News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර පීඩනය නොතකා යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටීම රුසියාවට අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන්

Feb 11, 2024 at 06:17 PM
|

(ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා සමඟ ඩේලි මිරර් පුවත් පතේ(2024 පෙබරවාරි 08 )මාධ්‍යවේදී කැළුම් බණ්ඩාර මහතා කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය)

ප්‍රශ්නය : රුසියාවේ ඉහළ පෙළේ දූත පිරිස මෑතකදී ශ්‍රී ලංකාවේ කළ සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට උපකාරී වූයේ කෙසේද?

රුසියානු තානාපති : අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් අපි සෑහීමකට පත්වෙනවා. අපි සෑහීමට පත්ව සිටින බව පෙන්වන තවත් ඇඟවුමක් වූයේ ඉහළ පෙළේ රුසියානු නියෝජිත පිරිස පසුගියදා කළ සංචාරයයි.

එම දූත පිරිසට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පතෘෂෙව්ගේ නායකත්වයෙන් යුත් 40 දෙනෙකුට වඩා විශාල දූත පිරිසක් අයත් වූවා. නිකොලායි පතෘෂෙව් 2023 දෙසැම්බර් 6 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා වැදගත් හමුවක් පැවැත්වූවා. ඔහු ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සමඟද  සාකච්ඡාවක් පැවැත්වූවා. එලෙසම කමල් ගුණරත්න මහතා පසුගිය වසරේ මැයි මාසයේදී මොස්කව් සංචාරයකටද සහභාගි වූවා. එබැවින් රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පතෘෂෙව් ඇතුළු පිරිසේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සංවාදයේ අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස හඳුන්වන්නට හැකියි. එසේම නිකොලායි පතෘෂෙව් මහතා පසුගිය දෙසැම්බරයේ කොළඹ සිටි අවස්ථාවේදී එළඹෙන 2024 වසරේ රුසියාවට පැමිණෙන ලෙස ගුණරත්න මහතාට ආරාධනා කරනු ලැබුවා.

රුසියානු දූත පිරිසට අයත් වූ රුසියානු රජයේ අමාත්‍යාංශවල නියෝජිතයන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා සහ තවත් ආයතන කිහිපයක අයවළුන් සමඟත්  ශ්‍රී ලංකාවේ නියෝජිතයන් සාකච්ඡා පැවැත්වූවා.

රුසියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ අනුග්‍රහය යටතේ රුසියානු කෘෂිකර්ම, ප්‍රවාහන, කර්මාන්ත, මහ බැංකුව යන ආයතනවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ එම ආයතන නියෝජනය කරන පිරිස්  අතරද වෙනම සාකච්ඡා පැවැත්වුනා. මේ සාකච්ඡා සම්බන්ධයෙන් අපි සෑහීමකට පත් වෙනවා. අපි යම් යම් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර දෙපැත්තෙන්ම යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සංවාදයේ අඛණ්ඩතාවය  එළඹෙන අප්‍රේල් මාසයේදී නැවත තහවුරු වීමට නියමිතයි.

ප්‍රශ්නය: මේ වන විට රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයක් ඇවිලී තිබෙනවා එලෙසම බටහිර ආසියානු කලාපයේ අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී පවතිනවා. එවැනි විශේෂ සන්දර්භයක් තුළ ඔබ ආරක්ෂක සහයෝගීතාව අපේක්ෂා කරනු ලබනවා . මෙවැනි විශේෂ සන්දර්භයක් තුළ රුසියාව ශ්‍රී ලංකාව සමඟ කුමන ආකාරයේ ආරක්ෂක සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේද?

රුසියානු තානාපති :පළමුවෙන්ම, අපගේ දැක්මට අනුව  යුක්‍රේන භූමිය තුළ රුසියානු-යුක්‍රේන යුද්ධයක් නොමැති බව පැවසීමට  මම කැමැතියි. මේ කරගෙන යන්නේ රුසියාව විසින් ආරම්භ කරන ලද විශේෂ හමුදා මෙහෙයුමක් පමණයි. එය යුක්‍රේන භූමිය තුළ ක්‍රියාත්මක රුසියාව සහ සාමූහික බටහිර අතර යුද්ධයක් බව මම අවධාරණය කරනවා. බටහිර රටවල් රුසියාවට පරාජයක් හෙවත් උපායමාර්ගික පරාජයක් ලබා දීමට අරමුණු කරගෙන සිටිනවා. නමුත් අපි, රුසියාව, යුක්‍රේනයේ රූකඩ පාලනය සහ ඔවුන්ගේ විදේශ අනුග්‍රාහකයින් පරාජය කිරීමට අරමුණු කරගෙන සිටිනවා. ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් ගත් කළ අපි ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා වන අධ්‍යාපනය පිළිබඳවයි.

