News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ ඉන්දියානු සම්ප්‍රාප්තියේ අඳුරු පැතිකඩ

Feb 7, 2024 at 01:41 PM
|

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව විදේශ ලේකම්,ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ ඉන්දීය බලධාරීන්  පිරිසක් හමුවෙලා තිබුණා.

විදේශ ඇමති ජයසංකර් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කීයලා තිබුණේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධව සාකච්චා කළා කියලා.

ඒ වගේම ඉන්දීයානු මාධ්‍ය ඒ සම්බන්ධව ලොකු ප්‍රචාරයක් දීලා තිබුණා.එතනදී ඉන්දියානු මාධ්‍ය සදහන් කළේ ජනාධිපති අපේක්ෂකයන් අතරින් අනුර ඉදිරියෙන් ඉන්න බවයි.ඒ සදහා දේශීය වශයෙන් කරපු සමීක්ෂණයක ප්‍රථිපලයක් ඉදිරිපත් කළා.මේ සිදුවීමත් එක්ක යම් තරමකට අපේ දේශපාලන ක්ෂේත්‍රය ගිනියම් වෙලා තියනවා.මාලිමාවේ බලවේගය ෆෝම් වෙලා.ජවිපෙ සාමාජිකයා අන්දමන්ද වෙලා.

සජබ බලවේගය ගොළු වෙලා.තවත් අය මේ ප්‍රශ්නය ඉස්සරහා නිරුත්තරයි.සමහර ආචාර්ය,මහාචාර්යවරු අනුර ගැන දැන්මම කවි සීපඳ ලියන්න පටන් අරන්.මාලිමාවේ යූ ටියබ් බලකාය අනුර විකුණලා දැනටමත් විශාල මුදලක් හොයාගෙන.ඒක නිසා මේ සම්බන්ධව ඇත්ත විග්‍රහ ලාංකික සමාජයේ දෙන එක රටේ රාළගේ වගකීමක්.ඇත්තටම අනුර මේ කරමින් ඉන්නේ මොකද්ද?මේ වෙන කිසිම දෙයක් නෙවෙයි අනුර රනිල්ව කොපි කරමින් රනිල්ටත් වඩා එහාට ගිහින් ඇමරිකානු - ඉන්දියා ඒජන්තයා වීමට උත්සහ දැරීමයි.රනිල් ඒ ඒජන්ත ධූරයෙන් මිදීමට දගලද්දී අනුර ලංකාවේ සෙලෙන්ස්කි වෙන්න දගලනවා.හැබැයි ඒක කරන්නේ රනිල්ට අපහාස කරමින්.

මේ කතාව ටිකක් ඈතට යනවා.ඔයාලාට මතක ඇති යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවට ජවිපෙ උදව් කළා. හැබැයි ජවිපෙ ඒ වෙලාවේ නියෝජනය කළේ මෛත්‍රී පාර්ශවය නෙවෙයි රනිල් පාර්ශවය.අරලිය ගහ මන්දිරයේ අනුරට වෙන් වෙච්චි කාමරයක් තිබුණා.මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ මූලිකයා උනේ අනුර.ඒක නිසා අනුරලා එදත් කටයුතු කළේ රනිල්ගේ දේශපාලන ලයින් එක කොපි කරමින්.

ඒකෙන් අනුරලා එදා බලාපොරොත්තු උනේ එජාප ධාරාවෙන් ඡන්ද කුට්ටියක් ගලවා ගන්න.අනුර සහ විජිත ඒ ස්ථාවරය පක්ෂය ඇතුලේ පවා ප්‍රසිද්ධියේ කිව්වා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්වුනාට පස්සේ රනිල් එයාගේ ආර්ථික,දේශපාලන සහ විදේශ ප්‍රතිපත්ති ගැන කිව්වා.ඒකේ විදේශ ප්‍රතිපත්තිය උනේ නොබැඳි පිලිවෙත වෙතට යන්න ඕනි කියන එකයි.

රනිල් ඒ වෙනුවෙන් පහුගිය කාලේ ජාත්‍යන්තර පෝරම් ගණනාවක පෙනී හිටියා.ඒ වගේම ආසියාවේ නැගිටීමට පක්ෂපාතී තැනක තමයි රනිල් හිටියේ. ඉන්දු පැසිපික් කාලාපයේ භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් රනිල් පෙනී හිටියා.රනිල්ගේ ඉන්දීය සංචාරයේදී අපේ රටේ රාජ්‍ය නායකයෙක් ඉන්දියාව ඉදිරියේ කරන්න පුළුවන් හොඳම ප්‍රකාශය කළා.ඒ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නම් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අනුමැතිය අවශයයි කියලා.

