News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ ඊශ්‍රායල තානාපතිගේ 'ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි' ප්‍රකාශවලට එරෙහිව රුසියානු විදෙස් අමාත්‍යාංශය දෝස් මුරයක්

Feb 6, 2024 at 03:23 PM
|

මොස්කව්හි ඊශ්‍රායල තානාපතිවරිය සමූලඝාතනය සහ ගාසා ගැටුම ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් හෙළා දකිමින් ඒවා “ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි” ප්‍රකාශ ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ(05)  හඳුන්වනු ලැබීය.

පසුගිය 4 වනදා රුසියානු දිනපතා පුවත්පතක් වන කොමර්සන්ට් පුවත් පතෙහි ප්‍රකාශයට පත් කරන ලද රුසියාවේ ඊශ්‍රායල තානපති සිමෝනා හැල්පෙරින් මහත්මිය සමඟ කළ දැඩි මතභේදයට තුඩුදෙන සම්මුඛ සාකච්ඡාව “අපේ රටේ ඓතිහාසික යථාර්ථයන් සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයන්” විකෘති කිරීමක් ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් දෝෂදර්ශනයට ලක් කරන ලැබුවේය.

ජාත්‍යන්තර සමූලඝාතන අනුස්මරණ දිනය රුසියාවේ නිල රාජ්‍ය දින ලැයිස්තුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් හැල්පෙරින් රුසියාව විවේචනය කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඇත්ත වශයෙන්ම, 2005 දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අනුස්මරණ දිනයක් පිහිටුවීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළ රටවල් අතර රුසියාව ද සිටින බව අමාත්‍යාංශය අවධාරණය කළේය. මීට අමතරව, සමූලඝාතන වින්දිතයන් අනුස්මරණය කිරීම සඳහා කැප වූ සමස්ත අනුස්මරණ සතියක් රට තුළ ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සමූල ඝාතනය "යුදෙව් ජනතාව පමණක්" ඉලක්ක කරගත් පෙර නොවූ විරූ සමූලඝාතන සිදුවීමක් ලෙස වර නැංවීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය හැල්පෙරින්ගේ අදහස් නිවේදනය මගින් විවේචනයට ලක් කරනු ලැබුවේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රඥප්ති කිහිපයක් ඇතුළුව මූලික ජාත්‍යන්තර ලේඛනවලට අනුව, සමූලඝාතනය සම්බන්ධයෙන් එවැනි පියවරක් ගැනීම නිවැරදි නොවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේය.

“සමූල ඝාතනය යනු නාසීන් විසින් විවිධ ජනවාර්ගික හා සමාජ කණ්ඩායම්වල නියෝජිතයින්ට හිංසා පීඩා කිරීම සහ සමූල ඝාතනය කිරීම බව නැවත වරක් අවධානය යොමු කිරීම වැදගත් වේ. සමූළ ඝාතනය සම්බන්ධයෙන් විග්‍රහ කරනු ලබන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවිධ ප්‍රඥාප්ති ඇතුළුව වෙනත් ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් ලිපි ලේඛන ලේඛනවල නිවැරදිව සටහන් වී ඇත්තේ එලෙසයි,” රුසියානු විදේශ අමාත්‍යාංශය සිය නිවේදනය මගින් අවධාරණය කළේය.

මේ අතර, මැද පෙරදිග කළාපයේ එනම් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම ලිහිල් කිරීමට මොස්කව් දරන ප්‍රයත්නයන් හැල්පෙරින් විසින් විවේචනයට ලක් කිරීම "ප්‍රහේලිකාවක්" ලෙස සලකන බව රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ද පවසා සිටියෝය. රුසියාවේ ඊශ්‍රායල තානපතිවරිය පවසන ආකාරයට "මොස්කව් පරිපාලනය හමාස් සාමාජිකයින්ව, රතු පලස් එලා උනුසුම් ලෙස පිළිගෙන " හමාස් සාමාජිකයින්ට රුසියාව සත්කාරකත්වය ලබා දී ඇත.

“අපිට මේ තත්වය තේරුම් ගන්න බෑ. රුසියාව පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන බවයි. නමුත් මිනිසුන්ව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන මාස හතරක් මේ වන විටත් ඉක්ම ගොසින් තිබෙනවා." ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයා පුවත් පතට ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, මොස්කව් පලස්තීන සටන්කාමි කණ්ඩායමේ දේශපාලන අංශය සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින්නේ මන්දැයි වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා හිටපු ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් වෙත ළඟා වන ලෙස රුසියානු අමාත්‍යාංශය හැල්පෙරින්ට උපදෙස් දුන්නේය.

“ඊශ්‍රායල් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මාස දෙකකට ආසන්න කාලයක් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහල්භාවයේ තබා ගැනීම කෙබඳුද යන්න සහ ඔවුන් නිදහස් කිරීම හමාස් සමඟ අපගේ සම්බන්ධතා වටී ද යන්න පිළිබඳව පළමුවෙන් ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. තවමත් ගාසා තීරයේ රඳවා සිටින රුසියානු පුරවැසියන්ගේ ඥාතීන් සමඟ සබඳතා පැවැත්වීම නරක ක්‍රියාවක් නොවේ." යනුවෙන් පවසන රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් , හමාස් සංවිධානය විසින්  ඊශ්‍රායල් ජාතිකයන් තවමත් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින්නේ මන්දැයි හැල්පෙරින් ඇගේම රජය ප්‍රශ්න කළ යුතු බව ය.

https://www.rt.com/russia/591922-israeli-envoy-interview-response/

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.