News Category
From Date
To Date
Maximum Number of Result

තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය මෙන්න

Feb 7, 2024 at 02:13 PM
|

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා ඉදිරියේ ඉකුත් 03 වැනිදා සිදුවූ අතර තායිලන්තය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වශයෙන් ද හඳුනාගත හැකි පසුබිම තුළ තායිලන්තය හා එක්සත් ජනපදය අතර ඇති සහයෝගීතාව සොයාබැලීම කාලීන අවශ්‍යතාවයකි.

තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳව දැක්වෙන සවිස්තරාත්මක ලිපිය පහළින්...

තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය

තායිලන්ත රාජධානිය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වනේය. 

තායිලන්තය 1954 සිට අමෙරිකා එක්සත් ජනපදයේ ගිවිසුම් මිත්‍රයෙකු වන අතර 2003 සිට  නේටෝ සංවිධානයේ නොවන අමෙරිකානු සහචරයන්ගේ ප්‍රධාන සහචරයාය. රාජකීය තායි සන්නද්ධ හමුදාවන් සැලකිය යුතු ලෙස අවි ආයුධ මිල දී ගැනීම් මගින් එක්සත් ජනපද හමුදා සමඟ ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගෙන ඇත. අමෙරිකාවේ සක්‍රීය විදේශ හමුදා විකුණුම් (FMS) සඳහා තායිලන්තය ඩොලර් බිලියන 3 කට වඩා දයකත්වය ලබා දී තිබේ.එක්සත් ජනපදයේ සක්‍රීය විදේශ හමුදා විකුණුම් සම්බන්ධයෙන් කොංග්‍රසය දැනුවත් කළ ලැයිස්තුවෙහි තායිලන්තයට විකුණන ලද යුද අවි වලට  ස්ට්‍රයිකර් නම් පාබල වාහන ප්‍රවාහනය කරන වාහන,බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා, නවීනතම මිසයිල ඇතුලු නවීනතම ඇමෙරිකානු නිෂ්පාදන යුද අවි  අයත් වේ.

මුල්‍ය වර්ෂ 2019 සිට මුල්‍ය වර්ෂ  2021 දක්වා, එක්සත් ජනපදය සෘජු වාණිජ විකුණුම් (TCS) හරහා තායිලන්තයට ඩොලර් 605,899,499 ට වැඩි ආරක්ෂක භාණ්ඩ අපනයනය කිරීමට ද අවසර දී ඇත. තායිලන්තය එක්සත් ජනපදයේ සෘජු වාණිජ විකුණුම් හරහා මිළදී ගත් ගිණි අවි අතර, ලේසර් සහ මාර්ගෝපදේශක උපකරණ (ඩොලර් මිලියන 12.74) ආදිය අඩංගු වේ.

එක්සත් ජනපද-තායි ආරක්ෂක සබඳතාව ආරක්ෂක උපකරණ සහ සේවා හුවමාරු කිරීම්වලින් ඔබ්බට විහිදෙන අතර, වෘත්තීය හමුදා අධ්‍යාපනය, හමුදා අභ්‍යාස සහ නිතිපතා හමුදා නියැලීම් හරහා දෙරටෙහි ජනයා  අතර බැඳීම් ඇති කිරීමට විශේෂයෙන් සහාය වේ. තායි හමුදාව එක්සත් ජනපද හමුදා අධ්‍යාපනය ඉතා ඉහළින් අගය කරන අතර, 2022 දී එක්සත් ජනපදයේ අනුග්‍රහය දක්වන පුහුණු සහ අධ්‍යාපන පාඨමාලා 244කට තයිලන්ත හමුදා නිළධාරින් යවා ඇත. අනෙක් අතට එක්සත් ජනපදයේ දායකත්වය වෙනුවෙන් එක්සත් ජනපදය ද හමුදා නිලධාරීන් තායිලන්තයේ මධ්‍යම මට්ටමේ වෘත්තීය හමුදා කාර්ය මණ්ඩල විද්‍යාල වෙත යවනු ලබයි. තායිලන්තය සහ එක්සත් ජනපදය සම සත්කාරකත්වය දරණ කළාපයේ විශාලතම සහ දීර්ඝතම බහුජාතික අභ්‍යාසය වන Cobra Gold අභ්‍යාසය කෝවිඩ් වසංගතය අතරතුර සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි. කෙසේ වුවද 2023 දී පූර්ණ පරිමාණ Cobra Gold අභ්‍යාසයක් ඇතුළුව ශක්තිමත් ක්‍රියාකාරකම් වෙත නැවත පැමිණීමට අමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කර ඇත.