එහෙම ජාත්‍යන්තර මතයක් රනිල් ගොඩ නගද්දී අනුර පාර්ලිමේන්තුවේදී කිව්වේ රනිල් ජනාධිපති වෙලා මාස 14 ට 14 වතාවක් රට ගියා.ඒ සල්ලි අපරාදි කියලා.හැබැයි දැන් අනූරත් රනිල් කියන නොබෑදි කතාවම කියාගෙන ඉන්දියාවේ ගිහින්. ඇත්තටම මෙතන තියන වැරැද්ද රනිල්ව කොපි කිරීම නෙවෙයි රනිල් කරනකොට ඒක වැරදි වෙලා අනුර කරනකොට ඒක හොඳවීමය. ඇත්තටම මේක රනිල් වටේ ඉන්න ගෝලබාලයන්ට හොඳ පාඩමක්.

එයාලා කළේ රනිල් කරනදේ රිපෝට් කිරීම විතරයි.රනිල් කරන දෙයින් දේශපාලන මතයක් ගොඩනැගුවේ නෑ.මේ කාලය ඇතුලත රනිල් කරපු ජාත්‍යන්තර මැදිහත්වීම්වලින් දශමයක් කරපු නැති අනුර නිකම්ම පොරක් වෙලා.අනුරගේ ඉන්දියානු ගමන ගැන රටේ රාළ බළකායේ කිසිම විරුද්ධත්වයක් නෑ.එහෙම රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයන් ගොඩනගා ගැනීම හොඳයි.අපි ලෝකේ සියලු රටවල් එක්ක ගනුදෙනුව කරන්න ඕනි.හැබයි ඒ ගනුදෙනුව ජවිපෙ විසින් කරද්දී මාලිමාවේ හැඟීම්වලට යටත් වෙලා කරන එක වැරදියි.

මාලිමාවේ අද ඉන්න ජවිපෙ න්‍යායාචාර්යවරිය හරිනී කියන්නේ එයාලට ඉන්දියාවට හදුනා ගන්නත් ඉන්දියාවට එයාලව හදුනා ගන්නත් මේක ආරම්භයක් කියලා.මාලිමාවේ හරිනිලා ඉන්දියාව හඳුනාගෙන නැතිව ඇති.හැබැයි ජවිපෙ නම් ඉන්දියාව හදුනාගෙන හිටියේ 1965 ඉඳන්. හරිනිගේ මතයට යට කරපු ජවිපෙ දැන් හරිවට්ටලා.ඒක හින්දා හරිනීලාගේ ගැඟිම්වලට නෙවෙයි ජවිපෙ ඉන්දියාවත් ඒක්ක ගනුදෙනු කරන්න ඕනි.ඉන්දියාව අපේ අසල් වැසියා,ඒ වගේම පහුගිය අර්බුදය වෙලාවේ ඉන්දියාව සහ ඉන්දියානු ජනතාව අපට උදව් කළා.

ඒ ගැන ඉන්දියාවට අපි ගරු කරන්න ඕනි. හැබැයි ඉතිහාසය අමතක කරලා ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න යනවා නම් ඒක බරපතල වැ‍රැද්දක්. හොඳ වගේම ඉන්දියාව අපට කරපු අහිතකර බලපෑම් ගොඩක් තියනවා.1987 ඉන්දියාව අපිව ආක්‍රමණය කළා. බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම පැටෙව්වා. අදත් අපි ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරනවට ඉන්දියාව කමත් නෑ.ඉන්දියාව මත යැපෙන ශ්‍රී ලංකාවක් ඉන්දියාවට ඕනි.

