News Category
From Date
To Date
Maximum Number of Result

තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය මෙන්න

Feb 7, 2024 at 02:13 PM
|

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා ඉදිරියේ ඉකුත් 03 වැනිදා සිදුවූ අතර තායිලන්තය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වශයෙන් ද හඳුනාගත හැකි පසුබිම තුළ තායිලන්තය හා එක්සත් ජනපදය අතර ඇති සහයෝගීතාව සොයාබැලීම කාලීන අවශ්‍යතාවයකි.

තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳව දැක්වෙන සවිස්තරාත්මක ලිපිය පහළින්...

තායිලන්තය සමඟ එක්සත් ජනපදය ඇති කරගෙන ඇති ආරක්ෂක සහයෝගීතාවය

තායිලන්ත රාජධානිය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වනේය. 

තායිලන්තය 1954 සිට අමෙරිකා එක්සත් ජනපදයේ ගිවිසුම් මිත්‍රයෙකු වන අතර 2003 සිට  නේටෝ සංවිධානයේ නොවන අමෙරිකානු සහචරයන්ගේ ප්‍රධාන සහචරයාය. රාජකීය තායි සන්නද්ධ හමුදාවන් සැලකිය යුතු ලෙස අවි ආයුධ මිල දී ගැනීම් මගින් එක්සත් ජනපද හමුදා සමඟ ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගෙන ඇත. අමෙරිකාවේ සක්‍රීය විදේශ හමුදා විකුණුම් (FMS) සඳහා තායිලන්තය ඩොලර් බිලියන 3 කට වඩා දයකත්වය ලබා දී තිබේ.එක්සත් ජනපදයේ සක්‍රීය විදේශ හමුදා විකුණුම් සම්බන්ධයෙන් කොංග්‍රසය දැනුවත් කළ ලැයිස්තුවෙහි තායිලන්තයට විකුණන ලද යුද අවි වලට  ස්ට්‍රයිකර් නම් පාබල වාහන ප්‍රවාහනය කරන වාහන,බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා, නවීනතම මිසයිල ඇතුලු නවීනතම ඇමෙරිකානු නිෂ්පාදන යුද අවි  අයත් වේ.

මුල්‍ය වර්ෂ 2019 සිට මුල්‍ය වර්ෂ  2021 දක්වා, එක්සත් ජනපදය සෘජු වාණිජ විකුණුම් (TCS) හරහා තායිලන්තයට ඩොලර් 605,899,499 ට වැඩි ආරක්ෂක භාණ්ඩ අපනයනය කිරීමට ද අවසර දී ඇත. තායිලන්තය එක්සත් ජනපදයේ සෘජු වාණිජ විකුණුම් හරහා මිළදී ගත් ගිණි අවි අතර, ලේසර් සහ මාර්ගෝපදේශක උපකරණ (ඩොලර් මිලියන 12.74) ආදිය අඩංගු වේ.

එක්සත් ජනපද-තායි ආරක්ෂක සබඳතාව ආරක්ෂක උපකරණ සහ සේවා හුවමාරු කිරීම්වලින් ඔබ්බට විහිදෙන අතර, වෘත්තීය හමුදා අධ්‍යාපනය, හමුදා අභ්‍යාස සහ නිතිපතා හමුදා නියැලීම් හරහා දෙරටෙහි ජනයා  අතර බැඳීම් ඇති කිරීමට විශේෂයෙන් සහාය වේ. තායි හමුදාව එක්සත් ජනපද හමුදා අධ්‍යාපනය ඉතා ඉහළින් අගය කරන අතර, 2022 දී එක්සත් ජනපදයේ අනුග්‍රහය දක්වන පුහුණු සහ අධ්‍යාපන පාඨමාලා 244කට තයිලන්ත හමුදා නිළධාරින් යවා ඇත. අනෙක් අතට එක්සත් ජනපදයේ දායකත්වය වෙනුවෙන් එක්සත් ජනපදය ද හමුදා නිලධාරීන් තායිලන්තයේ මධ්‍යම මට්ටමේ වෘත්තීය හමුදා කාර්ය මණ්ඩල විද්‍යාල වෙත යවනු ලබයි. තායිලන්තය සහ එක්සත් ජනපදය සම සත්කාරකත්වය දරණ කළාපයේ විශාලතම සහ දීර්ඝතම බහුජාතික අභ්‍යාසය වන Cobra Gold අභ්‍යාසය කෝවිඩ් වසංගතය අතරතුර සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි. කෙසේ වුවද 2023 දී පූර්ණ පරිමාණ Cobra Gold අභ්‍යාසයක් ඇතුළුව ශක්තිමත් ක්‍රියාකාරකම් වෙත නැවත පැමිණීමට අමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කර ඇත.

