News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර පීඩනය නොතකා යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටීම රුසියාවට අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන්

Feb 11, 2024 at 06:17 PM
|

(ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා සමඟ ඩේලි මිරර් පුවත් පතේ(2024 පෙබරවාරි 08 )මාධ්‍යවේදී කැළුම් බණ්ඩාර මහතා කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය)

ප්‍රශ්නය : රුසියාවේ ඉහළ පෙළේ දූත පිරිස මෑතකදී ශ්‍රී ලංකාවේ කළ සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට උපකාරී වූයේ කෙසේද?

රුසියානු තානාපති : අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් අපි සෑහීමකට පත්වෙනවා. අපි සෑහීමට පත්ව සිටින බව පෙන්වන තවත් ඇඟවුමක් වූයේ ඉහළ පෙළේ රුසියානු නියෝජිත පිරිස පසුගියදා කළ සංචාරයයි.

එම දූත පිරිසට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පතෘෂෙව්ගේ නායකත්වයෙන් යුත් 40 දෙනෙකුට වඩා විශාල දූත පිරිසක් අයත් වූවා. නිකොලායි පතෘෂෙව් 2023 දෙසැම්බර් 6 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා වැදගත් හමුවක් පැවැත්වූවා. ඔහු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමඟද  සාකච්ඡාවක් පැවැත්වූවා. එලෙසම කමල් ගුණරත්න මහතා පසුගිය වසරේ මැයි මාසයේදී මොස්කව් සංචාරයකටද සහභාගි වූවා. එබැවින් රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පතෘෂෙව් ඇතුළු පිරිසේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සංවාදයේ අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස හඳුන්වන්නට හැකියි. එසේම නිකොලායි පතෘෂෙව් මහතා පසුගිය දෙසැම්බරයේ කොළඹ සිටි අවස්ථාවේදී එළඹෙන 2024 වසරේ රුසියාවට පැමිණෙන ලෙස ගුණරත්න මහතාට ආරාධනා කරනු ලැබුවා.

රුසියානු දූත පිරිසට අයත් වූ රුසියානු රජයේ අමාත්‍යාංශවල නියෝජිතයන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා සහ තවත් ආයතන කිහිපයක අයවළුන් සමඟත්  ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සාකච්ඡා පැවැත්වූවා.

රුසියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ අනුග්‍රහය යටතේ රුසියානු කෘෂිකර්ම, ප්‍රවාහන, කර්මාන්ත, මහ බැංකුව යන ආයතනවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ එම ආයතන නියෝජනය කරන පිරිස්  අතරද වෙනම සාකච්ඡා පැවැත්වුනා. මේ සාකච්ඡා සම්බන්ධයෙන් අපි සෑහීමකට පත් වෙනවා. අපි යම් යම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර දෙපැත්තෙන්ම යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංවාදයේ අඛණ්ඩතාවය  එළඹෙන අප්‍රේල් මාසයේදී නැවත තහවුරු වීමට නියමිතයි.

ප්‍රශ්නය: මේ වන විට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් ඇවිලී තිබෙනවා එලෙසම බටහිර ආසියානු කලාපයේ අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී පවතිනවා. එවැනි විශේෂ සන්දර්භයක් තුළ ඔබ ආරක්ෂක සහයෝගීතාව අපේක්ෂා කරනු ලබනවා . මෙවැනි විශේෂ සන්දර්භයක් තුළ රුසියාව ශ්‍රී ලංකාව සමඟ කුමන ආකාරයේ ආරක්ෂක සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේද?

රුසියානු තානාපති :පළමුවෙන්ම, අපගේ දැක්මට අනුව  යුක්‍රේන භූමිය තුළ රුසියානු-යුක්‍රේන යුද්ධයක් නොමැති බව පැවසීමට  මම කැමැතියි. මේ කරගෙන යන්නේ රුසියාව විසින් ආරම්භ කරන ලද විශේෂ හමුදා මෙහෙයුමක් පමණයි. එය යුක්‍රේන භූමිය තුළ ක්‍රියාත්මක රුසියාව සහ සාමූහික බටහිර අතර යුද්ධයක් බව මම අවධාරණය කරනවා. බටහිර රටවල් රුසියාවට පරාජයක් හෙවත් උපායමාර්ගික පරාජයක් ලබා දීමට අරමුණු කරගෙන සිටිනවා. නමුත් අපි, රුසියාව, යුක්‍රේනයේ රූකඩ පාලනය සහ ඔවුන්ගේ විදේශ අනුග්‍රාහකයින් පරාජය කිරීමට අරමුණු කරගෙන සිටිනවා. ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් ගත් කළ අපි ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා වන අධ්‍යාපනය පිළිබඳවයි.