ප්‍රශ්නය: ඔබ අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

රුසියානු තානාපති :ඔව්, අපි කියමු, හමුදාව සඳහා කියලා. අපි සිසුන් සඳහා අධ්‍යාපනය ගැන සාකච්ඡා කරනවා. සිවිල් වැසියන්ට පමණක් නොව හමුදාවට ද අධ්‍යාපනය ලබා දිය යුතුයි.

ප්‍රශ්නය: ඇත්තටම ආරක්ෂක දෘෂ්ටිකෝණයකින්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්ථානගත කිරීම ඔබ දකින්නේ කෙසේද?

රුසියානු තානාපති : ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික ස්ථානගත කිරීම ඉතා වැදගත් වෙනවා. යුක්රේනය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ සමබර සහ මධ්‍යස්ථ ස්ථාවරය අපි ඉතා අගය කරනවා.බටහිරින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල වුවද, ශ්‍රී ලංකා රජය ගන්නා මධ්‍යස්ථ ස්ථාවරය ඉදිරියටත් ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. බටහිර හා පෙරදිග යන රටවල් කාණ්ඩ දෙක සමඟම ශ්‍රී ලංකාව යහපත් සබඳතා පැවැත්වීම ඉතා වැදගත් වෙනවා.

ප්‍රශ්නය - යුද්ධය පැවති කාලයේදී ශ්‍රී ලංකා රජය රුසියාවෙන් යුද උපකරණ විශාල ප්‍රමාණයක් මිලදී ගත්තා. දැන් තත්ත්වය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

රුසියානු තානාපති :එම අවි මිළදී ගැනීම් රුසියාවෙන් සහ පැරණි සෝවියට් සංගමයෙන් ද සිදු කළා. අපි සියලු දේ සාකච්ඡා කිරීමට විවෘතව සිටිනවා. ශ්‍රී ලංකාව බටහිර රටවල්, ඉන්දියාව සහ චීනය සමඟ හමුදා සහයෝගීතාවයන් පවත්වා ගෙන යනවා. ඉතින්, ඇයි රුසියාව සමඟ එලෙස ආරක්ෂක සහයෝගිතාවයන් පවත්වා ගෙන යාමට නොහැකි වන්නේ?

ප්‍රශ්නය: ඉහළ පෙළේ රුසියානු නියෝජිතයන්ගේ සංචාරයෙන් පසු ගත් පසු විපරම් ක්‍රියාමාර්ග මොනවාද?

රුසියානු තානාපති :අපි තවත් සංචාර කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි දැන් විවිධ මට්ටම්වල දේශපාලන උපදේශනවල අපේක්ෂාවන් පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. සමහර විට රුසියානු දුත පිරිසක් ලංකාවට පැමිණේවි. උදාහරණයක් ලෙස කෘෂිකර්ම ඇමැතිවරයාට එළඹෙන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස  ආරාධනා කර තිබෙනවා.  එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය රුසියානු පර්ශවකරු දිමිත්‍රි පතෘෂෙව් මහතාට ආරාධනාවක් යවා තිබෙනවා.

ප්‍රශ්නය: කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සහයෝගීතාව සඳහා ඇති විභවයන් මොනවාද?

රුසියානු තානාපති : මුලින්ම පොහොර. ඒ වගේම ආහාර සැපයීම. ශ්‍රී ලංකාවට තිරිඟු සහ තවත් භාණ්ඩ කිහිපයක් සැපයීමට අපි සූදානම්. මේ වන විට එළවළු තෙල් රැගත් රුසියානු නැව් දෙකක් දැනටමත් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට රුසියාවෙන් ලබා දෙන මානුෂීය ආධාරයක්. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙවැනිම මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සවයකට මම සහභාගි වුණා.එම ආධාර ශ්‍රී ලංකාවට සහ අනෙකුත් රටවලට ආහාර සැපයීම සඳහා ලෝක ආහාර වැඩසටහනට රුසියාව ලබාදෙන දායකත්වයේ කොටසක් බව අවධාරණය කරනවා.

ප්‍රශ්නය: සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් රුසියා-ශ්‍රී ලංකා සහයෝගිතාව හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ දිනවල ශ්‍රී ලංකාවට රුසියාවෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. ඇත්ත වශයෙන්ම, මෙම සංඛ්‍යාව වැඩි කිරීමට රුසියාවට ශ්‍රී ලංකාවට උපකාර කළ හැක්කේ කුමන ආකාරයෙන්ද?