තායිලන්තයට 2021 මුල්‍ය වර්ෂයෙහි භාවිතය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණු (IMET) අරමුදල් වලින් ඩොලර් මිලියන 2.68 ක් සහ 2022 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 2.2ක් ලැබුණි.  අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණු අරමුදල විසින් හමුදා සිසුන්ගේ වෘත්තීය තත්වය වැඩි කිරීමට, ප්‍රධාන ක්ෂේත්‍රවල ධාරිතාව ගොඩනැගීමට, ඒකාබද්ධ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙනු ලබන අතර එමගින් එක්සත් ජනපදය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සහ කල්පවත්නා දෙරට අතර හමුදා සබඳතා වර්ධනය කිරීම අපේක්ෂා කරයි. රාජකීය තායි සන්නද්ධ හමුදාවන්හි අනාගත නායකයින් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා මෙමගින් ලැබෙන උපකාරය ප්‍රධාන වේ. අග්නිදිග ආසියා සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම (SAMSI) සහ සමුද්‍රීය ආරක්ෂාව සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා උසස් ඉලක්කගත සංවර්ධන මුලපිරීම (ATDI) හරහා 2021 මුල්‍ය වර්ෂයේදී එකසත් ජනපදයේ විදේශ හමුදා මූල්‍යකරණය (FMF) මගින් තායිලන්තයට ඩොලර් මිලියන 14ක් ද ලැබිණි. 2022 මුල්‍ය වර්ෂයේදී, එක්සත් ජනපදය තායිලන්තයට මානුෂීය ආධාර සහ ආපදා සහන ප්‍රයත්නයන්, සමුද්‍රීය වසම් දැනුවත් කිරීම, තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව සඳහා එකසත් ජනපදයේ විදේශ හමුදා මූල්‍යකරණය මගින් ඩොලර් මිලියන 25ක් ලබා දුන්නේය.

තායිලන්තය 1958 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සැලකිය යුතු හමුදා දායකත්වයක් සපයන රටකි. 2022 ජුනි 30 වන විට තායිලන්තයට 301 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සම්පූර්ණ දායකත්වයක් තිබුණි. මෙම පිරිස් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට (UNMISS), සෝමාලියාවේ එක්සත් ජාතීන්ගේ සහය මෙහෙයුමට (UNSOM) සහ ඉන්දියාවේ සහ පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂක කණ්ඩායමට (UNMOGIP) සහාය වී තිබේ. 2021 දී, Global Peace Operations Initiative අරමුදල් මගින් තායිලන්තයේ සාම සාධක ඒකකවලට සහාය වීම සඳහා පුහුණු මධ්‍යස්ථානයේ භාවිතය සඳහා යෙදවිය හැකි  උපකරණ ලබා දෙන ලදී. මෙම පුහුණු මධ්‍යස්ථානයේදී, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල හමුදා නිරීක්ෂකයින්, හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් සහ හමුදා උපදේශකයන් ලෙස සේවය කිරීම සඳහා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් "Military Expert on Mission (UNMEOM)" නම් පාඨමාලාවක් ක්‍රියාත්මක කරයි. මීට අමතරව, 2022 වර්ෂයේදි ඉන්දුනීසියාව සමඟ සම සත්කාරකත්වය දරන වාර්ෂික බහුජාතික සාම සාධක අභ්‍යාසයට සහභාගී වීමට තායිලන්තය කණ්ඩායමක් යවා ඇත.

මීට අමතරව එක්සත් ජනපදය සහ තායිලන්තය අතර ආරක්ෂක සම්බන්ධ ගිවිසුම් ගණනාවක් ඇත. ඒවා නම් 1950 මිලිටරි සහායට ගරු කරන ගිවිසුම, 1951 අන්‍යෝන්‍ය ආරක්ෂක පනත, 1961 විදේශ ආධාර පනත යටතේ ලැබෙන ප්‍රදාන සම්බන්ධ ගිවිසුම, මිලිටරි තොරතුරු පිළිබඳ සාමාන්‍ය ආරක්ෂණ ගිවිසුම (GSOMIA ) 1983, සන්නිවේදන අන්තර් ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂක ගිවිසුම් පත්‍රිකාව (CISMOA), සහ 2014 අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම් (ACSA) යන ගිවිසුම්ය. කෝවිඩ් වසංගතයට  පෙර එක්සත් ජනපදය වාර්ෂිකව තායිලන්තය සමඟ මිලිටරි කටයුතු සහ අභ්‍යාස 400 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීය. විශේෂත්වය වන්නේ රාජකීය තායි රජය විසින් මෙම සියලු දේ අනුමත කර තිබීමය.

බිම් බෝම්බ සහ පොකුරු බෝම්බ නිරීක්ෂකයාට අනුව, තායිලන්ත රාජධානිය බුරුමය, කාම්බෝජය, ලාඕසය සහ මැලේසියාව සමඟ සිය දේශසීමාවේ ඇති වූ අතීත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස බිම් බෝම්බ හා පුපුරා නොගිය බෝම්බ හේතුවෙන් පීඩාවට පත්ව ඇත. 1993 සිට, තායිලන්ත රාජධානියට මානුෂීය බිම්බෝම්බ ක්‍රියාවන්ට සහ සාම්ප්‍රදායික ආයුධ විනාශ කිරීමට සහාය වීම සඳහා එක්සත් ජනපද ආධාර වශයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 21.1 ක් ලැබී ඇත. 2021 දී,අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන, තායිලන්ත බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානය (TMAC) සමඟ එක්ව පුද්ගල නාශක සහ යුද ටැංකි නාශක බිම් බෝම්බ ඉවත් කළ හැකි උපකරණ සම්බන්ධයෙන් අඛණ්ඩව ඇගයීමට ලක් කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.