ප්‍රශ්නය: ඔබ අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

රුසියානු තානාපති :ඔව්, අපි කියමු, හමුදාව සඳහා කියලා. අපි සිසුන් සඳහා අධ්‍යාපනය ගැන සාකච්ඡා කරනවා. සිවිල් වැසියන්ට පමණක් නොව හමුදාවට ද අධ්‍යාපනය ලබා දිය යුතුයි.

ප්‍රශ්නය: ඇත්තටම ආරක්ෂක දෘෂ්ටිකෝණයකින්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්ථානගත කිරීම ඔබ දකින්නේ කෙසේද?

රුසියානු තානාපති : ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්ථානගත කිරීම ඉතා වැදගත් වෙනවා. යුක්රේනය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ සමබර සහ මධ්‍යස්ථ ස්ථාවරය අපි ඉතා අගය කරනවා.බටහිරින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වුවද, ශ්‍රී ලංකා රජය ගන්නා මධ්‍යස්ථ ස්ථාවරය ඉදිරියටත් ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. බටහිර හා පෙරදිග යන රටවල් කාණ්ඩ දෙක සමඟම ශ්‍රී ලංකාව යහපත් සබඳතා පැවැත්වීම ඉතා වැදගත් වෙනවා.

ප්‍රශ්නය - යුද්ධය පැවති කාලයේදී ශ්‍රී ලංකා රජය රුසියාවෙන් යුද උපකරණ විශාල ප්‍රමාණයක් මිලදී ගත්තා. දැන් තත්ත්වය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

රුසියානු තානාපති :එම අවි මිළදී ගැනීම් රුසියාවෙන් සහ පැරණි සෝවියට් සංගමයෙන් ද සිදු කළා. අපි සියලු දේ සාකච්ඡා කිරීමට විවෘතව සිටිනවා. ශ්‍රී ලංකාව බටහිර රටවල්, ඉන්දියාව සහ චීනය සමඟ හමුදා සහයෝගීතාවයන් පවත්වා ගෙන යනවා. ඉතින්, ඇයි රුසියාව සමඟ එලෙස ආරක්ෂක සහයෝගිතාවයන් පවත්වා ගෙන යාමට නොහැකි වන්නේ?

ප්‍රශ්නය: ඉහළ පෙළේ රුසියානු නියෝජිතයන්ගේ සංචාරයෙන් පසු ගත් පසු විපරම් ක්‍රියාමාර්ග මොනවාද?

රුසියානු තානාපති :අපි තවත් සංචාර කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි දැන් විවිධ මට්ටම්වල දේශපාලන උපදේශනවල අපේක්ෂාවන් පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. සමහර විට රුසියානු දුත පිරිසක් ලංකාවට පැමිණේවි. උදාහරණයක් ලෙස කෘෂිකර්ම ඇමැතිවරයාට එළඹෙන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස  ආරාධනා කර තිබෙනවා.  එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය රුසියානු පර්ශවකරු දිමිත්‍රි පතෘෂෙව් මහතාට ආරාධනාවක් යවා තිබෙනවා.

ප්‍රශ්නය: කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සහයෝගීතාව සඳහා ඇති විභවයන් මොනවාද?

රුසියානු තානාපති : මුලින්ම පොහොර. ඒ වගේම ආහාර සැපයීම. ශ්‍රී ලංකාවට තිරිඟු සහ තවත් භාණ්ඩ කිහිපයක් සැපයීමට අපි සූදානම්. මේ වන විට එළවළු තෙල් රැගත් රුසියානු නැව් දෙකක් දැනටමත් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට රුසියාවෙන් ලබා දෙන මානුෂීය ආධාරයක්. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙවැනිම මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සවයකට මම සහභාගි වුණා.එම ආධාර ශ්‍රී ලංකාවට සහ අනෙකුත් රටවලට ආහාර සැපයීම සඳහා ලෝක ආහාර වැඩසටහනට රුසියාව ලබාදෙන දායකත්වයේ කොටසක් බව අවධාරණය කරනවා.

ප්‍රශ්නය: සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් රුසියා-ශ්‍රී ලංකා සහයෝගිතාව හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ දිනවල ශ්‍රී ලංකාවට රුසියාවෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. ඇත්ත වශයෙන්ම, මෙම සංඛ්‍යාව වැඩි කිරීමට රුසියාවට ශ්‍රී ලංකාවට උපකාර කළ හැක්කේ කුමන ආකාරයෙන්ද?