රුසියානු තානාපති : ශ්‍රී ලංකාව රුසියානුවන් සඳහා ප්‍රසිද්ධ ගමනාන්තයක් බැවින් ඒ සඳහා විශේෂ ප්‍රචාරණ අවශ්‍ය  වන්නේ නැහැ.රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඉතා සතුටින් ඔවුන්ගේ සංචාරය නිමා කරනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර  සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ වූ දා සිට පෙබරවාරි මාසයේදී රුසියාවෙන් මගීන් 200,000 පැමිණීම්  සලකුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනව. මේ වන විට මොස්කව් සිට සහ අනෙකුත් රුසියානු නගරවල සිට කොළඹ සහ මත්තල යන ගුවන් තොටුපවල් දෙකටම සතියකට සෘජු ගුවන් ගමන් රාශියක් සිදු වෙනවා.බොහෝ රුසියානුවන් අරාබි හෝ ගල්ෆ් රටවල් හරහා ද ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක්. රුසියානුවන් ශ්‍රී ලංකාවේදී මුදල් වියදම් කරනවා. එය ශ්‍රී ලංකාවේ අයවැයට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයින්ගේ රැකියාවල උන්නතිය සඳහාද ඉතා වැදගත් වේ.

ප්‍රශ්නය: පසුගියදා පැවැත්වුනු ඉහළ මට්ටමේ රැස්වීමේදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා න්‍යෂ්ටික බලශක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව කෙටි විස්තරයක් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් රුසියානු පාර්ශවයෙන් කොතෙක් දුරට ඉදිරියට ගොස් තිබෙනවාද?

රුසියානු තානාපති : පළමුවෙන්ම, මහාචාර්ය රෝසා සහ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අපට දක්වන සහයෝගය සහ රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් තුළ වන සූදානම පිළිබඳව මගේ පෞද්ගලික ගෞරවය නැවත වරක් ප්‍රකාශ කිරීමට මෙම අවස්ථාව භාවිතා කිරීමට මම කැමතියි. ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් විසඳිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.එයින් මම අදහස් කරන්නේ විසඳිය යුතු නීති ගැටළුයි. ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් වෙනත් රටවලින් යෝජනා කිහිපයක් ලැබී ඇති බව දන්නා නිසා අපි එක්ව සාකච්ඡා කරගෙන යාමට මාර්ගය සැකසීමට උත්සාහ කරනවා.අපි යමක් ඉදිරිපත් කිරීමට සූදානම්. රොසාටොම් රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ (Rosatom State Atomic Energy Corporation) රුසියානු නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීම වැදගත් කාර්යක්. ඔවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කළ හැකිය. මේ සම්බන්ධයෙන් වැඩි  විස්තර සාකච්ඡා කිරීමට මට අවසර නැහැ. මුහුදු වෙරළේ හෝ වෙරළෙන් එපිට  කුඩා න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමට අපගේ සූදානම සම්බන්ධයෙන් අපි දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. එය මෙගාවොට් 110ක් හෝ ඊට වැඩි විය හැකියි. මම තාක්ෂණික කාරනා සම්බන්ධයෙන් දැනුවත් නැහැ. එය විශේෂඥයින්ට භාරයි. එය ශ්‍රි ලංකාවේ පරමාධිපත්‍ය බලයේ තීරණයයි. රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවාද නැතිනම් වෙනත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවාද යන්න තීරණය කළ හැක්කේ ශ්‍රී ලංකා රජයට පමණයි. අපි කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඒත්තු ගැන්වීමට පමණි. Rosatom State Atomic Energy Corporation න්‍යෂ්ඨික බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයා බව අවධාරණය කළ යුතුයි. ඔබගේ අසල්වැසියන් සමඟ අපට ඉතා හොඳ සහයෝගීතාවයක් තිබෙනවා. පළමුවෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ අපි අපේ සහයෝගිතාව ඉතා ප්‍රායෝගිකව ආරම්භ කළා.ඒ වගේම මියන්මාරය සමඟත් අපට ඉතා හොඳ සහයෝගයක් තිබෙනවා. බෙලාරුස්, හංගේරියාව, ඊජිප්තුව, තුර්කිය සහ ඉරානය සමඟ අප සහයෝගීතාවය ගොඩනගා තිබෙනවා. ඒ අනුව අපි තමයි නායකයෝ.

ප්‍රශ්නය: ඔබ බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ සහයෝගීතාවයක්ද? එය රුසියාව බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ක්‍රියාත්මක කරමින් සිටින දෙයට සමාන මාදිලියක්ද?