චීන නැවක් අපේ මුහුදු සීමාවට ආවොත් ඉන්දියාව පරල වෙනවා.අපේ රටේ උතුරේ එක ව්‍යාපෘතියක් වෙන කෙනෙකුටම ගන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නෑ.ඒවා ඔක්කොම ඉන්දියාට ඕනි.ඒ වෙනුවෙන් ඉන්දියාව කරන බලපෑම් අපි දන්නවා.ඒක නිසා ඉන්දියාවත් ඒක්ක කරන ගනුදෙනු ඉතා පරිස්සමෙන් කරන්න ඕනි.ඇත්තටම මේ ඊයේ පෙරේදා වෙනකං අනුර වේදිකා උඩ ඉන්දියාව පතුරු ගැහුවා.ඉන්දියාව රනිල් එක්ක එකතුවෙලා උතුර මංකොල්ල කනවා කියලයි අනුර කිව්වේ.

හැබැයි එක පාරට අනුර 360° කැරකිලා ඉන්දියාවට ගියා.ජවිපෙ අයට කියලා තියෙන්නේ එයාලා බලයට එන නිසා ඉන්දියාව දැන්මම අනුර ශේප් කරගන්න හදනවා කියලා.ඉන්දියාවට අනුර සම්බන්ධව තක්සේරුවක් තියෙන්න ඕනි. හැබැයි මේක ඇතුලේ තවත් කතාවක් තියනවා.අනුරගේ ඉන්දියානු සංචාරයෙන් අනුර තීරණාත්මක විදිහට ඇමරිකානු - ඉන්දියානු ලයින් එකට සිය යටත්වීම ප්‍රකාශ කළා.අනුර සුදු කොඩිය දැම්මා.

ගිය නිදහස් දවසේ ආපු තායිලන්ත අගමැති තායිලන්ත - ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුම අත්සන් කළා.ඒ වගේම ඊළඟට එන්න නියමිත ඉන්දු  - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම.ඊට පස්සේ පහුගිය දවස්වල අනුර පතුරු ගහපු ගිවිසුම් ටිකත් එන්න නියමිතයි.රටේ රාළ කියන්නේ අනුරලා යම් බලයක් නියෝජනය කරන නිසාත්,මෑතිවරණයක් ළඟ එන නිසාත් ඉන්දියාවේ මේ ගිවිසුම්වලට වැඩිම  විරෝධය එන්න පුළුවන් ජවිපෙන් කියලා ඉන්දියාව දන්නවා.සරලව කිව්වොත් ඒ විරෝධය නතර කරගන්න අනුර ගෙනත් සැපක් දුන්නා.

ඉන්දියාව මේ කළේ ජවිපෙ සහ මාලිමාවේ නායකයෝ ගෙනත් ජවිපෙ නිහඩ කිරීමයි. ජවිපෙ ඉන්දියානු අතකොලුව වන මාලිමාවට යටකර දැමීමයි.වෙන භාෂාවකින් කියනවා නං ජවිපෙ හරිනියේ රෙද්ද අස්සේ ගසා ගැනීමයි.ඒක නිසා අනුර වහාම ඉන්දියානු සංචාරය ගැන රටට කියන්න ඕනි.ද්වීපාර්ශ්වික සබඳතා ගැන කතා කළා කියලා වැඩක් නෑ.ඒක තමයි රනිල් කිව්වෙත්,මහින්ද කිව්වෙත් ඒක.

අනුර කියන්න ඕනි පහුගිය දවස්වල අනුර ඉන්දියාවට සහ රනිල්ට බැන බැන රට විකුණනවා කියලා කියපු කතා ගැන ඉන්දියාවේදී මොකද කිව්වේ කියලා.13 ගැන මොකද්ද කිව්වේ කියලා. ඉන්දිය ආරක්ෂක උපදේශකගේ ආරක්ෂක උපායමාර්ගය ගැන මොකද කිව්වේ කියලා. ඉදිරියට එන ගිවිසුම් සම්බන්ධව ජවිපෙ ස්ථාවරය මොකද්ද කියලා දැන් කියන්න.කොතනින්ද අනුරලා රනිල්ගෙන් වෙනස් වෙන්නේ කියලා කියන්න.

රනිල්ගේ වැඩපිලිවෙලම ක්‍රියාත්මක කරන්න නං අනුර එන්නේ ඒක ඊට වැඩිය හොඳට රනිල්ගෙන් කරගන්න පුළුවන්.හැබැයි මෙතනදී අනුර කරන විප්ලවීය පරිවර්තනය මොකද්ද කියලා රට දැනගන්න ඕනි.අනුර ජවිපෙ අධ්‍යාත්මය මාලිමාව හරහා ඉන්දියාවට පවා දුන්නා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.