රුසියානු තානාපති : ශ්‍රී ලංකාව රුසියානුවන් සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් බැවින් ඒ සඳහා විශේෂ ප්‍රචාරණ අවශ්‍ය  වන්නේ නැහැ.රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඉතා සතුටින් ඔවුන්ගේ සංචාරය නිමා කරනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර  සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ වූ දා සිට පෙබරවාරි මාසයේදී රුසියාවෙන් මගීන් 200,000 පැමිණීම්  සලකුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනව. මේ වන විට මොස්කව් සිට සහ අනෙකුත් රුසියානු නගරවල සිට කොළඹ සහ මත්තල යන ගුවන් තොටුපවල් දෙකටම සතියකට සෘජු ගුවන් ගමන් රාශියක් සිදු වෙනවා.බොහෝ රුසියානුවන් අරාබි හෝ ගල්ෆ් රටවල් හරහා ද ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක්. රුසියානුවන් ශ්‍රී ලංකාවේදී මුදල් වියදම් කරනවා. එය ශ්‍රී ලංකාවේ අයවැයට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයින්ගේ රැකියාවල උන්නතිය සඳහාද ඉතා වැදගත් වේ.

ප්‍රශ්නය: පසුගියදා පැවැත්වුනු ඉහළ මට්ටමේ රැස්වීමේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව කෙටි විස්තරයක් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් රුසියානු පාර්ශවයෙන් කොතෙක් දුරට ඉදිරියට ගොස් තිබෙනවාද?

රුසියානු තානාපති : පළමුවෙන්ම, මහාචාර්ය රෝසා සහ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අපට දක්වන සහයෝගය සහ රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් තුළ වන සූදානම පිළිබඳව මගේ පෞද්ගලික ගෞරවය නැවත වරක් ප්‍රකාශ කිරීමට මෙම අවස්ථාව භාවිතා කිරීමට මම කැමතියි. ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් විසඳිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.එයින් මම අදහස් කරන්නේ විසඳිය යුතු නීති ගැටළුයි. ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් වෙනත් රටවලින් යෝජනා කිහිපයක් ලැබී ඇති බව දන්නා නිසා අපි එක්ව සාකච්ඡා කරගෙන යාමට මාර්ගය සැකසීමට උත්සාහ කරනවා.අපි යමක් ඉදිරිපත් කිරීමට සූදානම්. රොසාටොම් රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ (Rosatom State Atomic Energy Corporation) රුසියානු නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීම වැදගත් කාර්යක්. ඔවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කළ හැකිය. මේ සම්බන්ධයෙන් වැඩි  විස්තර සාකච්ඡා කිරීමට මට අවසර නැහැ. මුහුදු වෙරළේ හෝ වෙරළෙන් එපිට  කුඩා න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට අපගේ සූදානම සම්බන්ධයෙන් අපි දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. එය මෙගාවොට් 110ක් හෝ ඊට වැඩි විය හැකියි. මම තාක්ෂණික කාරනා සම්බන්ධයෙන් දැනුවත් නැහැ. එය විශේෂඥයින්ට භාරයි. එය ශ්‍රි ලංකාවේ පරමාධිපත්‍ය බලයේ තීරණයයි. රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවාද නැතිනම් වෙනත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවාද යන්න තීරණය කළ හැක්කේ ශ්‍රී ලංකා රජයට පමණයි. අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඒත්තු ගැන්වීමට පමණි. Rosatom State Atomic Energy Corporation න්‍යෂ්ඨික බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයා බව අවධාරණය කළ යුතුයි. ඔබගේ අසල්වැසියන් සමඟ අපට ඉතා හොඳ සහයෝගීතාවයක් තිබෙනවා. පළමුවෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ අපි අපේ සහයෝගිතාව ඉතා ප්‍රායෝගිකව ආරම්භ කළා.ඒ වගේම මියන්මාරය සමඟත් අපට ඉතා හොඳ සහයෝගයක් තිබෙනවා. බෙලාරුස්, හංගේරියාව, ඊජිප්තුව, තුර්කිය සහ ඉරානය සමඟ අප සහයෝගීතාවය ගොඩනගා තිබෙනවා. ඒ අනුව අපි තමයි නායකයෝ.

ප්‍රශ්නය: ඔබ බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ සහයෝගීතාවයක්ද? එය රුසියාව බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ක්‍රියාත්මක කරමින් සිටින දෙයට සමාන මාදිලියක්ද?