රුසියානු තානාපති: එය විශේෂඥයින් අතර සිදුවන සාකච්ඡා මත රඳා පවතීවි. පළමුවෙන්ම, අපි අවශ්‍ය වාතාවරණය සහ අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතුය. ශ්‍රී ලංකාව අපගේ රුසියානු නියෝජිත පිරිසට පැමිණෙන ලෙස ආරාධනා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රුසියාව සාකච්ඡා සඳහා සූදානම්.

ප්‍රශ්නය: මේ මොහොතේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැමැති විෂයෙහි ප්‍රධාන අංගය එයද?

රුසියානු තානාපති :ඔව්! ජාත්‍යන්තර ගිවිසුම්වලට සම්බන්ධ වීමට අදාළ ගිවිසුම් අත්සන් කළ යුතු නිසා "පන්දුව ශ්‍රී ලංකාවේ" අතේ ඇති බව මම මගේ එක් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. එනම් භෞතික ආරක්ෂාව සහ තවත් සමහරක් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනුයි මම එලෙස  අදහස් දැක්වූවේ. මම මතු කළ කාරනා මේ සංවිධානයේ ඉන්න අපේ සගයන් වගේම විදේශ ඇමැතිවරුත් දන්නවා.වියානාහි තිබෙන IAEA (ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය) සමඟ ශ්‍රී ලංකාව  ප්‍රයෝජනවත් සහයෝගිතාවක් පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත් වෙනවා.

ප්‍රශ්නය : ශ්‍රී ලංකාව "ගෝලීය දකුණ" තුළ යම් ආකාරයක ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට උත්සාහ කරනවා. ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා පවසන්නේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලිවම ආසියාව කේන්ද්‍ර කරගත් එකක් බවයි. ඒ අනුව, රුසියාව මෙම තත්වය සැබවින්ම දකින්නේ කෙසේද?

රුසියානු තානාපති :මේ සම්බන්ධයෙන් අපගේ දැක්ම ඉතාම ධනාත්මක වන්නේ ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් අපගේ මිත්‍ර රටවලින් එකක් වන නිසයි. ශ්‍රී ලංකාව සමඟ අපට කිසිදා ප්‍රශ්න ඇති වී නැහැ. බොහෝ ශ්‍රී ලාංකිකයන් රුසියානු සහ පැරණි සෝවියට් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට හරිම ආඩම්බරයි. ඒ වගේම රුසියානු උපාධිධාරින් මේ වන විට ඉතා වැදගත් තනතුරු දරනවා. සමහරු රාජ්‍ය ආයතනවල සහ තවත් සමහරු පෞද්ගලික ව්‍යාපාරවල. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඒ අය බෙහෙවින් උපකාරී වේවි.  නැවත වතාවක් යුක්‍රේනය  සම්බන්ධ ගැටළුව සැලකිල්ලට ගතහොත්, ශ්‍රී ලංකාව මෙන්ම ගෝලීය දකුණේ ප්‍රධාන කොටසක් මධ්‍යස්ථ සහ සමබර ස්ථාවරයක් අනුගමනය කිරීම අපි ඉතා අගය කරනව. රුසියාවට එරෙහි සම්බාධකවලට කොළඹ එකතු නොවුණේ එවැනි සම්බාධක ප්‍රතිවිපාක ගෙන දෙන බැවිනුයි. මධ්‍යස්ථ, සමබර ස්ථාවරයන් අනුගමනය කරන සමහර රටවල් රුසියාවට එරෙහිව සම්බාධකවලට සම්බන්ධ වන්නේ නැහැ.

ප්‍රශ්නය : ඇත්තටම දෙරටේ ජනාධිපතිවරුන් හමුවීමට හැකියාවක් තිබෙනවාද?

රුසියානු තානාපති :පසුගිය දා චීනයේ එක් තීරයක් එක් මාවතක් (Belt and Road Initiatives) සමුළුව අතරතුර හොඳ අවස්ථාවක් තිබුණා. එහෙත් මා දන්න තරමින්  ඔවුන් දෙදෙනා එකිනෙකාට අතට අත දුන්නා පමණයි. එයට හේතුව ලෙස මම දකින්නේ  ජනාධිපතිවරු දෙදෙනාම  කළින් යොදාගත් වැඩසටහන් වල නිරත වී සිටීම නිසා එලෙස සිදු වූ බවයි. මම බලාපොරොත්තු වෙනවා, ඊළඟ වතාවේ ඔවුන් සමහර විට ජාත්‍යන්තර රැස්වීමකදී හමුවූ විට එසේ සිදුවේවි. ඔබ දන්නවා රුසියාව BRICS සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන්නේ රුසියාව බව. BRICS සංවිධානය තවත් විශාල වී තිබෙනවා. බොහෝ රටවල් BRICS හා සම්බන්ධ වී තිබෙනවා. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව සහ ඊජිප්තුව එම රටවල් අතර සිටිනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාව ද BRICS හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින බව නිවේදනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ දැක්ම කුමක්ද?

