයි.

ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ බොහෝ රටවල් "තෝරාගත්" හෝ "සුවිශේෂී" යන සංකල්පය අනුගමනය කර ඇති බවත්  නාසිවාදය ආරම්භ වූ ආකාරය මෙය බවත් මාධ්‍යවේදී සරුබින්ට පුටින්  පැවසුවේය.

"මෙය මෙතරම් පුලුල්ව පැතිරී ඇත්නම්, ගෝලීය මට්ටමින් ෆැසිස්ට් විරෝධී සහ නාසි විරෝධී ප්‍රචාරණයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් අප සිතා බැලිය යුතුය," පුටින් අවධාරණය කළේය. එවැනි ප්‍රයත්නයක් කුමන රටකදී වුවද සැබවින්ම ඵලදායී වනු ඇත්තේ සමස්ත සමාජයෙන් පැනනගින්නේ  මිස රාජ්‍යය මැදිහත් වීමෙන් නොවන බවද පුටින් වැඩිදුරටත් පැවසීය.

ඊයේ(15)  ණිzහ්න්ය් ඨගිල් ප්‍රදේශයේ පිහිටි ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන Uරල්වගොන්zඅවොඩ් හි සේවකයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් , රුසියාව නාසිවාදය වෙත "ශුන්‍ය" ඉවසීමක් පවත්වා ගත යුතු බව පුටින් නැවත නැවතත් අවධාරණය කළේය. කියෙව් සමඟ වත්මන් ගැටුමට තුඩු  දෙන යුක්‍රේනයේ  ස්ටෙෆාන් බන්ඩෙරා සහ රෝමන් ෂුකෙවිච්ගේ මිනීමරු මතවාදය පුනර්ජීවනය කිරීම සඳහා දෙවන ලෝක සංග්‍රාමයේදී නාසීන්ට සහාය දුන් අයගේ උරුමක්කාරයින්ට දැන් එක්සත් ජනපදයේ පිටුබලය ලැබෙන බව පුටින් පෙන්වා දුන්නේය.

දෙවන ලෝක යුද්ධයේ එක් අවස්ථාවකදී ජර්මනිය විසින් සිරගත කළ  හේතුවෙන් බන්ඩෙරා, ෂුකෙවිච් සහ එවැනි අනෙකුත් අය සැබවින්ම නාසීන් නොවන බවට නූතන යුක්රේන ජාතිකවාදීන් නගනු ලබන තර්ක  ප්‍රතික්ෂේප කරන බව පුටින් අවධාරණය කළේය. එහිදී පුටින්ට පෙන්වා දුන්නේ හිට්ලර්ගේ පාලන තන්ත්‍රය යුක්රේන සහයෝගිතාකරුවන්ට දඬුවම් කළේ බටහිර මිත්‍ර පාක්ෂිකයින් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම නිසා තෙවන රයිකය (තෙවන රයිකය : "තුන්වන පාලන තන්ත්‍රය හෝ අධිරාජ්‍යය හෙවත්  ජර්මනියේ නාසි තනතුර සහ 1933 සිට 1945 දක්වා ජරමනියේ පාලන තන්ත්‍රය. ඓතිහාසික වශයෙන්, පළමු රයිකය යනු මධ්‍යකාලීන ශුද්ධ රෝම අධිරාජ්‍යය වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1806 දක්වා පැවතුනි. දෙවන රයිකය ක්‍රිස්තු වර්ෂ 1871-1918 දක්වා පැවැති ජර්මානු අධිරාජ්‍යයයි ) අහිමි වීමට ආසන්න බව ඔවුන් වටහා ගත් පසු ගත් ක්‍රියාමාර්ග හැර වෙනත් යමක් නොමැති බව පෙන්වා දුන්නේය.

“ඔවුන් මුළු කාලය පුරාම නාසීන් වූ අතර ඔවුන් නාසීන් ලෙසම පැවතුනි. නමුත් ඔවුන්ගේ දුවා දරුවන් හෙවත් නව-නාසිවරුන්, මහා දේශප්‍රේමී යුද්ධයේදී අපට එරෙහිව සටන් කළ අයට සම්පූර්ණයෙන්ම සමානයි.”රුසියානු ජනාධිපතිවරයා පැවසීය.

වත්මන් යුක්රේන රජය නාසි මතවාදය වැළඳ ගනිමින් රුසියාවට එරෙහි සතුරෙකු සහ තර්ජනයක් බවට පත් කරන බවට පුටින් එහිදී චෝදනා කළේය. ක්‍රෙම්ලිනය යුක්‍රේනය "නාසිහරණය කිරීම" වත්මන් මිලිටරි මෙහෙයුමේ ප්‍රධාන අරමුණු වලින් එකක් ලෙස හුවා දක්වයි.

බොහෝ යුක්රේනියානු හමුදා ඒකක නාසි ජර්මානු හමුදාව සහ එස්එස් හමුදාව විසින් භාවිතා කරන ලද ලාංඡන සහ නිරූපණ පරිහරණය කිරිමට කටයුතු කරති. දැන් යුක්රේන හමුදාවේ කොටසක් වන කුප්‍රකට 'අසෝව්' මිලීෂියාවේ නිර්මාතෘ ඇන්ඩ්‍රේ බිලෙට්ස්කි  2014 දී බටහිර වාර්තාකරුවන්ට පැවසුවේ ඔහු කණ්ඩායමේ සංකේත ලෙස එස්එස් හමුදාව භාවිත කළ වෘක දඩයමට භාවිත කරන උපකරණයෙහි රූපය සහ  හෙන්රිච් හිම්ලර්ගේ කළු සූර්යා  දෙවන ලෝක යුද්ධයේදී “ජර්මානුවන් විසින් භාවිතා කර ඇති නිසා” තෝරා ගත් බවයි.  එසේ වුවද කියෙව්හි ආණ්ඩුව සහ බටහිර බොහෝ මාධ්‍ය ආයතන යුක්‍රේනයේ නාසි බලපෑම පිලිබඳ ප්‍රකාශ "රුසියානු ප්‍රචාරක" ලෙස බැහැර කර ඇත.

https://www.rt.com/russia/592514-putin-global-nazi-propaganda/

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.