රුසියානු තානාපති: එය විශේෂඥයින් අතර සිදුවන සාකච්ඡා මත රඳා පවතීවි. පළමුවෙන්ම, අපි අවශ්‍ය වාතාවරණය සහ අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුය. ශ්‍රී ලංකාව අපගේ රුසියානු නියෝජිත පිරිසට පැමිණෙන ලෙස ආරාධනා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රුසියාව සාකච්ඡා සඳහා සූදානම්.

ප්‍රශ්නය: මේ මොහොතේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැමැති විෂයෙහි ප්‍රධාන අංගය එයද?

රුසියානු තානාපති :ඔව්! ජාත්‍යන්තර ගිවිසුම්වලට සම්බන්ධ වීමට අදාළ ගිවිසුම් අත්සන් කළ යුතු නිසා "පන්දුව ශ්‍රී ලංකාවේ" අතේ ඇති බව මම මගේ එක් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. එනම් භෞතික ආරක්ෂාව සහ තවත් සමහරක් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනුයි මම එලෙස  අදහස් දැක්වූවේ. මම මතු කළ කාරනා මේ සංවිධානයේ ඉන්න අපේ සගයන් වගේම විදේශ ඇමැතිවරුත් දන්නවා.වියානාහි තිබෙන IAEA (ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය) සමඟ ශ්‍රී ලංකාව  ප්‍රයෝජනවත් සහයෝගිතාවක් පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත් වෙනවා.

ප්‍රශ්නය : ශ්‍රී ලංකාව "ගෝලීය දකුණ" තුළ යම් ආකාරයක ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට උත්සාහ කරනවා. ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා පවසන්නේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිවම ආසියාව කේන්ද්‍ර කරගත් එකක් බවයි. ඒ අනුව, රුසියාව මෙම තත්වය සැබවින්ම දකින්නේ කෙසේද?

රුසියානු තානාපති :මේ සම්බන්ධයෙන් අපගේ දැක්ම ඉතාම ධනාත්මක වන්නේ ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් අපගේ මිත්‍ර රටවලින් එකක් වන නිසයි. ශ්‍රී ලංකාව සමඟ අපට කිසිදා ප්‍රශ්න ඇති වී නැහැ. බොහෝ ශ්‍රී ලාංකිකයන් රුසියානු සහ පැරණි සෝවියට් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට හරිම ආඩම්බරයි. ඒ වගේම රුසියානු උපාධිධාරින් මේ වන විට ඉතා වැදගත් තනතුරු දරනවා. සමහරු රාජ්‍ය ආයතනවල සහ තවත් සමහරු පෞද්ගලික ව්‍යාපාරවල. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඒ අය බෙහෙවින් උපකාරී වේවි.  නැවත වතාවක් යුක්‍රේනය  සම්බන්ධ ගැටළුව සැලකිල්ලට ගතහොත්, ශ්‍රී ලංකාව මෙන්ම ගෝලීය දකුණේ ප්‍රධාන කොටසක් මධ්‍යස්ථ සහ සමබර ස්ථාවරයක් අනුගමනය කිරීම අපි ඉතා අගය කරනව. රුසියාවට එරෙහි සම්බාධකවලට කොළඹ එකතු නොවුණේ එවැනි සම්බාධක ප්‍රතිවිපාක ගෙන දෙන බැවිනුයි. මධ්‍යස්ථ, සමබර ස්ථාවරයන් අනුගමනය කරන සමහර රටවල් රුසියාවට එරෙහිව සම්බාධකවලට සම්බන්ධ වන්නේ නැහැ.

ප්‍රශ්නය : ඇත්තටම දෙරටේ ජනාධිපතිවරුන් හමුවීමට හැකියාවක් තිබෙනවාද?

රුසියානු තානාපති :පසුගිය දා චීනයේ එක් තීරයක් එක් මාවතක් (Belt and Road Initiatives) සමුළුව අතරතුර හොඳ අවස්ථාවක් තිබුණා. එහෙත් මා දන්න තරමින්  ඔවුන් දෙදෙනා එකිනෙකාට අතට අත දුන්නා පමණයි. එයට හේතුව ලෙස මම දකින්නේ  ජනාධිපතිවරු දෙදෙනාම  කළින් යොදාගත් වැඩසටහන් වල නිරත වී සිටීම නිසා එලෙස සිදු වූ බවයි. මම බලාපොරොත්තු වෙනවා, ඊළඟ වතාවේ ඔවුන් සමහර විට ජාත්‍යන්තර රැස්වීමකදී හමුවූ විට එසේ සිදුවේවි. ඔබ දන්නවා රුසියාව BRICS සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන්නේ රුසියාව බව. BRICS සංවිධානය තවත් විශාල වී තිබෙනවා. බොහෝ රටවල් BRICS හා සම්බන්ධ වී තිබෙනවා. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව සහ ඊජිප්තුව එම රටවල් අතර සිටිනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාව ද BRICS හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින බව නිවේදනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ දැක්ම කුමක්ද?