රුසියානු තානාපති :මම එහි කිසිම ගැටලුවක් දකින්නේ නැහැ. ශ්‍රී ලංකාව යම් නිර්ණායක සපුරාලිය යුතුය. නමුත් එය ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් නොවන බව මම විශ්වාශ කරනවා. ශ්‍රී ලංකාව සියලුම සාමාජික රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වනවා. BRICS ඉතා ජනප්‍රිය ජාත්‍යන්තර සංවිධානයක් බවට පත්ව තිබෙනවා. අපි අපගේ ආර්ථිකයන් ඒකාබද්ධ කිරීම සහ බොහෝ ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාවය  දිගටම පවත්වාගෙනයාම කරගෙන යනු ලබනවා. සංවිධානය චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි බලවත් රටවල් රාශියක් ගොනු වී සිටිනවා.

ප්‍රශ්නය : රුසියාව ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි කියා ඔබ විශ්වාස කරනවාද?

රුසියානු තානාපති :ඇත්ත වශයෙන්ම. ෂැංහයි සහයෝගිතා සංවිධානය තුළ ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් අපි අපේක්ෂා කරනවා.  ශ්‍රී ලංකාව දැනට IORA (Indian Ocean Rim Association) හි සභාපතිත්වය දරනවා. රුසියාව එහි සංවාද හවුල්කාර රටක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම මෙම සංවිධානයේ සමහර රැස්වීම් සහ සමහර සැසි පැවැත්වෙනවා.රුසියාවේ නියෝජිතයින් ඒවාට සහභාගී වීමට සූදානම්. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම සංවිධානයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් තිබුණා.

ප්‍රශ්නය: ඔබේ අදහසට අනුව රුසියාව-යුක්රේන යුද්ධය කොපමණ කාලයක් ඇදී යනු ඇත්ද?

රුසියානු තානාපති :රුසියාව සතු හැකියාව යුක්රේනය  සමඟ සැසඳිය නොහැකි නිසා එලෙස කාල වකවානු පැවසීම අපහසු බව ඔබ දන්නවා. ඔවුන් තවමත් ප්‍රතිවිරෝධයක් දක්වන්නේ බටහිර රටවලින් ලැබෙන උදව්වලට පින්සිදු වන්නටය.නමුත් යුක්‍රේනයේ, හැකියාව අවසන් වෙමින් පවතින බව අවධාරණය කරනවා. ඇමරිකානුවන්ට වලට මැතිවරණ මුහුණ දෙන්නට තිබෙනවා. යුරෝපීයයන් විශාල ආර්ථික ගැටලු වලට මුහුණදී තිබෙනවා. ජර්මනියේ සිදුවන දේ බලන්න! ගොවීන්ගේ විරෝධතා, දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජන .යුරෝපා වැසියන්  ඇතිවී තිබෙන තත්වයෙන් හෙම්බත් වෙලා ඉන්නේ. යුරෝපා වැසියන් යුක්රේනයේ රූකඩ, බංකොලොත් සහ දූෂිත පාලනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. බටහිර රටවල් දැන් මැදපෙරදිග අර්බුදය වැනි වෙනත් ප්‍රශ්නවලට යොමු වී තිබෙනවා. ඔව් එය අර්බුදයක්. ප්‍රධාන ප්‍රශ්නය වන්නේ දශක ගණනාවක් තිස්සේ පලස්තීනුවන්ට තමන්ගේම රටක ජිවත් වීමේ අයිතිය අහිමි වීමයි.

නැගෙනහිර ජෙරුසලමේ අගනුවර කේන්ද්‍ර කරගෙන 1967 ඇති කළ දේශසීමාව තුළ ඔවුන්ට ඔවුන්ගේම රටක් තිබිය යුතුය. නමුත් දැන් ඔවුන්ට එය අහිමි වෙලා. ගැටුමේ මූලය ඇත්තේ එතැනයි..

පරිවර්තනය - ජීවන්ත ජයතිස්ස

https://www.dailymirror.lk/opinion/Russia-wants-Sri-Lanka-to-maintain-neutrality-on-Ukraine-despite-Western-Pressure-Ambassador-Levan-Dzhagaryan/231-275441

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.