තායිලන්තයට 2021 මුල්‍ය වර්ෂයෙහි භාවිතය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණු (IMET) අරමුදල් වලින් ඩොලර් මිලියන 2.68 ක් සහ 2022 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 2.2ක් ලැබුණි.  අමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර හමුදා අධ්‍යාපනය සහ පුහුණු අරමුදල විසින් හමුදා සිසුන්ගේ වෘත්තීය තත්වය වැඩි කිරීමට, ප්‍රධාන ක්ෂේත්‍රවල ධාරිතාව ගොඩනැගීමට, ඒකාබද්ධ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙනු ලබන අතර එමගින් එක්සත් ජනපදය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සහ කල්පවත්නා දෙරට අතර හමුදා සබඳතා වර්ධනය කිරීම අපේක්ෂා කරයි. රාජකීය තායි සන්නද්ධ හමුදාවන්හි අනාගත නායකයින් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා මෙමගින් ලැබෙන උපකාරය ප්‍රධාන වේ. අග්නිදිග ආසියා සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම (SAMSI) සහ සමුද්‍රීය ආරක්ෂාව සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා උසස් ඉලක්කගත සංවර්ධන මුලපිරීම (ATDI) හරහා 2021 මුල්‍ය වර්ෂයේදී එකසත් ජනපදයේ විදේශ හමුදා මූල්‍යකරණය (FMF) මගින් තායිලන්තයට ඩොලර් මිලියන 14ක් ද ලැබිණි. 2022 මුල්‍ය වර්ෂයේදී, එක්සත් ජනපදය තායිලන්තයට මානුෂීය ආධාර සහ ආපදා සහන ප්‍රයත්නයන්, සමුද්‍රීය වසම් දැනුවත් කිරීම, තාක්ෂණික සහ වෘත්තීය පුහුණුව සඳහා එකසත් ජනපදයේ විදේශ හමුදා මූල්‍යකරණය මගින් ඩොලර් මිලියන 25ක් ලබා දුන්නේය.

තායිලන්තය 1958 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සැලකිය යුතු හමුදා දායකත්වයක් සපයන රටකි. 2022 ජුනි 30 වන විට තායිලන්තයට 301 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සම්පූර්ණ දායකත්වයක් තිබුණි. මෙම පිරිස් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට (UNMISS), සෝමාලියාවේ එක්සත් ජාතීන්ගේ සහය මෙහෙයුමට (UNSOM) සහ ඉන්දියාවේ සහ පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂක කණ්ඩායමට (UNMOGIP) සහාය වී තිබේ. 2021 දී, Global Peace Operations Initiative අරමුදල් මගින් තායිලන්තයේ සාම සාධක ඒකකවලට සහාය වීම සඳහා පුහුණු මධ්‍යස්ථානයේ භාවිතය සඳහා යෙදවිය හැකි  උපකරණ ලබා දෙන ලදී. මෙම පුහුණු මධ්‍යස්ථානයේදී, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල හමුදා නිරීක්ෂකයින්, හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් සහ හමුදා උපදේශකයන් ලෙස සේවය කිරීම සඳහා හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් "Military Expert on Mission (UNMEOM)" නම් පාඨමාලාවක් ක්‍රියාත්මක කරයි. මීට අමතරව, 2022 වර්ෂයේදි ඉන්දුනීසියාව සමඟ සම සත්කාරකත්වය දරන වාර්ෂික බහුජාතික සාම සාධක අභ්‍යාසයට සහභාගී වීමට තායිලන්තය කණ්ඩායමක් යවා ඇත.

මීට අමතරව එක්සත් ජනපදය සහ තායිලන්තය අතර ආරක්ෂක සම්බන්ධ ගිවිසුම් ගණනාවක් ඇත. ඒවා නම් 1950 මිලිටරි සහායට ගරු කරන ගිවිසුම, 1951 අන්‍යෝන්‍ය ආරක්ෂක පනත, 1961 විදේශ ආධාර පනත යටතේ ලැබෙන ප්‍රදාන සම්බන්ධ ගිවිසුම, මිලිටරි තොරතුරු පිළිබඳ සාමාන්‍ය ආරක්ෂණ ගිවිසුම (GSOMIA ) 1983, සන්නිවේදන අන්තර් ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂක ගිවිසුම් පත්‍රිකාව (CISMOA), සහ 2014 අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම් (ACSA) යන ගිවිසුම්ය. කෝවිඩ් වසංගතයට  පෙර එක්සත් ජනපදය වාර්ෂිකව තායිලන්තය සමඟ මිලිටරි කටයුතු සහ අභ්‍යාස 400 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීය. විශේෂත්වය වන්නේ රාජකීය තායි රජය විසින් මෙම සියලු දේ අනුමත කර තිබීමය.

බිම් බෝම්බ සහ පොකුරු බෝම්බ නිරීක්ෂකයාට අනුව, තායිලන්ත රාජධානිය බුරුමය, කාම්බෝජය, ලාඕසය සහ මැලේසියාව සමඟ සිය දේශසීමාවේ ඇති වූ අතීත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස බිම් බෝම්බ හා පුපුරා නොගිය බෝම්බ හේතුවෙන් පීඩාවට පත්ව ඇත. 1993 සිට, තායිලන්ත රාජධානියට මානුෂීය බිම්බෝම්බ ක්‍රියාවන්ට සහ සාම්ප්‍රදායික ආයුධ විනාශ කිරීමට සහාය වීම සඳහා එක්සත් ජනපද ආධාර වශයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 21.1 ක් ලැබී ඇත. 2021 දී,අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන, තායිලන්ත බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානය (TMAC) සමඟ එක්ව පුද්ගල නාශක සහ යුද ටැංකි නාශක බිම් බෝම්බ ඉවත් කළ හැකි උපකරණ සම්බන්ධයෙන් අඛණ්ඩව ඇගයීමට ලක් කළේය.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.