රුසියානු තානාපති :මම එහි කිසිම ගැටලුවක් දකින්නේ නැහැ. ශ්‍රී ලංකාව යම් නිර්ණායක සපුරාලිය යුතුය. නමුත් එය ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් නොවන බව මම විශ්වාශ කරනවා. ශ්‍රී ලංකාව සියලුම සාමාජික රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වනවා. BRICS ඉතා ජනප්‍රිය ජාත්‍යන්තර සංවිධානයක් බවට පත්ව තිබෙනවා. අපි අපගේ ආර්ථිකයන් ඒකාබද්ධ කිරීම සහ බොහෝ ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාවය  දිගටම පවත්වාගෙනයාම කරගෙන යනු ලබනවා. සංවිධානය චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි බලවත් රටවල් රාශියක් ගොනු වී සිටිනවා.

ප්‍රශ්නය : රුසියාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි කියා ඔබ විශ්වාස කරනවාද?

රුසියානු තානාපති :ඇත්ත වශයෙන්ම. ෂැංහයි සහයෝගිතා සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් අපි අපේක්ෂා කරනවා.  ශ්‍රී ලංකාව දැනට IORA (Indian Ocean Rim Association) හි සභාපතිත්වය දරනවා. රුසියාව එහි සංවාද හවුල්කාර රටක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම මෙම සංවිධානයේ සමහර රැස්වීම් සහ සමහර සැසි පැවැත්වෙනවා.රුසියාවේ නියෝජිතයින් ඒවාට සහභාගී වීමට සූදානම්. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම සංවිධානයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් තිබුණා.

ප්‍රශ්නය: ඔබේ අදහසට අනුව රුසියාව-යුක්රේන යුද්ධය කොපමණ කාලයක් ඇදී යනු ඇත්ද?

රුසියානු තානාපති :රුසියාව සතු හැකියාව යුක්රේනය  සමඟ සැසඳිය නොහැකි නිසා එලෙස කාල වකවානු පැවසීම අපහසු බව ඔබ දන්නවා. ඔවුන් තවමත් ප්‍රතිවිරෝධයක් දක්වන්නේ බටහිර රටවලින් ලැබෙන උදව්වලට පින්සිදු වන්නටය.නමුත් යුක්‍රේනයේ, හැකියාව අවසන් වෙමින් පවතින බව අවධාරණය කරනවා. ඇමරිකානුවන්ට වලට මැතිවරණ මුහුණ දෙන්නට තිබෙනවා. යුරෝපීයයන් විශාල ආර්ථික ගැටලු වලට මුහුණදී තිබෙනවා. ජර්මනියේ සිදුවන දේ බලන්න! ගොවීන්ගේ විරෝධතා, දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජන .යුරෝපා වැසියන්  ඇතිවී තිබෙන තත්වයෙන් හෙම්බත් වෙලා ඉන්නේ. යුරෝපා වැසියන් යුක්රේනයේ රූකඩ, බංකොලොත් සහ දූෂිත පාලනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. බටහිර රටවල් දැන් මැදපෙරදිග අර්බුදය වැනි වෙනත් ප්‍රශ්නවලට යොමු වී තිබෙනවා. ඔව් එය අර්බුදයක්. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ දශක ගණනාවක් තිස්සේ පලස්තීනුවන්ට තමන්ගේම රටක ජිවත් වීමේ අයිතිය අහිමි වීමයි.

නැගෙනහිර ජෙරුසලමේ අගනුවර කේන්ද්‍ර කරගෙන 1967 ඇති කළ දේශසීමාව තුළ ඔවුන්ට ඔවුන්ගේම රටක් තිබිය යුතුය. නමුත් දැන් ඔවුන්ට එය අහිමි වෙලා. ගැටුමේ මූලය ඇත්තේ එතැනයි..

පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස

https://www.dailymirror.lk/opinion/Russia-wants-Sri-Lanka-to-maintain-neutrality-on-Ukraine-despite-Western-Pressure-Ambassador-Levan-Dzhagaryan/231-275441

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.